Cartoon of the Week(24)..!

ලාල් කාන්තගේ කථා.

එසේම ඔහු එම ප්‍රකාශය කිරීමට ප්‍රථම ඊට කලින් වතාවක කියාසිටියේ ඩඩ්ලි සිරිසේන නොහිටින්නට ලංකාවේ ජනතාව තවමත් වැලි සහ ගල් සමඟ බත් කෑමට සිදුවන බවත්, ඩඩ්ලි සිරිසේන විසින්ද ලංකාවේ සහල් අර්බුධය විසඳීමට විශාල වශයෙන් සහයෝගය දී ඇති බවයි. 

ඇත්තටම ලාල් කාන්ත රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැන් ප්‍රකාශ කරන බොහෝ දේවල් අපි විසිනුත්, විවිධ කංඩායම් විසිනුත් මැතිවරණ වලට ප්‍රථම පෙන්වාදුන් නමුත් ඒවාට හුදී ජනයා කියාසිටියේ අපි සියල්ල රනිල් වික්‍රමසිංහට “කඩේ” යන බවයි.

ඒ කෙසේ වෙතත්, මේ ලාල් කාන්ත මහතා විසින් අද ජාතික ජනබලවේග ආන්ඩුව අභිමුක්ඛවී ඇති යථාර්තය පිළිබඳව යම් ඉඟි බිඟි ඔහුගේ ප්‍රකාශ මගින් එළියට දැමීමක් සිදුජරන බව පෙනීයයි.

ජාතික ජනබල වේගයේ පදනම.

ජාතික ජනබලවේග රජයේ බේස් එක ලෙස ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ යනු, සම්භාව්‍ය මාක්ස්වාදය මත නොව “ මාක්ස්-ලෙනින්වාදය” මත පදනම්වූ “බෝල්ෂෙවික් වාදය” නැමැති දෘශ්ටිවාදය තුල කරවටක් ගිලුනු පක්ෂයකි. දශක් ගණනාවක් පුරා ජවිපෙ කේඩරයේ ආත්මීය අධිශ්ඨාණය වූයේ ලංකාව තුල සමාජවාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමය. මෙය කල්‍ යාමේදී ආත්මීය අධිශ්ඨාණයකටත් වඩා ඔවුන්ගේ ෆැන්ටසියක් බවට පත්වී තිබුනි. ඔවුන් විසින් පිහිටවනු ලබන ලංකාවේ “සමාජවාදී” පාලනය තුල සියල්ල ඇතිබව ඔවුන් ෆැන්ටසයිස් කරන ලදී. රැකියා ප්‍රශ්ණයටද, ජනවාර්ගික ප්‍රශ්ණයටද, සෞඛ්‍ය ප්‍රශ්නයටද, අධ්‍යාපන ප්‍රශ්ණයටද, කොටින්ම ඩෙංගු රෝගයට පවා පිලියම් ඇත්තේ ඔවුන් ගොඩනගන “ සමාජවාදය” තුල බව මිස ඒ ෆැන්ටසිය තුලදීම තමන් ඇමීබාකරණය වී යන බවත් ඔවුන් දුටුවේ නැත.

පවතින ධනේශ්වර පර්‍යාය තුල ධනේශ්වර ප්‍රතිසංස්කරන කරමින් ජාතික ජනබලවේග ආන්ඩුව ගමන් කලද, එහි දශක ගණනාවක් කේඩරය දැරූ ධනපති විරෝදී ක්‍රියාමාර්ග කටවචනෙන් හෝ කියා පෙන්වාදී එම සමාජවාදී ෆැන්ටසියේ සිටි ජවිපෙ කාඩරයින් ඉඳහිට චූන් කිරීමත්, එමගින් ඔවුන් පවත්වාගෙන යාමත් ලාල් කාන්ත වැනි අයවිසින් ඉතා අගේට කරගෙන යනු ලබයි. එමගින් සමාජවාදී ෆැන්ටසියේ සිටින කේඩරය පෙරටුගාමීන් සහ අනෙකුත් ජාතික වම්මුන්වෙත යාම වලක්වා ජාතික ජනබල වේගය තුලම පවත්වාගැනීම මෙයින් බලාපොරොත්තු වනබව පෙනේ.

ධනවාදය තුල ප්‍රාග්ධනයේ හැසිරීම.

ධනවාදය තුල, ප්‍රාග්ධනය සහ පාලක හෙජමොනිය ගමන් කරනු ලබන්නේ එක අක්ෂයක් තුලදී මිස අක්ෂ දෙකක නොවේ. එහිදී ව්‍යවසායකයා යනු පාලක හෙජමොනියට මහගු සම්පතකි. ව්‍යවසායකයා රැකීම පාලක පංතියේ ප්‍රමුඛ කාර්‍යයකි. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ ජාතික රාජ්‍යයට හොරෙක් වනවිට ඔහු සිංගප්පූරුවේ සමාගම් ගණනාවක උපදේශක වරයෙකුවී සම්මාන දිනාගන්නේ එබැවිනි. ධනේශ්වරය තුල මේ ව්‍යවසායකයා යනු පක්ෂයකට සීමාවුනු තැනැත්‍තෙක් නොවේ. ඔහු මැතිවරණයකදී කුමන පක්ෂයකට මුදල් වියදම් කලද බලයට එන කංඩායම් සමඟ එක්ව යයි. ඒ ධනේශ්වරයේ ස්වභාවයයි.

දැන් ලාල් කාන්තගේ කතා වලින් තේරෙන්නේ ඔහු ව්‍යවසායකයින් සොය සොයා ඔවුන් මුදල් හෙවූ හැටි ආදිය සොයමින් ඔවුන්ගේ නීත්‍යනුකූල භාවයන් ප්‍රශ්න කරමින් ඔවුනට දඬුවම් දීමට යන බවකි. මෙයට ජාතික ජනබලවේගයේ අනුගාමී රැළ චූන් වන නමුදු ව්‍යවසායකයෙක් ගොඩනැගීම ඔවුන් සිතන තරම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. දියුණු රටවල්වල නම් යම් කෙනෙකුට ව්‍යවසායකත්වය පිළිබඳ හැකියාවක්, උනන්දුවක් ඇතිබව තේරුණු සැනින් ඔවුන් සඳහා විවිධ උපදෙස්, සහන සහ ණය පහසුකම් පවා ලබාදෙයි. ඒ ව්‍යවසායකයෙක් හැදීම පහසු කටයුත්තක් නොවන බව ඔවුන් දන්නා බැවිනි.

ව්‍යවසායකයා උපාසකයෙක්ද?

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *