බලය, බල පොරය හා යුද්ද​ය..!

යූද්ධය.. යූද්ධය.. යූද්ධය…

මේ නම් මහා ක්‍රියාදාමයකි.මෙය නිසියාකාරව හඳුනාගැනීමට නම් එහි උපත දක්වාම ගමන් කලයුතුය. මෙහිදී මිනිස් ඉතිහාසයේ මුල සොයාගත යුතුමය. දුන්න  සහ ඊතලය සොයාගැනීමත් ගින්දර සොයාගැනීමත්, දඩයම් කිරීමත්, ගොවිතැන් කිරීමත්, යනාදී ක්‍රියාවන් නිසාම මිනිසා සමාජගතවීම සිදුවන්නේමය. මෙසේ බිහිවන මිනිස් සමාජයේ නිෂ්පාදනය නම් වූ අනර්ඝතම වන්නාවූ ක්‍රියාවලිය ඇතිවන්නේ නම් සියල්ලටම ඉහළින්ය. නිෂ්පාදනය ඇති වූයේ නම් වෙන කිසිවක් නිසා නොව මිනිස් අවශ්‍යතාවයන් නිසාමය. ආහාර, නිවාස, ඇදුම්…. යනාදී වූ අවශ්‍යතාවයන් ලබාගැනීම සඳහා පරිසරය වෙනස්කිරීම නිසාවෙන් නිෂ්පාදනය උපත ලබා ඇත්තේය.

නිෂ්පාදනය නම් අමුතුම අමුතුම ක්‍රියාවක්ම ය. එසේවන්නේ එය නොකඩවා දිගින් දිගටම ඉදිරියටම වර්ධනය වන්නාවූ ක්‍රියාවලියක්  වූ නිසාමය. නිෂ්පාදනය අමුතුම වන්නේ එය විසින් මිනිස් අවශ්‍යතා සියල්ලක්ම සඳහා භාණ්ඩද, සේවාවන්ද  ලබාදීම නිසාවෙන්ම ය.

ධනය නම් වටිනාම සම්පතයි.එය නම් රැක ගත යුතුමය.බලය නම්  වූ අනගිභවනීය දේ උපදින්නේ ඒ සඳහා මය. ධනය මෙන්ම බලයද වටින්නේමය. ධනය මෙන්ම බලයද ලබාගැනීමටත් ඒවා රැකගැනීමටත් යූද්ධය නම් ක්‍රියාවලිය ඇතිවන්නේය. යූද්ධයෙන් ජය ලබන්නාට ධනය ද බලයද උරුමවේ. යූද්ධයෙන් පරාජය වන්නාට ධනය ද බලය ද යන දෙකම අහිමි වන්නේමය.

ඉතිහසාසය පුරා අද දින දක්වාම දිගහැරෙන්නේ බලය සහ ධනය උදෙසාවු යූද්ධයන්ය. පණ්ඩුකාභය තම මාමාවරුන් සමඟද දුටුගැමුණු එළාර සමඟද, වළගම්බා සොළීන් සමඟද, යුධවදින්නේ බලය සහ ධනය වෙනුවෙන්ම ය.

අනුරාධපුර රාජධනියේ බිඳවැටීමත්, පොළොන්නරු රාජධනියේ ආරම්භයත් සිදුවන්නේ බලය සහ ධනය වෙනුවෙන් ම කලා වූ සටන්වලින් මය. සියළුම රජධානිව ල කතාන්තරය මෙයම මිස වෙන නම් එකක් නොවන්නේමය. ලන්දේසින්ගේ පෘතුගීසින්ගේ හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමනවලද කථාවත් මෙහෙම වන්නේය.

යුද්ධයයත්  රණ්ඩුවත් අතර මැදිව ඇත්තේ නම් බලපොරයි. බලපොරය නම් යුද්ධය නොවේමය. එය රණ්ඩුවද නොවේමය. මේ දෙකේම සමහර  ගුණාංගයන් නම් එහි අඩංගු වන්නේමය. බළපොරය නිතරම සෑම තැනකම පාහේ දක්නට ලැබෙන්නේ මය. පවුල තුළත්, නෑදෑයෝ අතරත්, ගමේ මරණා ධාර සමිතිය තුළත්, දක්නට ලැබෙන්නේය. ප්‍රාදේශීය සභා තුළද, පලාත් සභා තුලද පාර්ලිමේන්තුව තුලද, දක්නට ලැබෙන්නේ මය.

පසුගිය දිනවල මැතිවරණවලදී බලය ලබාගැනීමටද නොයෙක් පාර්ශ්වයන් අතර බල පොරයක් දක්නට ලැබිනි. මේ දිනවලනම් ජාතික ලැයිස්තුවට බලපොරයක් දක්නට දක්නට ලැබෙන්නේය. බලයද, බල පොරයද, ඇත්තේ නම් මිනිස් සමාජය තුල පමණක් මය. ඒවායින් සමාජයට සිදුවන්නේ යහපතක් ද,අයහපතක්ද යන්න පිළිබඳව සොයා බැලීම නම් ඉතාම වටිනා වූ ක්‍රියාවක් වන්නේමය. මක්නිසාදයත් ඒවා නම් මානව සමාජයටම ලාක්ෂනික වූ ක්‍රියාවන් වූ නිසාමය.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කව​ය)

” 89-සහෝදරත්වය”

Source

  • https://media.licdn.com/dms/image/D5612AQH-kTnfIG57eA/article-cover_image-shrink_600_2000/0/1676570191437?e=2147483647&v=beta&t=G86xvOHwbYv3OWK-n6Tc6P3u_EUQS5b5Xh5vAzIusk0
  • source_https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1AelsxPTCV-H8d7k3WGlqrmMGhZn-DWnynE6jwUSseksOhRJS2LWeOy9uFwxJ56BKbQNNHtQPgqODLeMpajc7hCTbjW__TUqh1BhBTiMRP4UBJKs8vyOp5hhc34Tv5o_Uqv_Yj-MVi5Uk/w1200-h630-p-k-no-nu/British-Ceylon.jpg

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *