මාලිමා ආන්ඩුවේ ඉදිරි පැවැත්ම..!

වර්ණගේ සුදත් ෆොන්සේකා.

රටක් ලෙස මාලිමාණ්ඩුව බලය ගැනීමට ප්‍රථම දේශපාලන පක්ෂයක් ලෙස රටේ බලය ගත් විට රාජ්‍ය පාලනයේ සැලසුම හා පවතින⁣ සමස්ත අර්බුදයන්ටම සකසාගත් විසදුම් සහිත රට ගොඩනඟන සැලසුමකින් යුක්තව රාජ්‍ය පාලනයට ප්‍රවිෂ්ඨ වීමක් සිදු නොවී ඇති බව වසරක් ඇතුලත ක්‍රියාත්මක වීම් හෙලිදරව් කර ඇත. ඒ අනුව පැවති රනිල්ගේ ⁣විසඳුම් හා IMF ගිවිසුම් ගතවීම් තුලම හිදිමින් එතනින් එහා වූ පරිකල්පනීය වෙනසක් නොවීම තුල මේ ආණ්ඩුව එකම තැනක සිරවී ඇත. එසේම බලය ගත් පසුවද එවැනිවූ නිසි පවතින⁣ රාජ්‍ය පාලනය කරන සැලසුමක් සකසා නොගෙන ඇති JVP මාලිමාණ්ඩුව රටේ අර්බුදයන්ටද පරිකල්පනීය විසදුම් සහිත සැලසුම් සකසාගත නොහැක වූ අර්බුදයක සිරවී ඇත. ඒ අනුව JVP  මාලිමාණ්ඩුවේ පැවැත්මට අභියොගයක්ව ඇති මෙම මූලිඛ හිඩැස පුරවා නොගෙන JVP මාලිමාණ්ඩුවට පැවැත්මට අර්බුදයක් ඇතිකර ඇත.

පවතින ධනේශ්වර IMF යාථාර්තයෙන් ඔබ්බෙහි වූ පරිකල්පනීය සත්‍ය සොයා නොගෙන JVP මාලිමාණ්ඩුවට පැවත්මක් තිබේද…?

ඒ අනුව JVP මාලිමාණ්ඩුව එම රාජ්‍ය පාලනයේ රටේ සංවර්ධනයේ සැලසුම් හා වැඩපිළිවෙළක හිඩැස පුරවා නොගෙන තවඳුරටත් උද්දච්ච වෙද්දී විපක්ෂයේ කඳවුරු තුල ඒ ඒ නායකත්වයන්ද තම තමන්ගේ බලයන් පිලිබඳව උද්දච්ච කමින් යුක්තව බල කඳවුරු වලට බෙදෙමින් එසේම බලය පිලිබඳව එක් එක් පුද්ගල උද්දච්චකම් තුල අනාථ වීම පසෙක තබා JVP  මාලිමාණ්ඩුව ගොඩනඟා නොගන්නාවූ රාජ්‍ය පාලන සැලසුම් හා රටේ සමස්ත සංවර්ධන සැලසුම් ටික අවශ්‍ය ලෙස සකසා ගත යුතව ඇත.

ඒ අනුව එක් එක් විෂය පතයන් මෙසේ ආණ්ඩුවක් ලෙස හෝ විපක්ෂ⁣යක් ලෙස හෝ රාජ්‍ය පාලනය තුලඳ රටේ සංවර්ධනය තුලද අවශ්‍ය සැලසුම් හා වැඩපිළිවෙළක් පරිකල්පනය කර සකසා නොගන්නා තෙක් අනුරට හා මාලිමාණ්ඩුවටද කිසිදු  අභියොගයක් නොමැති ලෙස ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ අර්බුදයක් ඇතිකර ඇති අතර විපක්ෂයේ නාමල් සජිත් රනිල්ලා  එක් එක් බල කඳවුරු ලෙසඳ රටේ බලය අත්පත් කරගත හැකි ඉදිරි දැක්මක් ඇති නායකත්වයක්ද නැති රටක් ලෙසද රටේ ප්‍රශ්න හා අර්බුදයන්ට යම් සිස්ටම් එකක් සහිත ෆොගෑම් එකක් නැතිකම ඉතුර කර පවත්වාගෙන යමින් ඇත… එම ආණ්ඩු පක්ෂය විපක්ෂය ලෙස බෙඳී රාජ්‍ය ගොඬනැගීම කඬාකප්පල් කල ජාත්‍යන්තර උගුල් වලින් ගැලවී ආණ්ඩුවද සමස්ත විපක්ෂයද එක්ව රාජ්‍ය ගොඩනඟන්නට යුහුසුලු විය යුතුව ඇත.

‌ජාතික අර්බුදය.

මගේ දේශපාලනික අදහස් ප්‍රකාශණ තුල ජාතිවාදය හැමදිනකම පිටු දැක ඇති මා ඒ මොහොත පරිකල්පනය කරන විට ඒ තුල වූ උපත පැවැත්ම හා විනාශය පරිකල්පනීය විග්‍රහය තුල එම අවස්ථාවේ ජාතිවාදීයකු නොවන්නෙකු ලෙස එම මොහොතේ ජාතිවාදය අව්ලා නොගෙන ක්‍රියාත්මක විය යුතු වූ අකාරය තුල වූ ප්‍රකාශණයන් කිරීම තුල ඇත්තේ සමාජය තුල පවතින යථ බිඳිමය… එම යථ බිඳීම තුල ඇති යථාර්ථයද සත්‍යයක් නොවේ. එබැවින් අනුරගේ ආණ්ඩුව උතුරට ගොස් දෙමළ මිනිසුන් චූන්කරන දකුණට ඇවිත් සිංහළ මිනිසුන් චූන්කරන සම්ප්‍රදායික යථාර්ථික දේශපාලන වෙනුවට මෙම ජනවාර්ගික අර්බුදය හට ගත් උපත්තිය එහි පැවත්ම හා ඒ තුල වූ විනාශයන් අධික්ෂණයකින් එම ජනවාර්ගික අර්බුදයට ඔවුන්ගේ ජනවාර්ගික අයිතින් පිලිගත් රාජ්‍යයක් ලෙස ගොඩනඟාගත් ස්ථිරසාර වූ විද්‍යත්මක විසදුම් සැකසීමය.

එසේම සිංහළ දෙමල මුස්ලිම් ප්‍රධාන වූ සමස්ත ජනවාර්ගික  අයිතින්ද ඒ තුලම සැකසූ ජාතික ඒකාබද්ධතාවයක් ඇති එක් ජාතික රාජ්‍යයක් බිහිකල විසදුමක් මේ සඳහා අනිවාර්ය වී ඇත. යුධ ජයග්‍රහණයක් තුලින් දෙමල ජාතික අයිතින් දිනාගැනීම සඳහා වූ සන්නද්ධ ම්ලේච්ඡ යුධ ගැටුම එවැනිම වූ ම්ලේච්ඡ රාජ්‍ය යුධ ගැටුමකින් ජයග්‍රහණය කලද… එහි භෞතික භාවිතය තුල එම යුධ ජයග්‍රහණය මහපොළොව මත ජාතික එකාබද්ධතාවක් ගොඩනඟා ගන්නට මෙතෙක් හැකි වී නැත. එබවින් මොන යුධ ජයග්‍රහණයක් අත්පත්කර ගත්තද භෞතිකව සිංහළ දෙමල මුස්ලිම් ජාතින් අතර සහජිවන එකඟතාවක් නැති ජයග්‍රහණයන් අසාර්ථකය… එතනින් මෙහා වූ ආතල් විසදුම් තුල ඇත්තේම නැවතත් යටපත් අර්බුදයන් ගොඩගැනීමම පමණි. ඒ අනුව භාෂාවන්ගේ දැනුම හා එකඟත්වය ආගමික සහජිවනය සංකෘතික අනන්‍යතාවන්ගේ එකඟතාවන් මෙන්ම සමස්ත ජනතාව අතර අන්නොන්‍ය විශ්වාසය තහවුරු කල සිංහළ දෙමල මුස්ලිම් හා අනෙකුත් සංකෘතික අනන්‍යතාවන් එකාබද්ධ කල ශ්‍රි ලාංකික සංකෘතික අනන්‍යතාවක් බිහිකල ඉංදියානු ආදර්ශයන් මත ජාතික රාජ්‍යයක් ගොඩනඟා ගැනීම තුල මෙම ජාතික අර්බුදය ජය ගත යුතුය…

‌දේශපාලනික අර්බුදය.

ලංකාවේ භූ දේශපාලනික පැවත්ම සහතික වන්නේම ඉංදියානු භූ දේශපාලනික සංකෘතික සමාජ හා ආර්ථික මිත්‍රත්වය තහවුරු වීම තුලය එහෙත් එම මිත්‍රත්වයේ සීමාව රාජතාන්ත්‍රිකව රටේ භුමියේ හා සාගරයේ සම්පත් හා දේපලවල ස්වාධීන ස්වේරීත්ව අයිතියේ හිමිකාරිත්වය අහිමි කරන්නක් නොවිය යුතු අතර එම අයිතිය සුරක්ෂිත⁣ කර ආරක්ෂා කරන ඉංදියානු රාජතාන්ත්‍රික එකඟතාව තුල ඉංදියානු ප්‍රාග්ධන වෙළදපලත්  භාහිර පාර්ශ්වයන් වූ චීන ජපන් යුරෝපීය හා ඇමෙරිකානු ආදී ගොලීය වෙළඳපලත් එක්කරගත් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකින් ඔබ්බෙහි වූ වෙළද ගනුදෙනුවක් නිර්මාණය කරගෙන චීනය යට හොංකොං එකක් ලෙස ඉංදියාවේ ගොලීය වෙළඳ කොරි⁣ඩොවක් ලෙස ඉංදියානු වෙළදපලට වෙළදපල සේවාවන් සපයන රට බවට පරිවර්තනය වී හනුමන් පාලම තුලින් භුමියට බද්ධකල ඉංදියානු එකඟතාවෙන් ඉංදියාවේත් ලංකාවෙත් සංවර්ධිත අරමුණු අත්පත් කර ගැනීම වෙනුවෙන් සියළුම රටවල්වල් සමඟ අන්‍යනෝන්‍ය විශ්වාසය තහවුරු කරගත් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රාග්ධන වෙළඳපල හා ගනුදෙනුවකට යාහැකි ලෙස රාජ්‍ය තාන්ත්‍රික එකඟතා ගිවිසුම් ගත වීම් මේ මොහොතේ දේශපාලනිකව අනිවාර්ය වී ඇත.

ඒ අතර එයට සමගාමීව ගොලීය වශයෙන් දේශපාලනිකව ගොලීය ලිබරල්වාදයෙන් ජාතික රාජ්‍ය කරණයට පරිවර්තනය වීම මත අප රටේද නීතියේද සමස්ත ජනතාවගේද දේපලවලද සම්පත්වලද සාගරයේ මෙන්ම බුද්ධිමය අයිතින්ගේද ශ්‍රි ලාංකික රාජ්‍ය අයිතීන් සුරක්ෂිත⁣ වූ ව්‍යවස්ථා සංසොධණයක් රටට අත්‍යවශ්‍යම වූ මොහොත මේ බව අව⁣බෝධකරගමු… ඒ අනුව පවතින⁣ සමස්ත නීති අණපනත් ප්‍රතිශෝධනය කරමින් පවතින⁣ එංගලන්ත යටත් විජිත රාජ්‍ය දේශිය අනන්‍යතාවකට පරිවර්තනය කරමින් නාමික ජනතාණ්ඩුව ඓන්ද්‍රියවම ජනතාවගේ ආණ්ඩුවක් කල ව්‍යවස්ථාපිත හා ව්‍යුහාත්මක ක්‍රම වෙනසකින් හා ව්‍යවස්ථාපිත වෙනසකික් සමස්ත රටේත ජනතාවගෙත්  අනන්‍යතාවන් අයිතින් සුරක්ෂිත⁣ කල දේශපාලන ස්වෙරීත්වය ඇති රටක් ලෙස මේ ශ්‍රි ලාංකික  දේශපාලන අර්බුදයන් ජයගත හැකිව ඇත…

‌ආර්ථික හා මුල්‍ය අර්බුදය.

ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුම් ලෙස රනිල් ගෙන එන ලද IMF මුල්‍ය අරමුදල හා එකඟතාව මත රට ගොඬනඟා ගැනීමට JVP මාලිමාණ්ඩුව ප්‍රවිෂ්ඨ වීමම එක්තරා ආර්ථික සංහිඳියාවක් රටට ඇතිකල අතර එම ආර්ථික සංහිඳියාවට ඔබ්බෙහි වූ ආර්ථික අර්බුදයට විසදුම් සොයා ගැනීමට මෙතෙක් මාලිමාණ්ඩුව අපොහොසත් වී ඇතත් ඒ වෙනුවෙන් ලංකාවේ ආර්ථිකය විවෘත කරනු වෙනුවට සංවෘතකරන ජාතික තත්වයක් ආර්ථිකව අපට අත්පත්කරගත ශක්තිමත් බවක් නොමැති මොහොතක ලංකාවේ රාජ්‍ය ප්‍රාග්ධන වෙළදපලත් දේශිය ධනපතියන්ගේ ප්‍රාග්ධන වෙළදපලත් භාහිර ගොලීය ප්‍රාග්ධන වෙළදපල ආයොජන සමඟ මිශ්‍රකල ඉංදියානු ධනපති ප්‍රාග්ධනය කළමණාකරනය වූ බෙන්ස් – ටාටා ලේලන්ඩ් – අශෝක් හොන්ඩා – හිරෝ ලෙස ලද ගොලීය කළමණාකරන අත්දැකීම් සහිත කළමණාකරණයකට පරිවර්තන වීමත් ඒ සමඟ ශ්‍රි ලාංකික අනන්‍යතාව හා බුද්ධිමය අයිතිය (පේට්‍රන් එක)හිමි සන්නාමයන් බිහිකිරීමත් ගොලීයව මූල්‍ය වෙළදපල අහොසි වී ඩිජිටල් වෙළදපලට පරිවර්තනය වීම තුල Ai වැනි තාක්ෂණික පරිවර්තන හමුවේ මූල්‍ය ප්‍රාග්ධනය හා මුල්‍ය ලාභය මත වූ වෙළදපල බුද්ධිමය හා භෞතික දේපල හා සම්පත් ප්‍රාග්ධනය ලෙස පරිවර්තනය වීමත් සිදුවී ඇත.

ඩිජිටල් ආර්ථිකය තුල.

ඒ තුල මුල්‍ය ලාභ උපයන වෙළදපල ඩිජිටල් අදායම් උපයන වෙළදපලක් බවට පරිවර්තනය වීමත් තුල ඇති ලංකාවේ රාජ්‍ය ප්‍රාග්ධනයත් දේශිය ධනපති ඉෂාරලා ධම්මිකලා ඩඩ්ලිලාගේ ප්‍රාග්ධනයත් අනාරක්ෂිත වී ඇති අතර එය සුරක්ෂිත⁣ වන්නේම ගොලීය ධනේශ්වර ප්‍රාග්ධන මිශ්‍රණයකින්ම වේ. එම ගොලීය මිශ්‍රණවීම රාජ්‍යතාන්ත්‍රික  එකඟතාවක් ලෙසත් වෙළදපල එකඟතාවක් ලෙසත් ඇතිකරගත යුතුමව ඇති අතර එම වාසිය තුලින්  දේශියව රුපියල් මත වූ අවසන් වෙමින් ඇති මුල්‍ය ආර්ථිකය තුල ඊලඟ ඩිජිටල් ආර්ථිකයක අත්‍යවශ්‍යම වූ බුද්ධිමය හා භෞතික සම්පත් හා දේපල අයිතිය හිමි උරුමය එහි හිමිකාරිත්වය අහිමි දේශිය 60%ක් වූ ජනතාවටද උරුමකර දිය යුතුමය.

මන්ද ඩිජිටල් ආර්ථිකයක් තුල සමස්ත සේවයන්ට වැටුප් හිමිවීම වෙනුවට සේවයන්ට වටිනාකම් හිමිවීමට නියමිතය. එය මේ මොහොතේද විවිධාකාර අන්තර්ජාල වටිනාකම් ලෙස අප රටේද අදායම් උපයමින් ඇති තත්වය මෙයට උදාහරණ සපයනු ඇත. කෙසේ හෝ හැකි ඉක්මනින් දැනට භාවිතකරණ දේශිය මුල්‍ය ප්‍රාග්ධනය යොදා ගනිමින්ද රාජ්‍ය මුල්‍ය සම්පත් හා දේපල යොදා ගනිමින්ද ලාංකික 60%ක් වූ අවිධිමත් ආර්ථිකයක සිරවී ඇති ජනතාවගේ බුද්ධිමය හා භෞතික සම්පත් හා දේපල උරුමයක් ඇති හිමිකාරිත්වය සැකසීම අනිවාර්ම කාර්ය්‍යයක්ව ඇත.

මෙම විසදුම් තුල ශ්‍රි ලාංකික රාජ්‍ය වෙළදපල හා සමාජිය ලෙස වූ සමස්ත ආර්ථිකයේම අර්බුදයන් සමහන් වෙනු ඇත…….මෙි අතර ⁣ඒ රාජ්‍ය සපයන මුල්‍ය ප්‍රාග්ධනය හා රාජ්‍ය සපයන දෙපල හිමිකම්ද භාවිතාකර ව්‍යාපාර හා විවිධ වෙළද ආයොජන තුල නිර්ධන පංතික අවිධිමත් ජනතාව යම් විධිමත් ව්‍යාපාරික සංවර්ධන ඉලක්ක වෙත යොමුකර ජයග්‍රහණයන් අත්පත්කරගන්න හැකියාවන් සොයා ගතයුතුවම ඇත… ඒ අනුව ගොලීය ප්‍රාග්ධන ආයෝජන ණය ආධාර හා ආනයනයන් මත යැපෙන අප රටේ ආර්ථිකයට තවදුරටත් ආර්ථික ස්වෙරීත්වයක් ගොඩනඟා ගන්නා අරමුණක් ප්‍රායොගික නොවන අතර විවෘත ආර්ථිකයේ සර්ව ආර්ථිකයක ප්‍රතිපත්තියේ පිහිටා ගොලීය ප්‍රාග්ධන ධනේශ්වර ආයොජනයන් හා සහයොගිතා ගොඬනඟා ගත් එකාබද්ධ වූ ආර්ථිකයකට ප්‍රවිෂ්ඨ වීම අනිවාර්ය වෙනු අත.

‌සංවර්ධන අර්බුදය.

ලංකාවේ සංවර්ධන අර්බුදය මතුවන්නේම වගාවන්ට නුසුදුසු අස්ථිර සංවහන පරිසරයක් තුල  වගාවන්ට සුදුසු භුමියද අවම වූ රටක….රට වටේට සාගරයද රට තුල ජල මුලාශ්‍රද සහිත ජල පොෂිත රටක්ලෙස ජල කළමණාකරනය තුල ඇති කරගතයුතු කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදනයන් හඳුනාගෙන රටක් ලෙස ගොඩනැඟීමට නොයමින් කෘෂිකාර්මික රටක් ලෙස වී වගාව මූලිඛ වූ සංවර්ධනය අත්පත්කර ගන්න යෑම තුලය…. ඒ අනුව ජනතාවගේ පොෂණයට ප්‍රොටීන් ආහාර භාවිතය වෙනුවට කාබෝහයිඩ්‍රේට් සහිත බත් පරිභොජනය තුල දියවැඩියාව වැනි බෝනොවන රොගී බව ඉහල නංවාගෙන ඇති අතර රටේ කඳුකරය තුල  අභ්‍යන්තරව ඉදිකරගතයුතුව තිබූ රටේ ජල කළමණාකරන පද්ධතිය කඳුකර මතුපිට කඩිනම් මහවැලිය ලෙස අණතුරුදායක ලෙසින් ඉදිකර ගැනීමඳ කරගෙන ඇත. අනතුරුව එම අණතුරුදායක වූ කඳුකර පරිසරයන් නිදහස් නොකර තවදුරටත් කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට එම පරිසරය  භාවිතාකරමින් පරිසර පද්ධතිය විනාශ කරන්නට ඉඩදීමතුල  එම පාරිසරික වටිනාකම් සංචාරක හෝ වෙනත් වටිනාකමක් ඇති කර්මාන්තයක් තුල නඩත්තුව කිරීම් නොකිරීම වැනි  ⁣වලකා නොගත් වැරදි ලෙස පාරිසරික අන්ත්‍රාදායකත්වය පිරි රටක් ලෙස අප රටටම වන්දි ගෙවන්නට වී ඇත.

එසේම සාගරයෙන් වට රටක් ලෙස පහසුවෙන් ගොඬනඟා ගත හැකිවූ ධීවර හා සංචාරක කර්මාන්තය හකුලාගෙන සාගර පරිසරයටද විනාශයම අත්පත් කරගත් අප මීට ප්‍රථමවද සාගරයේ ඇතිවූ සුනාමියේ පීඩාව විඳි ජනතාවක් ලෙද එම විනාශකාරීත්වය හා එහි බියකරු බව පහව යෑමත් සමඟ නැවතත් සුපුරුදු ලෙස සාගරයට නිරාවරණය වෙමින් ධීවර හා සංචාරක කාර්මික කර්මාන්තයේ ප්‍රවර්ධනයද හකුලාගෙන  ජිවත්වෙන අතර ඒ තුල සංචාරක කර්මාන්තයේ විශාල හොටල් වෙනුවට පදිංචි නිවසේ කාමරයක් හෝ පදිංචි ස්ථානයේම සංචාරක නැවතුම් දීම් බාලී දූපතේ සේ ප්‍රවර්ධනය කරමින් කෘෂි හෝ සත්ව ගොවිපොල තුල හෝ වෙනත් විවිධ දේශිය කර්මාන්ත හා කලා නිර්මාණ නිශ්පාදන ආශ්‍රිත සංචාරක  නවාතැන් ලෙසද ගොඩනඟාද ධීවර කර්මාන්තයේ සුළු පන්න ධීවරයින් වෙනුවෙන් මුහුදේ බහාලූ මාළු කොටු තුල මාළු පැටවුන් වගාකර ලොකු වූ පසු මාළු අස්වැන්න නෙලාගන්න අදායමක් නිර්මාණය කර  අවිධිමත් ආර්ථිකය නඟා සිටුවීමත් නැවත සුනාමියක් පැමිණියද පෙර පරිදිම එම විනාශකාරීත්වය එලෙසින්ම පවතින අතර ඒ වෙනුවෙන් කිසිදු වගකිව හැකි ආරක්ෂණවාදී වැඩ පිලිවෙලක්ද ඉදි කරගත යුතුවම ඇත.

ජල කළමණාකරනය.

කෙසේ නමුත් කඳුකරය තුල ජනාවාස ඉවත්කර අභ්‍යන්තරව භූගත වාරි මාර්ගයන් තුල ජල කළමණාකරන සැලසුමක් සකසා ජල මුලාශ්‍ර සක්‍රිය වන්නාවූ වන වගාවන් සමඟ කිතුල් සාදික්කා කරාඹු එනසාල් වැනිලා ගම්මිරිස් වැනි අපනයනය බෝගද තේ කොපී හා කොකොවා මෙන්ම පෙයාස් දොඩම් රඹුටන් මැංගුස් දූරියන් වරකා වැනි පලතුරු වගාවන්ද මී මැසි ජනපද තුල මිපැණි කර්මාන්තයද වැනි සැලසුම් සහිත ස්වාභාවිකත්වය පොෂණය කිරීමත් වන ජිවින් පොෂණය කිරීමත් කරමින් එම වනාන්තර හා වන ජිවී කළමණාකරනයකින් වනාන්තරයේ අතිරික්ත ඵලයන් හා වන ජිවී ඵලයන් ජනතාවගේ පරිභෝජනයට යොදා ගත යුතව ඇත. එසේම ගොඩබිම් හා ජලබිම් ලෙසවූ රටතුල ගොඩබිම් ජලබිම් වල බහුතරයක් වූ සංවේදී කලාප වනාන්තර ලෙසත් අනෙක් එක් කොටසක වගාබිම් ලෙසද තවත් ඒ ඒ කර්මාන්ත ආශ්‍රිත කොටස් කර්මාන්ත සඳහාද පාරසරික ආරක්ෂිත බිම් ජනාවාස ලෙසඳ සාගර වෙරළ සංචාරක ධීවර හා නාවික කර්මාන්ත වෙනුවෙන්ද වෙන්කිරීම් තහවුරු කරමින් සැලසුම් කල ක්‍රමයකට රටේ සංවර්ධනය ගොඩනඟන්නට පියවර ගත යුතුව ඇත.

ඒ අනුව ලන්දේසින් විසින් ගංවතුර පාලනයන් තුල ගොඬනඟා ඇති ලංකාව පුරා වූ විවිධාකාර වූ ඇල මාර්ග පද්ධතිය යලිත් සංචාරක ආකර්ෂණීය වූ පාවෙන සංචාරක නිවහන්ද ඔරු පාරු හා බෝට්ටු සහිත සංචාරක  ගමනාගමනයද එයට සමගාමීව විවිධාකාර සංචාරක වෙළදපලවල්ද නිර්මාණය කරගත් සාගර හා ජලජ කළමණාකරන කර්මාන්තයන් තුලින් රටේ සංවර්ධනය  අත්පත්කර ගැනීමට ප්‍රවේශවීමකින් අපේ ශ්‍රි ලාංකීය අනන්‍යතාව සපිරි සංවර්ධනයකින් ලාංකීය සංවර්ධන අභියොගය ජයගත හැකිය.

රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීම.

පුද්ගල හා පුද්ගල සමාජ ආරක්ෂණයද රාජ්‍ය හා පෞද්ගලික දේපලවල හා බුද්ධි දේපලවල ආරක්ෂණයද රාජ්‍යයක් ලෙස රාජ්‍යයට අයත් හා රටේ පුද්ගලයන්ට අයත් දේපල  සම්පත්  වෘත්තිය හා රැකියා ආරක්ෂණය වන රාජ්‍යයේ ස්වාධීන හා ස්වෙරීත්ව බලය ජාත්‍යන්තරව පිලිගනිමින් එය ආරක්ෂණය කරන එක්සත් ජාතින්ගේ ආරක්ෂණය තහවුරු කල පොදු එකඟතාවන් ජාත්‍යන්තරව සමස්ත ජාත්‍යන්තර රටවල් සමඟ පොදු එකඟතාවක් සපුරාගත් නිදහස් වෙළඳ හා දේශපාලනික ගිවිසුම් ගත වීම්ද.

එසේම රාජ්‍යයෙත් පුද්ගලයන් සතුත් බුද්ධිමය දෙපල වල ජාත්‍යන්තර බුද්ධිමය අයිතින්ගේ හිමිකාරිත්වයද තහවුරු කරගැනීමත් පොදුවේ රටේ භුමියෙත් සාගරයෙත් ගුවනෙත් රාජ්‍ය හිමිකාරිත්වය හා බලය තහවුරු වීමත් රාජ්‍යයක් ලෙස රටක් ස්ථාපිත වීමත් අත්‍යවශ්‍යමව පවතින⁣ අතර රටේ සමස්ත ජනතාවගේම ස්වංතීරණ අයිතින්ද සමස්ත නිදහසද අත්පත්කරගෙන ජිවත් වීමේ නිදහස සපිරි ජාත්‍යන්තරවත් ජාතිකවත් ආරක්ෂණය ඇති රටක් ලෙස ලාංකික රාජ්‍ය ගොඩනඟා ගත යුතුමය එම සියළුම අයිතීන් තාක්ෂණිකව Ai පස්චාත් නූතනය තුල අත්‍යවශ්‍යම සම්පත්ය.

‌සමාජ දේපල හා බුද්ධි දේපල හා රාජ්‍ය ආරක්ෂණ අර්බුදය.

එසේම රාජ්‍ය තාන්ත්‍රිකව නිදහස් නොබැඳි ජාතික ප්‍රතිපත්තියක් තුල ජාත්‍යන්තරව සාමය පවත්වාගෙන යායුතු අතර රටේ අර්ථිකය සුරක්ෂිත⁣ කල ජාතික දේශපාලන ආරක්ෂණය උදෙසා අවශ්‍ය තොරතුරු හා ඒ උදෙසා වූ බුද්ධි තොරතුරු සඳහා වූ රාජ්‍ය බුද්ධි දෙපාර්තමේන්තුවක අවශ්‍යතාවද රාජ්‍යයක් ලෙස අපට ඉතාමත් අත්‍යාවශ්‍යම බැවින් ඒ කාර්ය්‍ය හැකි ඉක්මනින් නිර්මාණය කරගතයුතුව ඇත.

කෙසේ හෝ රාජ්‍යය නීතිය මුල්‍ය පුද්ගල දේපල ජාතින් හා පරිසර ආදී ජාතික ආරක්ෂණයන් සාගර ජලජ වෙරළ නිම්න ගංවතුර හා සුනාමි  ආරක්ෂණයන් තුළ අදාල ස්ථාන සංරක්ෂණය කිරීමත් එයින් භාහිර පරිසරය පුද්ගල හා වෘත්ති සුරක්ෂිත⁣ බව තහවුරු කිරීමත් සිදුකිරීම හා කඳුකර ගංවතුර පාලනයට භූගත චක්‍රිය ජල කළමණාකරන ප්‍රවාහයක්ද වන ජිවී හා වනාන්තර ආරක්ෂණයන් සෛෟඛ්‍ය හා අධ්‍යපන ආරක්ෂණයන් නිෂ්පාදන කාර්මික හා කර්මාන්ත ආරක්ෂණයන් තුල නිෂ්චිත නිෂ්පාදන කාර්මික හා කර්මාන්ත කලාප සැකසීමත්  ස්වභාවික විපත් හා අපදා ආරක්ෂණයන් තුල අපදා කළමණාකරනය විපත් සහන සේවා මධ්‍යස්ථාන බිහිකිරීමත් ගුවන් නාවික ප්‍රවාහන හා මාර්ග ආරක්ෂණ යන් සංකෘතික පුරාවිද්‍යා  කෟතුක මෙන්ම භාෂාවන් චිත්‍රපට රූපවාහිනී ගුවන් විදුලි විද්‍යුත් මාධ්‍ය ලේඛණයන් නිර්මාණ හා වෘත්තිය ආරක්ෂණයන් තුල බුද්ධිමය අයිතින් තහවුරු කල සුරක්ෂිත⁣ කල රටක් ලෙසඳ සමස්තයම ජාත්‍යන්තර රක්ෂණයකින් ආවරණය කල පූර්ණ ආරක්ෂිත රටක් ලෙසඳ ස්ථාපිත කල රාජ්‍ය නිර්මාණය කිරීමේ අභියොගය ජයගත යුතුමය

‌නීතියේ අර්බුදය.

රටක් ලෙස එම රටේ රාජ්‍ය නීති පද්ධතිය එහි වූ පාර්ලිමේන්තු විසින් ගොඩනඟා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවකින් හා එහිදී ගෙන එනු ලබන විවිධ නීති හා අණපනත් මඟින් කාලානුරූපව සකසාගත යුතුව ඇත. කෙසේ නමුත් පැවත එන එංගලන්තයේ යටත් විජිත රාජ්‍ය ව්‍යවස්ථාපිතය හා නීති අණ පනත් තුල හා රාජ්‍යයේ ක්‍රියාකාරී පරිපාලන ව්‍යුහය තුල පවතින ව්‍යවස්ථාපිත අර්බුදයන්ද නීති අණපනත් තුල ඇති අර්බුදයන්ද රාජ්‍ය ක්‍රියාකාරී  පරිපාලන ව්‍යුහය තුල ඇති අර්බුදයන්ද වෙනස් කරන මූලිඛ පියවර 1972 සිරිමාවෝගේ සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් ව්‍යවස්ථාව තුල වූ යටත් විජිත බවෙන් නිදහස් කල ස්වෙරී ජනතා රාජ්‍ය ගොඩනඟන්නට පියවර ගනු ලැබීය.

රාජ්‍යයේ වූ රටේ රජ්‍යයත්වයට පරිභාහිර වූ රාජ්‍ය පාලනයත් තවමත් ජනතා රාජ්‍යයක් බල ගැන්වූ රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුල වූ යටත් විජිත පාලන ව්‍යුහයේ ව්‍යුහාත්මකව වෙනසක් නොවුන උසාවිය තුල තවමත් ජනතා රාජ්‍යයේ ජනයා යටත් විජිත වහල් සිලිඳුලා වූ වරද නිවැරදි වූ රාජ්‍යයට රාජ්‍ය පරිපාලන රාජ්‍ය ව්‍යුහයක්ද සමස්ත ජනතාවගේම නිදහස් ස්වංතීරණ අයිතිය ස්වාධීන හා ස්ව පාලන අයිතින් පිලිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද ඒ වෙනුවෙන් වූ නීති අණපනත් සැකසූ නීති හා අණපනත් සහිත ක්‍රම සම්පාදන කල වැඩපිළිවෙළක අවශ්‍යතාවට පිලියම්ද අත්‍යවශ්‍යමව ඇත.

ඒ අනුව රටේ මූලිඛ නිතියේ වෙනස කරන ගමන් රාජ්‍ය පරිපාලනයන් තුල ව්‍යුහාත්මකව රටේ රාජ්‍යයට වගකියන රාජ්‍ය සේවයක් අනිවාර්යෙන්ම ගොඬනඟා ගැනීම අනිවාර්ය වී ඇති අතර තවමත් රාජ්‍ය පැරණි යටත් විජිතකරණ ව්‍යුහය තුල පත්වෙන ආණ්ඩුවක දේශපාලනික වහල්කමට පත්වීම නැතිකර රාජ්‍ය සේවය ව්‍යුහාත්මකව රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වෙන රාජ්‍ය සේවයක් ලෙස ව්‍යුහාත්මකව වෙනස් නොකර රාජ්‍ය පාලනයට යෑම රාජ්‍ය පාලනය අවුලෙන් අවුලට පත්කරගනු ඇත. රටේ උසාවිය තුල පවතින⁣ යටත් විජිතකරණ රැජිනගේ සිට නීති බල අධිකාරියකට ප්‍රභුත්වය හිමිකරන සම්ප්‍රදායික ව්‍යුහය වෙනස්කර උසාවියේදී රටේ රාජ්‍යයටත් ජනතාවටත් නීතියටත් ගෞරවය හිමිකම් උරුමකරන ව්‍යුහාත්මක වෙනසක අත්‍යාවශ්‍යමතාව නිවරදි නොකර රටේ නීතියේ අර්බුදයන් සකසාගත නොහැක. නීතිය යනු තවදුරටත් ජනතාව පාලනය කරන්න ගොස් ජනතා උදහසට ලක්වී ජනතාවගේ සාමය බිඳින්නක් නොවී ජනතාවගේ සාමාය සුරක්ෂිත⁣ කරන්නක් වීම අනිවාර්ය වේ….

‌අධ්‍යපන අර්බුදය.

ගොලීයවද අධ්‍යපනය තුල නොකඩවා විවිධ රටවල් විවිධාකාර  ප්‍රතිසංස්කරණයන් කරමින් එම ප්‍රතිසංස්කරණ තුල අධ්‍යපනයෙන් වාසි මෙන්ම අවාසිද අත්පත්කරගෙන ඇති අතර ගොලීය තාක්ෂණික විප්ලකාරී වෙනස්වීම් තුල Ai වැනි කෘතිම බුද්ධිමය නමැති පැරණි දක්ත මතම නිර්මිත දසක ගණනක් පැරණි හෝ අළුත් නොවුන සමහර යල්පැනපු පැරණි උත්තර වලින් නඩත්තු වෙමින්  යැපෙන ලෝකයක අධ්‍යපනයන් ඒ අනුව කොතෙක් ඉදිරියට යායුතුව ඇත්දැයි ලෝකයට බලකර ඇත.

ඒ අනුව ලෝකයට අවශ්‍යව ඇති තාක්ෂණික වෘත්තික දැනුමින් සන්නද්ධ බහුතරයක් මිනිසුන් බිහිකරගත හැකි වීමද. ඊට අමතරව ඩාවින්ලා ඇලබට් අයිස්ටයිම්ලා මාකොනිලා ලෙනින්ලා වැනි අළුත් සියවසක පරිකල්පනීය බුද්ධිමතුන් බිහිකරගත හැකි හැකියාවද අධ්‍යපනය තුල පරිකල්පනීය නිම්වළලු පුළුල් කරගතහැකි අධ්‍යපනයක අත්‍යවශ්‍යතාවද එක පැත්තකින් මතුව ඇති අතර සමස්ත වෘත්තීන් තාක්ෂණික වීම නිසා තාක්ෂණික දැනුමින් සන්නද්ධ වෘත්තිය පරපුරක අවශ්‍යතාව අනිත් පසින් ඇතිව තිබේ.

ඒ අනුව අධ්‍යපනය තුල පෙර පාසැල් තුල ⁣පොෂණවේදීන් යටතේ නිසි පොෂණයන් නඩත්තු කරමින්ද වෛද්‍ය පරික්ෂණ තුල මානසික හා ශාරීරික සෛෟඛ්‍ය සුරක්ෂිත⁣ කරමින්ද දරුවන්ගේ නිදහස් පාරිසරික හා මානව සමාජ ඇසුරු කිරිම් ප්‍රකෘතිමත් කර ගැනීමද. විවිධ අබාධ සහිත දරුවන් ඒ ඒ අකාරකොට හදුනාගෙන සමාජ හා දෙපල ආරක්ෂණ රක්ෂණ ආවරණය යටතේ ඒ ඒ අයට අවශ්‍ය වෛද්‍ය අධාර හා විශේෂ අධ්‍යපනයට හා පරිවාස ගත කිරීමට යොමු කිරීමද.

ළදරුවන්ගේ පෝෂණ තත්වයන්.

පාසැලේ ප්‍රථමිකයේ සිට වසර හතර දක්වාද පොෂණවේදීන් යටතේ පොෂණයද වෛද්‍යවරුන් යටතේ මානසික හා ශාරීරික සෞඛ්‍ය සුරක්ෂිත⁣ කරමින්ද භාෂාදැනුම් විනයානුකූල බව හා සංවේදීත්වය ඇති කර ගැනීමද. පෙර හදුනා ගත නොහැකි වූ හදිසි තත්ත්වයක් යටතේ විවිධ අබාධිත තත්ත්වයන් ඇතිවීම් මත සමාජ හා දේපල රක්ෂණයන් යටතේ ඒ ඒ අයට අවශ්‍ය වෛද්‍ය අධාර සමඟ විශේෂ අධ්‍යපනයන්ට හා පරිවාසගත කිරීමට යොමු කිරීමද.

ද්විතීයිකව පහේ වසරේ සිට හත වසර දක්වාද එලෙසින්ම නිසි පොෂණය ශාරීරික හා මානසික සෛෟඛ්‍ය සුරක්ෂිත⁣ කරමින්ද  විවිධ ගණිත විද්‍ය විෂය දැනුම් හා සෞන්දර්ය නිර්මාණාත්මක බව වර්ධනයකර ගැනීමද… පෙර හදුනා ගත නොහැකි වූ හදිසි තත්ත්වයක් යටතේ විවිධ අබාධිත තත්ත්වයන් ඇතිවීම් මත සමාජ හා දේපල රක්ෂණයන් යටතේ ඒ ඒ අයට අවශ්‍ය වෛද්‍ය අධාර සමඟ විශේෂ අධ්‍යපනයන්ට හා පරිවාසගත කිරීමකට යොමු කිරීමද… හත වසරේ සිට දහය වසර දක්වාද එම පොෂණය හා ශාරීරික හා මානසික සෛෟඛ්‍ය සුරක්ෂිත⁣ කරමින්ද වෘත්තිය තාක්ෂණික විෂය මූලික දැනුම් වර්ධනයකර එම විෂය දැනුම් මත අධ්‍යපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ යටතේ වෘත්තීකයන් බිහිකිරීමේ මූලිඛ සාමාන්‍ය ප්‍රවේශය ඇතිකර ගැනීමද ඊට අමතරව එම ප්‍රවේශය ඔස්සේම සාමාන්‍ය  බුද්ධිමය පරිකල්පනීය නිර්මාණාත්මක ප්‍රවේශය ඇතිකර ගැනීමද.

පරිකල්පණීය බුද්ධිමතුන් ඇතිකිරීමට.

පෙර හදුනා ගත නොහැකි වූ හදිසි තත්ත්වයක් යටතේ විවිධ අබාධිත තත්ත්වයන් ඇතිවීම් මත සමාජ හා දේපල රක්ෂණයන් යටතේ ඒ ඒ අයට අවශ්‍ය වෛද්‍ය අධාර සමඟ විශේෂ අධ්‍යපනයන්ට හා වෘත්තීය පුහුණුවකට හෝ පරිවාසගත කිරීම් සඳහා යොමු කිරීමද…  දොළහා වසර තුලද නිසි පොෂණය හා මානසික හා ශාරීරික සෛෟඛ්‍ය සුරක්ෂිත⁣ කරමින් විවිධ වෘත්තිය හා බුද්ධිමය දැනුම් ඇතිකරන අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ යටතේ වෘත්තික උසස් තාක්ෂණික දැනුම් හා උසස් බුද්ධිමය පරිකල්පනීය දැනුම් ප්‍රවේශය ඇතිකර ගැනීමද… අණතුරුව විවිධ තාක්ෂණික අධ්‍යපන ආයතන මඟින් උසස් තාක්ෂණික වෘත්තික අධ්‍යපනයද උසස් බුද්ධිමය පරිකල්පනීය අධ්‍යපනයන් සහිත විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යපන ආයතන තුල වෘත්තිකයන් හා පරිකල්පනීය බුද්ධිමතුන් බිහිකර ගැනීමද ලෙස අධ්‍යපනය සැලසුම් නිර්මාණය විය යුතුව ඇත.

පෙර හදුනා ගත නොහැකි වූ හදිසි තත්ත්වයක් යටතේ විවිධ අබාධිත තත්ත්වයන් ඇතිවීම් මත සමාජ හා දේපල රක්ෂණයන් යටතේ ඒ ඒ අයට අවශ්‍ය වෛද්‍ය අධාර සමඟ විශේෂ අධ්‍යපනයන් වෘත්තික හා රැකියා පුහුණුවක් මෙන්ම අවශ්‍යතා මත අබාධිතයන්ට සුදුසු රැකියා අවස්ථා වෙත මෙන්ම පරිවාස වෙත යොමු කිරීමද.

රාජ්‍ය වියදම් අවම කිරීමට.

නමුත් නවක පෙර පාසැල් හා පාසැල් අධ්‍යපනයේ සමස්ත පරිපාලන අධික්ෂණය  රජයේ අධ්‍යපන දෙපාර්තමේන්තුව සතුවීම අනිවාර්ය කලයුතු අතර සමස්ත පාසැල් පරිපාලනයන් පෞද්ගලික හෝ ස්වෙච්ඡා සංවිධාන භාරයට පමුණුවා පාසැල් නඩත්තුව හා පරිපාලනයෙන් රජය ඉවත්විය යුතුවේ. ආදී ශිෂ්‍ය සංගම් ගුරු සංගම් හා දෙමව්පිය සංගම් යටතේ වූ පෞද්ගලික ස්වේච්ඡා හෝ ස්වාධීන පාලක අධ්‍යක්ෂක මංඩල යටතේ ඒ ඒ පාසැල් පරිපාලනය කරන අතර අවශ්‍ය අධ්‍යපන වියදම් වෙනුවෙන් අවශ්‍ය තක්සේරු මුදල් රාජ්‍ය විසින් එම ආයතන වෙත ලබාදීමට ක්‍රියා කිරීමද එම මුදල් වලින් එම පාසැල් වල අධ්‍යපනයන් ලබා දීමේ ප්‍රතිඵලයන්ද තක්සේරු කිරිමද රජයේ අධ්‍යපන දෙපාර්තමේන්තුව සතු වගකීම ලෙස පවතී.

එසේම සමස්ත අධ්‍යපනයේ රාජ්‍ය වියදමේ බර සැහැල්ලු කරගැනීමට සමස්ත අධ්‍යපනයටම රක්ෂණ ආවරණයකින් ආරක්ෂණයක් සලසා දීමට පියවර ගතයුතු වූ වැඳගත් කමද එසේම දේශිය වෘත්තික හා රැකියා බදු අදායම් හා විදේශීය වෘත්තික හා රැකියා බදු අදායම් තුල රාජ්‍ය අධ්‍යපන වියදම් නොමිලේ අධ්‍යපනය නොලද අය මඟ හැර නොමිලේ අධ්‍යපනය ලද අයගේ රැකියාවන්ගෙන් අධ්‍යපන බද්ධක් ලෙස පියවා අයකර ගැනීමද…. අධ්‍යපන අර්බුදය තුල වැඳගත් පියවරක් ලෙස පවතී. කෙසේ නමුත් අධ්‍යපනයේ අධ්‍යයන ගුරු වැටුප් හා පොෂණය ආදී මූලිඛ අධ්‍යපන වියදම් වලට සිමාකර සමස්ත පාසැල් පරිපාලනයන්ම පෞද්ගලික ස්වෙච්චා හෝ සමූහ පොදු ජේෂ්ඨ පුරවැසි ජනතා පාලනයන්ට නතුකරගත යුතුව ඇත….

සෞඛ්‍ය අර්බුදය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ උසස් සෞඛ්‍ය ප්‍රතිඵල අත්පත්කරගත් රටක් ලෙස ලංකාවේ සෞඛ්‍ය යම් ප්‍රගතියක් අත්පත්කර ගෙන ඇතත් එය පවත්වාගෙන යැමේ අර්බුද ගණනාවක්ම අප විහින්ම ගොඩනඟාගෙන ඇති අතර අනවශ්‍ය ලෙස බෙහෙත් භාවිතා කිරිම් හා බෙහෙත් විනාශයන්ද පවතින⁣ සෞඛ්‍ය ව්‍යුහයන්ගේ අක්‍රමවත් බවඳ සැලකිය යුතු මට්ටමක පවතී. ඒ අනුව පළමුව දැනට කාන්තා හා ගැබිනි මව් වරුන්ට සීමා වී ඇති පවුල් සෞඛ්‍ය නිලධාරිනී නැතහොත් මිඩ් වයිෆ් නැතහොත් පැරණි වින්නඹු වෘත්තීය එහි වූ නාමකරණය තුල වූ අරමුණ ලෙස ඇති පවුල් සෞඛ්‍ය සේවය ගම් මට්ටමින් ප්‍රකෘතිමත් කරමින් දැනට කාන්තා ගැබිනි මව්වරුන් හා ළදරුවන්ට පමණක් සීමාවූ එම ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන කෙන්ද්‍ර වූ පවුල් සෛෟඛ්‍ය  හා පෝෂන ආරක්ෂණය පවතින⁣ එම කාන්තා ගැබිනි හා ළදරුවන් මූලිඛ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ පවුලේ අනෙකුත් දරුවන් හා වැඩිහිටි ප්‍රජාවටද කාර්යාල ආයතන කර්මාන්ත ආදී වෘත්තිකයන්ට හා අවිධිමත් රැකියා තුල සේවයේ නියුතු නියුක්තිකයන් සියල්ලටම විවෘත විය යුතුය.

තවද රට තුල විනාශකාරීව පැවත යන බෝනොවන රෝග පාලනයද විවිධාකාර බෝවෙන රෝග මර්දනයද කරගත හැකි ලෙස ස්ථාපිත කරගත හැකි ව්‍යුහාත්මක හැකියාව මඟහැර රොහල් තුලට විවිධාකාර ලෙස රෝගයන් උත්සන්න වූ සෞඛ්‍ය වියදම් අධික කල ජිවිත අනතුරු උපරිම තත්ත්වයටම පත් රොගීන් වෙනුවට රොගීත්වයන්ගෙන් ආරක්ෂිත  කරන ග්‍රාමීය පවුල් සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කිරීමත් එසේම රොහල් තුල දැනට ස්ථාපිත භාහිර රොගී ප්‍රතිකාර ඩිස්පෙන්සරිය රෝහලින් ඉවත් කර එය ග්‍රාමීය බෙහෙත් ශාලාවන් ලෙස දැනට අක්‍රමවත්ව ඇති ග්‍රාමීය රජයේ බෙහෙත් ශාලා පද්ධතිය වැඩි දියුණු කරමින් ක්‍රමවත්ව ග්‍රාමීයව ස්ථාපිත කිරීම සුදුසුය.

එම ග්‍රාමීය රජයේ බෙහෙත් ශාලාවන් එපරිද්දෙන් පවුල් ⁣සෞඛ්‍ය සේවයට විවෘතකර ගමේ පවුල් සෞඛ්‍ය සුරක්ෂිත⁣ කිරීමත් ඒ තුල බොවෙන රෝග හා බෝනොවෙන රෝග පාලනයත් එම සෞඛ්‍ය සුරක්ෂිත⁣ පවුල් රජය විසින් රක්ෂණ ආවරණයක් ලබාදෙමින් දැනට අනාරක්ෂිත වී ඇති විවිධාකාර රෝගීන් රොහල් වලට යොමුකර විවිධ වූ සායනික පර්යේෂණ ඒකක හා ⁣ශල්‍යාගාර තුල රෝග නිවාරණය කර ගැනීමත් දැනට පවතින 1990 හදිසි ගිලන්රථ සේවය මාර්ග ආරක්ෂණ ආයතන යටතේ මාර්ග අනතුරු වලටත් ග්‍රාමීය සෞඛ්‍ය ආරක්ෂණයන් තුල ග්‍රාමීය හදිසි අනතුරු වලට අනුබද්ධ කිරීමත් ඉතාමත් වැඳගත් වෙනු ඇත.

සෞඛ්‍ය දෙපර්ථමේන්තුවේ මැදිහත්වීම.

කෙසේ හෝ  රජයේ සේවයේ පෞද්ගලික සේවයේ හා ව්‍යපාරික මට්ටමින් සමස්ත සේවක පවුල් සියල්ලම එම සේවා ආයතන මඟින් සෛෟඛ්‍ය හා ජිවිත  රක්ෂණ ආවරණයක් සලසා දීම අනිවාර්ය කලයුතුව ඇති අතර අනිකුත් ග්‍රාමීය අවිධිමත් රැකියා හා අදායම් ලාභී පවුල් පවුල් ජිවිත හා සෛෟඛ්‍ය අරක්ෂණය යටතේ රාජ්‍ය විසින් ශ්‍රි ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණයක් ලබාදීම අනිවාර්ය විය යුතුම වේ ඒ අනුව රොහල් සෛෟඛ්‍ය ප්‍රතිකාර හා ශෛල කර්මයන්ට රක්ෂණ ආවරණය යටතේ අවශ්‍යතාවන් මත රජයේ හෝ පෞද්ගලික කැමති රෝහලකින් ගෙවීම් කර ශල්‍යලකර්ම හා ප්‍රතිකාර පොලීමේ නොරැදී හදිසි අවශ්‍යතා මත ශ්‍රනිකවම  ප්‍රථිකාර ලබාගැනීමට හැකි නිදහස ජනතාවට උරුම විය යුතුමය.

කෙසේ වෙතත් රාජ්‍ය රොහල් පද්ධතියද පෞද්ගලික මෙන්ම  රක්ෂණ ආවරණයන් මත නිදහස් වූ ප්‍රථිකාර ලබා දෙන රොහල් කාර්ය්‍ය මංඩලය අදාල ප්‍රාදේශීය රාජ්‍ය රොහල් සෞඛ්‍ය නිලධාරීන් ජනතා නියොජිතයින්ගේ අධික්ෂණය යටතේ රෝහල් අධ්‍යක්ෂක මංඩලයක් යටතේ ස්වාධීන රාජ්‍යයට බරක් නැති අලාභ නොලබන රෝහල් ලෙස නඩත්තු කරගත යුතු අතර රෝහලට අවශ්‍ය බෙහෙත් උපකරණ හා රෝහල් නඩත්තු කටයුතු රෝහල් අධ්‍යක්ෂ මංඩලයට අවශ්‍ය ලෙසද එම අයගේ කැමති පරිදි කිරීමේ නිදහස ලබා දී රාජ්‍යයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයන් සිදුවීම අනිවාර්ය කල යුතුය.

ඒ අනුව රජයේ බෙහෙත් හා උපකරණ සැපයුම් අංශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සෞඛ්‍ය උපකරණ හා බෙහෙත් ආරක්ෂණය යටතේ පවත්වාගෙන යමින් ග්‍රාමීය සෞඛ්‍ය ආරක්ෂණයන්ට අවශ්‍ය බෙහෙත් හා සෞඛ්‍ය උපකරණ ලබා දෙමින් බෝවෙන රෝග හා බෝ නොවන රෝග පාලනයට අවශ්‍ය බෙහෙත් ලබාදීමටද ක්‍රියාකරමින් හදිසි අවස්ථාවකදී අවශ්‍ය ආරක්ෂිත බෙහෙත් රෝහල් අවශ්‍යතාවන්ට අනුව රජයේ සෞඛ්‍ය උපකරණ හා බෙහෙත් ආරක්ෂණය යටතේ හදිසි අවස්ථාවකදී භාවිතාකරන්න හැකිලෙස අවශ්‍ය මිල ගණන් අයකර රජයේ ඖෂධ දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට ක්‍රියා කරන වැඩපිළිවෙළක්ද මෙහිදී භාවිතාකරගත උපකරණ හා බෙහෙත් ආරක්ෂණය යටතේ හදිසි අවස්ථාවකදී භාවිතාකරන්න හැකිලෙස අවශ්‍ය මිල ගණන් අයකර රජයේ ඖෂධ දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට ක්‍රියා කරන වැඩපිළිවෙළක්ද මෙහිදී භාවිතාකරගත හැකිය

කෙසේ හෝ මෙම පරිවර්තනීය වෙනස් වීම් තුල අනාගතයේදී සෞඛ්‍යයට රාජ්‍ය බරපැන දැරීමේ ඉහළ යැම්ද පවතින⁣ රෝගී ජනතාවගේ ප්‍රථිකාර අපහසුතාද මගහැර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් හා කාර්යක්ෂමතාවද ඉහළ නංවාගත හැකි වෙනු ඇත.

‌ප්‍රවාහන හා ගමනාගමන  අර්බුදය.

ලංකාවේ ප්‍රවාහන හා ගමනාගමන ගැටළු තුල නාගරික ප්‍රවාහනය හා ගමනාගමන තුලඳ ලාභ දුම්රිය හා ඇල  මුහුදු හා ජල මාර්ග ඔස්සේ නැව් බොට්ටු හා පාරු ප්‍රවාහනය හා ගමනාගමනය තුලත් ලාභ ප්‍රවාහන හා ගමනාගමනයන් සකසා ගැනීම් ප්‍රමාණාත්මකව ලංකාව තුල අඩුව පවතී. ලංකාව විදුලි දුම්රිය හා මෙට්‍රෝ දුම්රිය භාවිතයටද මෙතෙක් ප්‍රවිෂ්ඨ නොවී ඇතත් එම ලාභ ප්‍රවාහන හා ගමනා ගමන භාවිතයන්ට ප්‍රවිෂ්ඨ වීමද අත්‍යවශ්‍යම වේ. කෙසේ නමුත් එම දියුණු ප්‍රවාහන හා ගමනාගමන භාවිතයන්ට ප්‍රවිෂ්ඨ වනතුරු පවතින ප්‍රවාහන භාවිතයන් උපරිමව භාවිතාකරන වැඩපිළිවෙළක් තුල ආර්ථික වර්ධනයන් අත්පත්කරගත යුතුය.

ඒ අනුව ලංකාවේ බහුතරයක්ම භාවිතාකරන ත්‍රිවිල් රථ  වියදම් අධික පැට්‍රල් භාවිතය වෙනුවට විදුලියද හැකිනම් සූර්ය පැනලයක විදුලියද භාවිතාකර දැනට තුන්දෙනෙකුගේ ගමනා ගමනය ලාභ ගමනා ගමනයක් ලෙස අට දෙනෙකු හෝ දස දෙනෙකුට යා හැකි වූද තවඳ ගමේ නිශ්පාදන ටිකද එහිවූ වහල මත පටවාගෙන යාහැකි වූ පහසුවද සමඟ පියාජියෝ වැනි වූ බර ගෙන යාහැකි වූ ආරක්ෂිත භාවිතයක් මේ මොහොතේදී යොග්‍ය වේ. එතුල විශාල වියදමක් දැරූ පාඩු ලබමින් ගමට යන විශාල බසය වෙනුවට ගමේ අයටම අදායම් ලබාදෙන මෙන්ම ගමේ අයටම ලාභ හා ප්‍රතිලාභ සහිත පැය විසිහතරම ක්‍රියාත්මක ත්‍රිවිල් රථ ප්‍රවාහන ගමනා ගමනය ගමේ ඇතුලේ සිට නගරයට එන හා නගරයේ සිට ගමට එන ආසන මත ටිකට් නිකුතුව ඇති ග⁣මනා ගමනය ආවරණය කිරීමේ කාර්ය්‍යයට යෙදවීමට හැක. මෙය සීමිත මගීන් කොටසක් සිටින ගම්වලටත් සීමත මගීන් සිටින වෙලාවන් තුල ගමනා ගමනයටත් ඉතාමත් යොග්‍ය වෙනු ඇත.

එසේම ගමේ ගිලන් රථ භාවිතයට පහසුලෙස වැඩිදියුණු කල ත්‍රිවිල් රථ ගිලන් රථද දුෂ්කර ගම්වල 1990 ගිලරථ සේවය වෙනුවෙන් භාවිතයට එක්කරගත හැකි හැකියාවද ඇත…තවද ලංකාවේ ගමනා ගමන වියදම අඩුම භාවිතයක් ලෙස පවතින⁣ දුම්රිය මාර්ග භාවිතයට ගැනීමද ඒ අනුව තලෙයිමන්නාරම තොට දුම්රිය මඟ ඉංදියාවේ දුම්රිය මඟට එකතු කිරීමද පවතින⁣ දුම්රිය මාර්ග දිගු කර අනෙකට සම්බන්ධකර වෘර්ථාකාර  ගමනා ගමනයකට යොමුකර ගතයුතුමය.

ඒ අනුව මිහින්තලේ දුම්රිය මඟ ගල් ඔය ත්‍රිකුණාමලය දුම්රිය මඟට අළුත් ඔයට සම්බන්ධ කිරීමත්වැඳගත් වන අතර ඉංදියානු දුම්රිය ඒ අනුව ත්‍රිකුණාමලයටත් මඩකලපුවටත් යාපනයටත් කොළඹටත් පහසු ප්‍රවේශයක් සැදේ එසේම කන්කසන්තුරේ දුම්රිය මඟට ප්‍රවිෂ්ඨය ඇති යාපනේ සිට මන්නාරම ඔස්සේ මුල්ලිකුලම් තම්බපණ්ණි දක්වාද එතැන් සිට විල්පත්තු වනාන්තර උඩින් කනුමත  අධිවේගී මඟටම සමාන්තරව මන්නාරමෙන් කටුනායක දක්වා මෙට්‍රො රේල් පද්ධතියක්ද ලබාගතහැකිය.

දැනට පවතින⁣ පුත්තලම දුම්රිය මඟ නූර් නගර් දුම්රිය ස්ථානයෙන් කරුවලගස් වැව තම්මැන්න වැටිය පැරකුම් පුර පහල මාරගස්වැව නොච්චියාගම සිංහාරගම හරහා තලාව ප්‍රධාන දුම්රිය මඟට එකතු කිරීමත් මඩකලපු දුම්රිය මඟ කාර්තිව් අම්පාර වදිනාගල බුද්දම හරහා බදුල්ල ප්‍රධාන දුම්රිය මගටමද… මාතලේ දුම්රිය මඟ කයිකාවල රත්තොට අතරින් කැටවල හුංගංවෙල නෙළුව ලෙනදොර දඹුල්ල හා කිඹිස්ස හරහා පලුගස්වැවෙන් නැගෙනහිර ප්‍රධාන දුම්රිය මඟ දක්වාද, එසේම  කුරුණැගලින් රිදීගම දොඩම්ගස්ලන්ද දිසා කුඔුර ගලේවෙල හරහා දඹුල්ල කිඹිස්ස දක්වාත් කිඹිස්සෙන් නිකවටවන බකමුණ ඇලහැර අතරින් හෙට්ටිපොළ ගිරාඳුරුකොට්ටේ බෙලිගල බිබිල ඔස්සේ මඩුල්ල නව බඳුලු මඩකළපුව ප්‍රධාන දුම්රිය මඟට සම්බන්ධ වන මෙට්‍රෝ රේල් පද්ධතියක්ද යෙදවිය හැක.

එම මෙට්‍රො රේල් පද්ධතිය කුරුණැගලින් අළුදෙනිය කටුපොත කඹුරපොල උඩුබද්දාව දුම්මලසුරිය ඔස්සේ යාපනය කටුනායක මෙට්‍රෝ රෙල් පද්ධතියටම එකතු කිරීමද….යොජිත කතරගම දුම්රිය මඟ කතරගමින් බුත්තල වැල්ලවාය මොණරාගල ඔස්සේ බදුල්ල මඩකළපුව මාර්ගයටම දිර්ඝ කල ප්‍රධාන දුම්රිය මඟටම සම්බන්ධ කිරීමද…   යොජිත ⁣කොටුව බත්තරමුල්ල මෙට්‍රො රේල් පද්ධතිය කඩුවෙල හරහා වැලිවේරියටත්… වැලිවේරියෙන් කිරිල්ලවල යාගොඩ මාබිම කොටුගොඩ හරහා කටුනායක දක්වාද.

ප්‍රවාහන පහසුකම් ඉදිරියට ගෙනඒම.

එසේම එම වැලිවේරිය මෙට්‍රො රේල් මඟ සබරගමුව හරහා දකුණු පලාතට දිර්ඝ කරමින් මංඩවල දංගොල්ල රංවල කිරිවන්දල කළුඅංඳුර මාරඹේ ටවුන් බණ්ඩාරහේන පල්ලෙගල හඳගල තෙප්පනාව පාතගම කරපිංච රත්නපුර නව නගරය ගනේගොඩ මහවල බටුගෙදර තිරුවානකැටිය මාරපන වටාපත වහන්දොල ඇන්දන රක්වාන ගොඩකවෙල ඇම්බවිල මඟයාය පුස්සතොට කරවිටආර උඩවලව සෙවනගල සුරියවැව හම්බන්තොට දක්වාද…  දැනට ක්‍රියාත්මක අවිස්සාවේල්ල දුම්රිය මඟ පවතින⁣ මඟ ඔස්සේ අවිසාවෙල්ලෙන්… දැරණියගල මියෙනවිට එරත්න පලාබද්දර නිල්වල වේවැල්වත්ත රාස්සගල බුලත්ගම රන්මලවින්න අළුත්වැව බෙලිහුල්ඔය වල්හපුතැන්න හරහා ඉඳල්ගස්හින්නෙන් උඩරට ප්‍රධාන දුම්රිය මඟට ප්‍රවිෂ්ඨ කිරීමද…ලෙස දුම්රිය පද්ධතියන් ඉංදිය ජාත්‍යන්තර පෞද්ගලික හා රාජ්‍ය ආදී විවිධ ආයෝජන ලෙස හෝ ලංකාවේ දුම්රිය පද්ධතිය ප්‍රති නිර්මාණය කර ගැනීමද එසේම ලංකාව තුල පවතින⁣ සාගරය හා ජලජ භුමිය තුල නාවික ගමනාගමනය ලංකාව වටාමද කලපු හා ඇල මාර්ග ඔස්සේ ලංකාවේ නැගෙනහිර හා බටහිර ඇල මාර්ග තුල ඔරු පාරු බොට්ටු හා බත්තලම් ප්‍රවාහන හා ජල මතුපිට සංචාරක ජංගම නවාතැන් හා ජංගම ජලක්‍රිඩා ස්ථාන ඇතිකරමින් නව ප්‍රවාහන පහසුතා මෙන්ම ප්‍රවාහන ආර්ථික අදායම් නිර්මාණය කර ගැනීමත්….රටකට ඉතාමත් වැඳගත් වේ.

පොදු ගමනාගමනයේ අලුත් වෙනසක්.

එමෙන්ම පවතින අභ්‍යන්තර ගුවන්ගමන් සංචාරකයන්ටද විවෘත වූ වැඩ පිලිවෙලක් හා යාපනේ පලාලි හිඟුරක්ගොඩ හා මත්තල ගුවන් තොටුපළ වලින් සමාන්‍ය මගී ගුවන් යනා අසියාතික රටවල් හා ලංකාවේ අන්තර් ගුවන් තොටුපළ අතර ගමනාගමනයන් ඇරඹීමත් මත්තල ගුවන් තොටුපළ විදෙශිය ගුවන් පුහුණු හා ගුවන්යානා කාර්මික ආයතනයක් ලෙස ආයොජන කැඳවා ගතහැකි නම් ඉතාමත් වැඳගත්ය.. මීට අමතරව ගුවන් සන්දර්ශන හා ක්‍රිඩා ඉසව්ද පැරෂුට් ක්‍රිඩා ඉසව්ද ලෙස සංචාරකයන්ගේ සතුට වෙනුවෙන් ඇතිකල හැකිය එලෙසම ගුවන් බැළුම් කේබල් කාර් ව්‍යපෘතිද…. එවැනි වූ ක්‍රිඩා හා සංදර්ශනද භාවිතා කරමින් සිවිල් ගුවන් නාවික හා තාක්ෂණික ගමන් ලංකාවේ ගමනා ගමනය තුලට අළුත් අත්දැකීම් එකතුකර ගත හැකිය. එම ප්‍රවේශයන් අළුත් සංචාරක ආකර්ෂණයක් එක් කරනු ඇත.

එමෙන්ම  සමාන්‍ය බස් රථ ගමනා ගමනය දැනට පවතින පෞද්ගලික බස් රථ හා ගමනා ගමන මංඩලයේ ප්‍රවාහනය එක පොදු සමාගමක් හෝ සමාගම් කිහිපයක් ලෙස කොටස් වෙළදපල සමාගම් ලෙස විශේෂිත ආකෘතියකින් රාජ්‍ය හා පෞද්ගලික කොටස් අයිතිය ඇතිව Uber, Pickme. Helago වැනි හෝ වෙනත් විදෙශිය පරිණත විදෙශිය කළමනාකරණයක යටතේ රටේ ජනතාවගේ ගමනා ගමන අවශ්‍යතාවන්ට සරිලන ලෙස සමස්ත බස් රථ හා මගී ප්‍රවාහන සැලසුමක් සහ මාර්ග සැලසුම් සහිතව ආරම්භ කර එම මගී ප්‍රවාහන එක් එක් විශේෂතා හා මගී ප්‍රවාහන කාර්යක්ෂමතාව ආරක්ෂාව පහසුව ලාභදායි ගමනා ගමන පැකේජයකින් සමස්ත ගමනා ගමනයන් භාවිතාකර හැකි පොදු ගමනාගමන මාසික මගී බලපත්‍රයක් ලබාදීමට ක්‍රියා කිරීමකින් හා ඩිජිටල් මගී භාවිතයන්ට ස්වංක්‍රියව මුදල් අයවෙන පොදු  ගමනා  ගමනයේ අළුත් වෙනසක් ලංකාවේ ප්‍රවාහන සිස්ටම් එකට ඇවසිව ඇත.

ඉඩම් නිවාස දේපල අර්බුදය.

ලංකාවේ ජනගහනයට සාපේක්ෂව භුමිය හා සම්පත් හිඟකම ප්‍රධාන අර්බුදයකි. ඒ අනුව දෙකොටි විසිලක්ෂයක් ඉක්මවා ඇති ජනගහනය අතර ලංකවේ වර්ග කිලෝ මීටර් 65610 ක බිමේ අයිතිය බෙදා දීම රාජ්‍යයට  ප්‍රධාන අභියොගයක්ව ඇත. මන්ද භුමිය ජනාවාස වලට මෙන්ම වනාන්තර ජලජ බිම්. වගා බිම් වලට ගමනාගමනයට හා කර්මාන්ත අවශ්‍යතා ලෙස බෙදාගැනීමේදී ජනගහණය සාපෙක්ෂව ඉඩ නොමැති වීමද අර්බුදයකි. 

මෙහිදී ජනගහන පාලනය කිරීමද රටක පැවැත්මට උපකාරී වන අතර යම් උපත් පාලන ක්‍රමයක් මෙන්ම රටට අදායම් ලැබෙන විදේශිය වෘත්තිකයන් නිෂ්පාදනය තුල එය සපුරාගත හැකියාවද ඇත මේ අනුව ලංකාවට අයත් ලංකාව මෙන් අටගුණයක් විශාල සාගරය පරිහරණය කරගෙන භුමිය මත ඉදිකිරීම් කරන සුළං හා සූර්‍ය බලාගාර ඉදිකිරීම් මෙනම සංචාරක හා විවිධාකාර ජලය භාවිතාකරන කර්මාන්තයන්ට ලංකාවට අ⁣යත් සාගර කලාපය ප්‍රයොජනයට ගැනීමේ සංවර්ධන උපායන් අවශ්‍යව ඇත. කෙසේ හෝ පුළුවන් තරම් ජනතාවගේ ජනාවාස එක පොකුරකට පරිසර ආරක්ෂණයක් ඇති තැන්වල ආරක්ෂණයක් ඇතිව ඉදිවීමත් තනිගෙවල් වෙනුවට මහල් නිවාස ඉදිකිරීමත් ඉතාමත් වැඳගත් වේ… ඒ අනුව භූමිය ඉතරු කර ගැනීම වැඳගත්ම කාර්ය්‍ය වේ.

පාරිභෝජනයේ වෙනස් වීම්.

අනවශ්‍ය ලෙස ඉදිකිරීම් කිරීමට අවශ්‍යතාවන්ට සරිලන ලෙස භුමිය ඉතරුකරගත් ක්‍රමවේදයක් තුල ඉදිකිරීම් කිරීම වැඳගත් වේ. ගම වනයට වගාවන්ටද ජලජ බිම් වලටද ගමයි නගරයයි අතර කර්මාන්තයන්ටද වෙන්කර නගරය ජනාවාස කරමින් හැකිතරම් ඉහලට නගරය ගෙනයන සැලසුමක් තුල නගරය බිහිකිරීම ඉතාමත් වැඳගත් වේ ඒ අනුව පළමුදේ ගමේ වනාන්තර හා ජලජ බිම් මෙන්ම පුරාවිද්‍යා ස්ථාන හා සංරක්ෂිත භුමිය ජලජ බිම් හා සාගරය රාජ්‍ය හිමිකම් සහිත අරක්ෂණ වැඩපිළිවෙළක් තුල සංරක්ෂණය කලයුතුව ඇති අතර… සෑම පවුලකටම කුමන හෝ හිමිකමක් හිමිවිය යුතුය. ගොවි ජනතාව වගාකරන බිමේ අයිතින් මත සමුහයක් එකතු වූ ඉඩම් වල අයිතිය මත පොාදු ඉඩම් සමාගම් ලෙස බැංකු හෝ වෙනත් ආයොජන කැඳවමින්ද මහාපරිමාණ වගාබිම් ලෙස ප්‍රතිසංස්කරණය කරගනිමින්ද ජිවත්වෙන ජනාවාසය නගරය තුල පවත්ගෙන යමින් ගොවිතැන කාර්මීකරණය කල යුතුමය.

වගාවන් ලෙස ලංකාවේ වී වගාව අවශ්‍ය පරිභොජනය මත නිෂ්පාදනය කර ගැනීමත් හැකිතාක් ජනතාව පුරුදු කාබෝහයිඩ්‍රේට් ආහාර පරිභොජනය වලකා මස් මාංශ කිරි බිත්තර පරිභොජනයට පුරුදු කිරීමත් ඒ වෙනුවෙන් අතිරික්ත වන ජීවීන් යම් ප්‍රමාණයක බලපත්‍ර මත පරිභොජනයට ගතහැකි නීතියත් කිතුල් තල් පොල් කර්මාන්තය වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමත් වැඳගත් වෙනු ඇත. මෙම ගම හුදකලා කර වනාන්තරය වගාබිම් නිර්මාණය තුල අලි මිනිස් ගැටුමද අවම කරගත හැකි අතර අතිරික්ත අලි ගහණය අලි අවශ්‍යතාවන් ඇති රටවලට අපණයන කර අදායම් ලබාගැනීමත් වැඳගත් වේ ඒ අනුව රටේ  ඉඩම් නිවාස මෙන්ම දෙපල අයිතින් සුරක්ෂිත⁣ කරගෙන රාජ්‍යය⁣ටත් ජනතාවටත් උරුමයක් ඇති රටක් ගොඩනඟා ගැනීම තුල මෙම ඉඩම් නිවාස හා දේපල අර්බුදයට විසදුම් සොයාගත හැකිය…

 අන්තර්ජාල සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය අර්බුදය.

ජනමාධ්‍ය හූවෙන් අඩබෙරයෙන් ලේඛනයෙන් අරම්භ වී කාර්මික ලේඛනය  රේඩියෝවෙන් රූපවාහිනියෙන් අවසන් වී තාක්ෂණිකව අන්තර්ජාලය සමඟ සියල්ල බද්ධ වූ මොහොතක ඊලඟ ජන මාධ්‍ය නිර්මාණ සියල්ලම  Ai ඩිජිටල් තාක්ෂණික මෙවලමකින් පාලනය වන විට එම Ai ඩිජිටල් තාක්ෂණික මෙවලම් පාලනය අභිබවා යන පරිකල්පනීය ජන මාධ්‍ය මෙහෙයුම් මානව බුද්ධි බලවේගයක් ගොඩ නොනැඟුනොත් සමස්තයම එක්තර මොහොතකදී එක තැනක සිරවී නවතිනු ඇත…එබවින් සමස්ත විෂයන් පිලිබඳව විශේෂඤ විමර්ශනයන්  පරීක්ෂණයන්ගෙන් සමන්විත පරිකල්පනීය බුද්ධි මංඩලයක මඟ හෙලිපෙහෙලි කල මාර්ගයක අනාගතය සැලසුම් විය යුතු අතර එවැනිවූ පරිකල්පනීය බුද්ධි මංඩලයක පාලනයක්ද මෙම ඉදිරි ගමනට වැඳගත් වේ.

ඒ අනුව අන්තර්ජාල හා ජනමාධ්‍ය අධීක්ෂණය කරමින් ඒ සඳහ අනාගත ගමන් මඟ සැලසුම් කල සැලසුමක් මත නියමු වැඩපිළිවෙළක් තුල  අන්තර්ජාල හා ජනමාධ්‍ය ගමන හැසිරවිය යුතුමය ට්‍රෙන්ඩින් හා වෙළද අදායම් වෙනුවෙන් ඕනෑම සදාචාරාත්මක නැති කාර්ය්‍යයට පවා මධ්‍ය භාවිතාකරන එක නවතා විනය ශිෂ්ඨත්වය  හා නීත්‍යනුකූල බව සුරක්ෂිත⁣ අධ්‍යපනමය වටිනාකමක් ඇති බුද්ධිමත් පරිකල්පනීය දැනුම වඬන මඟ පෙන්වීම් හා නිත්‍යනූකූල මෙහෙයුම යටතේ අන්ජාලය හා ජනමාධ්‍ය ප්‍රකාශණ නිදහස සුරක්ෂිත⁣ කරමින් අන්තර්ජාල හා ජනමාධ්‍ය අර්බුදයන්ට පිලිතුරක් සොයා ගත යුතුමය.

කෙසේ වූවද අන්තර්ජාල සබඳතා හා අන්තර්ජාල ගබඩා තුලට පවරා ඇති ලේඛන හා තාක්ෂණික සුරක්ෂිත⁣ කිරීම් එසේ පවතිද්දී ලේඛන ආරක්ෂණ දෙපාර්තමේන්තුව පනතක් හරහා පුළුල් කර ලේඛනවලට අමතරව පුරාවිද්‍යාත්මක තොරතුරු නිර්මාණ සමස්ත දක්ත තොරතුරු චිත්‍ර මූර්ති කැටයම් නාට්‍ය චිත්‍රපට ගීත නිර්මාණ තාක්ෂණිකව හා Ai තාක්ෂණික ගබඩා කර ගුවන් විදුලි චිත්‍රපට හා රූපවාහිනී තැටි හා පටි ගබඬා එකතුකර ආරක්ෂණයක් සැලසීම කලයුතුව ඇත.එය තුල ගොලීය දක්ත ගබඩා තුල අපේ රටේ අනන්‍යතාවන් පුරාවිද්‍යා  හා නිර්මාණ මැකීගිය විට අවශ්‍ය දේශිය රාජ්‍ය ආරක්ෂණයක සලසා ගැනීම අත්‍යවශ්‍යමතාවක් වන නිසාය.

ගොඩනැගිලි භාවිතය උචිත කිරීම.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පෞද්ගලික සිලොන් තියටර්ස්  වැනි කාගිල්ස් ප්‍රාග්ධන ආයොජන හා වෙනත් ඉංදියානු සිනමා ආයොජන කැදවාගෙන ඉංදියානු බොලිවුඩ් කොලිවුඩ් වැනිම වූ ලාංකාවේද සිලොන් සිනමා සිටි එකක් සොලිවුඩ් නමින් දැනට රීගල් එක පවතින⁣ බිමඳ ලේක් හවුස් බිමඳ එකතු කර ගනිමින් නිර්මාණය කර ගැනීමට හැකිනම් මරුය. දැනට පවතින⁣ රූපවාහිනිය රේඩියෝවද චිත්‍රපට සංස්ථාවද හැකිනම් එකම ටොරින්ටන් බිම තුලම ස්ථාපිත කර රජයේ ලේක්හවුස් ප්‍රකාශණ ආයතනයද දැනට හිස්ව ඇති චන්ද්‍රිකා මැතිනිය ජිවත්ව සිටි නිලනිවස ගොඩනැගිලි තුලට ගෙනවිත් මුද්‍රණාලය හා කාර්මික උපකරණ රජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යොමුකල හැක.

අවශ්‍ය වුවහොත් එම පත්තර හා ප්‍රකාශණ අවශ්‍ය මුද්‍රණ ප්‍රමාණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කරමින් ලේක්හවුස් පත්තර හා ප්‍රකාශණ සියල්ල ටොරින්ටන් එක තුලම ඩිජිටල් අන්තර්ජාල හා සමාජ මධ්‍ය ප්‍රකාශණ ලෙස අළුත් විදිහට පවත්වාගෙන යෑමත්. මෙම රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයට බත්තරමුල්ල ITN රූපවාහිනී විකාශනයද බද්ධ කරමින් එකම ආයතනයක් ලෙස පවත්ගෙන යෑම තුල අතිරික්ත සේවකයන් තොරතුරු එකතු කිරිම් තුල ප්‍රවර්ධනය කරමින් වැඩි බර අඩුකරමින්ද.

මෙම භුමියත් ශ්‍රි ලංකා පදනමත් එකතුකර සිනමා ප්‍රසංගික ජනමාධ්‍ය ඩිජිටල් Ai හා රූපවාහිනී තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ආරම්භකර පවත්වාගෙන යෑමට ක්‍රියා කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය අණ පනත් සකසා සම්මතකර ගැනීමත් ජනමාධ්‍ය  හා සංකෘතික හා ආගමික කටයුතුද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ආගමික සංකෘතික හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මේ ස්ථානයේම ස්ථාපිත කර ගැනීමත් ජනමාධ්‍ය කරුවන් සඳහා පෙර පැවති ෆෙස් කල්බ් එකද ආරම්භ කරමින් මෙම ටොරින්ටන් ජනමාධ්‍ය චතුරස්‍රය ලෙස රාජ්‍ය මාධ්‍ය ෆෙන්ටගනය ලෙස බිහිකරමින් අනිකුත් සමස්ත මාධ්‍ය විනය හා නීතියට ආදර්ශයක් දෙමින් අළුත් පශ්චාත් නූතන අන්තර්ජාල සමාජ මාධ්‍ය හා ජන මාධ්‍ය අර්බුදයන් ජය ගැනීමට පියවර ගත හැකිව ඇත.

වර්ණගේ සුගත් ෆොන්සේකා.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *