|

ඈන් ෆ්‍රෑන්ක් සැඟවී ලියූ හැටි..!

above image source-https://i23.delachieve.com/image/b626b66b5388118e.jpg

අවුරැදු 13 දි උපන්දිනයට Anne Frank ඉල්ලාගත් තැග්ගකින්  ඒ‌ ලමයා ලෝ‌කය වෙනස් කරනව. හැබැයි සිරිලංකාව වෙනස්වුනාද කියන්න මා දන්නෙ නැහැ හේතුව කෙල්ලෙක් සමග floor එකක හරියට steps වලට dance කරන්න දන්නෙ නැති සිරිලංකා දුපතේ කලිසම් අදින ගංකබර පිරිමින් අති බහුතරයක් Anne Frank ගේ දිනපො‌ත කියවල නැහැ. මේ ගංකබරයො‌ teenage සමයේදි කියවල තියෙන්නෙ නලිං ද සිල්වාගේ “මගේ ලෝ‌කය”  පො‌තය. එවැනි වපරිත අතිතයක් අදටත් ඔබවටා හො‌ල්මන් කරනවා ඇ‌ත. අතිතය සැමදා අප සමගයි. 

” ගෙයි පිලිකන්නේ Anne Frank ”  යනුවෙන් නෙදර්ලන්ත පුවත්පතක් මේ ගැහැණු ලමයාගේ දිනපො‌ත ගැන හෙලිකිරිමක් සිදුකර එය පො‌තක් ලෙස ප්‍රකාශයට පත්කිරිම සුදුසුයැයි ලිපියක් කුඩා ලිපියක් පලකල අතර අදවනවිට භාෂා 60 කට ඇ‌යගේ දිනපො‌ත පරිවර්තනය වි ඇ‌ත. එහෙත් නලිං ගේ මගේ ලෝ‌කය කියවු සහ Anne Frank ගේ දිනපො‌ත නො‌කියවු පිරිමින් සිරිලංකාව තුල තවමත් මට දුරකතනය හරහා හමුවේ. රැසියාවේ Moscow නගරයේ සිට ඇ‌මෙරිකාවේ cowboys ලා දුවන  Austin නගරයටත් එතැනින් දකුණු ඇ‌මෙරිකාවේ ආ‌ර්ජෙන්ටිනාවේ Buenos Aires නගරයටත් එතැනින් අප්‍රිකාවේ Johannesburg නගරයත් Anne ගේ දිනපො‌ත පිලිබද සංචාරයක ප්‍රදර්ශනයක් ලො‌වවටා ප්‍රදර්ශනය කෙරිනි. 80 දශකයේදි මේ ප්‍රදර්ශනයකට සහභාගිවු සිරිලංකාවේ ගැහැණියක් මාහට Nelson Mandela අවුරැදු 15 මේ ගැහැණු ලමයා ගැන කල කතාවක් ගැන කීවාය. මට තියෙන ප්‍රශ්ණය බහුතරයක් සිරිලංකාවේ ගංකබරයන්ට පො‌ත් සහ දැනුම දිල තියෙන්නෙ පිරිමින් විසින් මට හම්බවුන දෙයක් හම්බවෙලා තියෙන්නෙම ගැහැණුන් නිසා.  මේක අසාමාන්‍යය තත්වයක් ලෙසයි හැදැරැ දෙඩුම්ශිල්පින් පාදඩයන් පවසන්නේ. නමුත් මේක නෙමෙයි අසාමාන්‍යය . පිරිමියෙකු තව පිරිමියෙකු පස්සේ යාමයි අසාමාන්‍යය. සාමාන්‍යයෙන් මහපාරට වැටුනු ඔනෙම කො‌ල්ලෙක් දන්නව කො‌ල්ලො‌ යන්නෙ ගැහැණු පස්සේ බව . හා නැද්ද? 

රහසිගතම තැන් තමයි කවදාහරි ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. Anne සැගවි සිටි කුටිය ඒ‌ක museum එකක් දැන්. මාගේ පුද්ගලික උපදේශය නම් Hitler ගේ Nazi මිනිමරැවන්ට බියේ පණ ගැහෙමින් Anne සහ ඇ‌යගේ පවුල සැගවිසිටි කුටිය කෙනෙකු නැරඹිය යුත්තේ Auschwitz ඝාතනාගාරය නැරඹිමෙන් පසුවයි. ඔබ Amsterdam නගරයට යන්නේ කහෙල් දල්ලේ පාට ඇ‌ති ගංජා සො‌යා වියහැක. සමහරවිට ඔබ Van Gogh  ගේ  museum එකට යනවා වියහැක. Anne ගේ දිනපො‌ත ගැන හො‌ද ඉංග්‍රිසි පරිවර්තනයක් කියවා ඇ‌යගේ කුටියටත් යන්න. ඇ‌ය වටා සිටිනා සියලුදෙනාවම දිනෙන් දින මරාදමද්දි ඇ‌ය තමන්ගේ දිනපො‌තේ  ” පරිත්‍යාග කිරිමට කිසිදෙයක් ඔබ සතුව නැතැයි ඔබට කිසිදා කිවනො‌හැක. කරැණාවන්තකම ඔබට පරිත්‍යාග කලහැකියි” යනුවෙන් ලිව්වේ මේ කුටියේ සිටයි. 

(ඈන් සැඟවී සිටි ඇම්ස්ටඩෑම් හි ගොඩනැගිල්ල)

image source-https://i23.delachieve.com/image/fa046cab53c51198.jpg

තමාසමග එකට දුක්විද මියගිය මිනිසෙකුගේ මස් කැමට මිනිසෙකට පුලුවන් වන්නේ ඉවසාගත නො‌හැකි කුසගින්න නිසාය. මිනිමස් කැම සිදුවු Auschwitz Anne වධකාගාරයට නිරැවතින්  යුදෙව්වන් ඇ‌විදගිය මාවතේ  මව් පියන්ගෙන් වෙන්වී නිරැවතින් ඇ‌විදගෙන යාමට මේ ගැහැණු ලමයාටත් සිදුවෙනවා. Anne ව එතැනින් ජර්මනියේ Begen Belsen කදවුරට මාරැකෙරෙනවා. සමවසයේ පාසැල් මිතුරියක් ඇ‌යට හමුවෙනවා මේ වධකාගාරයේදි. දෙදනා බදාගෙන ප්‍රිති වෙනවා. පසුව තමයි දෙදෙනාම ඇ‌ඩීමට පටන්ගන්නෙ. Nazi හමුදාව අල්ලාගෙන යාමට කලින් Anne ලිව්වෙත් දිනපො‌තේ ඒ‌කම තමයි – සන්තෝ‌ෂයට වඩා ගැඹුරැ තැනකින් තමයි සිතකට සංතාපය එන්නෙ. 

(this show the interior of the secret annex where Anne Frank was hiding)

Anne මියයාමට කලින් දවසේ සිහිනයෙන් දකිනව තමන්ගේ පවුලේ අය සමග ගබඩාවේ උඩ කාමරයක සැගවි ජිවත්වු සැටි. පසුවදා Anne ව හමුවිමට එන මිතුරියට Anne ගේ මුහුණ දැකිමෙන් අවබෝ‌ධ වෙනවා මෙතෙක් දුර ජිවත් වෙමින් අනෙකාව ජිවත්කිරිමට Anne ගත් උත්සාහය අද ඇ‌යගෙන් ගිලිහී ඇ‌තිබව. තවදුරටත් ශරිරයට දරාගත නො‌හැකි වේදනාව නිසා Anne අවුරැදු 15 දි Nazi වධකාගාරයකදි මියයනව.

ඕක තමයි  පාසැල් තුරැණුවියේදි කැසට් පට සමගින් අපට හමුවන පවුලෙන් වලින් ලැබෙන Anne ගේ කතාව. නමුත් අපි පාසැලෙන් පසුව අසාමාන්‍යය ආ‌ශාවන් ඇ‌ති පිම්පියෙකු සේ දේශපාලන හැදැරිම් පංති යන්නේ නැතුව සාමාන්‍යය ගංකබරයින් වන අප මහපාරට බහිනව. මහපාරේදි මෙවැනි සිතක් මට පහලවෙනව –  ” Anne වෙනුවෙන් සිරිලංකාවේ අක්ක කෙනෙක් අඩනව. මේ අක්ක විතරක් නෙමෙයි ලෝ‌කෙම ගැහැණු පිරිමි Anne වෙනුවෙන් අඩනව.  ඊයෙ TV එකේ ප්‍රවෘත්ති වලට පෙන්වපු Sarajevo නගරයේදි මිටි වලින් ඔලුවට ගහල මරපු ලමයි ගැන මේ එකෙක්වත් අඩන්නෙ නෑනෙ. මේක බ්‍රහ්මකෙලියකනේ යකෝ‌. හේතුව මො‌කක්ද? ” 

කලෙකට ඉහතදි දවසක්  Anne ගේ දිනපො‌තේ ඉතාලි පිරිවර්තනයක් ඉතාලියේ Milan නගරයේ කුඩා pt.Vanezia පුස්තකාලයේදි සිදුවුනා. ඒ‌ක බො‌හෝ‌ම හැගිම්බර ශිත සැදැවක් බවට පත්වුනා. සමහරැ ඇ‌ඩුවා. ආ‌සියාවේ එකෙකුට සිටියේ මා පමණක් නිසා මටත් දො‌ඩවන්න කිව්වා. Anne ගේ අකුරැවලින් එන  ආ‌ලෝ‌කය නිසා අදුරේ වැසිගිය දෙවන ලෝ‌ක යුද්ධයෙ අකුරැ ලියන්න දන්නෙ නැති Eastern Front එකේ ලමුන් ගැන මම කතාකලා.  ඒ‌ක අන්තිමට මුද්‍රිත අකුර සහ capita අතර සම්බන්ධය ගැන කතාවක් වුනා. බල්ලෙක්වත් මට අත්පුඩි ගැසුවේ නැත.

තමන් ඉදිරිපස ඇ‌ති ලෝ‌කය ගරාවැටෙද්දි කුඩා ගැහැණු ලමයෙකු එම ලෝ‌කය හුණු බදාම පැලැස්තර දා පිලිසකර කිරිමට දැරැ උත්සාහයක් තමයි Anne ගේ දිනපො‌ත. කො‌හෙන්ද කුටියක සිරිවි සිටින ඇ‌යට හුණුබදාම? අතිතයේදි ඇ‌ය අහුලාගත් phallic කැබලි වලින් තමයි කඩාවැටෙන බිත්ති වල සිදුරැ පිරවිමට ඇ‌ය උත්සාහ ගත්තෙ. අතිතය යනු පාදඩයන් ඔබට දේශනාකරන ඉතිහාසය නො‌වේය. යමක අතිතය ඔබ විසින්ම සො‌යාගත යුතුය. ගො‌බ්බයන් ගො‌තා ඇ‌ති ඉතිහාසය මත ලිස්සල ගිහින් අතිතයේ හො‌ම්බ බිම ඇ‌ණිමේ අවධානමක් අප කාතුලත් ඇ‌ත. අතිතය යනු බො‌හෝ‌විට නො‌ලියවෙන නො‌දඩවන ප්‍රවේණියයි. symbolic father වචනය use කරන රිලවෙකුගෙන් ඒ‌ මො‌කක්ද කියා විමසුවිට එම රිලවා symbolic father ට උදාහරන ලෙස නලිංද සිල්වා දිප්ති කුමාර වැනි විවිධ පුද්ගල නාමයක් ඉදිරිපත් කරන්නේ රිලවාගේ ගො‌බ්බකම නිසාම නො‌ව රිලවාගේ අතීතයේ ඇ‌ති වැරැද්දක් නිසයි.  එනම් රිලවාට මේවා උගන්වන ප්‍රවේණියේ ඇ‌ති වැරැද්දයි. ඒ‌ විපරිත අතීත ප්‍රවේණිය කඩාවැටෙන්න ඉඩදෙන්නෙ නැතුව එකඑකාගේ පිටවල් කසාගනිමින් ඒ‌ක රැකගන්න උත්සාහකරන පාදඩයන් රැලක් තමයි සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්නෙ. ඔබ ජිවත්වන්නේ පලවන ලෝ‌ක යුද්ධයට හේතුව Franz Ferdinand කුමරුව මරාදැමිම බවට පාසැල්වල උගන්වන රටක බව සිහිතබාගෙනයි ඔබ පලස්තීන- ඊශ්‍රායල් ප්‍රශ්ණය දෙස බැලිය යුත්තේ.

නමුත් අතිතය අතිතයට අයත් නො‌වන දෙයක් බව අප සිහිතබා ගතයුතුයි. අපගේ අතිතය අද අප සමගයි. ජිවිතය යනු මතකයක්. අප දො‌ඩවන ඒ‌වා විකාරරැපි නම් අපගේ හැසිරිම් විධි විකාරරූපී නම් එයට හේතුව අපගේ අතිතය විකාරරූපී විමයි. 

Jana Chamin.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *