Cartoon of the Month (5)..!

මෙම කාටූන් චිත්‍රයෙන් අපගේ Lanka Power News කාටූන් ශිල්පියා, ජවිපෙ ප්‍රමුඛ “ජාතික ජනබල වේග” ආන්ඩුවේ ඉලක්ක වෙත යාමේ හැකියාව චිත්‍රයට නඟා ඇත. ඔවුන් මැතිවරණ වේදිකාවල පොරොන්දුවූ “සිස්ටම් චේන්ජ්”, “හොරු ඇල්ලීම”, “ආර්ථික අර්බුධයට විසඳුම්” සෙවීම ජාතික බලවේග ආන්ඩුවට ලඟා වියහැකි සීමාවෙන් ඔබ්බේ ඇති දේවල් ලෙසත්, “අරපිරිමැස්ම” දැනටත් ලඟා කොටගෙන ඇති දෙයක් ලෙසත්, “ක්ලීනින් ශ්‍රී ලංකා” අපහසුවෙන් හෝ ලඟා කරගත හැකි දෙයක් ලෙසත් කාටූන් ශිල්පියා පෙන්වාදීමට උත්සාහ කරයි.

එසේම “ආර්ථික අර්බුධයට විසඳුම්” සහ “සිස්ටම් චේන්ජ්” ජාතික ජනබල වේගයට ලඟාවීමට හෝ හකියාවක් නැති ඔවුන්ගේ හැකියාවෙන් පිටත ඇති දේවල් බවද මෙම කාටුන් චිත්‍රයෙන් නිරූපණය කොට ඇත. එසේම ක්ලීනින් ශ්‍රී ලංකා වුනද ලගාකර ගත හැක්කේ මුලු වැර යොදා උපරිම වීරියෙන් උත්සාහ කලහොත් පමණක් බවද පෙන්වීමට මෙහිදී කාටූන් ශිල්පියා උත්සාහ කොට ඇත.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *