ඉතිහාසය සාහිත්‍යය කන්නද..!
-බදුගේ සමන්
ඉතිහාසය අයින් කිරීම.
ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයන් වලින් කරන්නේ තමන්ගේ ඉතිහාසය,අතීතය,අක්මුල් මතක තියෙන හා සමාජයේ අනෙකා ගැන හිතන පරිසරය ,ස්වභාව ධර්මය ගැන සංවේදී ,අනෙකාට ගරුකරන යහපත් මිනිහෙක් සමාජයට නිර්මානය කිරීමයි.

77 දී බලයට පැමිනි JR හදුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඔයකියන මිනිහා ඉන්න සමාජය ගැලපෙන්නේ compatible නැහැ. JR ගේ විවෘත ආර්තිකය ක්‍රියාත්මක කරන්න නම් බල්ලෝ මරලහරි පට් පට් ගාලා Something එක හොයන්න සූදානං මිනිහෙක් ඉන්න සමාජයක් තිබිය යුතුයි. ඒක JR දැනගන සිටිය නිසා තමයි ඒ මිහිහා හදන්න ඕන නිසා ඉතිහාසය, සාහිත්‍ය පාසල් විෂය ධාරාවෙන් අයින් කරන්න ඔහු යෝජනා කරේ.

https://island.lk/wp-content/uploads/2024/08/JR-Jayewardene.jpg
ඉතිහාසය පාසල් විෂයධාරාවෙන් ඉවත්කිරීමට මේ ආන්ඩුව නැවත තීරනය කර ඇතැයි සමාජ මධ්‍යවෙල මේදිනවල ප්‍රචාරය වන පුවත අසත්‍යක් යයි අගමැතිනි හරිනි අමරසූරිය මාධ්‍ය සාකච්චාවක පුන පුනා කියයි. එය කීප වතාවක්ම මම ඇසීමි. ඇය කියන විදියට අනීවාර්‍ය විෂයයන් 5 ක් තියෙන අතර ඉතිහාසය අඩංගු කර තිබෙනුයේ elective subjects ධාරාවටයි. ඒකියන්නේ option එකක් විදියට ඉතිහාසය හදාරන්න පුලුවන් කියන එක. ඉතිහාසය සෞන්ධර්ය විෂයන් අනීවාර්ය නම් එය compulsory ගොඩේ තිබිය යුතුයි.
ප්‍රංශයේ ඉතිහාසය ඉගැන්වීම.
ඕවා කරන්න කියල ලංකාවට උපදෙස් දෙන IFM එකේ මෑතක් වනතුරුම ප්‍රධානියා වෙලා හිටියේ Christine LAGARDE කියන ප්‍රංශ ජාතික කාන්තාවක්. ඊට කලින් ප්‍රධානියත් ප්‍රංශ ජාතිකයෙක්, ඔහු ඇමරිකාවේ හෝටලයකදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්දියකට එහිදී පොලිස් අතඩංගුවට පත්වින. ඉතින් ඔවුන්ගේ රටේ, ප්‍රංශයේ, ඉතිහාසය උගන්වන්නේ CM 1 ( ලංකාවේ විදියට තුන්වෙනි වසර)පංතියේ සිට. ඉතිහාසය හා භූගෝලය Histoire Géo යනුවෙන් දෙකම එක විෂයක් ලෙස එය උසස්පෙල දක්වා සියලුම සිසුන්ට අනීවාර්යය වේ. දහයේ පංතියේ ඉතිහාසය ගැන පටන් ගන්නේ ක්‍රි.පූ 2500 වගේ ඈතට දිවෙන ඊජිප්තුවේ පිරමිඩ් හදපු කාලේ සිට. ඊට අමතරව උසස්පෙල පංතියේදී philo නමින් හදුන්වන දර්ශනය විෂයත් අනීවාර්ය වේ. මම ලමුන්ගේ ඒ පාසල්පොත් කියවල තමයි ප්‍රංශය ගැන බොහෝ තොර තුරු දැනගත්තේ.
ඉතිහාසය කන්නද?
ඉතිහාසය, සෞන්දර්ය අනීවාර්ය විෂයන් වලින් ඉවත් කිරීමට ගෙනඑන යෝජනාව පිලිබද මාතෘකාව විවාදයන්ට ලක්වී තිබේ. එවැනි වාදවිවාද තියෙන එක ඉතාමත් හොද දෙයක්.ඒ විවාද වලිදී නොකියවුනු, මට තියෙන අදහසක් ලිවීම තමයි මේසටහනේ අරමුණ. ඉතිහාසය, කලාව, මෙච්චර කල් උගන්වලා හොරු රැලක් තමයි ඒවායි බිහිකරලා තියෙන්නේ කියලත් පොස්ට් FB එකේ ලියලා තියෙනව දැක්කා. ඉතිහාසයේ විකෘති කිරීම් තියෙන එක ඇත්ත. ඒ විකෘති කිරීම් ඉතිහාසයේ විතරද තියෙන්නෙ? ඉන්දියානු කතුවරයෙකු ලියූ ප්‍රබන්ධ කතාවක එන චරිතයක් වන රවනා කියන්නේ ඇත්ත රජෙක් කියලා විශ්වාස කරන මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද? බෞද්ධයෝ බෝගස් කිරිවෙලින් නෑවීමයි බුදුහාමුදුරුවෝ දේශනා කල දර්ශනයය් අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ලංකාවේ ඉතිහාසයත් ඔය පසුගාමී ලක්ෂනත් එක්ක තමයි තියෙන්නේ.
ඉතිහාසය, සෞන්දර්‍ය තමයි මිනිස් ශිෂ්ඨාචාරය ඉස්සරහට ගෙනයන්නේ. ශිෂ්ඨාචාරය හැදිලා තියෙන්නෙත් ඕවානිසා. මිනිසාගේ පරිකල්පනය දියුනු වෙන්නේ සෞන්දර්‍යයෙන්.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_4f35ff7e2a.jpg
පැරිසිය තමයි ලෝකේ වැඩියෙන්ම සංචාරකයින් බලන්න එන නගර වලින් එකක් වෙන්නේ. පැරිසිය නරඹන්න ඒ සා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් එන්නේ පැරිසියේ තියෙන ඉතිහාසික හා සෞන්ධර් ය දේවල් නිසා මිසක්ප පැරිසියේ තියෙන ස්වාභාවික පිහිටීමේ ලස්සනක් නිසා නෙවෙයි. උදා. පැරීසියේ තියෙන Notre Dame de Paris කියන පල්ලිය ගැන පොත්පත් කොච්චර ලියවිලා ඇත්ද? 1831 දී victor Hugo ලියන ලද සිහලෙන් පරිවර්තනය වෙලා තියෙන ‘කුදාගේ ආලය’ නවකතාව තියෙන්නේ එම පල්ලියේ ඝාංඨාරය ගහපු කොන්ද කුදුඋන මිනිහා ගැන. එම පල්ලිය ගැන හදාපු චිත්‍රපට, නාට්‍ය, චිත්‍රකතා, ඔපෙරා කොච්චර තියෙනවද? ඒවාගැන අහපු, බලපු අය ලෝකේ පුරාම ඉන්නව. හයිෆල් කුලුන හා බැදුනු ඉතිහාසයක් තියෙනව.

https://www.tourisme93.com/Local/tourisme93/files/1621/gs_album_00000001042.jpg
බැස්ටීලය ගැන පැයගනන් කතාකරන්න ඉතිහාසයක් තියෙනව. පැරිසියේ පාරවල් වල නම් ප්‍රංශයේ ඉතිහාසයට සම්බංද ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම්. පැරීසිය මැදින් යන ඇලක් තියෙනව canal St Martin කියල. එහි එක කෙලවරක සිට අනෙත් කෙලවරට බෝට්ටුවේ යන්න පැය එක හමාරක් විතර යනව. ඒ ගමන පුරාවටම බෝටුවේ විස්තර ප්‍රචාරය කරන්නා විස්තර කරන්නේ ඒ ඇලේ සහ අවට ගොඩනැගිලි වල ඉතිහාසය. ඉතිං ඔය ඉතිහාස කතාව වෙනුවට සංගීතයක් ප්‍රචාරය කලොත් ඔය බෝට් ට්‍රිප් එකෙන් වැඩක් තියෙනවද?
ලංකාවේ සංචාරක ආකර්ෂණය.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_c7d726afd8.jpg
ලංකාවේ ගත්තොත්, අනුරාධපුර, පොලොන්නරුව, සීගිරියේ සුද්දෝ පිරිලා ඉන්නේ ඒවායේ තියෙන ඓතිහාසික, කලාත්මක වැදගත් කම නිසා මිසක් ස්වාභාවික පරිසරයේ විශේෂ ලස්සනක් නිසා නෙවෙයි. කොඹට වඩා සුද්දෝ ගාල්ලේ කොටුව බලන්න යන්නේ ඒකේ ඓතිහාසික වැදගත් කම නිසා මිසක් ඒ වටේ තියෙන ලොකු තාප්පේ බලන්න නෙවෙයි. නුවර එලියේ තියෙන ලස්සන හෝටල්වල පින්තූර ගන්නවට වඩා සුද්දෝ පින්තූර ගන්නේ පරණ තැපැල් කන්තෝරුව. ඉතිං ඉතිහාසයයි සෞනදර් යි අවශ්‍ය වෙන්නේ ඕවා ඉස්සරහට ගෙනයන්න ඕන මිනිස්සු හදන්න ඕන නිසා.
ඒ විතරක් නෙවෙයි කලාව සෞන්දර්ය කියන්නේ බලසම්පන්න අවියක්. ක්‍රි.ව.1500 ගනන් වල්දී ඇරබුනු සුදු අධිරාජය වාදීන්ගේ, විශේෂයෙන් ඉන්ග්‍රීසින්, රටවල් යටත් කරගැනීමට ගියපු නැව්වල සොල්දාදුවන්ට අමතරව ඉතිහාසඥ්ඥයින්, භූගෝල විද්‍යාඥ්දයින්, පූජකවරු සහ කලාකරුවන් ඉදල තියෙනව. බද්දේගම ලියපු Lenard Wolff ලා අපිට ලංකාවෙන් හමුවෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
වර්තමානයේ ඇමරිකාව වැනි බලවත් රටවල් තම ආධිපත්‍ය ලොව පුරා පැතිර වීමට යුධ, ආර්තික බලය යොදවනව වගේම කලාවේ බලයත් යොදවනව. ඒකට කියන්නෙ Soft Power කියලා. කලාවෙන් විශේෂයෙන් චිත්‍ර පට මගින් ලෝකේ අනෙක් රටවල ජනතාවට තම ආධිපති මතවාදය පැටවීම කරන්නේ ඒ මගින්. ඉන්දියාවත් ඒක තේරුම් අරං දැන් ගොඩක් කල්. ඉන්දියන් චිත්‍ර පට අනෙක් රටවල සංසකෘතිය ආක්‍රමනය කරන්නේ ඉතාමත් මෘදු විදියට. ඒකට තමයි දේශපාලන සමාජ විද්‍යාවෙදී Soft Power කියන්නේ.(මේවා වර්ජනය කරන්න ඕන කියලා නෙවෙයි මේ කියන්නේ)සාහිත්‍යයේ කලාවේ බලය ගැන කියන්න මේක ලිව්වේ.
ඉතිං කලාව සාහිත්‍ය ලමයින්ට ඉගැන්වූයේ නැත්නම් බල්ලෝ මරල හරි සල්ලි හොයන මිනිස්සු තමයි තවතවත් වැඩිවෙන්නේ.
