| |

බංගලාදේශ මැතිවරණ ප්‍රථිපල..!

Gamini Ranasingha.

ඔබ දන්නවාද, සමහර වෙලාවට මුළු රටකම අනාගතය තීරණය කරන්න එක දවසක් වුණත් ප්‍රමාණවත් කියලා? බංග්ලාදේශය කියන්නේ අපේ අසල්වැසි රටක් වගේම ලංකාවට ගොඩක් සමානකම් තියෙන රටක්. ඉතින් පහුගිය දවස්වල එහේ පැවැත්වුණු මැතිවරණය ලෝකයේම අවධානය දිනාගත්ත ලොකු සිදුවීමක් වුණා. මේක ලංකාවට ඉතාම වැඳගත් වෙන්නේ ලංකාවෙත් බංගලාදේශයේ (Bangladesh) වගේම බරපතල අරගලයක් ඇවිත් ඉන්පස්සේ නැවත ඒ අරගලය සමහන් වෙලා ගියපු සන්දර්භයත් එක්ක.

අපි අද පොඩ්ඩක් කතා කරමු මොකක්ද මේ බංග්ලාදේශයේ ඇත්තටම වුණේ කියලා. 2024 වසරේ ඇතිවුණු දැවැන්ත ශිෂ්‍ය අරගලයෙන් පස්සේ, අවුරුදු 15ක් පාලනය ගෙනියපු ශෙයික් හසීනාට රට අතහැරලා යන්න වුණානේ. ඉන්පසූ මෑතකදී පවත්වපු මේ ඡන්දය තමයි බංග්ලාදේශයේ නව ගමනක ආරම්භය විදිහට හැමෝම සැලකුවේ.

බංග්ලාදේශයේ දේශපාලන පෙරළිය: මොකක්ද මේ BNP ජයග්‍රහණය?

මේ මැතිවරණයේදී කැපී පෙනෙනම දේ තමයි Bangladesh Nationalist Party victory නැත්නම් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ අතිවිශාල ජයග්‍රහණය. ගොඩක් කාලයක් විපක්ෂයේ හිටපු, දැඩි පීඩනයකට ලක්වුණු පක්ෂයක් විදිහට තාරික් රහමන්ගේ නායකත්වයෙන් යුත් BNP පක්ෂය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගන්න සමත් වුණා. එයාලා මන්ත්‍රීධූර 300 ක් තෝරපු මතිවරණයෙන් 209 ක්ම දිනාගන්න සමත් උනා. බංගලාදේශයේ ආසන 350 ක් පාර්ලිමේන්තුවේ තිබුනත් මැතිවරණයෙන් තෝරගන්නෙ 300 යි, ඉතිරි ආසන 50 කාන්තාවන්ට වෙන්කරලා තියෙනවා.

අපි මේක ටිකක් සරලව තේරුම් ගමු. මිනිස්සුන්ට ඕන වුණේ පරණ පාලනය වෙනුවට ස්ථාවරත්වයක් තියෙන විකල්පයක්. BNP පක්ෂය ඒ අවස්ථාව තමන්ගේ වාසියට හරවා ගත්තා. මේ ජයග්‍රහණයත් එක්ක බංග්ලාදේශයේ ආර්ථිකය සහ විදේශ ප්‍රතිපත්තිය ලොකු වෙනසකට ලක්වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

ප්‍රචණ්ඩත්වයට තිත: මිනිස්සුන්ගේ තීරණය

මේ ඡන්දයේ තවත් විශේෂ දෙයක් තිබුණා. ඔයාට මතක ඇතිනේ අරගල කාලේ බංග්ලාදේශයේ කොයි තරම් කලබල, ගිනි තැබීම් සහ මිනීමැරුම් වුණාද කියලා? ඒත් මේ මැතිවරණය හරහා ර්දා අරගල කරපු තරුණයින්ගේ දේශපාලන බලවේගය තරඟ කරපු ජ” ජාතික පුරවසි පක්ෂය National Citizen Party (NCP) කියන පක්ෂයට දිනාගත හැකිවුනේ ආසන 5ක් පමණයි. ඒ කියන්නේ එයාලාව බංගලාදේශ ජනතාව ප්‍රතික්ශේප කරලා කියන එක ඉතාම පැහැදිලියි. ඒක මැතිවරණය පුරාමත් පැහැදිලිවම පෙනෙන්න තිබුණා. අපේරටේ උනත් 89 අරගලයට පස්සේ 94 දි පවත්වපු මැතිවරණයෙන් බලයට ආවෙ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය. 89 අරගලය මෙහෙයවපු ජවිපෙ ප්‍රමුඛ බලවේගයට ලැබුනේ එකම එක ආසනයයි.

මිනිස්සු පාරට බැහැලා සටන් කළාට පස්සේ, තමන්ගේ සැබෑ බලය පාවිච්චි කළේ ඡන්ද පත්‍රිකාවෙන්. කලබලකාරී දේශපාලනය වෙනුවට සාමකාමීව රටක් පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් තෝරාගන්න ඔවුන් උනන්දු වුණා. මේක ලෝකයටම දුන්නු ලොකු පණිවිඩයක්. ප්‍රචණ්ඩත්වය නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය තමයි විසඳුම කියලා බංග්ලාදේශ වැසියන් ඔප්පු කරලා පෙන්නුවා. නූතන ලෝකය තුල පාරේ අරගලයකින් බලයට ආපු සහ දිගුකාලයක් පවතුනු රාජ්‍ය බලයක් කොහෙවත් ඇතිවුනේ නැහැ 60 දශකයෙන් පස්සේ.

GenZ පරපුරේ බලාපොරොත්තු ඉටු වුණාද?

හැබැයි මෙතන පොඩි ගැටලුවකුත් තියෙනවා. මේ මුළු පෙරළියම පටන් ගත්තේ තරුණ කොල්ලෝ කෙල්ලෝ, ඒ කියන්නේ GenZ පරපුරනේ. ඔවුන් හීන දැක්කේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් තොර “නව බංග්ලාදේශයක්” new Bangladeshගැනයි. ඒත් අවසාන ප්‍රතිඵලය දිහා බැලුවම පේන්නේ එයාලගේ නව අදහස් ජනතාව පිලිගත්තේ නහැ කියන එකයි. හැබැයි පුදුමය කියන්නේ චන්ද බලය තියෙන තරුණ තරුණීයන් ඒ කියන්නේ වයස 18 ත් 40 ත් අතර ජනගහනය මුලු ජනගහනයෙන් අතිවිශාල ප්‍රමානයක්, එනම් 30% ඉක්මවනවා. ඒ කියන්නේ මේ තරුණ ජනතාව සිය චන්දය පාවිච්චි කරලා තියෙන්නේ සම්ප්‍රදායික පක්ශවලට. ඒ විතරක් නෙවෙයි අන්තවාදී මුස්ලිම් සංවිධාන වල සහයෝගයෙන් චන්දයට පෙනීසිටි පක්ෂ පවා අන්ත පරාජයකට පත්වෙලා.

මොකද අවසානයේ බලයට පත්වුණේ ආයෙත් පරණ ප්‍රධාන පක්ෂයක්මයි. බංගලාදේශ ජාතික පක්ෂය ලෙසයි මේ සම්ප්‍රදායික පක්ශය බලය ඉල්ලුවේ. ශිෂ්‍ය නායකයෝ එකතු වෙලා හදපු National Citizen Party (NCP) වගේ අලුත් පක්ෂවලට බලාපොරොත්තු වුණු තරම් ආසන ප්‍රමාණයක් කිසිසේත් දිනාගන්න බැරි වුණා. තරුණ පරපුර ඉල්ලපු රැඩිකල් වෙනස වෙනුවට, බහුතර ජනතාව තෝරාගත්තේ අත්දැකීම් තියෙන පරණ පක්ෂයක්. මේක අනාගතයේදී තරුණයන් සහ රජය අතර යම් ගැටුමක් ඇති කරන්නත් හේතුවක් වෙන්න පුළුවන්. මේකෙන් උනත් තේරෙන්නේ ශිෂ්‍ය ප්‍රජාව ගෙනැන අරගල වල ඉදිරියට ගෙනගොස් සිස්ටම් වෙනස් කිරීමේ ගථිකයක් නැතිබවයි. ඒවාට හැකියාව තියෙන්නේ අරගල පත්තු කිරීමේ පොටෙන්ශල් (Protential) එකක් විතරයි.

2026 පෙබරවාරි 17 වන දින තාරික් රහ්මාන් (Tarique Rahman) බංග්ලාදේශයේ 11 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, එය එරට දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කළේය. ඔහුගේ මෙම බලයට පත්වීම සිදුවූයේ 2026 පෙබරවාරි 12 දින පැවැති මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුවය. මෙය ෂෙයික් හසීනාගේ වසර 15 ක පාලනය අවසන් කළ 2024 ශිෂ්‍ය විප්ලවයෙන් පසු පැවැති පළමු මැතිවරණයයි.

නව අගමැති තරික් රහ්මාන් (Tariq Rahman).

තාරික් රහ්මාන්ගේ දේශපාලන අනන්‍යතාවය ඔහුගේ පවුල් පසුබිම සමඟ දැඩි ලෙස බැඳී පවතී. 1965 දී උපත ලැබූ ඔහු, හිටපු රාජ්‍ය නායකයන් දෙපළක් වන ජනාධිපති සියාර් රහ්මාන් සහ අග්‍රාමාත්‍ය කලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වේ. 1981 දී ඔහුගේ පියා හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනය වීම ඔහුගේ මුල්කාලීන දේශපාලන අවබෝධය හැඩගැස්වීමට හේතු විය.

රහ්මාන් 1980 දශකයේ අගභාගයේදී නිල වශයෙන් දේශපාලනයට පිවිසි නමුත්, වඩාත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ ඔහුගේ මවගේ දෙවන අග්‍රාමාත්‍ය ධුර කාලය (2001–2006) තුළදීය. එම කාල වකවානුවේදී ඔහු BNP පක්ෂය තුළ “සෙවනැලි බලකණුව” ලෙස සැලකූ අතර, පක්ෂයේ ‘හවා භවන්’ (Hawa Bhaban) කාර්යාලයේ සිට කටයුතු මෙහෙයවීය. කෙසේ වෙතත්, මෙම කාලය දූෂණ චෝදනා සහ මතභේදවලින් ද ගහණ වූ අතර, 2007 දී පිහිටුවූ හමුදා අනුග්‍රහය සහිත භාරකාර රජය යටතේ ඔහුට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක විය.

2008 දී තරික් රහ්මාන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය අතර, එහිදී ඔහු වසර 17 ක පිටුවහල් ජීවිතයක් ගත කළේය. එම කාලය තුළ ඔහුට විවිධ නඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, 2004 බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවකදී ඔහු නොමැතිව ඔහුට දඬුවම් නියම විය. කෙසේ වෙතත්, ලන්ඩනයේ සිට ඔහු BNP පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පක්ෂය දක්ෂ ලෙස මෙහෙයවීය. 2025 දෙසැම්බරයේදී හසීනා රජය බිඳ වැටීමෙන් පසු ඔහු නැවත බංග්ලාදේශයට පැමිණියේය.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP).

1978 දී සියාර් රහ්මාන් විසින් පිහිටුවන ලද BNP පක්ෂය, බංග්ලාදේශ ජාතිකවාදය යන සංකල්පය මත පදනම් වී ඇත. අවස්ථා කිහිපයකදීම එරට පාලනය මෙහෙයවූ මෙම පක්ෂය, මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම සහ ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම යන තේමාවන් යටතේය.

තාරික් රහ්මාන්ගේ නායකත්වය යටතේ BNP පක්ෂය ප්‍රධාන අරමුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත:

  • ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම: පෙර පාලන සමයේ පැවති “ඒකාධිපති යාන්ත්‍රණය” ඉවත් කර නිදහස් දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීම.
  • ආර්ථික ප්‍රතිසංස්කරණ: 2034 වන විට බංග්ලාදේශය ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් කරා ගෙන යාමට සැලසුම් කිරීම.
  • දේශපාලන ස්ථාවරත්වය: ජමාත්-ඉ-ඉස්ලාමි වැනි අනෙකුත් සන්ධාන සමඟ බලය සමතුලිත කරමින් ස්ථාවර පාලනයක් ගෙන යාම.

රහ්මාන්ගේ පත්වීමත් සමඟ බංග්ලාදේශයේ වසර 35 ක් පුරා පැවති “කාන්තා නායකත්ව යුගය” අවසන් විය. ඔහු හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ බෙදී පවතින සමාජය එක්සත් කිරීම සහ පශ්චාත් විප්ලවවාදී යුගයක රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමයි.

ඉදිරි ගමන මොන වගේ වෙයිද?

දැන් බංග්ලාදේශය 9Bangladesh) තියෙන්නේ අලුත් මංසන්ධියක. නව රජයට ලොකු වගකීමක් තියෙනවා තරුණයන්ගේ බලාපොරොත්තු සහ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා අතර සමබරතාවයක් ඇති කරන්න. ආර්ථිකය ගොඩගන්න එක වගේම, නැවත වතාවක් රට අස්ථාවර නොවී බලාගන්න එකත් ඔවුන්ට තියෙන ලොකු අභියෝගයක්.

මේකියන පාරේ අරගල වලින් ඇත්තටම සිස්ටම් වෙනස් කිරීම වෙනුවට ඇත්තටම සිද්ධ උනේනම් තිබුනු සිස්ටම් එක තිබ්බට වැඩිය ශක්තිමත් වුනු එක විතරයි. ප්‍රංශයේ පාරේ අරගලයකින් ලුවී රජු පැරැද්දුවාට බලයට ආවේ නැපෝලියන්. සෝවියට් බෝල්ෂශෙවික් අරගලයෙන් පස්සේ අදවනවිට රුසියාවේ ධනේශ්වර පාලනය අද කවරදාකටත් වඩා ශක්තිමත්. ලංකාවේ අරගල දෙකකින් පස්සෙත් 71 සහ 89 දී සිදුවුනු එවට පස්සේ බලය නැවත තහවුරු කරගත්තේ සිරිමාවෝ ජේ ආර් ලා වගේම 94 දි චන්ද්‍රිකා ආන්ඩුව. ඇත්තටම පාරේ අරගලය අද එහෙම වලංගු එකක් නම් නෙවෙයි. ඒකට ඉතිහාසයේ ඕනෑම තරම් සාක්ශි තියෙනවා. කාල් මාක්ස් සහ එංගල්ස් ගොඩනගූ ප්‍රවාදවල ඔවුන් පෙන්වාදුන්නේ පාරේ ගෙනියන අරගල ගන නෙමෙයි. ඔවුන් ඉතාම පහදිලිව පෙන්නලා දුන්නේ ප්‍රාග්ධනයට සම්බන්ධ වන වඩකරන පංතිය විසින් නිෂ්පාදන බලවේග අත්පත් කරගනීමෙන් කරන අරගලයන් ගැන.

ලංකාවේ අපිටත් මේකෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තිබේ? දේශපාලන පෙරළියක් කියන්නේ නිකම්ම පුද්ගලයන් මාරු වෙන එක විතරක් නෙවෙයි, පද්ධතියේම වෙනසක් වෙන්න ඕනේ කියන එකයි බංග්ලාදේශයේ මේ අත්දැකීම අපිට කියලා දෙන්නේ. ඒ විතරක් නෙවේ ලංකාවෙත් ඔය මොන මොන නව දේශපාලන ආකල්ප, අලුත් සංකල්ප වගේ දේවල් එක්ක දේශපාලන පක්ෂ කොච්චර සංවිධානය උනත් මැතිවරණ වලදී ජනතාව සෙට් වෙන්නේ සම්ප්‍රදායික ජාතික සංස්කෘතියක් තුල ගොනුවුනු පක්ෂ එක්ක. උදාහරණයක් වශයෙන් දිලිත් ජයවීර වගේ අය සංවිධානය කරන පක්ශ සහ මහින්ද රාජපක්ෂ නායකත්වය දීපු පොහොට්ටුව වගේ පක්ෂ ලංකාව වගේ රටවල ඉතාමත් බලවත්. මේ තත්වය අතික්‍රමණය කිරීමට අවශ්‍ය සාධක මොනවාද කියලා වෙනමම ඇනලයිස් කරලා බැලිය යුතුයි. නමුත් විශේෂයෙන් දකුණු ආසියාව තුල බලවත් වෙන්නේ ජාතික වැඩපිලිවෙලවල් එක්ක යන පක්ෂ කියන එක පැහැදිලියි. ඉන්දියාවේ මෝදි උනත් ඊට කදිම උදාහරණයක්.

වාමාංශිකයින්ගේ යොමුවිය යුතු අවධානය.

මේ තත්වය ලංකාවේ වාමාංශිකයින් සහ ලෝක මට්ටමේ වාමාංශිකයින් තම අවධානම යොමුකල යුතුයි. ලංකාවේ තවමත් පාරේ අරගල තුලින් ක්‍රම වෙනස් කිරීමට උත්සාහ කරන ජාතික වාමාංශිකයිනුත් දැන්වත් මේ පාරේ අරගල වෙනුවට පළල් නවීන වාමවාදයක් වෙනුවෙන් ඊට අදාල දැනුමෙනුත්, චින්තන ශක්තියෙනුත් සන්නද්ද විය යුතුයි. ජාතික වාදය වුනත් මේ වනවිට ලෝක ප්‍රපංචයක් ලෙසින් ඇදී යන්නේ. ඊට ධනවාදයද සූක්ශම ලෙස ඇතුලත්. හැබැයි මේ තත්වයන් හරිහැටි විශ්ලේශනය කරගැනීමට සමත් වමේ චින්තකයින් ඉන්නවාද කියන එකත් ප්‍රශ්නයක්.

ගාමිණී රණසිංහ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *