බඩ ඉරිඟු , අල්ලස් හා කුර ලෙඩ.. !

ඉහත මාතෘකාව පශු සම්පත් වලට සම්බන්ධය. ලාල් කාන්ත ඇමති තුමා මාධ්‍යට පැවසුවේ බඩ ඉරිඟු ආනයනය කිරිමට අවශ්‍ය අනුමැතිය ගැනීමට සමහර ව්‍යපාරිකයන් ඔහුට මුදල් හෝ සංතෝෂම් ලබා දිමට උත්සහ කල බවය. එයට හේතුව කුමක්ද යන්න අපි නොදනී. නමුත් සමහර ව්‍යපාරිකයන් ව්‍යජ තොරතුරු ඉදිරිපත් කරමින් බඩ ඉරිගු ආනයනය කර ගබඩා කර තබා ගැනිමට පෙලඹී ඇත. අතර මැදියන් ලෙස ඔවුන් බ්ස්නස් කරයි. ලංකාවෙ සත්ව ආහාර සදහා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 6 ක් පමන අවශ්‍ය වේ. මෙයින් භාගයක් ආනයනය කරනු ලැබේ. මෙයට ඩොලර් වැයවේ
above image source-https://www.runews.lk/media/k2/items/cache/4a5cc3d72a0e1c6acfa75e8618f85a6e_XL.jpg
නිලධාරින් තීරනය කර ඇත්තේ බඩ ඉරිඟු වැවිම සදහා ඉඩම් වැඩියෙන් ලබා දිමටය. හෙක්ටයාර් 20000 ක් ලඳු කැලෑ කැපිමට ගොව්න්ට බලය ලැබෙනු ඇත. ඒ දැනට බඩ ඉරිඟු වගා භූමියට අමතරවය. වන ගහණය ඉහල දැමිමටද ආන්ඩුවට අවශ්‍ය වි ඇත. පස සෝදා පාලු වි ඇති බැව්න් හා මතුපිට පස නිසරු බැව්න් බඩ ඉරිඟු වැවිමෙන් ලැබෙන්නෙ අවම අස්වැන්නක් වේ. මෙයට පිලිතුරක් ගැන අවධානය යොමු නොකලොත් ලංකාවේ සියලුම වන භූමිය ඉවත් කර බඩ ඉරිගු වැව්වත් අවශ්‍ය ප්‍රමානය නොලබෙනු ඇත.

සහල් බඩ ඉරිගු වෙනුවට ආදේශකයකි. නමුත් වී අස්වැන්න ඉහල නොදමා සත්ව ආහාර සඳහා භාව්තා කිරීම සුදුසු නැත. කෘෂි නිළධාරින්ට මෙම අස්වනු ඉහල යැවිමේ ඉලක්ක ලගා කරගත නොහැකි වී ඇත්තේ පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක නොකරන නිසාය. ලාල්ට ඇති අභියෝග ජය ගැනීම පහසු නැත.
above image source-https://agamya.lk/images/news/common/maize.jpg

මහා පරිමානයේ වාණිජ ගොව්පළ වල වර්ෂයකට දෙපාරක් මෙම එන්නත සතුන්ට ලබා දෙනු ලැබේ. නමුත් දුප්පත් ගොව්න්ගේ සතුන්ට වර්ෂයකට එක් වරක් වත් ඩොලර් හිඟය නිසා මෙම එන්නත් ලබා දීම නොකරයි. මෙම රෝගය ව්‍යප්ත නොවන බව ව්‍යජ වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රධාන නිලධාරින් උසස් නිළධාරින්ගෙන් ලකුනු ලබාගනිමින් ගොව්න්ගේ ආර්ථිකයට දරුණු පහරක් එල්ල කර ඇත . ලාල් කාන්ත ඇමති තුමාගෙ අවධානයට යොමු ව්නු ඇතයි සිතමි.
කුර හා මුඛ රෝගය පාලනය කිරිමට පශු නිළධාරින් අසමත් වි ඇත. එම නිසා කිරි නිෂපාදනය අඩුවේ. සංඛ්‍යා ලේඛන වලින් පෙන්වන්නෙ කිරි වැඩි වි ඇති බවය. ඩොලර් ඉතුරු කිරිමට උත්සහ කිරිම නිසා මෙම රෝගය පාලනය කිරිමට අවශ්‍ය එන්නත් පශු කාර්යාල වලට නොලබේ. දේශිය ගව ගහනය ලකෂ 16 කි. නමුත් ලංකාවේ මෙම රෝගය වැලක්විමට පසුගිය වසරෙ එන්නත් කර ඇත්තෙ ලක්ෂ 2 ක සතුන් සංඛ්‍යාවකි. මේ වසරේ එන්නත් කිරිමට සැලසුම් කර ඇත්තේ ගවයන් ලක්ෂ 4 කි. එනම් ගවගහනයෙන් 25 % කි. දේශිය වශයෙන් එන්නත් නිෂ්පාදනය කර මෙම රෝගය පාලනය කල නොහැකිය. බඩ ඉරිගු ආනයනය කරන ලෙසද එන්නත් වඩි ලක්ෂ 6 ක් වත් ආනයනය කල යුතුය.