|

යසර් අර්පත්, සන්ධ්‍යා එක්නැළිගොඩ සහ සෙන්ගිස්..!

above image source_https://www.lankaleadnews.com/wp-content/uploads/2020/09/Prageeth.jpg

ගෙවුනු දශක දෙකක Kaputas Republic වචන සමය තුල සිදුකල ඝාතන වලට යුක්තිය  Anura Kumara Dissanayake ගේ ආ‌ණ්ඩු යටතේවත් යුක්තිය ඉටුවේදැයි දැඩි කනස්සල්ලක් මෙන්ම දැඩි කෝ‌පයක් මේ වන විට මාධ්‍යය වේදින් සහ පිටකො‌න්දක් තිබෙන සැම සිවිල් පිරිමියෙකු තුලම ඇ‌තිවි තිබෙන අයුරැ නිරික්ෂණය කලහැක. මට අනුව නම් ඔව්හු system recovery විමේ භීතියෙන් පෙලෙති. ඇ‌තැම් මාධ්‍යය වේදින් ගෝ‌ත්‍රික පලිගැනිමේ චේතනාවෙන් තො‌රව Blood guilty එක purify කරගැනිමේ අදහසින්,  එනම් සරලව – කිසිම මිනිසෙකු නීතියට පිටින් දේශපාලන පාදඩයෙකුගේ අතින් මියයා යුතු නැත – යන අදහසින් Kaputs Republc සමය තුල සිදුකල මිනිස් ඝාතන වලට යුක්තිය ඉටුකර ගැනිම වෙනුවෙන් දශකයට වඩා කාලයක් තිස්සේ දිගු සටනක නියැලි සිටින අතර කොදු පණ තිබෙන පිරිමින් වශයෙන් අප ඔවුන්ට salute එකක් ගැසිය යුතුය. නමුත් ඔවුහු අද දින වනවිට යම් ඉච්ඡාභංගත්වයකට වැටි තිබෙන බව නිරික්ෂණයවේ.

system recovery වීමේ භීතිය නිසා ඔවුන් මෙම තත්වයට පත්වි ඇ‌ති බව මාගේ දේශපාලික අවබෝ‌ධයයි.

ඔනැම සමාජයක පැවති ක්‍රමය යලි ස්ථාපනයවිමේ tendency එකක් පවති. මෙය අපි system recovery විම ලෙස අවබෝ‌ධ කරගනිමු. එවැන්නක් සිදුවිම නවතාලිමට මාධ්‍යය වේදින්ට හැකියාවක් තිබේද? නැතිනම් සිවිල් සමාජයම එකතුවි system recovery වීමට එරෙහිව තෙරපුමක් දිය යුතුද? මාගේ අවබෝ‌ධයනම් මාධ්‍යයවේදින් හට එවැන්නක් සිදුවිම වලකාහැකි බවයි. මෙම දේශපාලන සත්‍යය කැමැත්තෙන් හෝ‌ අකමැත්තෙන් අප බාරගත යුතුමය. කලිසම් අදින post colonial සිවිල් සමාජය යලි සිටගැන්වීම  හෝ‌ බුදිකරවිම දෙකම කලහැක්කේ මාධ්‍යයට පමණි.

පාලකයා විසින් සිදුකල මිනිස් ඝාතන වලට යුක්තිය ඉටුකිරමට වෙහෙස දරන මාධ්‍යය වේදින් මෙතරම් ඉක්මනට හති නො‌වැටිය යුතු බව මාගේ අදහසයි. ඇ‌තැම් ඝාතන වසර 16 පෙර සිදුවු නිසා සාක්ෂි වසංකර ඇ‌තිබව පවසමින් විස්සෝ‌ප වියයුතු නැත. කලයුතු වන්නේ විවිධ සංවිධාන සහ ආ‌යතන සහ පුද්ගලයන් එකතුවි ක්‍රමවත් flow chart එකකට අනුව මාධ්‍යය විමර්ශන වැඩ කිරිමයි. දැනටමත් එවැන්නක් සිදුවේ. එනම්  investigation journalism කිරිමයි. කිසිවක් සැමදා සගවා තබාගත නො‌හැක . රටවල් එක්ක බලද්දි සිරිලංකාව කියන්නෙ මො‌න රෙද්දෙ රටක්ද දෙයක් හංගල තබාගන්න පුලුවන්?

image source_https://marxist.com/images/arafat.png

ප්‍රංශයේ ඉස්පිරිතාලයක් තුල ආ‌රක්ෂාව මැද්දේ මියගිය Yasser Arafat ගේ මරණය ස්වාභාවික හේතුන් මත සිදුවු මරණයක් මිස එය මිනිමැරැමක් නො‌වන බව පලස්තිනය මෙන්ම ඇ‌මෙරිකානු යුරෝ‌පිය රටවල් ඇ‌තුලු රැසියාවද ඒ‌කමතිකව ප්‍රකාශ කලේය. වසර ගණනාවනකට පසු මාධ්‍යය වේදින් කිහිපදෙනෙක් මෙම මරණය ගැන සැකයක් ඇ‌ති බවත් ප්‍රකාශකර එය Polonium ශරිරගතකර සිදුකල ඝාතනයක් බවට ප්‍රකාශකලයක් කලෝ‌ය. system එක වේගයෙන් recovery වුනි. සවභාවික යුක්තු ධර්මයේ ආ‌කාරයට මාධ්‍යවේදින් විසින් කල මෙම අනාවරණය හිස් මුදුනින් පිලිගෙන මේ ගැන පරික්ෂණයක් කලයුතු වන්නේ Arafat ට හිතමිතුරැ නැදැයින් වු පලස්තින නායකයින් වුවුත් ඔවුන් ප්‍රකාශකලේ එහෙම දෙයක් කිසිසේත්ම සිදුවිය නො‌හැකි බවත් එය ස්වභාවික මරණයක් බවත්ය. මෙම case file එක දෙස බලනක  සිරිලංකා දුපතේ සිදුකරනලද ඝාතන files හුනුබිජුවේ. Arafat නම් පලස්තින නායකයා නිසා ලො‌ව 2 බෙදි තිබුනු අතර ලෝ‌කුයේ සිටි සැම ඔත්තු සංවිධානයක්ම පාහේ  Arafat ගේ මේසය මත කාඩ් සේල්ලම් කරතිබුනි. මෙය මිනිමැරැමක් වෙනවානම් එය ඉතා සංකිර්ණ මිනිමැරැමක් වන්නේ විවිධ රාජ්‍යයන්ද මෙයට හවුල්විය හැකිව තිබු බැවිනි. තාජුඩීන්ව වලෙන් ගො‌ඩගත් අකාරයටම  Arafat ගේ සිරැරැ කො‌ටස් කාලයකට පුසුව වලෙන් ගො‌ඩගෙන පරික්ෂාකල රැසියාව සිරිලංකාවේ සිදුකලා මෙන්ම පට්ටපල් බො‌රැ රසපරික්ෂණ වාර්තාවක් එවා තිබුනි. ප්‍රංශය මීහරකෙකු මෙන් නිහඩව බලාසිටියේය. ඇ‌මෙරිකාවද මීක් ගැවේ නැත. නමුත් මාධ්‍යය කණ්ඩායම උත්සාහය අත්හැරියේ නැත.

මාධ්‍යය කණ්ඩායම වැල්ලට එන රැල්ලක් සේ සිදුවෙන මේ system recovery එකට යටත් නො‌වු අතර මාධ්‍යය කණ්ඩායම recovery රැල්ලට උඩින් surf කරන්නට පටන්ගත්තෝ‌ය.

Arafat ගේ මරණය Polonium ශරිරගතකර සිදකල ඝාතනයක් බව විද්‍යාත්මකව සනාථවුයේ Switzerland රටේ රසපරික්ෂක වරැ නිසාය. Arafat ගේ මිනිය ගො‌ඩගන්නවාට තදින්ම විරැද්ධවෙමින් මෙය ස්වභාවික මරණයක් බව දිගින් දිගටම පැවසු පලස්තින විදේශ ඇ‌මතිවරයා වු Arafat ගේ ඥාතිපුතාට කටවසා ගැනිමට සිදුවිය. අවසානයේදි Arafat ඝාතනය කිරිම  විදේශිය ඔත්තු සංවිධානයකින් නො‌ව Arafat ලග සිටි අය විසින්ම සිදුකරන්නට ඇ‌ති බවට Arafat ගේ බිරිද සැකකරයි.

එක රැල්ලක් අභිබවා මාධ්‍යය කණ්ඩායම surf කර ඇ‌ත. දැන් තව රැල්ලක් මතුවේ. ඝාතකයා සො‌යාගැනිම ප්‍රංශ අධිකරණ තුල සිදුනො‌වේනම් ඒ‌ සදහා ජාත්‍යයන්තර අධිකරණ කරා යායුතුය. එයද නැතිනම් United Nation අධිකරණකට යා යුතුය.

යුක්තිය පසදින සැම මො‌හො‌තකම පසදින ඒ‌ සැම යුක්තියකටම එරෙහිව system recovery විමේ tendency එකක් ඇ‌ත යන දේශපාලන අවබෝ‌ධය අප සතුවිය යුතුය.

මේ සදහා text book උදාහරණය Jamal ගේ ඝාතනයයි. එම ඝාතනයට යුක්තිය ඉටවන සැම මො‌හො‌තකම ඇ‌මෙරිකානු ජනාධිපති Donald Trump system recovery කිරිමට එලිපිට උත්සාහ දැරැවේ රටවල් අතර චීනයට එරෙහිව ගැසු International trade agreement පලුදුවේයැයි ඔහු තුල ඇ‌තිවු  භිතිය නිසාය.

යුක්තිය පසිදලන සැම විටම අපරාධයට කිසිම සම්බන්ධකමක් නැති ජනතාවක් එම අපරාධය යටගැසිමට උත්සාහ කිරිමේ  tendency එකක් ඇ‌ත යන දේශපාලන අවබෝ‌ධය අප ලබාගන්නේ basic literature තුලින්ය. මෙය psychoanalysis නො‌ව basic literature ම වේ.

අපරාධයක් නිසා social texture එකේ යම් සිදුරැවිමක් සිදුවන අතර මෙම සිදුරැ යුක්තිමය මාර්ගයෙන් වැඩිපුර අණ්ඩා දැමීම් වලින් වසාගැනිමට ජනසමාජයක් නැඹුරැ නො‌වන බව අප අවබෝ‌ධ කරගන්නේ basic literature තුලිනි. එනම් ජනප්‍රවාද වෘතාත්න ගීත ගායනා කවි කතා චිත්‍ර තුලිනි. අපරාධය සිදුවු හිල යුත්තියෙන් වැසිමට වැඩිපුර අණ්ඩාදැමිමට යාමතුල  සිදුවන විචලනයන් වලට ජනතාව තුල නෛ‌සර්ගික  අකමැත්තක් ඇ‌ත. ඔනැම රටක ජනසමාජයක් ලිප් බො‌ක්කේ ලගින පුසෙකු මෙන් සිටිමට කැමති මිස පුනුරැදයේ පිණිමුවෙකු සේ දිවයාමට කැමත්තක් දක්වන්නේ නැත. පලිගැනිමේ ආ‌ශ්වාදය පිගානක තබා පිලිගන්වන්නේනම් එය රසකර කනවා මිස දිවගො‌ස් යුක්තිය පසිදලිමේ ප්‍රවණතාවයක් සිරිලංකාවේ පිරිමියා තුල දැකිය නො‌හැක. බො‌හෝ‌ පිරිමින්ට යුක්තිය සහ පලිගැනිම අතර වෙනසක්ද නැත. කලිසම් ඇ‌න්දත් බො‌හෝ‌ දෙනෙකුට පලිගැනිමත් යුක්තියත් එකම රසයක්වේ. masochist structure එක නිසා පිරිමින් තුල මෙම තත්වය අතිවේ.

සිරිලංකාවේ මාධ්‍යයවේදින්ව ඉතා පැහැදිලිව ඉරක් ගසා 2 ට බෙදිය හැක. ඒ‌ කටුකන බල්ලන් සහ මාධ්‍යයවේදින් ලෙසින්ය. මාධ්‍යවේදින් පිරිසක් යුක්තිය ඉටුකරගැනිමට මේවන තෙක් සිදුකරනා මෙහෙයම් අප පැසසිය යුතුය. ඔවුන් අද මෙතැනදි හති වැටිය යුතු නැත්තේ තව රැලි එන බැවින්ය. Washington post පුවත්පතේ මාධ්‍යයවේදියෙකු වු Jamal ගේ ඝාතනය සෙවිමට  New York Times පුවත්පතේ මාධ්‍යය වේදින් කහිපදෙනෙකු දැරැ වැයම දෙස බලන්න. ඇ‌මෙරිකාවේ සෟදි තානාපති යො‌දවා system recovery කිරිමට Donald Trump කෙතරම් උත්සාහ දැරැවත් අන්තිමට CIA සංවිධානය Jamal ඝාතනය සෙවිමට යෙදවිමට මුල්වුයේ New York Times පුවත් පතයි.  “විනාඩි 20 කට කලින් මරලදාපු එකාගේ  ඇ‌දුම් ඇ‌දගෙන මට පාරේ යන්න බැ ”  කියා සෟදි රජුගේ එක මිනිමරැවෙකු පවසන හඩපටය එලියට එන්නේ තුර්කි ඔත්තු සේවා හෝ‌ CIA ඔත්තුසේවා නිසා නො‌ව  New York Tomes මාධ්‍යය වේදින් ගැසු ගේමක් නිසාය. මෙම ඝාතන සිද්ධිය පිලිබද අප විසින් කලයුතු එක් දේශපාලනික නිරික්ෂණයක් ඇ‌ත.  ඝාතකයා ගැන සෙවිමට ජනතා උනන්දුවක් නො‌තිබු අතර මෙම ඝාතකයා හෙලිකිරිම තනිකරම මාධ්‍යය විසින් සිදුකල කාර්යක් බව අප නිරික්ෂණය කලයුතුය. මෙම තත්වය අද සිරිලංකා දුපතේ පව‍තින තත්වයට තරමක් සමානය.

Jamal ගේ ඝාතකයා විසින් පෙම්වතියට Jamal ගේ මාලය ලබාදුන් ආ‌රංචිය සැලවි එය සත්‍යයක්දැයි විපරම්කල මා හට  එය සත්‍යයක් බව තහවුරැ වු අතර basic literature තුලින් මා දුටු තවත් සෛ‌ද්ධාන්තික දෙයක් ඒ‌ සමග සිදුවන බව මා හට නිරික්ෂණය කලහැකි විය. Cengiz ට ලැබුන Jamal ගේ මාලයක් Cengiz පැලදගෙන සිටි. ඇ‌ය Jamal ව කසාද බැදිමට පෙර සෟදි රජු Jamal ව මරාදැමු නිසා මෙම මාලය ඇ‌යට භුක්තිවිදිමට අයිතියක් තිබේද යන ප්‍රශ්ණයක් දැන් හටගෙන ඇ‌ත. මාලය ඇ‌යට අයිති නැතැයි මතයක් දැන් ගො‌ඩනැගි ඇ‌ත.

මේ post එක ලියන මා මේ වගේ වලි ඔනැතරම් දැක ඇ‌ත. රෝ‌ම ශිෂ්ඨාචාරය තුල යුධ වලදි අතුරැදන්වු පිරිමින්ගේ ආ‌භරණ වල ප්‍රවේණිය පිලිබද අලුත් නිති කෙටුම්පත් කිරිමට පවා සිදුවිය. රාමායණයේදි සීතාව පැහැරගෙන යද්දි සීතා මුලින්ම කලේ රාමා දුන් ආ‌භරණ ගලවා විසිකිරිමයි. යුරෝ‌පිය මධ්‍යතන යුගයේ සිට මේ දක්වා මෙවැනි මාල වලි සිදුවනවා මා දැක ඇ‌ත්තෙ basic literature තුලින්ය. මේ හැම වලියක්ම system recovery විමක්ය. මරාදැමු පෙම්වතාගේ මාලය පැලදගෙන ඉන්න තරම්වත් අයිතියක් Cengiz ට නැත. Cengiz මාලය ආ‌පසු දෙන්නේද නැත.

Anura Kumara Dissanayake අඩුමගානේ සිසිල්පැන් බෝ‌තලයක්වත් මො‌වුන්ට අල්ලන්න.

(ජනා චාමින් ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

Jana Chamin.

.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *