Cartoon of the Week(24)..!

මෙවර අපගේ Lankapowernews වෙබ් අඩවියේ කාටූනය ලෙස මාතෘකාව වී ඇත්තේ මේ දිනවල දැඩි කථා බහට ලක්වී ඇති “ඉතිහාසය විෂය” සඳහා මෙතෙක් පත්වූ සහ පත්වී ඇති රජයන් මගින් කෙරෙන කෙනෙහිළි මතුකර පෙන්වා දීමටයි.
ඉතිහාසය විෂය පමණක් නොව ලංකාවේ සමස්ථ අධ්‍යාපන ක්‍රමයම අවුල් ජාලාවක් වී ඇතිබවනම් කවුරුත් දන්නා නමුත් බලයට පත්වන රජයන් පමණක් නොදන්නා කාරණයකි. පවතින්නාවූ ඊනියා”නිදහස් අද්‍යාපනය” මෙතෙක් දුරක් කරගහගෙන ආවේද වාමාංශිකයින් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන්ගේ අවිඥ්ඥාණික පිලිගැනීම වූයේ නිදහස් අද්‍යාපනය දිවිහිමියෙන් රැකගත යුතු බවත්, අද්‍යාපනය පෞද්ගලීකරණය පංච මහා පාපකර්මයන්ගෙන් එකක් බවයි. නමුත් මේ කියන “නිදහස් අද්‍යාපනය” 1960 ගණන් වලදී පැවති ලෝක තත්වය තුලත්, ලංකාවේ පැවති තත්වය තුලත් යම් මට්ටමකට ගැලපුනු බව අවිවාදිතය. එකල මේ කියන නිදහස් අධ්‍යාපනය තුලින් වටිනා කියන ලේඛකයින්, විදග්ධ බුද්ධිමතුන්, මෙන්ම විවිධ ක්ශේත්‍රවල ප්‍රවීණයින් බිහිවූ බවද අපි දනිමු. නමුත් පශ්චාත් නූතන සමයේදී ඇතිවුනු විශේෂ තත්වයන් වලටත් ලෝකයේ ගෝලීය භූ දේශපාලණයේ චලනයන් සමගත් මේ කියන “නිදහස් අද්‍යාපනයට” අදවනවිටනම් අලඟු තැබීමටවත් හැකියාවක් ඇත්තේ නැත.
එබැවින් නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසත් එකසේ පවත්වා ගෙනයා යුතුය. අධ්‍යාපනය අයිතියක් පමනක් නොව අධ්‍යාපනය යනු වගකීමක් සහ වගවීමකි. නිදහස් අද්‍යාපනය යනු මේ දක්වා ඉතාම දිළිඳු පවුල් වල දරුවන් හට නොමිලේ ඉගෙනගෙන තමන්ගේ අන්ත දුක්ඛිත දිළිඳු භාවයෙන් මිදීම සඳහා භාවිතා කරන ඉණිමගක් පමනක් බවට පත්වී ඇති අතර එසේ අධ්‍යාපනය අයිතියක් බවට ගෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට පැමිණි උදවිය තම වගකීම් ඉටුකලේවත්, තමා උගත් දේට වග උනේවත් නැත. එබවින් මේ ලංකාවේ පවතින අධ්‍යාපනය රැඩිකල් වෙනසකට භාජනය විය යුතුමය. ඒ හරහා අත්‍යවශ්‍යයෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමත්, රජයේ අධ්‍යාපනය පවත්වාගෙන යාමත් එකසේ කලයුතුය.
ඉතිහාස විෂය සලකුවද, මේ දක්වා ඉතිහාසය ලෙස ලංකාවේ උගන්වනු ලබන්නේ ලංකාවේ පැරනි රාජාවලියේ පුරාජේරුවයි. එපමනක් නොව ඉතිහාස විෂය බොහෝවිට සීමාකර ඇත්තේද ලංකාවේ රාජවංශය මූලික කොටගෙනය. නමුත් ඉතිහාසය යනු, මාක්ස් පෙන්වා දුන් පරිදි වෙනත් කිසිවක් නොව මිනිසාය, මිනිසාගේ ක්‍රියාකාරිත්වයය. එබැවින් එය තනි දූපතකට ගැටගසා තබනවා වෙනුවට ලෝකයේම මානව ක්‍රියාකාරිත්වය ගලාගොස් අති ආකාරය විද්‍යාත්මක ගවේශනයකට ගෙන ඒ තුල ඉතිහාස විෂය ස්ථානගත කලයුතුය. එසේ නොමතිව ඉතිහාසය විෂය මූලිකව ලාංකීය රාජවංශයේ පුරාජේරුවලට පමණක් සීමාකිරීමෙන් සිදුවන්නේ ගෝලීය මිනිසෙක් නිර්මානය කිරීම වෙනුවට සියල්ල තිබුනේත්, සියල්ල කෙරුනේත් ලංකාවේමයි යන්න හිසින් ගෙන විපරිත “දූපත් වාසියෙක්” බිහිවීම පමණි.
මේ දක්වා පත්වූ රජයන් සියල්ල නිදහස් අධ්‍යාපනය රැඩිකල් වෙනසකට භාජනය කලේ නැත. එසේ කිරීමට උත්සාහ කල නායක් හට එසේ කිරීමට ජවිපෙ ප්‍රමුඛ වාමාංශිකයින් ඉඩදුන්නේද නැත. එහෙත් දැන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තුනෙන් දෙකක බලයක් සහිතව පැමිණ ඇති මොහොතක ඔවුන්ගේ විශාලතම වගකීමක් වන්නේ ලංකාවේ පවතින අධ්‍යාපනය රැඩිකල් වෙනසකට භාජනය කිරීමයි. එය සිදුකල යුත්තේ මහානායක වරුන්ගේ හෝ ආගමික නායකයින්ගේ උපදෙස්, අනුශාසනා මතනොව දේශීය සහ විදේශීය අධ්‍යාපන විසේසඥ්ඥයින්ගේ උපදෙස් මතය. විශේෂයෙන් ෆින්ලන්තය වනි රටවල අධ්‍යාපන ක්‍රමවල් වල ආභාශයන් ලබාගෙනය.
ආගම විෂය අනිවාර්ය කොට ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීමම මේ රජයට අධ්‍යාපන ක්‍රමය රැඩිකල් වෙනසකට භාජ්නය කලහැකිදැයි යන්න තේරුම් ගැනීමට හොඳ ලිට්මස් පරීක්ෂාවකි. අඩුගනනේ රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයට ගෙන ආ ප්රතිසංස්කරන වලට වඩා ඉදිරියට යාමට මෙම ජාතික ජනබල වේග ආන්ඩුව සමත් විය යුතුය.