Cartoon of the Week (13)..!

මෙම ඉහත දක්වා ඇති කාටුන් චිත්‍රය තුලින් හර්බට් පෙන්වාදීමට උත්සාහ කරනු ලබන්නේ, බදු වලින් නිදහස් වී ඇති විශේෂිත වරප්‍රසාද ලත් කොටස් මතට සිදුකලයුතු බලපෑම පිළිබඳවයි. ආර්ථිකය බෝට්ටුවක් ලෙස සැලකූවිට බදු නොගෙවා ඒවායින් ගැලවෙන පාර්ශ්වයන් නිසා ආර්ථිකය නැමැති බෝට්ටුව පැත්ත බරවී ගිලෙන්නට ආසන්න වෙමින් ඇති මොහොතක ඔවුනට බදු ගෙවන්නන් විසින් කලයුතු බලපෑම ඔහු කදිමට මෙම කාටූන් චිත්‍රය තුලින් නිරූපණය කරණු ලබයි.
Herbert Lawrence (1909-2001)
හර්බට් ලෝරන්ස් යනු ලෝකප්‍රකට කාටූන් ශිල්පියෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වන අතර ඔහු ඇමරිකාවේදී 1909 දී උපත ලබා පසුව ප්‍රසිද්ධියට පත්වූයේ හර්බ්ලොක් (Herblock) යන නමිනි.
හෙතෙම තම කාටූන් චිත්‍ර ඇඳීමේදී කොලොම්බියා විශ්ව විද්‍යාලය මගින් ජනමාධ්‍ය ක්ෂේත්රයේ අද්විතීය පුද්ගලයන් වෙනුවෙන් පිරිනමනු ලබන The Pulitzer Prize සම්මානය තෙවරක්ම එනම් 1942, 1954, 1979 යන වසර වලදී දිනාගන්නා ලදී. එසේම 1994 දී නිදහස සඳහා වන ජනාධිපති සම්මානය දිනාගන්නා ලදී.
ඔහුට වයස එකොලහ වනවිටම හර්බට් ලෝරන්ස් චිකාගෝ කලා ආයතනයට ( Art Institute of Chicago) වෙත ඇතුලත්වී චිත්‍ර ශිල්පය ආශ්‍රිත කලාව හැදෑරූ අතර ඔහු උසස් පාසැලේ ඉගෙන ගන්නා විට සිය ලෝකප්‍රසිද්ධ ලෝගෝ එකක් බවට පසුව පත්වූ “ “Herblock” අත්සන භාවිතාව අරඹන ලදී. උසස් පාසැලේදී දෙවැනි වසර පමන වනවිට ඔහුගේ කාටූන් චිත්‍ර සඳහා “ Chicago Daily News” වෙත ඇරයුම් ලැබූ අතර ඉන්පසු වෘත්තීය කාටූන් ශිල්පියෙකු ලෙස පාසැල් ගමන අතහැර දමන ලදී.
පසුව ඔහුගේ කාටූන් මගින් ඇමරිකන් ජනාධිපති රිචර්ඩ් නික්සන් මහතාගේ පරිපාළණය තියුනු ලෙස විවේචනයට භාජනය කල අතර නික්සන් සමයේ සිදුවූ “වෝටර්ගේට්” (Watergate Scandal) වෙත ඔහුගේ විවේචනයත් සමඟ 1979 දී Pulitzer prize සම්මානයෙන් පුදින ලදී. කෙසේ වෙතත් රිචර්ඩ් නික්සන් මහතා Herblock වෙත පළකර තිබූ Subscription ද ඉවත්කරගත් බව වාර්තාවෙන අතර 1994 වනවිට හර්බට් ලෝරන්ස්ගේ කාටූන් මගින් ජනාධිපති වරුන් වන රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ්, ක්ලින්ටන් යන අය ඉතා තියුනු ලෙස විවේචනයට භාජනය කොට තිබූ බව කියවේ. විශේෂයෙන්ම ඔහුගේ විවේචනයන් සඳහා තුවක්කු සංස්කෘතිය, ඇබෝෂන්, ප්‍රතිපත්තිමය කරුණු සඳහා ක්‍රිස්තියානි කංඩායම්වල ඇති බලපෑම, දුම්කොළ සහ සිඟරට් කර්මාන්තය බොහෝවිට පාදක විය.
වර්ෂ 2001 දී ඔහු මියගිය අතර ඔහු මියයනවිට ඇමරිකන් ඩොලර් මිලියන 50 ක් ඉතිරිකොට ඒ මුදලින් ශුභ සාධන ආයතනයක් පවත්වාගෙන යාමට උපදෙස් ලියාතබා තිබිණි. ඔහුගේ එම උපදෙස් අනුව, අවශ්‍යතා ඇති දක්ෂ ශිෂ්‍යයින් හට අධ්‍යාපනය ඉදිරියට ගෙනයාමට ශිෂ්‍යත්ව ලබාදීමටත්, කාටූන් ශිල්පය වර්ධනය කරීමට අවශ්‍ය දේ සඳහා යටිතල පහසුකම් සැපයීමටත් එම මුදල් යොදවනු ලබයි.
