77 හැවිරිදි මැරතන් රැජිණ..!

77 වියේ පසුවන ජෙනී රයිස් (Jeannie Rice) යනු මහළු වියට පැමිණීමේදී කායබල දුර්වල වීම සාමාන්‍ය දෙයක් බවට පවතින මතයන් දැඩිසේ අභියෝගයට ලක්කල අත්තම්මා කෙනෙක් බවට කිසිදු සැකයක් නොමැත. මක් නිසාද යත් ඇය පසුගිය වසරේ ලංඩන් මැරතන් තරඟයේ (London Marathon) වයස 75-77 වයසක කාන්තාවන් සඳහා වූ  ඉසව්වේ නව ලෝක වාර්ථාවක් තැබීමට සමත් වූවාය. ඇය මෙම ලංඩන් මැරතන් තරඟය පැය 3 කුත් විනාඩි 33කුත් තප්පර 27 කින් නිම කිරීමට සමත් වූවාය. මේ දක්වා ඇයගේ වයසේ කිසිම කාන්තාවක් කිලෝ මීටර් 10 ක් හෝ 5ක් දිවීමක් වාර්තා වී නොමැත. මේ ලෙසටම අවස්ථා 5 කදී ඇය, ඇයගේ සම වයසේ පිරිමින්ද අභිබවා තරඟවලදී ජයග්‍රහණය කොට ඇත.

above image source-https://npr.brightspotcdn.com/dims4/default/f6b1584/2147483647/strip/true/crop/607×404+0+0/resize/880×586!/quality/90/?url=https%3A%2F%2Fd279m997dpfwgl.cloudfront.net%2Fwp%2F2018%2F11%2F1102_rice-thumb.jpg

ඇයගේ කථාවට අනුව, ඇය හැදී වැඩී ඇත්තේ දකුණු කොරියාවේ වන අතර, ඇයගේ ළමා වයසේදී කොරියාවේ බොහෝ ක්‍රීඩා කටයුතු වෙන්ව තිබී ඇත්තේ පිරිමි ළමුන්ට පමණි. බොහෝවිට ගැහැණු ළමුන්ට වෙන්වී ඇත්තේ නැටුම් ගැයුම් වැනි දේවල්වේ. වයස අවුරුදු 18 දී  ඔහියෝ (Ohio) වෙත පැමිණ හෙදියක් වීම සඳහා ඉගෙනගත් ඇය පසුව විවාහවීමෙන් දරුවන් දෙදෙනෙකු ලැබීය. ඇයට වයස අවුරුදු 35 දී ඇයගේ පුතුන් පිහිනීම සඳහා යනවිට ඔවුන් එය නිමකර නැවත ආපසු කැඳවාගෙන යනතුරු අනෙත් මව් වරුන් නිකරුනේ බලා හිඳිද්දී ජෙනී රයිස් තෝරාගත්තේ තම පුතුන් පිහිනීම අවසාන කරන තෙක් අසල උද්‍යානය වටා ජොගින් කිරීමයි. කෙමෙන් කෙමෙන් දිවීමට ඇයගේ හිත ගිය පසු ඈ කළේ ඇය ජීවත්වූ නිවාස සංකීර්ණය වටා දිවීම ඇරඹීමයි. ඇය පවසන්නේ මෙසේ දිවයාමට ඇයට පුහුණු කරුවෙකු තබා හරිහමන් දිවීමට සුදුසු සපත්තු පවා නොතිබූ බවයි. යන්තම් පැරණි ටෙනිස් සපත්තු දෙකකින් පමණක් සෑහෙන්නට ඇයට සිදුවිය. එසේම මුලදී ඇයට මීටර් 400 කට වඩා දිවයාමට නොහැකි විය. එසේම ඇයගේ දෙමව්පියන් ඇයට දැනුම් දුන්නේ දිවීම ගැහැණු අයට කිසිසේත් සුදුසු නොවන බවයි. ඇත්තෙන්ම ඒ වකවානුව යනු, එනම් 1983 කාලය යනු එංගලන්තයේ ගැහැණුන් සඳහා මැරතන් තරඟ තහනම් කොට තිබූ යුගය අවසන් කොට අවුරුදු 8ක් ගෙවුනා පමණි. කෙසේ වෙතත් කෙමෙන් කෙමෙන් ඇය කිලෝ මීටර් 5ක් දුර දිවීම දක්වා ඇයගේ හැකියාව දියුණුකොටගෙන උද්‍යානය වටා දුවන ඇයගේ මිතුරිය සමඟ දිවීම ඇරඹුවාය. ඉතා ටික කලකින් තමමිතුරිය අභිබවා ගිය ජෙනී රයිස් 1984 දී  පළමු මැරතන් තරඟයට සහභාගි උනද, ඒ සඳහා කෙසේ පුහුණු විය යුතුදැයි කිසි අදහසක් නොවීය. 1985 දී ඇය බොස්ටන් මැරතන් ධාවන තරඟයට අවතීර්ණ වූවාය.

ඇය පවසන පරිදි, ඇයගේ දිවීමේ උනන්දුවට සහ තරඟ වැදීමේදී ඇයගේ ස්වාමියා කිසිදු උදව්වක් හෝ භාධා කිරීමක් සිදුකොට නොමැත. ඔහු කිසිදා ඇය දුවන අයුරු දැකීමටවත් පැමිණ නැත. ස්වාමියා ඇය දිගින් දිගටම රේස් වලින් ලබන ජයග්‍රහණ කියවා ඇත්තේ පත්තරවල පළවන ප්‍රවෘත්ති මගින් පමණි. ඔහු කිසිවිටක නිවසින් බැහැරව නොගිය අයෙකු වීය. කෙසේහෝ ඔවුන්ගේ විවාහය විවාහවී අවුරුදු 17 ක් ගතවෙද්දී දෙදරුම් කා ඇති අතර දෙදෙනා නීති මාර්ගයෙන් වෙන්වී ඇත. ඉන්පසු ජෙනී රයිස් තනිකඩව සිටිමින් සිය දුර දිවීමේ පිපාසාව සංසිඳවාගැනීමට ලොව වටා දිවීමේ තරඟ වලට සහභාගි වූවාය. මෙලෙස ඇය ලොවපුරා සහභාගිවූ මැරතන් තරඟ සංඛ්‍යාව 133 කි. එසේම ඇය සතියකට කිලෝමීටර් 80 ක් දිවීම පුරුද්දක් කරගත්තාය. නමුත් කිසිදිනක ඇයට පුහුණු කරුවෙකු නොවීය. ඇයගේ එක් පුතෙකු ඔහුට වයස 20 දී මව සමග මැරතන් තරඟයකට සහභාගිවී තරඟය නිමකලේ තම මවට පැයක් පිටුපසිනි.

image source-https://arc-anglerfish-washpost-prod-washpost.s3.amazonaws.com/public/HNITMJLGSIE3WU6U5AHWYJM5KM.jpg

ඇය බර ඉසිලීම (weight-trains) සිය අත් සඳහා සතියකට දින තුනක් පුහුණු වුනු අතර බොහෝවිට ආහාරය සඳහා ගනුලැබුවේ සැලඩ්,එළවළු,බත් සහ ඇටවර්ගය. එසේම දිවීම සඳහා යාමට ප්‍රථම රැගෙන ඇත්තේ පාන් පෙති බාගයක් පීනට් බටර් ටෝස්ට් සහ කෝපි බීමක් පමණි. එසේම දහවල් ආහාරය සඳහා ගණුලැබුවේ සැමන් සමඟ සැලඩ් පමණි. එසේම රාත්‍රි ආහාරය සඳහා බොහෝවිට ඉස්සන් තෙල් දැමීමක් සමඟ බත් විය. ඇය බොහෝ බත් කෑමට ලැඳිවූ බව ඇය පවසයි. එසේම ෂැම්පේන් බීමටත් කැල්සියම්, අයන් සහ විටමින් D පමනක් පෙති ලෙස ගත්බව පැවසේ. එසේම ඇය අයිස්ක්‍රීම් සඳහා බොහෝ ප්‍රියකල බවත්, අයිස්ක්‍රීම් දිනපතාම වාගේ කෑමට පුරුදුවී සිටිබවත් පවසයි. කෙසේ නමුත් පසුව ඇයට අයිස්ක්‍රීම් කෑම අත් හිටවීමට සිදුවූයේ ඇයගේ ශරීර බර එයින් වැඩිවීමට පටන්ගත් බැවිණි.

image source-https://marathonhandbook.com/wp-content/uploads/Jeannie-Rice-Loughborough-treadmill-1187×1024.jpg

ජෙනී රයිස් ලංඩන් මැරතන් තරඟය ලෝකවාර්ථාවක් තබා නිමකිරීමෙන් දින 6 කට පසුව ක්‍රීඩා පිළිබඳ පර්‍යේෂණවල නිරතවන අය ජෙනී රයිස්ව ඔවුන්ගේ ව්‍යායාම පර්‍යේෂණාගාරය වෙත කැඳවාගෙන විත් ඇති අතර ඔවුන් මේ වියපත් ජෙනීගේ අපූරු ධාවන හැකියාවන් ගැන විවිධ පර්‍යේෂන සිදුකොට තිබේ. ඔවුන් පවසන පරිදි ජෙනී රයිස්ගෙන් මෙම පර්‍යේෂකයින්හට බොහෝදේ හැදෑරීම්ට හැකිවී තිබේ. ඔවුනට අනුව, ජෙනීගෙන් විශේෂයෙන් ඉගෙනීමට ඇත්තේ වයස 70 ඉක්මවා වුවද ක්‍රීඩා සහ සෞඛ්‍ය සම්පන්න බව රැකගෙන යාමට ඇති හැකියාව පිළිබඳවයි. එසේම මෙම සෞඛ්‍ය සම්පන්න බව රැකගෙන යාමට බොහෝවිට ඉවහල් වන්නේ අති දුෂ්කර ව්‍යායාම පවත්වාගෙන යාමෙන් නොව, ක්‍රමිකව පවත්වාගෙන යන Steady ව්‍යායාම වලින් බවයි.

ඇයගේ කථාවෙන්ද භාවිතාවෙන්ද අපට ගතහැකි පාඩම නම්, වයසට යාමේදී තම තමන් විසින්ම තමන්ගේ හැකියාවන් අවතක්සේරු කරගැනීමත්, වයසට යාම අනිත් වැඩකටයුතු සියල්ල අත් හැර නිවසට වී නිකරුනේ කාලය නාස්ති කිරීමත් යන නිෂේදාත්මක අදහස් අප විසින්ම අත් හැරගෙන ඉදිරි කාලය ප්‍රයෝජනවත් අයුරින් වැයකිරීමටත් ඒ සඳහා කාර්‍යබහුල වීමටත් අදිෂ්ඨාන කරගතයුතු බවයි.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQHoRJblnmTgLmxyUKBHH92npryRtfJ4rat8-XRaEUP0hc7hQC04mn5M7CcfmUsNEpdqyo&usqp=CAU

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *