ක්‍රිකට් සම්භවය…

වාර්ථා වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ලෙස වාර්ථාවන්නේ 16 වන ශතවර්ශයේ එංගලන්තයෙනි. කෙන්ට් සහ සසෙක්ස් යන පළාත් මූලික කරගෙන ක්‍රිකට් ඇරඹී ඇති අතර, 18 වන ශතවර්ශය වනවිට ක්‍රිකට් ක්‍රීඩාව ලෝකමට්ටමේ ක්‍රීඩාවක් ලෙසා ස්ථාපිත වන්නට විය. වාර්ථාවන අන්දමට පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟ ඇරඹී ඇත්තේ 1877 තරම් ඈත කාලයේදීය. මේ කාලය වනවිට ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනිවී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණි. එහෙත් මුල් කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව ළමා ක්‍රීඩාවක් ලෙස ජනප්‍රියවී ඇත.වර්ශ 1751 පමණ වනවිට එංගලන්තයේ යෝක්ශයර් පළාතට ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්තවූ අතර පසුව වේගයෙන් එංගලන්තය පුරාත් ඉන් පිටතටත් ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වන්නට විය.

ඉන්දියාව සහ ඒ ආශ්‍රිත කළාපයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙණූ ලබන්නේ වර්ෂ 1918 දී පමණ නාවිකයන් සහ වෙළඳුන් මාර්ගයෙනි. නමුත් මුල් වාර්ථා වලට අනුව ඉන්දියාවට ක්‍රිකට් හඳුන්වාදීම 1721 කාලය දක්වා දිවයයි. ඒ අනුව ඉන්දියානු ක්‍රීඩා සමාජ නියෝජිත කංඩායමක් 1889-90 කාලය තුල එංගලන්තයේ සංචාරය කොට ඇත. එසේම මුලින්ම ඕස්ට්‍රේලියාවේ වාර්තාවන මුල්ම ක්‍රිකට් තරඟය ලෙස වාර්තා වන්නේ 1803 දී සිඩ්නි නුවරිනි. නමුත් එංගලන්ත කන්ඩායමක් පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ සංචාරය කොට ඇත්තේ වර්ෂ 1861-62 කාලයේදීය.

මේ අයුරින්ම කාන්තා ක්‍රිකට් වල ආරම්භයත් වර්ෂ 1745 දක්වා දිවයයි. මුලින්ම කෙන්ට් ප්‍රාන්තය ආශ්‍රිත සහ Surrey පළාතේදී කාන්තා ක්‍රිකට් ආරම්භ වූ බවට වාර්ථාවල සඳහන්වේ. නමුත් ජාත්‍යන්තර ලෙස කාන්තා ක්‍රිකට් වර්ධනය වී ඇත්තේ 19 වන ශතවර්ෂය වනවිටය. එහිදී පළමු කාන්තා ටෙස්ට් තරඟය 1934 දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වූ බවට වාර්ථාවේ. ප්‍රථම කාන්තා ලෝක කුසලාන තරඟයක් වාර්තා වෙන්නේ 1973 එංගලන්තයේදීය.

බටහිර කොදෙව් දූපත් වලට ක්‍රිකට් ක්‍රීඩාව බෝවුනේ 1860 ගණන් වලදීය. යටත් විජිත බලධාරීන්, වතු පාලක සුදු නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් කොදෙව් දූපත්වල ක්‍රිකට ක්‍රීඩාව ඇතිකිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදුකොට ඇත. ඇත්තෙන්ම ක්‍රිකට ක්‍රීඩාවේ ටෙස්ට් ක්‍රිකට් තත්වය ලැබීමට මුලින්ම සුදුසුකම් ලැබූ රටවක් 12 අතරට 1928 වනවිට බටහිර ඉන්දීය කොදෙව් කංඩායම සමත්විය. කොදෙව් කංඩායම 1960 කාලය වනවිට එනම් ඔවුන් ටෙස්ට් තත්වය ලබා දශක 3 ක් ඉක්මවන විට ලොව බලවත්ම ක්‍රිකට් කංඩායම බවට පත්වී සිටින ලදී. මේ වනවිට ඔවුන් ලෝක කුසලානය ඔවුන් දෙවරක්ම දිනාදෙන ඇත.

දකුනු අප්‍රිකාවට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වුනේ එංගලන්තය විසින් දකුනු අප්‍රිකාවේ Cape Colony පාලනය කරනු ලැබූ මුල් අවධියවූ 1814 පමන කාලයේදී බව පැවසේ. එහි ක්‍රිකට් 1880 කාලය වනවිට ඉතා ජනප්‍රිය ස්ථාවර ක්‍රීඩාවක් බවට පත්විය. පළමු ක්‍රිකට් සමාජය දකුනු අප්‍රිකාවේ Port Elizabeth හිදී පිහිටුවන ලදී. එසේම දකුනු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කංඩායම ඔවුන්ගේ පළමු ටෙස්ට් තරඟය 1960 දී එංගලන්තයට එරෙහිව පවත්වන ලදී.

එසේම සිම්බාබ්වෙ රටේද (කලින් රොඩේශියාව) තුලට ක්‍රිකට පැමින ඇත්තේද දකුනු අප්‍රිකානු ආභාශය ඇතුව සහ රොඩේශියාව පාලනය කල සුදු ජාතීන් ගෙනි. එ අනුව 1898 දී සිබාබ්වේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාපිතවූ බව වාර්ථාවේ.

පකිස්ථානයට ක්‍රිකට් ක්‍රීඩාව පැමිනියේ ඔවුන් 1947 දී රටක් ලෙස ස්තාපිත වීමේදීමය. පකිස්තානය 1992 දී ලෝක කුසලානයද දිනාගැනීමට සමත්විය. 1952 දී ඔවුන් ටෙස්ට් ක්‍රිකට් තත්වය ලබාගැනීමටද සමත් විය. පකිස්තානු කාන්තා ක්‍රිකට් හඳුන්වාදීමට එහි Shaiza සහ Sharmeen යන සහෝදරියන් දෙදෙනා මුල්වී ඇතිබව කියවේ. කෙසේ වෙතත් පකිස්ථානයේ පැවති නීති රීති හේතුවෙන් කාන්තාවනට ක්‍රීඩාවන්හි යෙදීම සඳහා සීමාවන් පැනවී තිබූ අතර, කෙසේ වෙතත් 1997 කාලය වනවිට කාන්තා ක්‍රිකට් කංඩායම 1997 වනවිට පැවති නීති රීති ලිහිල් කරගනිමින් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර කාන්තා ක්‍රිකට් තරඟ ඇරඹන ලදී.

මේ ආකාරයෙන් ලොවේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසින් ඉදිරියට පැමිණී ක්‍රිකට් ක්‍රීඩාව අදවන විට ICC එක තුල, එනම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තුල රටවල් 124 ක් සාමාජිකත්වය දරුනු ලැබේ. එසේම වැඩිපුරම ක්‍රිකට් කෙඊඩාව ක්‍රීසා කරනු ලබන රටවල් ලෙස ඉන්දියාව, පකිස්ථානය,ලංකාව, ඕස්ට්‍රේලියාව, දකුණූ අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ බංගලාදේශය සලකනු ලැබේ. එහෙත් එංගලන්තය, දකුණූ අප්‍රිකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වල ජනප්‍රියම ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නොවේ. ඔවුන්ගේ ජනප්‍රිය ක්‍රීඩාවන් ලෙස, රගර් සහ පාපන්දු ක්‍රීඩාව සැලකිය හැක. එහෙත් ආසියාවේ රටවල් වන ඉන්දියාව, ලංකාව, පකිස්ථානය, බංගලාදේශය යන රටවල් වල ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි.

above imagesource_https://guyanachronicle.com/wp-content/uploads/elementor/thumbs/Download-Cricket-Stumps-Desktop-Wallpaper-mxspj1rbttamirjutcdk3w1h93hklnwpnu9qo4ceho.j

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *