Cartoon of the Week(25)..!

මෙවර අපගේ Lankapowernews වෙබ් එකෙහි කාටූන් එක තුලින් මතුකිරීමට උත්සාහ කරන්නේ ලංකාවේ දශක ගණනාවක් තුල අතිශය ජාතික සුලුධනේශ්වර මට්ටමකින්ද අන්ත පසුගාමී පදනමකින්ද දේශප්‍රේමීන් ලෙසද පෙනීසිටිමින් ක්‍රියාත්මක වන ” ජාතික වාමාංශිකයින්ගේ” ක්‍රියාමාර්ග අවසානයේ අනෙකුත් බලවේග ඉතා පහසුවෙන් ඩැහැගන්නා අයුරු මතුකර පෙන්වා දීමටය.

මව්බිම බේරාගැනීමට බෙල්ල තැබීම.

ජාතික වමේ ප්‍රාදාන ආඛ්‍යානයක් වූ දේශප්‍රේමීත්වය අවසානයේ සේවය කලේම මේ අනෙකුත් කංඩායම් වලට බලය ලබාගනීමට අවශ්‍ය මොහොතේ එම දේශප්‍රේමීන් ගේ සටන් පාඨ තමන්ගේ ලෙස උපයෝගි කොටගෙන ජනතාවට තමන් සුපිරි දේශප්‍රේමීන් බව අඟවා බලය ඔවුනට ඩැහැගැනීම සඳහාමය. “මව් බිම අනතුරේ” කියමින් මව් බිම බේරාගැනීමේ දේශපාලණ ව්‍යාපෘති ලෙස “ජාතික වාමාංශිකයින්” නොකා නොබී ජනතාව දැනුවත් කරමින් ඔසවා තබන ලද සියලු වැඩපිලිවෙලවල් අවසානයේ අනෙකුත් බලවේග ඉතා පහසුවෙන් අවශෝෂණය කරගන්නා ලදී.

පසුගිය සෑම මැතිවරණයකින් මත් පෙන්වූයේ මේ සත්‍යම වන අතර මෙයින් කිසිදා “ජාතික වාම කඳවුර” පාඩම් ඉගෙන ගත් බවක්නම් පේන්නට නැත. තවමත් දේශප්‍රේමීන් ලෙස මව්බිම බේරාගනීම උදෙසාම ඔවුන්ගේ වාම දේශපාලණය ලඝුකොට ඇත්තේ එබැවිනි. අනෙත් අතට පිටින් එන සියලුම දේ මව්බිම අනතුරේ හෙලීමට කෙරෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ බවට ජනතාව අතර මතයන් ඇතිකරමින් රටතුල නොමැති ප්‍රාග්ධනය ඊට පිටින් ගෙනැඑමට දක්වන පුහු විරෝධයද, රටේ විදේශ ප්‍රාග්ධන ආයෝජන ගෙනවිත් රටතුල දියුනු කම්කරු පංතියක් ඇතිකිරීමට භාධා කරමින් රටේ පවතින අන්ත පසුගාමී ආර්ථික අර්බුධය මැද ඊට විසඳුම ” සමාජවාදය” කියමින් ගෙනයන ඊනියා ජාතික වාමාංශිකයින්ගේ දේශපාලණ සටන් පාඨද නැවත නැවතත් සේවය කරන්නේ අනෙකුත් බලවේග බලයට ඒමට පමනක් බවද ඉතා පැහැදිලිය.

තමන් ගෙඩි කඩා ගැනීමට ගසට පොලු ගසන විට වැටෙන අඹගෙඩි සියල්ල ගසයට සිටින අනිත් අය අහුලාගෙන යාම දෙස අසරණව බලාසිටීම හැර මේ කරගෙන යන වැඩපිලිවෙලවල් වලින් වෙනත් ප්‍රයෝජනයක් ජාතික වම වෙත අත් නොවන බව මෙම කාටූන් චිත්‍රය තුලින්ද මතුකර පෙන්වීමට උත්සාහ කරයි. එහෙත් මේ තත්වය මෙම “ජාතික” වාමාංශයේ උපන්ගෙයි ලෙඩක් බවද කිවයුතුය. ඔවුන්ගේ ආරම්භයම පැවතුනේ දේශප්‍රේමී සහ අත්‍යන්තයෙන්ම “ජාතික” ආස්ථානයක වන අතර එයින් මිදී පවතින ලෝක යථාර්තය හරිහැටි තේරුම් ගැනීමට හෝ ඒ පිළිබඳව දියුනු හැදෑරීම වෙත යාමට අවශ්‍ය චින්තකයින් හෝ චින්තන ශක්තියක්ද ඔවුන් වෙත නොමැති බවද ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *