Cartoon & Caricature

උපුටනය_ප්‍රංශ විප්ලවය (ක්‍රිස්ටෝපර් හිබර්ට්).
ප්‍රංශ විප්ලවය අළලා ක්‍රිස්ටෝපර් හිබර්ට් රචනා කරන ලද පිටු 351 කින් යුත් ග්‍රන්ථය ප්‍රංශ විප්ලවය ගැන ලියවුනු ඉතා වටිනා ග්රන්ථ වලින් එකකි.
මෙහි දැක්වෙන්නේ 16 වන ලුවී රජුගේ කාලයේ බදු බරින් හෙම්බත්වූ ගොවියන් මුහුණදුන් ඉරණම පෙන්නුම් කිරීමටය. මෙහි දුප්පත් ගැමි ගොවියෙකුගේ පිට උඩ උදාර ලීලාවෙන් ඉඳගෙන ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරන්නේ බිශොප් වරයෙකු සහ ප්‍රභූ වරයෙකි. මෙහිදී බදුවලින් ඉතා අඩු ප්‍රමාණයක් ගෙවීමට සහ බොහෝ බදු සහණ ලැබුවේ ප්‍රංශයේ ප්‍රභූන් වේ. මේ කාලවකවානුවේදී පැරිසියේ සාමාන්‍ය ජනතාවගේ තත්වය අතිශය කණගාටු දායක අඩියකට වැටී තිබිණි. 16 වන ලුවී රජුගේ සහ මාරි ඇන්ටනොට් බිසවගේ අවිචාරවත්, අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීමත්, සීමාවන් විරහිත මුදල් නාස්තියත් මගින් රටේ අතිකල මහා ආර්ථික අර්බුධය කෙමෙන් කෙමෙන් කාලබෝම්බයක් ලෙසට හැරෙමින් තිබිනි.
පරිසියේ පාන් පෝලිම් කවරදාවකටත් වඩා දිගු විය. එකල ප්‍රංශය පුරා ජනතාවගේ ප්‍රධාන ආහාරය වූයේ පාන් ය. එකල කම්කරුවෙකුගේ පඩියෙන් භාගයකට වඩි ප්‍රමාණයක් පාන් වෙනුවෙන් වැය කිරීමට සිදුවිය. දිනකට පවුම් 3 ක් වැයකරන පවුලක දිනකට එලවලු, ආහාර සහ වයින් සඳහා 15% ක් ද, 5% ක් තෙල් සඳහාද අනෙකුත් උවමනා සහ ගෙවල් කුලී මෙන්ම දරුවන්ගේ කටයුතු සඳහාද ඉතිරි සියලු වියදම් සඳහාද ඉතිරි 30% වැයවූ අතර පාන් සඳහා 50% කට වැඩි ප්‍රමාණයක් වයකිරීම ඔවුනට කිසිසේත් ඔරොත්තු නොදෙන ලදී.
ප්‍රංශ විප්ලවයට මගපෑදුනේ මෙවන් වාතාවරනයක් යටතේදීය.
Ranjana Senanayake.