|

JR ජයවර්ධන සහ විජේවීර ..!

JR ජයවර්ධන ආණ්ඩුව 1979 දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (තාවකාලික විධිවිධාන ) ගෙන ඒමට සුදානම් වූ විට ජවිපෙ නායක රෝහණ විජේවීර ඊට විරුද්ධව තවත් පක්ෂ 4ක්  සමග මාස දෙකක හවුලක් හදාගෙන රැස්වීම් 5ක්  කොළඹ සහ තවත් ස්ථාන කීපයක පැවැත්වීය.

එම පක්ෂ 4 නම් ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වාසුදේව සහ වික්රමබාහු නායකත්වය දැරූ නව සම සමාජ පක්ෂය සහ බාල තම්පොගේ දේශපාලන පක්ෂයයි. ආණ්ඩුවේ පත්තර මේ හවුළ හැඳින්වූවේ ‘පස් පාටිය නමිනි.

මෙම හවුල පිළිබඳව රටේ වාමාංශික පිරිස් සතුටට පත්වූ අතර ශක්තිකමත් වමේ ව්‍යාපාරයකට කදිම පදනමක් වැටෙනු ඇතයි බොහෝ අය තුල බලාපොරොත්තු තිබිණ. එහෙත් රැස්වීම් 5ක් පැවැත්වීමෙන් පසු ජවිපෙ මෙම හවුල ඉදිරියට ගෙන යාම නතර කළේය

ඒ මන්දැයි මම රෝහණ විජේවීර හමුවූ විටෙක ඇසීමි. ” මේ සම්බන්ධය පාවිච්චි කරලා අපේ සහෝදරවරුන්ව අඳුනගෙන අපේ පක්ෂ ප්‍රතිපත්ති විවේචනය කරලා අනෙක් වාම පක්ෂ අපේ සහෝදරවරුන්ව බිලී බාගන්නවා සහෝදරයා . ඒ නිසයි හවුල නතරකරලා දැම්මේ ” යනුවෙන් රෝහණ විජේවීර මා සමග කීය

එම පනතට එරෙහිව විජේවීර වචන ලක්ෂ ගණනක් කතා කළේය.  විජේවීර අනුගාමික වත්මන් ජවිපෙ නායකයන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ට වඩා භයානක පනතක් ගෙනවිත් තිබෙන බව පෙරටුගාමී පක්ෂය නොබෝදා චෝදනා කළේය 

එම පක්ෂයේ නායකයනට අනුව ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍යයන් හි ලියන අයද නව පනත යටතේ අත් අඩංගුවට ගෙන අවුරුදු ගණන් කුඩු කර තැබිය හැක 

මාක්ස්වාදී මත දරන්නන්ගේ පාලනයක් ඇතිවූ හැමතැනම වාගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම ධනපති ආණ්ඩුවලට වඩා දරුණු අන්දමින් කරති ධනපති පාලනයන් යටතේ වෙනත් දේශපාලන පක්ෂ පිහිටවීමේ අයිතිය, නිදහස් මැතිවරණ ඇතත් මර්ක්ස්වාදීන් බලය ගත පසු විරුද්ධ මත දරනන්න්ගේ දේශපාලන පක්ෂ තහනම් කරති  පක්ෂ පිහිටවීමට  ධනපති පාලනයන් යටතේ ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස තිබුනද මාක්ස්වාදීන් බලය ගත විට ලිවීමේ නිදහසද අහෝසි කරති ඉඩ දෙන්නේ ආණ්ඩුවේ මාධ්‍යවලට පමණි 

ඔවුන් මර්ධනය කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් පමණක් නොවේ තමන්ගේ පක්ෂයේ අය ගැන සැකයක් ඇතිවූ විට ඔවුන්ද මර්ධනය කරති බොරු නඩු පටලවා  බන්ධනාගාර ගත කරති  මරා  දමති 

Nikita Khrushchev(1894-1971)

මා  මේ ලියන්නේ පච යයි ඔබට හිතෙන් නේ නම් සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වෙනි සමුළුවට නිකිතා කෘෂෙව් ඉදිරිපත් කළ වාර්තාව කියවන්න. මාවෝ පාලනය යටතේ විරුද්ධවාදීන් මර්ධනය කල ආකාරය කියවන්න. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂ විසින් විරුද්ධවාදීන් මර්ධනය කල ආකාරය කියවන්න. උතරු කොරියාවේ මහජනයා මර්ධනය කල සහ කරන ආකාරය කියවන්න. කම්පුචියාවේ ලක්ෂ 15ක් මාක්ස්වාදී පාලකයන් විසින් ඝාතනය කල ආකාරය කියවන්න.  වියට්නාමයේ හෝ චි මින් විරුද්ධවාදීන් ඝාතනය කල ආකාරය කියවන්න. 

ඔය සියල්ල අන්තර්ජාලයේ  තිබේ 

එබැවින් ජේ ආර් ජයවර්ධන ගේ යුඑන්පි ආණ්ඩුව ගෙන ආ ත්‍රස්තවාදය  වැලක්වීමේ  පනතට වඩා බිහිසුණු පනතක් ගෙන එම ගැන පුදුම වෙන්නට දෙයක් නැත.

(ලේඛකයා මුහුණු පොතේ පළකල ලිපියකින් උපුටා දක්වන ලදී)

Bertie Ranaweerage.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *