Cartoon of the Week (14)..!

මෙම කාටූන් චිත්‍රයෙන් අපගේ LANKAPOWERNEWS කාටූන් ශිල්පියා මතුකර දක්වීමට උත්සාහ කරඇත්තේ ” ජාතික ජනබලවේග” ආන්ඩුව මගින් පවතින ආර්ථික අර්බුධයට විසදුම් සෙවීමට මේ දක්වා ගන්නාලද උත්සාහයන් සහ පියවර පිළිබඳවයි.

එහිදී ඔවුන් මැතිවරණ රැස්වීම් වලදී ජනතාවට පොරොන්දු දුන් පරිදි මෙරටට ගෙනැනවායැයි කියූ ” ඩයස්පෝරා ඩොලර්” එක ටූල් එකක් ලෙසද, ‘ක්ලීනින් ශ්‍රී ලංකා” තවත් විසඳුමක් ලෙසද, මෑතදී ඔවුන් කරළියට ගෙනැන ලද ” බටලන්ද කොමිසම” තවත් ටුල් එකක් ලෙසද ගෙනහැර දක්වන කාටූන් ශිල්පියා ඒ සෑම ටූල් එකක්ම කල් ඉකුත්වී ඇතිබව කාටූන් චිත්‍රය තුලින් මතුකර පෙන්වයි.

තවද මේ දක්වා කරලියට ගෙන ආ ” ඳළදා ප්‍රදර්ශණයද” එක්තරා ටූල් එකක් ලෙස ආන්ඩුව ලඟඑන පුංචි මැතිවරණය සඳහා අවශ්‍ය අංගයක් ලෙස යොදාගනු ලැබූවද එයද කිසිසේත්ම ආර්ථික අර්බුධයට විසඳුම් සඳහා කිට්ටු වීමටවත් අසමත් ටූල් එකක් ලෙස මෙහි මතුකර පෙන්වයි.

තවද කාටූන් ශිල්පියා විසින් ” ආර්ථික අර්බුධයට විසඳුම්” මල්ලක්සේ නිරූපණය කොට එය මෙම ” ජාතික ජනබලවේග” ආන්ඩුවට ලබාගැනීමට ඉතාමත් අපහසු ස්ථානයක ඇතිබවත් මේ කාටූන් චිත්‍රය තුලින් මතුකර පෙන්වයි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *