Cartoon of the Week(26)..!

චිචී යැවූ සැටලයිට් එක.

රෝහිත රාජපක්ෂ විසින් චීන සමාගමක් හරහා යැව්වේ යැයි කියනු ලබන සැටලයිට් එක හෙවත් චිචීගේ සැටලයිට් එක නිසා මහජන මුදල් ඩොලර් මිලියන 300 ක් නාස්ති වූයේයැයි කියමින් කරන ලද චෝදනාව පසුගිය මැතිවරණ සමයේ ජාතික ජනබල වේගයද වේදිකා පුරා ජනතාව ඉදිරියේ ප්‍රකාශකල තවත් ප්‍රසිද්ධ කථාවකි. එය උගන්ඩාවේ රාජපක්ශලා සඟවා ඇති මුදල් කන්දරාව මෙන්ම ජනතාව දැඩිව විශ්වාස කරන ලදී.

ජනතාව බලාපොරොත්තු  උනේ ජාතික ජනබලවේගය බලයට පත්වූ සැනින් උගන්ඩාවේ සඟවා ඇති මුදල් තොගපිටින් සොයාගෙන ලංකාවට ගේන අයුරු බැලීමටය. චිචීගේ රොකට් එක ගිය දිහාවත් සොයාගෙන එයට වැයකලා කියූ මහජන මුදල් ඩොලර් මිලියන ගණනින් නැවත රාජපක්ෂලා ගෙන් අයකරගනු බැලීමටය.

එහෙත් එසේ බලාපොරොත්තුවූ ජනතාවට දැන් ජාතික ජනබලවේගයේ ප්‍රධානීන්ගෙන් දැන් ඇසෙන්නට ලැබෙන්නේ, තමන් එවන් උගන්ඩා මුදල් ගැන එසේ නොකියූ බවකි. එසේම පසුගියදා අග්‍රාමාත්‍ය වරිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් පැවසුවේ, චිචී විසින් යැව්වා යැයි කියනු ලබන සැටලයිට් එකට කිසිදු මුදලක් රජයෙන් වැයවී ඇති බවයි. ඒ මදිවාට ඇය ජනාධිපති වරයාගේ අමාත්‍යංශයට අයත් ආයතනයක් වන BOI ආයතනය නිකුත් කල වාර්ථා උපුටා කියා සිටියේ එම චිචීගේ සැටලයිට් යැවූ සාමාගමෙන් වාර්ෂිකව මිලියන ගණනින් විශාල ආදායමක්ද ලංකාවට ලැබුණු බවයි.

අගමැති තුමියගේ දේශපාලණ පරිනතභාවය.

https://theleader.lk/images/2023/harini_amarasooriya241009.jpg

මේ තත්වයේ බරපතලකම හරිණි අමරසූරිය මැතිණියට හරිහැටි වැටහුනේදැයි නොදන්නා නමුත් ඇය විසින් ප්‍රකාශ කරන ලද්දේ ඇයට ලැබුනු වාර්ථාය. නමුත් මේ වාර්ථා කෙතරම් සත්‍ය වූවද ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීම ජාතික ජනබල වේග ආන්ඩුව බරපතල අර්බුධයකට කැඳවන බවනම් කිව යුතුමය.

හරිණි අමරසූරිය මැතිනිය කෙතරම් දක්ෂ උගත් තැනැත්තියක් වූවද දේශපාලණ වශයෙන් ඇය එතරම් පරිනත නොවන බව පසුගිය කාලය පුරාම ප්‍රදර්ශණය විය. අගමැතිතුමිය පමණක් නොව ජාතික ජනබල වේග ආන්ඩුවේ මැති ඇමතිකම් දරන බොහෝ දෙනාත්, මන්ත්‍රීවරු අතිශය බහුතරයත් දේශපාලණ   වශයෙක් කිසිම කියවීමක් නැති, හැදෑරීමක් නැති එසේම පවතින ධනවාදය හෝ ලිබරල් දේශපාලණය ගැන මෙලෝ හසරක් නොදන්නා තොත්ත බබාලාය. මෙයට හේතුවත් ඔවුන්ගේම වරදක් නොවේ. මෙයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ දුර දක්නා නුවණ පිළිබඳ ගැටළුවකි. 

උපාධිය පමණක් ඇති බොල් පිළිම.

මක්නිසාද යත්, ඔවුන් මහා මැතිවරණයට තරඟ කිරීමට අහුලාගත්තේම උපාධි සහතිකය පමණක් හිමි චරිත මිස පක්ෂයේ දශක ගණනාවක් දරදිය ඇද දේශපාලණය ගැන යම් පරිචයක් තිබූ අය නොවීමයි. විශේෂයෙන් 89 අරගලයේ සිට ජවිපෙ වෙනුවෙන් දේශපාලණය කොට දේශපාලණය ගැන මනා පරිචයක් තිබූ බොහෝ දෙනා ජවිපෙ වත්මන් නායකත්වයට වහකදුරු මෙන් විය. ඔවුන්ව පසෙකින් තබා රජයේ පත්වීම් පවා දුන්නේ  එදා අරගලවලදී ඇඳයට සැඟවී සිට උපාධිය හදාරා උපාධිදාරීන් වී සිටි කයියනායකලාය. මේ කයියනායක වරුන්ට උපාදිය ඇතිනමුත් දේශපාලණය පිළිබඳ මෙලෝ හසරක් නොතේරේ. ඒ පිළිබඳ උදාහරණ දැන් ඕනෑතරම් පාලන තන්ත්‍රය තුලින් විද්‍යාමානවේ.

එබැවින් අද ජවිපෙට සිදුවී ඇත්තේ ඔවුන් වැපුරූ ධන්‍යවල අස්වැන්න නෙලාගැනීමටය.

දේශපාලණය යනු, මයික් වලට යටිගිරියෙන් බෙරිහන් දීම යැයි සිතා සිටි සමහර ජවිපෙ නායකයින්ට දැන් දේශපාලණය යනු එසේ නොවන බව අවබෝධ විය යුතුය. වඩාත් භයානක දේ නම් වඩාත් පරිනත දේශපාලණය හැදෑරූ ක්‍රියාධරයින් ජාතික ජනබලවේගයට පිටතින් සිටීමයි. එබැවින් මේ තත්වය දිගින් දිගටම පැවතිය හොත් රට සංවර්ධනය කිරීමට කාලය යෙදවීම වෙනුවට ජනාධිපති තුමාට සිදුවන්නේ තම ගෝලයන් නාගන්නා හැම වාරයකදීම පාර්ලිමේන්තුවට දිවගොස් ඒවා සෝදා පවිත්‍ර කොට සෙන්ට් ගසා ඒමටය.

මේ සතියේ Lankapowernews  කාටූන් චිත්‍රයෙන් පෙන්වීමට  ඌත්සාහ දරා ඇත්තේ චිචීගේ සැටලයිට් එක ජාතික ජනබල වේගය තුලටම කඩා  පාත්වීමෙන් සිදුවූ අකරතැබ්බය මතුකර පෙන්වීමටය.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *