Cartoon of the Month (6)..!

අපගේ LANKA POWER NEWS ආධුණික කාටූන් ශිල්පිණිය මෙම කාටුනය තුලින් පෙන්වාදීමට උත්සාහ ගනු ලබන්නේ “ජාතික ජනබල වේග” ආන්ඩුවට රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමට “රාජ්‍ය නිලධාරිවාදය” දැඩි බාධාවක් ලෙස ඉදිරියට අභිමුඛ වී ඇති බවයි. එම නිලධාරිවාදය ඉබි ගමනින් යනමුත් රජය බලාපොරොත්තුවන වේගය ඔවුන් තුල නොමැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. රජයේ නිලධාරීන්,සේවක සංගම් සහ විශේෂයෙන් වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය සංගම් වල මාෆියාවන්ට යටවුනහොත් ජනතා අභිලාෂයන් ඉටුකිරීමට සහ රට සංවර්ධන මාවතට ගැනීමට කිසිසේත් නොහැකිවනු ඇත.
තවද මෙම “නිලධාරිවාදය” මැඩපවත්වා අවශ්‍ය ඉදිරි ගමන යාමටද රජය තවම අපොහොසත්වී ඇති බවද මෙම කසයෙන් ඉබ්බාට තැලීමට තැත්කිරීමෙන් පෙන්නුම් කරයි. කසයෙන් තැලීමෙන් ඉබ්බාගේ කටුවට වදින මුත් එයින් බලපෑමක් ඉබ්බාට ඇති නොවේ. මේ ආකාරයට රජය නිලධාරීවාදයට කරන බලපෑම එතරම් බලවත් නොවන බවත්, එමගින් නිලධාරිවාදය පරාජය කිරීම පහසු නොවන බවත් මෙම කාටුන් චිත්‍රය තුලින් පෙන්වාදීමට උත්සාහ කරයි.