|

ඇගේ වෛරය..!

image source-https://img1.wsimg.com/isteam/ip/8a9f1836-4a54-4e4c-8ad6-94f7a26ba0da/Boudicca.jpg/:/cr=t:0%25,l:0%25,w:100%25,h:100%25/rs=w:400,cg:true

කුමක් සිතුනත් කලහැකි දෙයක් නැත. දැවැන්ත යුධ හමුදෙවකට එරෙහිව තනි ගැහැනියකට කලහැකි දෙයක් නොමැත. 

සිරිලංකා දුපතේ ඉපදී දිග කලසම් ඇදගෙන Colombo lost city එකේ එහෙමෙහෙ යන තඩි ගංකබරයින් වන අප බුඩිකා ගැන දැනගන්නේ basic literature තුලිනි. ක්‍රි.ව 200 දී  Cassius නැමැති රෝම ඉතිහාසඥයා බුඩිකා ගැන විස්තරයක් ලියා තිබෙනවා. නමුත් Tacitus ඇය ගැන ලියු විස්තරය ඉට වඩා තරමක් තාත්විකයැයි මේ post එක ලියන මම සිතමි. එයට හේතුව Tacitus බුඩිකාගේ සමකාලීනයෙක්. අනෙක් අතට Tacitus ගේ මාමණ්ඩිය යුද්ධ කලේ බුඩිකා වාසය කල එංගලන්තය තුල නිසා වඩා බුඩිකා පිලිබදව වඩා නිවැරිදි තොරතුරු Tacitus ට ලබුනු බව මාගේ අවබෝධයයි. එම තොරතුරු අනුව බුඩිකා දාර කදක්. පිරිපුන් ඇග පසග. කලු කොණ්ඩේ සහිත රෝම පිරිමින්ගේ උස අඩි 5 යි අගල් 6 යි. රතු කොණ්ඩේ සහිත බුඩිකා අඩි 6 ක් උසයි. 

image source-https://t3.ftcdn.net/jpg/08/22/22/26/360_F_822222693_Z5gcMNodEaLpheXppQpd7C1cYMJP9GZZ.jpg

සිදුවුන දේ රෝම සෙනෙට් එකේදි කතාකරන්නත්  රෝම කාරයන්ට ලැජ්ජයි. මේ ලැජ්ජාව නිසාම බුඩිකාව මරාදැමීමට plan කෙරෙනවා. ඒ වෙද්දිත් රෝම ප්‍රාන්ත රාජ්‍යයක්වු එංගලන්තයේ ලන්ඩන් city එකටත් බුඩිකා attack කරනවා. මට සිතෙන විධිහට බුඩිකා සටන් කරමින් ගමන්කල මාවත අද එංගලන්තයේ Highway එකක්. A5 විය යුතුයි.  අදටත් ලෝකයේ විශ්වවිද්‍යාල කතා කරන්නේ ඒ බුඩිකාගේ මරණය ගැනයි.

image source-https://static.wikia.nocookie.net/totalwar-ar/images/6/68/Tacitus.png/revision/latest?cb=20210830225653, https://static.wikia.nocookie.net/althistory/images/2/2b/Gaius_Cassius_Longinus.jpg/revision/latest?cb=20210429053354

බුඩිකාගේ මරණය විවාදාත්මකයි. Oxford වැනි එංගලන්තයේ orthodox විශ්වවිද්‍යාල පමණක් නොව Chicago වැනි ඇමෙරිකාවේ metropolitan විශ්වවිද්‍යාල පවා තවමත් බුඩිකාගේ මරණය ගැන පර්යේෂණ නිබන්ධන ලියනව. මේ post එක ලියන නුගත් මට ඔය නිබන්ධන වල එතරම් වැදගත්කමක් නැත. ඒවා බොහොමයක් පාදකවී ඇත්තේ Tacitus ගේ සහ Cassius ගේ සටහන් මතය. නමුත් පිරිමියෙකු විධිහට මම බුබිකාගෙන් එක වටිනා දෙයක් ඉගෙන ගතිමි. එය දේශපාලනික දැනුමක්ය. 

Tacitus සහ Cassius නොලියන්නේ බුඩිකාගේ මේ දේශපාලනික ක්‍රියාව පිලිබදවයි. යමෙකු සිතාමතාම නොලියන දේ තේරුම් ගැනීමට ඔබ සතුව basic literature ටිකක් හෝ තිබිය යුතුයි. 

කව්රු කොහොම මේ idea එක NPP එකට දුනන්නාද කියා මා දන්නේ නැත. Cally Balthazaar කොලඹ පුරපතිනිය ලෙස යෙදීමට NPP ආණ්ඩුව ගත් තීරණය post  Colonial ගෝත්‍රික පිරිමි මධ්‍යස්ථානයක්වු කොළඹ පුරහලට ගහපු ballistic මිසයිල් එකක්. අනේ අම්මේ අර නලිං ද සිල්වා හිටියනම් අද මේ Balthazzar ගැහැනියට මොනව කියයිද ? ඌ සිල්වා කෙනෙක්. ඒ උනාට ඔකා හිටියනම් Balthazaar නම අල්ලගෙන හරි කුණු කතාවක් හදනව. රොහාන් පෙරේරා කියල හිටපු පොත්  ලියන කෙනෙක් මැරුනු වෙලේ නලිං පස්ලි පස්ලි කියමින් රොහාන්ගේ මුස්ලිම් නමට විහිලු කලාලු. නලිං හිටියානම් අද Balthazaar ගේ බර්ගර් කම ජාතිවාදීව අවුස්සල අරන් ඇයට අපහාස කරනව. තොපි පිරිමිද යන ප්‍රශ්ණය ඇසීමට සමත් ගැහැනියක් සිරිලංකා දුපත තුල නොමැතිවීම සිරිලංකාවේ ගැහැනියගේ ප්‍රශ්ණයක් නොව එය දුපත් පිරිමියාගේ පිරිමිකම පිළිබද ප්‍රශ්ණයක් වේ. 

image sources –https://www.aithiya.lk/wp-content/uploads/2023/05/345217170_554495493262067_3686049422314736713_n-292×365.jpg,https://www.lankaweb.com/news/items/wp-content/uploads/2020/09/Manamperi3.jpg

කොළඹ ලස්සන කිරීම පිණිස Kaputas Republic සමය තුල ඝෝඨාභය නන්දසේන හිගන මිනිසුන් අල්ලා කොළඹින් පිටතට දැමීය. Michel Foucault ගැන හෝ Derrida ගැන පංති කරන සිරිලංකාවේ එක ගස් බල්ලෙක් මුග්ධ ගෝඨාගේ මෙම අමන ක්‍රියාව සම්බන්ධව හඩක් නොනැගු බව මම ඉතාලියේ සිට බලාගෙන සිටියෙමි. Michel Foucault වාසය කල Paris city එක තුල  සිරිලංකාවේ මෙන් පකිස් බුරු දේශපාලකයන්ට ඕන ඕන දේවල් සිදුකල නොහැක. Paris city එක තුලත් හිඟන්නන්ව බලෙන් අල්ලාගෙන යයි. බලෙන් එන්නත් විද හිඟන්නන්ට අවශ්‍යය  ප්‍රතිකාර කරයි. බලෙන් අල්ලා නාවා පිරිසිදු කරයි. ආපහු හිටපු තැනටම ගෙනත් බස්සවයි. හිඟන්නෝ මැද ඇගිල්ල උස්සා fu- k your ass කියමින් නගරසභාවේ සාත්තු සේවිකාවන්ට බැණ වදී. නගරයේ සිටින හිඟන මිනිසුන්ට සලකන ආකාරය තීරණය කරන්නේ මධ්‍යම රජයේ දේශපාලනික පාදඩයා නොව නගරයේ පුරපති විසින්ය. අපි මොන ගස් බල්ලොද කොළඹ ගුබ්බැයම් වල ඉඳගෙන Michel Foucault ගැන පංති කරන්න. නේද ? 

හිඟන්නන් නගර අලංකාරයට බාධාවක් ලෙස දකින්නේ දේශපාලනික ගොබ්බයින්ට දර්ශනය නැමැති මානව විෂය පිළිබද අල්ප මාත්‍රික හෝ අවබෝධයක් නොමැති නිසාය. වසර 5000 ක් තිස්සේ පැවතගෙන ආ cities ඇතුලේ Urban planning තුල හිගන්නන් අනිවාර්යෙන් සිටි බව අප ඉතිහාසය නැමැති විෂය තුලින් අවබෝධ කරගනිමු. ඉතිහාස නොදත් ගොබ්බයෙකු තුල පිහිටන philosophy එකක් නැත. 

image source-https://lankasara.com/wp-content/uploads/2023/02/vrai-balthazar.jpg

Balthazaar පුරපතිනිය ලබාගත යුතු පලමු අවබෝධය වනුයේ කොළඹ යනු lost city එකක් බවය. නමුත් එම අවබෝධය Balthazaar ට වටේ ඉන්න පිරිමින්ගෙන් ලැබෙන්නේ නැත. එය යම් තරමක දාර්ශනික අවබෝධයක්ය. Lacan ගේ අදහස් තුලින් මෙම lost තත්වය ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක. නමුත්  Balthazaar ට මෙම අවබෝධය පහසුවෙන් ලබාගත හැකි එක ක්‍රමයක් තිබේය. හැන්දැවට රෝසි සේනානායකගේ ගෙදරට vintage Balthazaar wine බෝතලයක් අරගෙන රැගෙන ගියොත් රෝසි කියල දෙයි කොළඹ නමින් city එකක් නැති බව. එය තක්කඩි පිරිමින් ගොතපු තඩි බොරුවක් බව. 

රෝසි පුරපතිනිය වූ විට මළජංජාලයක් සිදුවේව් කියා මම සිතුවෙමි. නමුත් එවැන්නක් සිදුවුයේ නැත. මා නුගත් බැවින් සිදුවු දේ මා හට සෛද්ධාන්තිකව අවබෝධ කරගත නොහැක. සිදුවිය යුත්තේ capitalism තුල සිටින පිරිමියා ගැහැනිය අභිමුව දෙකට තුනට කැඩී යාමය. දීප්ති කුමාරගෙන් මේ පිළිබදව ඔබ විමසුවහොත් සිදුවු දේ නිසැකවම ඔහු ඔබට පහදා දෙනු ඇත. කෙසේ හෝ කුමන බල රටාවක්  තුල රදාවානේ සුමනෙලා ඉදිරියේ රෝසි නිහඩ විය. 

image source-https://s3.amazonaws.com/adaderanasinhala/1649849134-rosy-senanayaka-L.jpg

කොළඹ නම් භෟමික ප්‍රදේශය තුලදී රදාවානේ සුමනෙලා විසින් රෝසි සේනානායකව ශික්ෂණය කරවනු ලබයි. මෙය අඤ්ඤමඤ්ඤං තත්වයක්වේ. මෙය city එකක් තුල සිදු නොවිය යුත්තක් වේ. Milan නගරය තුල ඇති Gattopardi වැනි discotheque එකකට කෙතරම් සල්ලි තිබුනන් ලී මුදලාලි කෙනෙකුට රිංගිය නොහැක නමුත් සිරිලංකා දුපත තුලදී තරුණ ව්‍යවසායින්ට උපදෙස් දෙන්නේ පොළොන්නරුවේ සහල්  මුදලාලිලාය. 

කොළඹ පුරපතිනිය ලබාගත යුතුවු දෙවන අවබෝධය වනුයේ urban planning නැමැති දේශපාලනික ක්‍රියාව කොළඹ තුල ක්‍රියාත්මක කරවන ආකාරයයි. ජනාධිපති ඝෝඨාභය නන්දසේන arcade හදල බලුප් පත්තුකරල ගත්ත බොළද ආතල් එක ඔබට මතකද ? කෙහේහරි රටක ගියාම ඒ දකින දේ මෙහෙ කරන්න හදන පල් ගොබබ් පිරිමි රැලකට ඔබ චන්දය දීපු නිසයි කොළඹ අද මෙවන් තත්වයක පවතින්නේ. මෙය Dhaka සහ තුත්තුකුඩිය නැමැති නගර මට්ටමේ පවතින තත්වයක්. තුත්තුකුඩිය ඉන්දියාවේ රජය විසින් නුදුරේදීම කණපිට හරවා වෙනස් කරවනු ඇත. පදික වේදිකාවන් අයිනේ කඩවල් තුල මිනිසුන් වෙළදාම් කරන ප්‍රදේශයක් තමයි කොළඹ කියන්නේ. නමුත් අර්ථයෙන් නගරයක් යනු මෙවැන්නක් නොවේය. 

දශක 4 කට පමණ පෙර කොළඹ නමින් city එකක් චායාමාත්‍රයක්‌ ලෙස පැවතුක බව සැබෑය. පසුව එය lost විය. නගරයක සිදුවිය යුත්තේ city center එක විසින් නගරයට එන ගැමියාව metropolitan ආකාරයට ශික්ෂණය කිරීමයි. නමුත් කොළඹ සිදුවුයේ ගමෙන් කඩාපැන්න ගැමියො නගරය ආක්‍රමණය කිරිමයි. නිදහස් අධ්‍යාපනය නැමැති යුධ ටැංකියේ නැගී ආ ගැමියන් කොළඹ ආක්‍රමණය කල නිසා එතෙක් නගරයේ ජීවත්වු metropolitan ජනතාව අවතැන් විය. කොළඹ කුරුදුවත්තේ ජනතාව රට හැර දමා කරපිංචා පැල පෝච්චිවල දමාගෙන ඇමාරිකාවේ California හි පදංචියට ගියදා කොළඹ lost විය. කොළඹ සන්නිය චිත්‍රපටය තුල නගරයට අනුරුපීව හිකමීමට වෙහෙසවෙන ගැමියන්ව විදහා දැක්වේ. මෙම ගැමි පරම්පරාවට පසු කොළඹට කඩා වැදුනු post modern රදාවානේ සුමනෙලා කුරුදු වත්තට අනුකූල විධිහට ශික්ෂණය වීම වෙනුවට සිදුකලේ ගෝත්‍රික බඩවැල් වලින්  කුරුදුවත්ත වටේට වැටකම්බි ගැසීමයි. Kaputas Republic පාලන කාලය තුලදී විමල් වීරවංශ වැනි ගැමියෙකුට කොළඹින් වැඩි චක්ද ප්‍රමාණයක් ලැබීම කුමන මඤ්ඤමක්දැයි ඔබ විසින් මදක් කල්පනා කලයුතුය. Paris city එකේ මෙන්ම Milan city එකේද සමහර ආපනශාලා තුලට මේ post එක ලියන මා වැනි ගංකබරයින්ට ඇතුලුවිය නොහැක.

කොළඹ යනු දුෂණයට ලක්කල අපහාස කලයුතු ගණිකාවක් ලෙස දැකීමට රදාවානේ සුමනෙලා පුරුදු විය. ග්‍රාමීය රදාවානේ සුමනෙලාට කොළඹ කුරුදු වත්ත සමග තිබු බද්ධ වෛරය සාහිත්‍යයකරණය විය. ඒ ගැන ගීත පවා ලියවුනි. මෙම දේශපාලනික තත්වය මම Kapuge Syndrome ලෙස හදුන්වමි. 

පුර යනු නගර සම්බන්ධව ඉන්දියාව තුල බිහිවු පුරාණ සංකල්පයක්. Urban planning ගැන පුරාණ ඉන්දියාව සතුවු ශිල්පඥාණය මේ post එක ලියන නූගත් මා හට අදහාගත නොහැක. හින්දු ධර්මයට අනකූලව ඔව්හු හින්දු කෝවිල් ඉදිකලහ. පුරාණ ග්‍රන්ථ වල හින්දු කෝවිල් වල architecture එක හැදින්වෙන්නේ මගර ප්‍රනාලි නාමයෙනි. මගර යනු කිඹුලාය. කිඹුලෙකුගේ ප්‍රනාලය පරිදි අඩියෙන් අඩිය අභ්‍යන්තරයට යාහැකි පරිදි හින්දු කෝවිල් ඉදිකර ඇත. පුරයක් තුල පැවතිය යුතු කෝවිල් අධිකරණ වැනි සමාජ ආයතන පිහිටුවාලිය යුතු ගොඩනැගිලි පිළිබදව පුරාණ ඉන්දියාව සතුවු දැනුම විශ්මය ජනකය. ඉටත් වඩා විශ්මය ජනක වන්නේ පුරයෙන් පුරයට පැවති වෙනස් අනන්‍යතාවයක් පුරාණ ඉන්දියානු ජනතාව හදුනාගෙන තිබීමයි. Agora සහ Athena යනු වෙනමම අනන්‍යතාවයන් සහිත ග්‍රීක නගරයන් බව අපි දනිමු. ඒ අයුරින් පාඨලීපුත්‍ර සහ රජගහ යන නගර පුරාණ ඉන්දියාව තුල වෙනස් අනන්‍යතාවයන් සහිත නගරයන් විය.

city එකක් යනු composite ජීවියෙකු බව මිනිස්සු අවබෝධ කරගෙන සිටියහ.

කොළඹ බහු වාර්ගික නගරයක්වේ. මෙය එදා  බුඩිකා ජීවත්වු ගෝත්‍රික පසුබිම වැනිය. ගෝත්‍රිකයින් එකතුකර composite living entity එකක් පවත්වාගෙන යාම පුරපතිගේ කාර්යයි. composite entity එකක් ගොඩනැගීමට නම් common identity එකක් ගොඩනැගීම සිදුකල යුතුය. common identity එකක් ගොඩ නැගෙන්නේ social intellect එක තුලය. එය common intellect එකක්වේ. අපි එය General Intellect ලෙස හදුන්වමු. කොළඹ තුල සිටින්නේ විශේෂඥයින් කිහිපදනෙකුත් සහ සෙසු සාමාන්‍යය පකිස් බුරුබන් රැ ලකුත්ය. common intellect එකක් නැත. එනිසා common people නැත. ඇළ බෝක්කු සුද්ද කිරීම නොව common identity එකක් ඇති citizens ලා city එක තුල බිහිකිරීම කොළඹ පුරපතිගේ කාර්යයි. තට්ටු නිවාස සංකීර්ණ තුල වාසය කල යුත්තේ එකිනෙකාට colours පෙන්වන බෝධිලාමා කටුස්සන් නොව common people ලාය. 

(Christchurch Art Gallery)

image source-https://lp-cms-production.imgix.net/2023-06/iStock-949703142.jpg?w=1920&h=640&fit=crop&crop=faces%2Cedges&auto=format&q=75

Jana Chamin.

.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *