|

ඉසිප්‍රියා සහ රිචර්ඩ් ද සොයිසා..!

රිචඩ් ද සොයිසා(Richard de Zoysa) ශෝභාගේ වත්තේ සිටවු ළුනු ගෙඩියක් ගැන මෙම post එකේදී ලියවෙන අතර හුදී කුණු රසයත් කාලකන්නි ජීවිත වල ගොබ්බ විනෝදයත් සොයනා අය මෙම post එක හොරෙන්වත් නොකියවා වෙනත් මෝඩ චුන් එකක් සොයාගෙන යෑම සුදුසුය. මෙය දේශපාලනික ලිපියක් වන බැවින් කිසිවෙකුගේ සිත රිදීමක් හෝ කිසිවෙකුගේ කුල්මත් වීමක් මගෙ බල්ලටවත් අදාල නැත. දේශපාලනය කල යුත්තේ නුල කඩා ගත් පිරිමින්ය.

literary theory.

ඔබගේ අවබෝධමය පහසුව තකා political theories හැර දමා basic literature ටිකක් දේශපාලනය පැහැදිලි කිරීමට මෙහිදී භාවිතා කරමි. පුතා නිසා මව උත්කර්ශවත් වුනේද මව නිසා පුතා පුතා උත්කර්ශවත් වුනේද යන paradox එකට අපි රිචඩ් ද සොයිසා නිසා මුහුන දෙමු. Emily Bronte විසින් රචිත Wuthering Heights නව කතාව තුල Catherine නිසා Heathcliff උත්කර්ශවත් වුනේද නැතිනම් Heathcliff නිසා Catherine උත්කර්ශවත් වුනේද යන paradox එකට මෙලෙසම අපි මුහුන දෙමු. මෙවැනි කාරණා අපගේ ළිං මැඩි ලෝකය තුල අපට විසදා ගත නොහැක. ඒ සදහා අපට literary theory එකක් භාවිතා කිරීමට සිදු වේ.

image source
https://i.ebayimg.com/images/g/rlIAAOSwLe5mYj5u/s-l1600.webp

මම මෙහිදී Konstantin Stanislavski ගේ literary theory එක භාවිතා කරමි. Dante ගේ psychology ගැන පොත් ලියු පල් තක්කඩිත් සිරිලංකා දුපතේ සිටින නිසා Stanislavski ගේ literary theory එක පිළිබදව පැහැදිලි කිරීමකින් තොරව මම එය මෙම ලිපිය සදහා භාවිතයට ගනිමි.

නව කතාවක් තුල move වන චරිත නිසා story එකක් බිහිවේ. Stanislavski literary theory එකට අනුව මෙම චරිත layers වලින් සකස් වී ඇත. ළුනු ගෙඩියක අභ්‍යයන්තරය බදුය. ළුනු ගෙඩියක් දෙකට කැපු කල පෙනෙන අයුරින් එක එක layers නව කතාවක හමුවන දෑම චරිතයක් තුලම ඇත.

Characters ගැන.

Heathcliff ගේ ඇදුම සහ සපත්තු එම character එකේ එක layer එකක් වනවා සේම Catherine ගේ ඇදුම සහ ඇයගේ කොණ්ඩා විලාසිතාව එම character එකේ layer එකක් වේ. මේවා character එකක outer layers වේ. character එකක් move වන විට එම character එක තුල ඇති inner layers පෙනීමට පටන් ගනී. character එකක් තුල ඇති කරුණාවන්තකම හෝ නිර්භීත බව එසේත් නැතිනම් character එකක් තුල ඇති romantic බව හෝ sexual credulity බව අපට පෙනෙන්නේ නව කතාව ගලාගෙන යන විටදීය.

නවකතාවක් තුල ඇති character එක කතා කරන voice එක එළියට ගිය ක්ෂණයෙන් එම character එක තුල ඇති innermost layers අපට විද්‍යාමාන වීමට පටන් ගනී. character එකක් කතා කරන විට එම හඬ එකී character එකේ අභ්‍යන්තරයේ ඇති අප මෙතෙක් නොදුටු inner layers අප හට පෙනෙන්නට පටන් ගනී. ඔබගේ පහසුව තකා Gayatri Spivak ගේ Can the Subaltern Speak ග්‍රන්ථය මෙහිදී ඔබගේ මතකයට නගා ගන්නා ලෙස මම ඔබට ආයචනා කරමි.

නව කතාවක් තුල ඇති චරිතයක් කතා කිරීමට පටන් ගත් විගසම එම චරිතය පාවිච්චි කරන වචන නිසා ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන මට්ටම, චින්තන මට්ටම සහ ඔහු හෝ ඇය අයත් වන ආර්ථික මට්ටම අපට විද්‍යාමාන වීමට පටන් ගනී. චරිතයක් කතා කිරිමට පටන් ගත් විට එම චරිතය අයත් වන සමාජ පංතිය අපට පෙනෙන්නට පටන් ගනී. මෙය Wuthering Heights නව කතාව තුල මැනවින් විද්‍යාමාන වේ. Catherine ගේ voice එක තුල ඇයගේ සමාජ පංතියත් Heathcliff ගේ voice එක තුල ඔහුගේ සමාජ පංතියත් අපට විද්‍යාමාන වන අතර මෙය තව දුරටත් පාඨකයා හට සැගවිය නොහැකි කාරණාවක් බවට පත්වේ. සියලුම නවකතා වලට මෙය සිද්ධානතයක් වන බැවින් අපි එය Stanislavski literary theory එක ලෙස භාවිතයට ගනිමු.

ඉසිප්‍රියාව දකුණේ හඳුනාගැනීම.

දැන් අපි රිචඩ් ද සොයිසා සහ උතුරේ ඩෙල්ෆ්ට් දුපතේ මිනිසුන් ශෝභා නමින් හදුනාගෙන සිටි ශෝභනා ධර්මරාජා (Isaipriya) දෙදෙනාව නව කතාවක context එකක් තුල තබමු. ශෝභාව සිරිලංකා දුපතේ දකුණේ පිරිමින් හදුන්වන්නේ කොටි මාධ්‍යය ඒකකයේ ඉසිප්‍රියා යනුවෙනි. නව කතාව තුල plot එක සරලය. සිරිලංකා දුපත handle කල පාදඩ දේශපාලකයින් නිසා මේ දෙදෙනාම

තරුණ වයසේදි එකම ඉරණමකට මුහුන දීමට සිදු විය. රිචඩ්ව වසය අවුරුදු 31 දී මරා දැමෙන අතර ශෝභා හෙවත් ඉසයප්‍රියාව(Isaipriya) වසය අවුරුදු 27 දී මරා දැමේ. ළුනු ගෙඩියක layers ගලවනවා මෙන් අපි දැන් මේ characters දෙකේ layers ගලවමු. outer layer එක මෙසේ පෙනේ – රිචඩ් සහ ශෝභා දෙදෙනාම ජනමාධ්‍යයකරුවන් වන අතරම outer layer එකෙන් රිචඩ් දකුණේ සිංහල වන අතර ශෝභා උතුරේ දෙමළ වේ. character එකක outer layer එකට වඩා නවකතාව තුල ඔවුන්ගේ ඉරණම් තීරණය කරන්නේ ඔවුන්ගේ inner layers විසිනි. දැන් අපි ඔවුන්ගේ inner layers වලට යමු.

රිචඩ් posh ය. ශෝභා(Isaipriya) හද්දා ගොඩේය. ගම් ගොඩින් දිග කලිසම ඇදගෙන කොළඹට කඩා වැදුනු රදාවානේ සුමනෙලා කොළඹ ආක්‍රමණය කිරිම නිසා රිචඩ්ට Colombo lost city එකේ metropolitan center එක වු කුරුදුවත්ත අතහැර Colombo lost city පිට රවුමක පිහියා ඇති රාජගිරිය වැනි තැනකට විතැන් වන්නට සිදු විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක දියත් කල රිවිරැස මෙහෙයුම නිසා ශෝභාට ඩෙල්ෆ්ට් දුපතින් කිලිනෝච්ච්යට විතැන් වීමට සිදු විය. postcolonial සිරිලංකා දුපත handle කරන කොළඹ පිරිමි පාසැල් 5 න් එකකට රිචඩ් පාසැල් ගොස් ඇත. ශෝභා(Isaipriya) හද්දා ගොඩේ පාසැලකට ගොස් ඇත. රිචඩ්ට හොඳ පඩියක් ලැබේ. ශෝභාගේ පඩිය රු. 10000 ක් වේ. රිචඩ්ගේ මව මනෝරාණී වෛද්‍යයවරියක් වේ. ඉසප්‍රියාගේ මව, කිකාම්ම නිකං ගොඩේ ගැහැනියක් වේ. රිචඩ් ඉංග්‍රිසි කතා කරයි. ශෝභා(Isaipriya) දෙමළ කතා කරයි.

image source
https://slleader.lk/images/Supriya_cover.jpg

රිචඩ්ලාගේ සහ ඉසිප්‍රියලාගේ පරතරය.

රිචඩ් ඉංග්‍රිසියෙන් Shakespeare නාට්‍යය වල රගපායි. ශෝභා සිය දරුවාව දමිල නැලවිලි ගීයක් ගයමින් නලවයි. රිචඩ්ගේ මව ඉංග්‍රසි නාට්‍යය වල රගපායි. ඉසප්‍රියාගේ(Isaipriya) මව එළුවෝ තුන් දෙනෙකුව දක්කාගෙන යයි. රිචඩ්ගේ මව මනෝරාණී වෛද්‍යයවරියක් නිසා සමාජය තුල පවතී. ශෝභාගේ මව පවතිනවා තබා මොලොව ඉපදීවත් නැත. රිචඩ් කතා කරන විට posh voice එකක් පිටවේ. ශෝභා කතා කරන විට කිරලෙකු කෑ ගසන හඩක් පිටවේ. රිචඩ්ගේ හඩ ඔහුගේ සමාජ පංතිය සංකේතවත් කරයි. ශෝභාගේ හඩ ඇයගේ සමාජ පංතිය සංකේතවත් කරයි.

Stanislavski literary theory එකට අනුව character එකක innermost layers පෙනෙන්නට ගත් විට එදෙස බලා සිටින පාඨකයා එම characters වලට යම් ප්‍රතිචාරයක් දක්වන්නට පටන් ගනී. දකුණේ තක්කඩි බල්ලෝ “ අහෝ රිචඩ් වැනි මානව හිතවාදියෙක් “ කියා දෙඅත් අහසට උස්සා වටේ සිටින ගැහැනුන්ට ඇසෙන්නට හයියෙන් කෑ ගසා අයාචනා කරති. ශෝභා මරා දමා වසර 17ක් ගතවී ඇතත් ශෝභා ගැන තඹ පයිසෙකටවත් දකුණේ පිරිමි මායිම් නොකරති. අශෝක හදහම රිචඩ්ගේ මව ගැන චිත්‍රපටයක්ද සාදා ප්‍රදර්ශනය කරයි. ශෝභාගේ මවගේ සමාජ පංතිය නිසා ඇයව චිත්‍රපට කැමරාවකට අසු නොවේ. හදගමගේ චිත්‍රපටය බලන්නට ගොස් ගෙදර එන රදාවානේ සුමනෙලා දෙඅත් අහසට උස්සා අහෝ රාණි රාණි රාණි කියමින් YouTube චැනල් වල හැමිණෙති. ශෝභාගේ මවගේ නමක්වත් කිසිවෙකු නොදනිති.

තමිළීනීගේ (Thamilini) ගේ “තියුණූ අසිපතක සෙවණ යට” (In the Shadow of a Sharp Sword) පොතෙහි 2019 වසරේ මැයි 18 වන දින ශ්‍රිලංකා යුධ හමුදාවට බාර වු ශෝභා(Isaipriya) සිය දරුවාද වඩාගෙන හිදගෙන සිටි බව Tamilini ලියයි. ඊලඟ මොහෛත් ඇයට අත්වු ඉරණම ඔබ කවුරුත් හොදින්ම දනිති. අවසානයේදි ජනාධිපති නන්දසේනට ශෝභා සහ සෙසු අයට අත්වු ඉරණම ගැන සෙවීමට කොමිසමක් පත් කිරීමට සිදු විය.

උත්කර්ෂවත් වෙන චරිත.

නන්දසේනගේ bootlickers ලා වු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ නිමල් අබේසිරි යන දෙදෙනාද මෙම කොමිසමේ ඇතුලට නන්දසේන කපටිකමින් බැස්වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AMD නවාස් සභාපතිත්වය දැරු එම කොමිසමද අවසානයේදි ශෝභාගේ(Isaipriya) ඝාතනය පිලිබදව නිසි විනිවිද පරීක්ෂණයක් කිරිමට නිර්දේශයක් ඉදිරිපත් කලේය. එවන් පරීක්ෂණයක් සිදු නොවීම යහපත් වන්නේ මරා දැමුවන් පිළිබද මෙවන් පරීක්ෂණ දමේ දුපත තුල අමු joke නිසාය. සෑම මිනිසෙකුගේම මරණයට අවසාන ගෞරවයක් තිබිය යුතුය. මරණ joke කිරිම සුදුසු නැත.

දරුවා වඩාගෙන සිටි ශෝභා තුල වු මානව වාදය හෝ ශෝභා(Isaipriya) තුල වු විඤ්ඤප්තිමාත්‍රතා සිද්ධිවාදය හෝ ශෝභා තුල වු වෙනත් කුමන රෙද්දක් ගැනවත් දකුණේ දිග කලිසම අදින රදාවානේ සුමනෙලා කිසිවෙකු කතා කරන්නේ නැත. ඒ ඇයි ? රිචඩ්ව රොනී පෙර්රා විසින් පැහැර ගත් බව තමන් දුටු බව රිචඩ්ගේ මව පවසයි. ශෝභා හමුදාවට බාර වු බවට Tamilini පවසයි. නව කතාවේ plot අනුව රිචඩ් සහ ශෝභා සෑම අතින්ම සමාන වු ඉරණමකට තරුණ වයසේදී මුහුන දෙති. නමුත් දකුණේ දිග කලිසම අදින රදාවානේ සුමනෙලාට උත්කර්ෂවත් වන්නේ මෙම චරිත දෙකෙන් රිචඩ් පමණය. ඒ ඇයි ?

Stanislavski literary theory අනුව නවකතාවක චරිත වල විවිධ layers දකින්න දකින්න එය කියවන පාඨකයා එම characters වලට react කරන ක්‍රමයක් ඇත.

ප්‍රායෝගික ලෝකය දෙස බැලු කල නව කතාවකට හෝ චිත්‍රපටයකට රිචඩ් සහ ශෝභා(Isaipriya) යන චරිත දෙකෙන් වඩාත් උද්වේගකර වන්නේ ශෝභාගේ(Isaipriya) චරිතයයි. ත්‍රස්තවාදි කල්ලියක ගැහැනියක් ! නමුත් රිචඩ්ගේ පංතිය සිරිලංකාව නැමති postcolonial දුපත තුල phallic වේ.

ඔබ නැවතත් මෙම වාක්‍යය ඛණ්ඩය කියවන්න – “post-colonial සිරිලංකා දුපත තුල “.

රිචඩ් යනු postcolonial රදාවානේ සුමනෙලාට රිචඩ් ද සොයිසා නොව King Richard වේ.

postcolonial context එක තුල පිරිමියෙකු සැපිරිය යුතු සියලුම පාරමිතා රිචඩ් සපුරා ඇත.

රිචඩ් කතා කරන විට ඔහුගේ සමාජ පංතිය ඉන් පිටවේ. රිචඩ්ගේ ළුනු ගෙඩිය ලොකුය. ශෝභාගේ (Isaipriya) ළුනු ගෙඩිය පොඩිය එහි සිවි ගහන්නවත් දෙයක් නැත. සත්‍යය වශයෙන්ම රිචඩ්ට වඩා ශෝභා ගේ story එක boring නොවන thriller එකක් වුනත් ශෝභා ගැන චිත්‍රපටයත් ඇයව මරා දමා වසර 17 ක් ගතවුනත් දකුණේ පිරිමින් විසින් නිපදවෙන්නේ නැත. ඉන්දියාවේදී ශෝභා ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය වුවත් එය තහනම් විය. ශෝභා මෙන් නොව මිය ගිය රිචඩ්ගෙන් බිස්නස් කල හැක. රිචඩ් ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කල හැක. ඕනේනම් වඩාත් romantic වීමට රිචඩ්ගේ මව ගැන චිත්‍රපටයක් වුවත් නිෂ්පාදනය කල හැක.

එකම දිග කලිසම ඇන්දත් postcolonial තත්වයේ සිටින පිරිමින් තුල පහල වන මානව වාදය යුරෝපීය මානව වාදයට වඩා වෙනස්ය. එබැවින් postcolonial condition එක දේශපාලනික වේ. එනිසා Spivak මෙම ප්‍රශ්ණය මතු කරයි – Can the subaltern speak ?

මගේ ප්‍රශ්ණය මෙයයි – who the damn ever listened?

යාපනයේ ළුනු වවයි. කොළඹට වඩා යාපනයේ ළුනු වවයි. නමුත් කොළඹ වවන එක ළුනු ගෙඩියකින් තවමත් යාපනයේ ළුනු යායක් යට කල හැක.

ජනා චාමින්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *