අන්තෝනියෝ ග්‍රාම්ස්චි..!
අන්තෝනියෝ ග්‍රාම්ස්චි විසින් “හිරගෙදර සටහන්” මගින් ඉදිරිපත් කල ප්‍රවාදයන් ගැන සටහන් යෙදීමට පෙර ඔහුගේ ළමාකාලය පටන් අත් අඩංගුවට පත්වීම දක්වාවූ කාලයගැන කෙටි ඉතිහාසමය සටහනකට මුලින් ප්‍රවේශ වීමට අදහස් කරමි.
ග්‍රාම්ස්චිගේ ළමා කාලය.
ඔහු උපත ලද්දේ 1891 දී සාර්දිනියා දූපතේ ඔරිස්ටානෝ (oristano) පළාතේ Ales යන ප්‍රදේශයේදීය. සාර්දිනියා යනු දකුනු ඉතාලියේ සිට කි.මි.11 ක් දුරින් පිහිටා ඇති ඉතාලියට අයත් දූපතකි. ග්‍රාම්ස්චිගේ පියා Francesco Gramsci (1860-1932) සහ මව Giuseppina Marcias (1861-1932) වන අතර අන්තෝනියෝ ග්‍රාම්ස්චි පිරිමි දරුවන් 7දෙනෙකුගෙන් යුත් පවුලක හතරවෙනි පිරිමි දරුවා ලෙස උපත ලැබීය.

ග්‍රාම්ස්චිගේ පියාගේ පරම්පරාව වාර්ථාවන අයුරින් 1821 පමණ ඇල්බේනියාවේ සිට ඉතාලියට සංක්‍රමණයවූ පවුලකින් පැවතෙන අතර Gramsh යනු ඇල්බේනියාවේ නඟරයකි. මෙම Gramsh යන පෙළපත් නාමය ඉහතකී නඟරයේ නමින් අත්වූ නමක් ලෙස සැලකේ. ඇල්බේනියානු ආකාරයට Gramschi යන්න ඉතාලි ආකාරය Gramshi ලෙස ගැනේ. 1891 වනවිට දකුණු ඉතාලිය ඉතා දරුනු ලෙස දිළිදු භාවයේ පීඩාවෙන් මිරිකී සිටි ගොවි ජනතාවක් ජීවත්වූ අතර සාර්දිනියාවල තත්වයද මීට කිසිඅයුරකින් වෙනස් නොවීය. අන්තෝනියෝ 7 හැවිරිදි වියේදී ඔහුගේ පියා මුදල් වංචා චෝදනාවක් මත රැකියාවෙන් නෙරපා 1904 දක්වා අත්අඩංගුවට පත්වූ බැවින් ග්‍රාන්ම්චි පවුලට ඉතා දුක්ඛිත තත්වයක් උරුම විය. එහි ප්‍රතිපලයක් ලෙස අන්තෝනියෝහට පාසැල් ගමන අත් හිටුවමින් ළමා ශ්‍රමිකයෙක් ලෙසද වැඩකිරීමට සිදුවිය.
එසේම ඔහු උප්පත්තියේ සිටම ඉතා දුබල සෞඛ්‍ය තත්වයකින් පසුවූ අතර ඔහුගේ කොන්දේ ඇතිවී තිබූ ආබාධිත තත්වයක් හේතුවෙන් ශරීර වර්ධනය ඇනහිටින තත්වයක් මතුවී තිබිනි. කොන්දේ කුඳු ස්වභාවයක් ඇතිවී තිබූ අතර එය ඔහුගේ කුඩාකල රැකබලාගත් අයකුගේ අත්වලින් බිමට වැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් හටගත් ආබාධයක් ලෙස වාර්ථා වුනද, මෑත කාලයේදී එය විස්තර කරනු ලැබන්නේ Pott Disease නැමැති රෝග තත්වය හේතුවෙන් එය ඇතිවී ඇති බවයි.

අන්තෝනියෝ ග්‍රාම්චිගේ උසස් අධ්‍යාපනය.
පසුකලකදී අන්තෝනියෝ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ජෙනාරෝ (Gennaro) සමඟ එකට නැවතී අද්‍යාපනය හැදෑරූ අතර ග්‍රාම්ස්චි Cagliari හිදී උසස් අද්‍යාපනය හදාරන අවදියේදී ජෙනාරෝ ඉතාලියේ සමාජවාදී පක්ශයේ සාමාජිකයකු විය.ඔහු විසින් අන්තෝනියෝ වෙත ඉතාලි සමාජවාදී පක්ශයේ නිල පුවත්පතවූ “අවන්ටිල්”(Avantil) පුවත්පත කියවීමට සලස්වන ලදී. මේ අනුව සමාජවාදී අදහස් ග්‍රාම්ස්චි වෙත ඇතිවීමට ඔහුගේ වැඩිමහල් සහෝදරයා මහත් පිටුවහලක් විය. කෙසේහෝ ග්‍රාම්ස්චිගේ දක්ශතාවය නිසාම ඔහුට 1911දී සරසවි අද්‍යාපනය සඳහා Turin හි සරසවියට ඇතුලුවීමට ශිෂ්‍යත්වයක් දිනාගැනීමට හැකිවිය.
” The crisis consists precisely in the fact that the old is dying and the new cannot be born; in this interregnum, a great variety of morbid systems appear” -Antonio Gramsci
මෙය එක්තරා ආකාරයකට ඔහුගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමක් විය. ටියුරින් නඟරය යනු උතුරු ඉතාලියේ පිහිටි කාර්මිකකරණයට බෙහෙවින් නතුවූ නඟරයක් විය. ඔහුට එහිදී කාර්මිකකරණය සහ ඔහු සාර්දිනියාවල අත්විඳි පසුගාමී දරිද්‍රතාවය අතර වෙනස හොඳින් වටහා ගැනීමට අවකාශ ලැබිනි. ග්‍රාම්ස්චි 1913 දී ඉතාලි සමාජවාදී පක්ශයේ සාමාජිකයෙකු වූ අතර මේ වකවානුවතුලදී ග්‍රාම්ස්චි බොහෝ දේශපාලණික සහ දාර්ශනික පොත පත කියවීමට වඩාත් නැඹුරුවී වඩ වඩාත් අද්‍යාපනයෙන් ඈත්වී දේශපාලනයට මේ කාලය තුල අවතීර්ණ වන්නට විය. මොහුගේ අද්‍යාපනයට අවශ්‍ය මුදල් හිඟයත්,ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්වයත් සරසවි අද්‍යාපනය අතරමඟ නතරවීමට බෙහෙවින් තුඩුදුන් අතර ඒ සමගින්ම ලේඛකයෙකු ලෙස ඉදිරියට පැමිණියේය. 1916 කාලයේදී ඔහු අවන්ටිල් පුවත්පතේ සහකාර කතෘ දක්වා පැමිනෙන ලදී. ඉන් අනතුරුව ග්‍රාම්ස්චි ඔහුගේ සමකාලීන මාක්ස්වාදී ක්‍රියාකාරික මිතුරන් වන Togliatti, Angelo Tasca, Umberto Terracini යන අය සමඟ එක්වී සතිඅන්ත පුවත් පතක් වන L’ordine Nuovo (the new order) පලකරනලදී.
රුසියාව සමඟ සබඳතා.
1919 දී ලෙනින් ප්‍රමුඛ බෝල්ශෙවික් පක්ශය මගින් රුසියාවේ අත්පත් කරගන්නාලද විප්ලවීය ජයග්‍රහණය, එම වකවානුවේදී යුරෝපය පුරාමත් පොදුවේ ලෝකය පුරාමත් සමාජවාදීන්ට මහත් ආශ්වාදජනක අත්දැකීමක් විය. ප්‍රංශ විප්ලවයෙන් පසු දෙවන වතාවට ලෝකයේ ඇතිවූ විප්ලවීය තත්වයකින් බලය ලබාහගැනීම ඉතාලි සමාජවාදීනටද මහත් ආශ්වාදයක් වුනු අතර අන්තෝනියෝ ග්‍රාම්ස්චි ප්‍රමුඛ ඉතාලි සමාජවාදීන් මෙය හැදින්වූයේ ඉතිහාසයේ නව පිටුවක් රුසියානු විප්ලවය මගින් පෙරලූ බවයි. මේ කාලය වනවිට අන්තෝනියෝ ග්‍රාම්ස්චි ඇතුලු ඔහුගේ වාමාංශික හිතවතුන් එක්වී “ඉතාලි කොමියුනිස්ට් පක්ශය”පිහිටුවාගන්නා ලදී. 1922 දී ලෙනින් විසින් සංවිධාන කරන ලද “දෙවන ජාත්‍යාන්තරයට” සහභාගිවීම සදහා ග්‍රාම්ස්චි ඇතුලු ඉතාලි කොමියුනිස්ට් පක්ශ නියෝජිත පිරිසක් මොස්කව් බලා පිටත්වෙන ලදී.
” The great depression, as bad as it was for so many people, would not cause the crisis of Hegemony that would end the Capitalism”-Antonio Gramsci
මේ සංචාරය ග්‍රාම්ස්චිට බෝල්ශෙවික් නායකයන් සමග එක්ව වැඩකිරීමට ලැබුනු මහඟු අවස්ථාවක් විය. ඔහු අවුරුදු දෙකක පමන කාලයක් රුසියාවේ නැවතී බෝල්ශෙවික් පක්ශ සාමාජිකයන් සමග එකට වැඩකල අතර මේ කාලය තුලදී ඔහුට ඔහුගේ අනාගත සගහකාරියද මුනගැසෙන ලදී.වයලීන් වාදන ශිල්පිණියක වුනු Julia Schucht සමඟ විවාහයෙන් ඔවුන් දෙදෙනට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු ලැබුනු අතර වැඩුමහල් පුත් Delio (1924 දී උපත ලදී), අතර දෙවෙනි පුත් Giuliano (1926 දී උපත ලදී) වන අතර ග්‍රාම්ස්චිට ඔහුගේ දෙවෙනි පුත්‍රයා කිසිදිනක දැකීමට අවස්ථාව ලැබී නොමැත.
මුසලෝනි බලයට පැමිණීම.
1923 වනවිට අන්තෝනියෝ නැවත ඉතාලියට පැමින ඉතාලි කම්කරු අරගලයට දැඩි මැදිහත්වීමක් සිදුකරනු ලබයි. 1921 කාලයේ සිට ඉතාලියේ බෙහෙවින් අර්බුදකාරී වාතාවරනයක් මතුවූ කාලවකවානුවක් විය. කම්කරුවන්ගේ වැඩ වර්ජන, කම්කරු පෙළපාලි, කම්හල් අත්පත්කරගැනීම් බහුලව පැවති කාලයක් බවට මේ කාලය පත්වී තිබූ අතර ග්‍රාම්චි ඇතුලු කොමියුනිස්ට් වාදීන් කම්හල් තුල “කර්මාන්තශාලා කමිටු ව්‍යාපාර” ඇතිකරමින් ඒ හරහා කම්හල් පාලනය කම්කරුවන් වෙතට ලබාදීමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. මේ කාලයේදීම කලින් සමාජවාදියෙකුවූ බෙනිටෝ මුසලිනි විසින් ෆැසිස්ට්වාදී පක්ශය පිහිටුවාගෙන ඒමගින් ජාතිකවාදීන් එක් රැස් කරගනිමින් එම සාමාජිකයින් සහ සොල්දාදුවන් රෝමය දක්වා පෙළපාලියකින් ගොස් ඉතාලියේ පාලන බලය ෆැසිස්ට් පක්ශය වෙත ලබාගත් අතර ඉන් අනතුරුව බෙනීටෝ මුසලිනි විසින් තමන් විසින්ම ආග්ඥාදායකයකු බවට ප්‍රකාශ කරන ලදී.
මෙම ෆැසිස්ට්වාදීන් බලයට පැමිණීම ඉතාලිය තුල වාමාංශිකයන් කරගෙනගිය විප්ලවකාරී වැඩපිලිවෙල ආපසු හැරවීමක් විය. බලයට පැමිණි වහාම බෙනිටෝ මුසලිනි විසින් වාමාංශික ක්‍රියාකාරීන් මර්දනය අරඹන ලදී. එ අනුව 1926 නොවැම්බර් 26 වෙනිදින මුසලිනිගේ අණපරිදි අන්තෝනියෝ ග්‍රාම්ස්චි අත් අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට පත්වන අවස්ථාවේදී ග්‍රාම්ස්චි ඉතාලි කොමියුනිස්ට් පක්ශයේ ලේකම් බවට පත්වී සිටි අතර ඔහු එම පක්ශය නියෝජනය කල මන්ත්‍රීවරයෙකුද විය. රාජ්‍ය විරෝදී ක්‍රියා මෙහෙයවීම යටතේ ඔහුට නඩු පැවරූ පැමිණිලි පාර්ශ්වය කියාසිටියේ ඔහුගේ මොලය අවුරුදු 20 ක් වත් ක්‍රියාකාරිත්වයෙන් ඈත්කර තැබිය යුතු බවයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට වසර 5 ක සිරදඩුවමක්ද ඊලඟ වසරේදී වසර 20 ක් දක්වා සිර දඩුවමක්ද ලබාදෙන ලදී.
ඔහු අත් අඩංගුවේ තබාසිටි කාලය තුලදී ඉතා රහසිගතව ඔහුගේ ප්‍රවාදයන් ගණනාවක් සටහන් තබන ලදී. පිටු 2848 කින් යුක්තවූ “සිරගෙදර සටහන්” (Prison Notebooks”) නමින් ලොවවටා අදටත් මහත් සංවාදයකට ලක්වුනු ඔහුගේ ප්‍රවාදයන් ගනනාවකින් ඔහු මාක්ස්වාදයේ පැති ගනනාවක් ඉදිර්‍ර් දැක්මකින් යුතුව සාකච්චා කරන ලදී. ෆැසිස්ට් බලදාරීන් ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වය වසර 20 කින් ඈත්කර තැබීමට උත්සාහ කලද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් ඔහුගේ සිරගෙදර සටහන් සමූහය සිය බිරිඳගේ නැඟනිය මාර්ගයෙන් සිරගෙදරින් පිටතටත් එයින් රුසියාවටත් යැවීමට ඔහු සමත් විය. 1935 සිට ඔහුගේ සෞඛ්‍ය තත්වය ඉතාම අසාද්‍ය තත්වයට පත්වූයෙන් ජාත්‍යාන්තර බලපෑම මත 1937 අප්‍රේල් මුලදී ඔහුව නිදහස් කිරීමට ෆැසිස්ට් බලදාරීනට සිදුවූවද, 1937 එම අප්‍රේල් අගදීම ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහුගේ මරණින් වසර 11කට පසු ඔහුගේ සිරගෙදර සටහන් ඉතාලි බසටත්, 1970 ගනන් වලදී ඉංග්‍රීසි බසටත් පරිවර්ථනය විය. ලොවපුරා අදටත් ඔහුගේ ප්‍රවාද ඉතා ප්‍රබලව මතුවී ඇතිඅතර යුරෝපයේත් ලොව පුරාමත් විශාල සංවාදයකට ඒවා තුඩුදී ඇත.
හෙජමොනික බලය පාලකයින් යොදාගන්නා ආකාරය.
ග්‍රාම්ස්චිගේ එක් වැදගත් සංකල්පයක් වන්නේ පාලක “හෙජමනිය”(Hegemony) එක කොහොමද පාලකයෝ බලය ගැනීමට සහ බලය පවත්වා ගෙන යාමට පාවිච්චි කරන්නේ කියන එක. විශේෂිත ආකාරයකින් ග්‍රාම්ස්චි විශ්ලේෂණය කල හෙජමනි එක පටන් ගත්තෙ කාල් මාක්ස්ගේ අදහසක් වන cultuire සහ economy වල පවතින්නාවූ සම්බන්ධතාවයෙන්. මෙහිදී විශේශයෙන් ඔහු culture එකගැන ඉතා දීර්ඝව සහ ගැඹූරින් විශ්ලේෂණයක් කරනු ලැබුවා. ග්‍රාම්ස්චිට අනුව ideology,culture සහ politic යන දේවල් ඉතා විශේෂිත දේවල් උනා. ඔහුට අනුව ආර්ථික නිකම් ඉබේම ස්වයං සිද්ධව ජනතාව ප්‍රකෝප කරන්නෙ නැහැ ඔවුන්ගේ එනම් හෙජමනියේ ස්තායි තාවයට අභියෝග කරන්න. ඒක යම් තෙරපුමක් පමනයි ලබාදෙන්නෙ. ඒ නිසා සංස්කෘතික පෙරලියක් ඒහා සිදුවිය යුතුමයි මේ කියපු ආර්තික අර්බුධය දේශපාලන අර්බුධයක් දක්වා ගෙනඒමට. ඒ නිසා ඔහු පෙන්වා දුන්නා මේ හෙජමනිය අර්බුධයට යැවීමට නම් වාමාංශිකයින් ජනතාවට අවබෝධ කරවිය යුතුයි කියලා මේ පාලකයින් මේ හෙජමනි එක කොහොමද ප්‍රැක්ටිස් කරන්නෙ කියලා.
එසේම ඔහු ” the idea of Hegemony” තුලින් විස්තර කලා පාලක පංතිය කොහොමද බලය ලබාගෙන ඒ බලය රැකගැනීමට එය කළමණාකරනය කරගන්නෙ කියලා. ඒ සදහා මේ හෙජමනිය බලහත්කාරය සහ කැමැත්ත අතරින් එය නඩත්තු කරගෙන යන්නෙ කොහොමද කියලා. විවිධ අයුරින් ග්‍රාම්ස්චි තර්ක කලා පාලකයින්ට හැකියාව තියෙනවා කියලා, ” මේ වේගන යන විදිහ තමයි තියෙන්න ඕන හොඳම විදිහ” කියලා ජනතාවට ඒත්තු ගන්වන්න. ( The way the things are, is the way the things should be) විශේෂයෙන් වේගන යන විදිහට ජනතාව අකමැති විටදී පවා.
ඉතාලි ජාතික වාමාංශික චින්තකයෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි 1937 දී මියගියත් ඔහු ඉදිරිපත් කල ප්‍රවාද අදටත් අදාල බවයි පෙනී යයි. ඔහු පෙන්වාදුන් දේවල් ඉතාම කෙටියෙන් සංශිප්ත කරනවානම්, ” මේ පවතින ධනවාදය වෙන කවුරුත් නෙවෙයි එහි සංස්කෘතියට යටවෙලා, අපි අපිමයි ඒක පවත්වාගෙන යන්නේ”
One Comment