| |

මැල්කම් මචාඩෝ සමඟ පිළිසඳරක්..

පාසල් වේදිකවෙන් සිය නාට්‍ය රංගන කලාව ඇරබූ මල්කම් මචාඩෝ, 1978දී කෑගල්ල ශාන්ත මරියා විදුහලේ වේදිකා ගතවූ අශෝක හඳගමගේ මූලිකත්වයෙන් නිර්මාණය වුනු “උකුනු මකුනු” වේදිකා නාට්‍යයෙන් සිය රංගනය අරඹා ඉන් අනතුරුව, තවද එක් නිදසුනක්, පරසතු, නැව් තඩාගයේ යක්ශයා, හෙණ, මාඝාත, පියාබන අශ්වයා වැනි නාට්‍ය රාශියකද, ප්‍රභාතය, දුන්හිඳ අද්දර, දියකැට පහන, නැගෙනහිර වෙරළෙන් ඇසෙන, සික්කාටීම්, අමුතු දොස්තර වැනි ටෙලි නාට්‍ය රාශියකද, අයෝමා, චන්න කින්නරී, ඉණි අවන්, පාංශු, පහ සමත්, අල්බොරාදා, වැනි චිත්‍රපට රාශියකම විවිධ චරිත නිරූපනය කල ප්‍රතිභාපූර්ණ නලුවෙකු විය.

ඔහු මෑතකදී රඟපාන ලද “අමුතු දොස්තර” ටෙලි නාට්‍යය සහ “අල්බොරාදා” චිත්‍රපට බෙහෙවින් කථාබහට ලක්වුනු නිර්මාණ විය. එම නිර්මාණ වලදී ඔහු දායකවුනු චරිත වලට මැල්කම් මචාඩෝ විසින් පණ පෙවූ ආකාරයද ඉතා සිත්ගන්නාසුලු වීමද විශේෂත්වයකි.

1987-89 අරගල සමයේදී කොළඹ සරසවි සිසුවෙකුව සිටියදී වාමාංශික දේශපාලණයටද මදිහත්වූ ඔහු, අද වෘත්තියෙන් නීතීඥ්ඥයෙකු ලෙස සේවය කරමින් සිය රංගන හැකියාවෙන් කලා නිර්මාන වලට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටී.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *