Cartoon of the Week (12)..!

Robert Minor Cartoon..

ඉහත කාටූන් චිත්‍රය, 1925 දී පමණ නිර්මාණය කරන ලද්දේ ඇමරිකන් ජාතික කොමියුනිස්ට්වාදියෙකු, ජාත්‍යන්තර වාදියෙකු වුනු Robert Berkeley විසිනි. ඔහු 1925 කාලයේදී  පුරෝකථනය කළේ, චීනය සහ ඉන්දියාව මෙන්ම අප්‍රිකාවද ඉදිරි කාලයේ ඔවුන්ව වහල් භාවයෙන්, නැතිනම් යටත් විජිත භාවයෙන් යටපත් කොටගෙන සිටින ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර බලවතුන් අභිබවා යනබවයි. ඒ පුරෝකථනය අද වනවිට චීනයත්, ඉන්දියාවත් ලොව ආර්තීක බලවතුන් අතර පළමු රටවල් 5 අතරට පැමිණෙමින් යථර්තයක් බවටද පත්වෙමින් ඇති බවට සැක නැත. ඇමරිකාව එකල වැඩිම වැටුප් ලැබූ කාටූන් ශිල්පියා වෙමින් ඔහු ලොවපුරා ජනප්‍රියවූ කාටූන් චිත්‍ර රාශියක් නිර්මාණය කරන ලදී. 

ඔහු ඉපදුනේ 1884 දී ඇමරිකාවේ ටෙක්සාස් හි සාන්ත අන්තෝනියෝ හිදීය. ඔහුගේ පවුලේ තිබූ අගහිගකම් හේතුවෙන් ඔහුට පාසැල් ගමන ඇරඹීමට සුදුවූයේ වයස  ආවුරුදු දහයේදී වූවද, වයස අවුරුදු 14 දී හෙතෙම පාසැල් ගමන අතරමග නවතා ආයතනයක “ පණිවිඩ ගෙනයන්නෙකු”(Messenger Boy) ලෙස රැකියාවක් ලබාගත්තේය.

1907 දී බොබ් මයිනර් ඇමරිකාවේ සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු වෙමින් 1912 දී කර්මාන්ත සේවක සංගම්වල ක්‍රියාශීලී විය.ඔහු කාටූන් ශිල්පියෙකු ලෙස රැකියාව කිරීම සඳහා ශාන්ත ලුයිස් හි St. Louis Post ආයතනයේ රැකියාව ලබමින් ශාන්ත ලුයිස් වෙතට ගියේය.

1911 දී New York World අයතනයේ ඇමරිකාවේ වැඩිම වැටුප් ලබන කාටූන් ශිල්පියා ලෙස රැකියාව ලැබූ ඔහු 1920 වනවිට ඇමරිකන් කොමියුනිස්ට් පක්ෂයේ රහසිගත සාමාජිකයෙකු විය. කොමියුනිස්ට් පක්ෂයේ රහසිගතව ක්‍රියාකාරී වෙන අතරතුරදී ඔහු ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් කොමියුනිස්ට් ජාත්‍යාන්තරය සඳහා සෝවියට් රුසියාවටද ගොස් කොමියුනිස්ට් ජාත්‍යන්තරයටද සහභාගි විය.

1936 දී ස්පාඥ්ඥයේ ඇතිවූ සිවිල් යුද්ධයේදී ස්පාඥ්ඥයට ගොස් තම සංවිධානය නියෝජනය කරමින්, Lincoln Battalion තුලින් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝට විරුද්ධව අරගලයේ සටන්කාමියෙකු වීය. 1941 දී ඇමරිකන් කොමියුනිස්ට් පක්ෂ මහලේකම් එර්ල් බ්‍රාව්ඩර් (Earl Browder) අත් අඩංගුවට පත්වීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙසද පත්විය

Robert Minor.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *