|

අය වැය හා කෘෂි සංවර්ධනය..!

    

above image source_https://srilankamirror.com/wp-content/uploads/2022/10/Parlimant_1200px_22_10_18.jpg

කෘෂි අරගල ව්‍යපාරය ට හිතවත් ගොවීන් ,විද්වතුන් මේ පිලිබදව තම අදහස් මට දන්වා තිබිනි. ඒ අදහස් මත හිදමින් කෘෂිකර්මාන්තය ගැන ලියමි.

වාරි හා කිරි නිෂපාදනය සදහා විශාල ආයෝජනයක් කිරිමට රජය උනන්දු වි ඇත. 2002 සිටම කෘෂි ක්ශේත්‍රයේ පරිවර්තනයක් කීරිමට ලෝක බැංකුවෙ හා මුල්‍ය සංවිධානවල උපදෙස් ලැබිනි. මුලිකවම සුලු ගොවීන් මෙයින් ඉවත් කිරිම ඔවුන්ගේ උපදෙස් විය. රනිල් එයට හොද වැඩ පිලිවෙලක් සකස් කර උරුමය ඔප්පුද ගොවීන්ට ලැබිනි. එයින් පසුව ගොවීන් මෙම ඉඩම් කැමත්තෙන් විකුණනු ඇත.

 ලාල් කාන්තට රනිල්ගෙ ක්‍රමය කල නොහැකිය. නමුත් ලෙනින් ගේ ක්‍රමය පිලිබඳව ඔහු උනන්දුවේ. ඔහු කියන්නේ ඉඩම් ඒකාබද්ධ කර ගොවීන්ගේ අයිතිය සුරක්ෂිත කර නිෂපාදන වියදම් අඩු කර නවින කෘෂිකර්මාන්තයක් ඇති කරන බවය. ජලයට මිලක් නියම කලයුතු බව උපදේශකයන්ගෙ අදහසයි. අපේ අදහස ජලයට පමනක් නොවේ. පසට හා පරිසර පද්දතිය ටම අගයක්, වටිනාකමක් තිබිය යුතු බවය. වර්ථමානයේ නිළධාරින් , සමාගම් හා ගොවීන් මේ වටිනාකම් පිලිබඳව සිතන්නෙ නැත. මෙය නව ලිබරල් ආකෘතිය කියමින් ගොවීන්ව, නිළධාරින්ව නිදහස් කර සමාගම් හා දේශපාල පක්ෂ පමනක් වීත්තිකරුවන් කල නොහැකිය. ලාල්ගෙ උත්සහ ය පිලිබඳව සම්පුර්නයෙන්ම කීමට අපි නොදනී.

කිරි නිෂපාදනය ඉහල නැන්විමට රු මිලි 2500 ක් රජය ආයෝජන කිරිමට සැලසුම් කර ඇත. සැලසුම කුමක්දැයි නිළධාරින්වත් දන්නෙ නැත. ලෝක බැංකුවෙ උපදෙස් මත මහා ගොවිපළ 100 කින් වුවත් කිරි වලින් ස්වයංපෝශිත විය හැකිය. නමුත් කිරි වල මිල ඉහල යනු ඇත. ගමේ කිරි ගොවීන්ට මෙම මුදලින් පොලි රහිත ණයක් ලබා දුන්නොත් යම් සංවර්ධනයක් කල හැකිය. ප්‍රධාන ගැටලුව ඇත්තේ කිරි දෙනුන් මිලදි ගැනිමට නොමති කමයි. මෙයට පශුසම්ත් මන්ඩලයෙ ගොව්පල 28 සංවර්ධනය කිරිමෙන් ගොවීන්ට සතුන් මිලදි ගැනිමට පුලුවන . එයට වසර 5 ක් පමන ගතවේ. මෙම ගොවිපළ කීපයක් පුද්ගලිකරණය හෝ ඒකාබද්ධ ප්‍රවේශයකින් සංවර්ධනය කරන බවද අනුර කියා ඇත. එහි වැරද්දක් නැත. එය රජයේ ප්‍රතිපත්ත්තිය බැවිනි.

image source_https://divaina.lk/wp-content/uploads/2022/12/cow-farming.jpg

කීර්තී කුමාර මද්දුමගේ.

2025/02/18

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *