අන්තෝ ජටා බහි ජටා දෘෂ්ටිවාදය..!

above image sources-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTbhwxKBd4ikZx64kUTFKx2nw1EHXoJWSHyGQ&s and-https://mypostfb.wordpress.com/wp-content/uploads/2015/07/brain.jpg

එසේම සමාජය තුළ මේ වන විට පාස්කු සැමරුම්, පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් සෙවීම, දළදා ප්‍රදර්ශනය, පළාත් පාලන මැතිවරණය ආදී මෙකී නොකී සියල්ලම එකම තලයක සිදුවෙමින් ඇත. මේ නිසා මෙම මැතිවරණ ක්‍රියාවලිය තුළදී මැතිවරණ කටයුතු සිදුකිරීමට විපක්ෂයට දැඩි බාධාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම දෙරණ නාලිකාව ගත්කල දළදා ප්‍රදර්ශනය එයට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් බවට පත්වී ඇත. මක්නිසාද යත් දළදා ප්‍රදර්ශනය පෙන්වීම දෙරණ නාලිකාවට අනිවාර්ය දෙයක් බවට පත් වී ඇති බැවිනි. මොවුන් එය නොපෙන්වා සිටියහොත් ඔවුන් වටා සිටිනවා උපේක්ෂක ජනතාව වෙනත් නාලිකා වෙත යනු ඇත. එබැවින් දිලීත් ජයවීරව ප්‍රසිද්ධ කිරීම දෙවෙනියට තබා දළදා ප්‍රදර්ශනය පළවෙනියට පෙන්වීමට අකමැත්තෙන් වුවද  දෙරණ නාලිකාවට සිදුවී ඇත. මේ යුගයේ බලවත්ව ඇත්තේ වෙළඳපොළයි.            

2005 දී මෙරට පාලන බලය සිවිල් සමාජයෙන් සාමාන්‍ය මිනිසුන් අතට මාරුවීම සිදුවිය. ඒ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල මෙරට පාලන බලය ලබාගැනීමත් සමඟය. එතැන් පටන් වර්තමානය දක්වාම ලංකාව පාලනය කරනුයේ අප වැනිම සාමාන්‍ය මිනිසුන්ය. එබැවින් දේශපාලන සංස්කෘතියේ වෙනසක් මෙම සාමාන්‍ය මිනිසුන්ගෙන් බලාපොරොත්තු වීම සිදුකළ නොහැක. විශේෂයෙන්ම පොලිස්පතිට චන්ඩිපාර්ට් දමන තරිඳු උඩුවරගෙදර වැනි අය දෙස බලන කල මෙය වඩාත් හොඳින් ප්‍රදර්ශනය වේ. ඔහු පොලිස්පතිට කතා කරන්නේ ” උඹ දැනගනින් උඹ නීතියට යටත් වන බව.” යනුවෙනි. මේ ආකාරයට දේශපාලනය සහ තනතුරු හෑල්ලුවට ලක් කරමින් බලාපොරොත්තු විය දේශපාලන සංස්කෘතියේ වෙනසක් නැත. මෙම තත්ත්වය රාවය පුවත්පත විසින් සමාජයට ඇතිකළ බලපෑමට වඩා වැඩි බලපෑමක් ඇතිකරමින් ඇත. විශේෂයෙන්ම ඕනෑම කෙනෙක්ට සමාජ මාධ්‍යය හරහා තමන්ට හිතු මනාපයේ හිතට නැගෙන සිතුවිලි ප්‍රකාශ කළ හැකි බැවින් එය රාජ්‍යය අකර්මණ්‍ය කරමින් ඇත. මේ නිසාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් සෙවීමද මේ හා සමාන තත්ත්වයකට පත් වී ඇත. 

Ruwan Hapuarachchi.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *