ගාමිණී ලොකුගේ..!
මිනිස් ජීවිතයේ ගැඹුරුම සත්‍යය නම්, සියල්ල නිශ්චිත කළු හෝ සුදු නොවන බවයි. ගාමිණී ලොකුගේ ගේ ජීවිතය මෙම නිශේදනයේ සජීවී නිදසුනකි. ඔහුව තනි වාක්‍යකින් අර්ථ දැක්වීම නිරන්තරයෙන් පැනනැගෙන ප්රශ්නයකි. මිනිසුන් නිතර ඡන්දය දුන් නරක මිනිසා යැයි කියන තැනැත්තෙක් වන ඔහු, ඇත්තටම කවුද?
1977 සිට 2019 දක්වා සෑම මැතිවරණයකදීම ජයග්‍රහණය කළ ඔහු, බහුතරයේ අවශ්‍යතාව නියෝජනය කළේය. ප්රශ්නය වන්නේ නරක යැයි සම්බන්ධිත චරිතයකට ජනතාව නිතර ඡන්දය දුන්නේ ඇයිද යන්නයි? එ කියන්නේ ඡන්දය දීම යනු සදාචාරාත්මක අනුමැතියක් නොව, බලයට අවශ්‍ය කීකරු සේවකයකු තෝරා ගැනීමේ ක්‍රියාවලියක්ද?
පුංචි මනස් විසින් මරණින් පසු පළ කරන වෛරය, මිනිස් සිතේ අදුර පෙන්වයි. මියගිය අයකු ගැන වෛරයෙන් සතුටු වීමෙන් ලැබෙන ජයග්‍රහණය කුමක්ද? මෙය මරණය පවා අවබෝධ කර ගැනීමට අපොහොසත් සමාජයක් නිර්මාණය වුයේ කෙසේද. ලොකුගේ ගේ නරක හෝ නපුර ලෙස සමාජය විසින් පිළිගත් පසුත්, ඇත්ත වශයෙන්ම දේශපාලනයේ අඳුරු අවශ්‍යතාවයකට (බලය රැකගැනීමට ප්‍රචණ්ඩත්වය, මිනි මැරීමට) සේවය කළේය. ජනතාව තමන් විවේචනය කරන දේටම ඡන්දය දෙයි. මන්ද? යහපත් දේශපාලනයට “නරක” යුතුකම් අවශ්‍ය වන බැවිනි. ගාමිණී ලොකුගේගේ ජීවිතය අපට උගන්වන්නේ මිනිස් සමාජයේ පරස්පරතා ගැඹුර ගැනයි. ඔහුව “නරක” ලෙස වර්ගීකරණය කිරීම පහසුය. නමුත් සැබෑ නිශේදනය වන්නේ මිනිසුන් තමන් විවේචනය කරන දේට ඡන්දය දෙන්නේ ඇයිද යන ප්‍රශ්නයයි. මෙය දේශපාලනයේම මූලික පරස්පරයයි. යහපත පතන අපි, නරක නොමැතිව එය ලබා ගත නොහැකි බව නොසලකා හරිමින් සිටිය යුතුද?
ලොකුගේට මේ මොහොතේ ගෞරව කරන්නේ කව්ද. ගෞරව කරන්නේ ජනතාවගේ තේරීමටයි. ඔවුන්ට ඔහුව අවශ්‍ය කළා නම්, එයින් අදහස් කරන්නේ ඔහු ඔවුන්ගේ යථාර්ථයේ කොටසක් බවයි. එය ගැන විස්මය විය යුත්තේ ඔවුන් නොව, යථාර්ථයයි. ලොකුගේ ගේ ජීවිතය මෙම විරෝධාභාසය තුල ජීවත් කළේය. ජනතාව ඔහුට විරුද්ධ වූයේ ඔහුගේ “නරක” ගුණ නිසා වුවද, ඔවුන්ම ඔහුව තෝරා ගත්තේ එම “නරක” ගුණ බලය රැක ගැනීමට අවශ්‍ය නිසාය. ගාමිණී ලොකුගේගේ ජීවිතය අපට උගන්වන්නේ මිනිස් සමාජයේ සත්‍යයන් ඒකාකෘතික නොවන බවයි. හොද සහ නරක එකිනෙක නිශේධනය කරන නමුත් එකිනෙක අර්ථ දැක්විය යුතු වන්නේ එම නිශේධනය හරහාමය. ලොකුගේ “නරක” සමාජ විවේචනය තුළම, ඔහුගේ “අවශ්‍යතාවයේ” යථාර්ථය ගැබ් වී ඇත. යහපත යනු නරක නොවන දෙය නොවේ. එය නරක අවශ්‍ය කරන ලෝකයක යහපත ලෙස පැවතීමේ විරෝධාභාසයයි. ලොකුගේගේ ඡන්ද ජයග්‍රහණ ජනතාවගේ අර්බුදය නොව, ඔවුන්ගේ යථාර්ථයේ පවතින නිශේධන ද්වන්ද්වය පෙන්වයි.
මෙය ගාමිණී ලොකුගේගේ ගෞරවයට නොව, මිනිස් සිතේ සහ දේශපාලනයේ නිරන්තරයෙන් පැනනැගෙන නිශේධන චක්රවලට ගෞරවයකි. අප එය තේරුම් ගත යුත්තේ දුෂ්ටයාට සේවය කිරීමට නොව, යථාර්ථය තුළ යහපත සහ නරක කිසිම ගැටලුවකින් තොරව ද්විත්වභාවයන් තුල ජීවත් වන ආකාරය ගැනය.
දේශපාලනයේදී ජනතාවට යහපත විතරක් ඕනේ නෑ. ඔවුන්ට යහපත ආරක්ෂා කරන නරක අවශ්‍ය වෙනවා.ලොකුගේගේ ජීවිතයේ පරස්පරය තියෙන්නේ එතැනයි.විවේචනය කරනවා ඔහුගේ නරක ගුණ ගැන. ඡන්දය දෙනවා ඒ නරක ගුණ තම යහපතට ඕන නිසා(ජනතාව). යහපත පමණක් බලය රැකගන්න බැහැ. එයට “නරක” යන ආරක්ෂක වළලු අවශ්‍යයි. ලොකුගේගේ ජීවිතය තමයි වළලු. එබැවින් ඔහු මැරිලා ගියත්, නව ලොකුගේවරු ඉපදෙනු ඇත. මන්ද? ජනතාවට ඔවුන්ගේ යහපත”රැක ගැනීමට අදත් ඒ නරක වළලු අවශ්‍ය නිසා.
1977 ට පසු රාජ්‍යය බාහිරින් ගොඩනැගුවද එහි අභ්‍යන්තර සාරාර්ථය ගොඩනැගීමට අපොහොසත් වීම, මෙය ගාමිණී ලොකුගෙ වැනි චරිත හරහා පෙන්විය හැක. එය ඉලක්ක කරන්නේ දේශපාලන බලයේ පරස්පර විරෝධී භාවයයි. බාහිර විජයග්‍රහණය හරහා අභ්‍යන්තර දුර්වලතා සඟවන, සංකේතවාදී රාජ්‍ය ගොඩනැගීමේ ප්‍රවණතාවක් නිදහසින් පසු බිහි විය. මෙය රටක් ලෙස අපගේ ඓතිහාසික පරිණාමයේ ඇති සුවිශේෂිත අභියෝගයයි. බාහිර සාරයකින් (essence) තමන් ඇතුළත වූ වඩා සාරාර්ථයක් (substance) රැක ගැනීම සදහා ප්‍රචණ්ඩත්වය ආකෘතියක් ලෙස බිහිවන්නේ දර්මිශ්ඨ සමාජයෙන් පසුවද?
