ධනවාදය යනු..!
සමහර විට ධනවාදය (Capitalism) සහ පාරිසරික විනාශය ගැන කනස්සල්ලට පත්වන අය පවා පවසන්නේ ධනවාදය යනු අසීමිත පුද්ගලවාදය කියායි. නැහැ, මම වෝල්ටර් බෙන්ජමින් සමඟ එකඟ වෙනවා. ධනවාදය යනු ආගමක විකෘති ස්වරූපයකි. ධනවාදයට එරෙහිව සටන් කළ යුතු ක්‍රමය මානව වර්ගයා වෙනුවෙන් ඔබව පරිත්‍යාග කිරීම නොව, හොඳ “ආත්මාර්ථකාමියෙකු” වීමයි. ඔබ සහ ඔබේ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි සිතන්න.

ධනවාදය යනු ආගමික සංසිද්ධියක්ද.
වෝල්ටර් බෙන්ජමින් මෙය ඉතා පැහැදිලිව දුටුවා. ධනවාදය (Capitalism) යනු ආගමික සංසිද්ධියක්. එහි ප්රාග්ධනය සංසරණය වීම, ලාභය සහ පුළුල් වූ සංසරණය පවතින්නේ හරියට දිව්‍යමය වස්තුවක් වගෙයි. ඔබ ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සූදානම්. ධනවාදය පිළිබඳ විවේචනයට යාමට මට දැන් කාලය නැහැ, නමුත් මාක්ස් ධනවාදයේ මේ “දේවධර්මීය මානය”පැහැදිලිව දුටු අවස්ථාවලින් අපට තවමත් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව මම සිතනවා.
කාල් මාක්ස් ඔහුගේ ධනවාදය (Capitalism)සහ එහි ආර්ථිකය විස්තර කරන ‘ප්රාග්ධනය’ කෘතියේ පළමු පරිච්ඡේදයේ එන එක් උප-පරිච්ඡේදයක ආරම්භයේදී පවසන්නේ: ‘බැලූ බැල්මට භාණ්ඩයක් යනු සාමාන්‍ය දෙයක් ලෙස පෙනුනද, සමීප විශ්ලේෂණයකදී පෙනී යන්නේ එය අභිරහස් සහ දේවධර්මීය සියුම්කම්වලින් පිරී ඇති බවයි.’ මෙහිදී මාක්ස් පවසන්නේ අප අපේක්ෂා කරන දෙයට හරියටම ප්‍රතිවිරුද්ධ දෙයයි. එදිනෙදා ජීවිතයේදී අප දෘෂ්ටිවාදයට හසුවී සිටිනවා නොවේ. එදිනෙදා ජීවිතයේදී අප ප්‍රායෝගික උපයෝගිතාවාදීන් වගෙයි. නමුත් අපගේ සමාජ ක්‍රියාකාරකම්වලදී, අප සිතනවාට වඩා අප ආගමිකයි.

මම මෙතැනදී දේවල් ටිකක් සංකීර්ණ කිරීමට කැමතියි. අපේ යුගය අදේවවාදී යුගයක් වීමට වඩා, මානව ඉතිහාසයේ වඩාත්ම ආගමික යුගය විය හැකියි. දාර්ශනිකයෙකු ලෙස මම වහාම ප්‍රශ්න කරන්නේ: ‘ආගම යනු කුමක්ද? යමක් විශ්වාස කිරීම යනු කුමක්ද? අපි ඇත්තටම විශ්වාස කරනවාද?’ යන්නයි.
පෝල් වේන් (Paul Veyne) නම් ප්‍රංශ ජාතිකයා ලියූ ‘පැරණි ග්‍රීකයන් ඔවුන්ගේ මිථ්‍යාවන් විශ්වාස කළාද?’ (Did the Greeks Believe in Their Myths?) යන අපූරු පොත මගේ චින්තනය හැඩගැස්වීමට බලපෑවා. ඔහු එහි පෙන්වා දෙන්නේ පැරණි ග්‍රීකයන් මෝඩයන් නොවන බවයි. ඔබ ඔලිම්පස් කන්දට නැග්ගොත් සියුස් දෙවියන්ව පෙනේවි කියා ඔවුන් විශ්වාස කළේ නැහැ. එසේ වුවත්, ඔවුන්ට එය හුදු රූපකයක් පමණක් වුණෙත් නැහැ.
විශ්වාසය විශ්වාස නොකිරීම හරහා.
මේ ‘විශ්වාසයේ ස්වභාවය’ මාව මවිතයට පත් කරනවා. යමක් සත්‍ය නොවන බව ඔබ දැන සිටියත්, යම් අර්ථයකින් ඔබ තවමත් එය විශ්වාස කරනවා. අපේ එදිනෙදා ජීවිතයේදී පවා අපි බොහෝ විට විශ්වාස කරන්නේ ‘විශ්වාස නොකිරීම’ හරහායි. මගේ සරල උදාහරණයක් තමයි දරුවෙකුගෙන් හෝ දෙමාපියන්ගෙන් අසන්න ඔවුන් නත්තල් සීයා විශ්වාස කරනවාද කියා. දෙමාපියන් පවසාවි, ‘නැහැ, මම මෝඩයෙක් නෙවෙයි, මමයි තෑගි ගේන්නේ.’ දරුවනුත් පවසාවි, ‘මම දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා, මම රඟපාන්නේ මගේ දෙමාපියන්ව අධෛර්යමත් නොකරන්නයි’ කියලා. කිසිවෙකු පුද්ගලිකව එය බැරෑරුම් ලෙස විශ්වාස නොකළත්, විශ්වාසයක් සමාජීයව ක්‍රියාත්මක විය හැකි ආකාරය මෙයින් පෙනෙනවා.
මගේ පැරණි සමාජවාදී අත්දැකීම්වලින් (යුගෝස්ලාවියාවේ ජීවත් වූ කාලයෙන්) මා ඉගෙන ගත්තේ වඩාත් උත්ප්රාසාත්මක කරුණක්. ඇතැම් විශ්වාසයන් ක්‍රියාත්මක වන්නේ ඔබ ඒවා විශ්වාස නොකරන තාක් පමණයි. ඔබ ඒවා බැරෑරුම් ලෙස ගතහොත් එය ව්‍යසනයක් වෙනවා. මගේ මිතුරන් දෙදෙනෙකුට මධ්‍යම කාරක සභාවේ රැකියා පවා අහිමි වුණා. හේතුව, ඔවුන් යුගෝස්ලාවියානු ස්වයං පාලන මතවාදය ඕනෑවට වඩා බැරෑරුම් ලෙස ගැනීමයි. බලයේ සිටින අයට එය පෙනුනේ විරුද්ධවාදීකමක් ලෙසයි.(යුගෝස්ලාවියාවේ නිල ප්‍රතිපත්තිය වූයේ කම්කරුවන්ට තමන්ගේ ආයතන පාලනය කිරීමටත්, තීරණ ගැනීමටත් පූර්ණ නිදහස ඇති බවයි. රජය හෝ පක්ෂය ඉහළ සිට අණ දෙනවා වෙනුවට, පහළ මට්ටමේ සිට ජනතාව පාලනයට හවුල් වන බව මෙහි මූලධර්මය විය)
මෙය පුදුම සහගතයි. ‘එය සත්‍ය නොවන බව මම දන්නවා, නමුත් මම තවමත් එය විශ්වාස කරනවා’ යන සාම්ප්‍රදායික මතයට වඩා මෙහි ඇත්තේ වෙනස් දෙයක්. එනම්, ‘එය සත්‍ය නොවන බව මා දැන සිටීම මගින්ම එම විශ්වාසය පවත්වා ගැනීමට මට හැකි වීමයි.’ ජිජැක් පෙන්වා දෙන පරිදි, පද්ධතියක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් ඇතැම් නීති “ඇත්තටම විශ්වාස නොකර” සිටිය යුතුය.
නිල මතය අනුව ධනවාදය (Capitalism) සහ ඊට එරෙහිව ගොඩනගන කම්කරු බලය තුල, “කම්කරුවන්ට සියලු බලය ඇත. “හැබැයි සැබෑ තත්ත්වය වන්නේ”අවසාන තීරණය පක්ෂයේ ඉහළ නිලධාරීන් ගැනීමයි.”ඔහුගේ මිතුරන්ට වැරදුණු තැන තමයි ජිජැක් පවසන පරිදි, පද්ධතියේ පැවැත්මට ඇති ලොකුම තර්ජනය වන්නේ එම මතවාදය “අකුරටම සහ බැරෑරුම් ලෙස” පිළිපදින මිනිසුන්ය.
ඔහුගේ මිතුරන් කළ වරද වූයේ කම්කරුවන්ට ඇත්තටම තීරණ ගැනීමට ඉඩ දිය යුතු යැයි විශ්වාස කිරීමයි. පක්ෂයේ නායකත්වයට වඩා කම්කරු සභාවල තීරණ බලවත් විය යුතු යැයි තර්ක කිරීමයි.පොතේ ලියා ඇති “පරමාදර්ශී සමාජවාදය” ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමයි. බලධාරීන් මෙය “විරුද්ධවාදීකමක්” ලෙස දුටුවේ ඇයි?
ඔබ ධනවාදය (Capitalism) හෝ ඕනෑම ක්රමයක පද්ධතියේ ඇති බොරුව හෝ නරුමකම තේරුම් නොගෙන, එහි නීති බැරෑරුම් ලෙස ගත් විට, ඔබ නොදැනුවත්වම පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා කරයි. “සියල්ල පාලනය කරන්නේ පක්ෂයයි” යන රහසිගත සත්‍යයට, “සෑම කෙනෙකුම සමානයි” යන ප්‍රසිද්ධ මතවාදය අභියෝගයක් වේ. එම නිසා, අන්ධ ලෙස විශ්වාස කරන අයට වඩා, මතවාදය බැරෑරුම් ලෙස ප්‍රශ්න කරන හෝ ක්‍රියාත්මක කරන අයව පාලක පන්තිය සැක කළහ. ජිජැක් පවසන පරිදි, ඔවුන් රැකියාවෙන් ඉවත් කළේ ඔවුන් පද්ධතියට විරුද්ධ වූ නිසා නොව, පද්ධතියේ “පරමාදර්ශ” වලට ඕනෑවට වඩා අවංක වූ නිසාය.
(ජිජැක්ගේ සටහනක්)
