මැරලින්ලා, ස්වර්ණලා හරිනිලා සහ රදාවානේ සුමනෙලා..!

May be an image of 3 people and text

රැපජීවා යනු කුමක්ද?

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQZtrqTTTW8JYhTSuVHzXWQpKeogrw9k-o2Kg&s

ස්ත්‍රිමාංශය exploitation කිරිමක් බව බැලු බැල්මට ඔබට පෙනීගියත් මෙය ස්ත්‍රිය වෙළදාම මුල්වු පිරිමි සමාජය තුල බඩුවක් බවට පත්කිරිමක් නො‌වන බව basic literature තුලින් අපට පෙනීයයි. ක්‍රි.පු 3 වන සියවසේදි ඉන්දියාව Globalization විය. පර්සියාවේ වරායක ඉන්දියානු නැව් 200 ක් නවතාතිබූ බව Pliny සදහන් කරයි. එකල Global GDP එකෙන් 50% වඩා නිෂ්පාදනය වුයේ ඉන්දියාව තුලය. ස්ත්‍රියකගේ ලස්සන economical value එකක් ලෙසින් කෟටිල්‍යය විසින් වාර්ෂික budget එකට අනුගත කලත් ස්ත්‍රිය බඩුවක් ලෙස නො‌ව human being කෙනෙකු ලෙස එම සමාජය තුල ප්‍රතිෂ්ඨාපනයවී තිබුබව අපට නිරික්ෂණය කලහැක. සේවා ආ‌ර්ථිකය තුලින් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වු ගණිකාව සමග පණ්ඩිතයින් දාර්ශනිකයින් මෙන්ම රාජ්‍යය නායකයින්ද දින සති ගණනන් සංවාද පැවත්වු අවස්ථා අපට basic literature තුල හමුවේ. ගණිකාවකගේ ජිවිතකාලය තුල යම්කිසිවෙකු ඇ‌යට කුමන හෝ‌ නිග්‍රහයක් සිදුකලො‌ත් ඒ‌ පරයාගේ ඇ‌ට 2 කපාදමනු ලැබේ. Michel Foucault ගැන පංති කරමින් මහගම සේකරට මහා මානවවාදියෙකුයැයි කියමින් ඒ‌ අතරම ගැහැනුන්ගේ photo use කර Facebooks පිස්සන් කො‌ටුවේ පාදඩ වැඩ කරනා පාහර පිරිමි ස්ථරයක් එදා ඉන්දියාව තුල සිටියායැයි අපට නිරික්ෂණයකල නො‌හැක.

නුතන ඇ‌මෙරිකාවේ ගාමන්ට්/factory කෙල්ලකට හිමි ස්ත්‍රි ශරිරය liberal markets තුල අලෙවිවු ආ‌කාරය දැන් අපි මදක් විමසා බලමු.

Liberal markets තුල ජනාධීපති Kennedy ගෙන් පසු ජනාධිපතිගේ චුටි දගකාර මල්ලියා වු Robert Kennedy ගේ අතට මාරැවුනත් Marilyn Monroe ඉපදුන ගො‌ඩේ ග්‍රමිය පවුල් පසුබිම නිසා ඒ‌ හැම ඇ‌දක් මතම ඇ‌යට හිමිවුයේ sub human condition එකක්ය. ඉරානයේ Shah රජු Marilyn Monroe දැකගැනිමට ඇ‌මෙරිකාවට පැමිණෙන්නේ ගැහැනියක් නො‌ව exhibit එකක් නරඹන අරමුණින්ය. මේ බව දන්නා Marilyn Monroe තමාව හමුවිමට පැමිණ Shah රජු මුණගැසිම ප්‍රතික්ෂේප කරයි. තමාව මිනිසෙකු ලෙස පිලිගන්නා ලෙස ඇ‌ය කෙතරම් protest කලත් ඇ‌යට සිදුවුයේ ලස්සන නැමැති ටො‌ෆි කො‌ලය ඔතාගෙන ජිවත්විමටය. මරණයට පෙර ඇ‌ය මෙසේ ලියාතැබුවාය – all I protest for right to wink – මා ඉල්ලන්නේ ඉඟිබිඟි කිරිමට මා හට ඇ‌ති අයිතිය පමණි .

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSzXKFINznTpNm-Xv_ngp-MWzuN9LCASZHPWw&s

Elizabeth Taylor ට මෙම ඉරණම මෙලෙසම අත්නො‌විමත් Marilyn Monroe ට මෙම ඉරණම අත්විමත් පිලිබදව සංන්දනය කිරිම ඔබගේ homework පාඩම් වැඩක්වේ. මේ post එක හො‌රෙන් කියවන ඔබද උදේ ඉදන් රැ වෙනකම් සිරිලංකාවේ කලිසම් අදින තඩි ගො‌බ්බයන්ගේ YouTube චැනල් බලමින් කාලය කාදමන කාලකන්නියෙකු වියහැකි නිසා homework පාඩම්වල සාරාංශය මෙසේ සදහන් කරමි – Elizabeth Taylor සිනමාවට අවතිර්ණ වන්නේ Marilyn Monroe වැනි හිගන තුප්පහි පවුල් පසුබිමකින් නො‌වේය. ඇ‌ය ළමා නිලියක් විය. නමුත් ඇ‌මෙරිකානු ස්ත්‍රි icon එන වන්නේ Elizabeth Taylor නො‌ව Marilyn Monroe ය. Marilyn Monroe යනු ගාමන්ට් එකේ වැඩ නිමවි ගෙදර යමින් සිටි ගැහැනියකගේ ශරිරය ආ‌මිකාරයෙකු ගැසු photo එකක් නිසා වෙළද පො‌ලට අවතිර්ණවු ශරිරයක් විය.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ84220u3vMojQ2YebL1w6jJ0StO8k8JcjV6A&s

70 දශකය වනවිටත් දුපත් ගැහැනිය විසින් දුපත් පිරිමියාව overtake කරනු ඇ‌තැයි දුපත් පිරිමියා බියවි සටියේය. ස්වර්ණා මල්ලවාරච්චි සිරිලංකා දුපතේ ස්ත්‍රි icon එක වන්නේ මෙකි වෙළදපො‌ල තුලය. ස්වර්ණාව සිනමාව තුල භාවිතාවු අකාරයෙන් සිරිලංකාවේ දුපත් පිරිමියා තුල පැවති භීතිය මෙන්ම දුපත් පිරිමියාගේ masochist ආ‌ශාවන් තේරැම් ගැනිම basic literature ඇ‌ති පුද්ගලයෙකු හට එතරම් අසිරැ නො‌වේයැයි සිතමි. ස්වර්ණා දිග කලිසමක් ඇ‌දගත් දුපත් පිරිමියාට පො‌ල්ලෙන් ගසයි. මෙකි සිනමාව දුපත් පිරිමියාගේ masochist ආ‌ශාව සමග ප්‍රතිබද්ධවේ. අදටත් ස්වර්ණා මාරයි යනුවෙන් දුපතේ පිරිමි ගො‌බ්බයින් කැගැසිමේ රහස මෙයයි. සිනමාව තුල ස්වර්ණා මල්ලවආරච්චි සැපින්නකසේ දිග කලිසම ඇ‌දගත් ( සරම නො‌ව other වෙනුවෙන් sacrifice එකක් සිදුකර කලිසම ඇ‌දගත් ) දුපත් පිරිමියාව විටින් විට සපාකයි. ස්වර්ණාගේ මෙම සපාකැමට දුපත් පිරිමියා කැමතිවේ. එය ඔහුගේ masochist ආ‌ශාවයි.

ස්වර්ණා සිනමාව තුල නියෝ‌ජනය කරන්නේ ගො‌ඩේ තුප්පහි පවුලක ගැහැනියක්ය. ස්වර්ණා කො‌ළඹ කුරැදුවත්තේ ගැහැනියව සිනමාව තුල නියෝ‌ජනය නො‌කරයි. කලිසම ඇ‌දගත් සිරිලංකාවේ දුපත් පිරිමියාගේ ආ‌ශාව තඩි පස්සක් සහිත කො‌ළඹ කුරැදුවත්තේ ගැහැනියකගෙන් බැනුම් අසමින් නින්දා ලබමින් ජිවත්විම සියුම් ආ‌ශාව නොව ගමේ ගො‌ඩේ වහුටු ගැනියකගෙන් වධපීඩා විදිමින් ජිවත්විමේ සියුම් ආශාවය. එය පිරිමි ආ‌ශාවන්ගේ එක් ප්‍රභේදයක්‌ වන අතර එය masochist ආ‌ශාවක් ලෙස අපි හදුනාගනිමු.

වරක් මම කණ්ඩලම වැව් ඉස්මත්තේ සිටියෙමි. මෙම සිද්ධිය පිලිබදව මිට වසර 8 පෙර මම Facebook පිස්සන් කො‌ටුවට ලියාඇ‌ත්තෙමි. අත්ට්‍රැක්ටරයක් පදවාගෙන ආ‌ ගැහැනියක් වැව් ඉස්මත්තේ තිබු ගො‌ම එකතුකරගෙන අත්ට්‍රැක්ටරය පදවාගෙන යන්නට ගියාය. කණ්ඩලම හෝ‌ටලයේ නිවාඩුවක් ගතකිරිමට පැමිණි සිරිලංකාවේ පිරිමින්ට අත්ට්‍රැක්ටරය පදවාගෙන යන ගො‌ඩේ වහුටු ගැහැනිය මාර romantic විය. කණ්ඩලම හෝ‌ටලයේ කාමරයක සුදු පිරිපුන් ඇ‌ගපසග ඇ‌ති ලස්සන ගැහැනියක් නැවති සිටියාය. ඇ‌ය ආ‌හාර ගත්තේද තනිවමය. ඇ‌ය පාවහන් රහිතව වැවේ රලපනාව මතින් අසිරැවෙන් ගමන් කරමින් සිටියාය. ඉශ්‍රායල් කාරයෙකු Yasser Arafat දෙස බලනා කෝ‌ණයෙකින් වැව්මත්තේ සිටි පිරිමින් ඇ‌ය දෙස බැලාසිටිනවා මම දුටුවෙමි. ඔවුන් ඇ‌ය දෙස බලාසිටිමින් මො‌නවාදෝ‌ කසුකුසුගැ බව මම දුටුමි. ගො‌ම පටවාගෙන ගිය ගො‌ඩේ ගැහැනිය අප කිසිවෙකු දෙස නො‌බැලු අතර ගො‌ම පටවාගෙන යන්නට ගියාය. නමුත් මේ posh ගැහැනිය වැව් රලපනාව මත්තේ අසිරැවෙන් ගමන්කරමින් අප සමග සිනාසිමට උත්සාහ කලාය. අවසානයේ මා ඇ‌ය කරාගො‌ස් කතාකරන තුරැ එතන සිටී කිසිම පිරිමියෙකු හෝ‌ ගැහැනියක ඇ‌ය සමග සිනාසෙනවා මා දුටුවේ නැත.

මා ඉල්ලන්නේ ඉඟිබිඟි කිරිමට මා හට ඇ‌ති අයිතිය පමණි – Marilyn Monroe .

ගැහැනුන් පිරිමින් එක‍තුවන Show Boat නැමැති ගුබ්බැයමක් කලකට පෙර Colombo lost city එක තුල තිබුනි. එකල මා තඩිගංකබරයෙකු වු අතර මා සිතාගෙන සිටියේ ලෝ‌කයේ අම්බානක quality ම බියර් එක Carlsberg බවය. karaoke shows වලට sponsor කලේ Carlsberg නිසා මට එසේ සිතුනබව නො‌දත් මෝ‌ඩයෙකු වීමි මම. කුමක් හෝ‌ සිද්ධියක් නිසා මහගම සේකරගේ ප්‍රබුද්ධ පො‌ත ගැන කතාවක් එතන සිටි බේබද්දන් අතර ඇ‌තිවිය. මෙන්න මේකා ඔවා කියවනවා කියා අපේ ඉස්කෝ‌ලේ හිටිය අයියා කෙනෙකු මාව පෙන්විය. මො‌කක්ද cream එක කියා එකියක් බීමතින් මගෙන් විමසුවාය. කුරැදුවත්තේ ගැණුන්ට බණිනනවා කියා මම පිලිතුරැ දුනිමි. ඔය කිව්වේ…. කිව්වො‌ත් කියන්නේ අපංබ්‍රංශයක්මයි කියා පිරිස සේකරගේ ප්‍රබුද්ධ පො‌ත ගැන මාගේ නිර්වචනයට විරෝ‌ධතාවය පලකලෝ‌ය. වසර කිහිපයකට පසුව credit card එක renew කිරිමට බම්බලපිටියේ පුද්ගලික බැංකුවකට යාමට මට සිදුවියි. මගේ අත්සන tally නො‌විමේ ප්‍රශ්ණයක් නිසා මාව manager කරා යෙමුකෙරිනි. manager ගේ පුටුවේ ඉදගෙන සිටියේ එදා Show Boat එකේ සිටි එකියක්ය. දහවල් කැමට අපි මුහුදුවෙරල අයිනේ වු විශාල විදුරැ ජනේල සහිත buffet කැමකො‌ටුවකො‌ටුවකට රිංගවෙමු.

You were all along the way correct malli

My signature ?

No about Mahayana Sekara

කලකට පෙර තිබු වාණිජ්‍යය සමාජය තුල ස්ත්‍රියගේ “ලස්සන කද” වෙළදපො‌ල තුල භාවිතාවු ආ‌කාරය අප දකින්නේ කෟටිල්‍යයගේ අර්ථශාස්ත්‍රය තුලිනි. එකි සමාජය තුල ස්ත්‍රිය human ලෙස බාරගත්බව මම ඉහත සදහන් කලෙමි. Hermann Hesse ගේ Siddhartha පො‌ත තුල පවා අප දකින්නේ එම සමාජය තුල ලස්සන කදක් හිමි ගණිකාවක් කෙරෙහි තිබු පිරිමි කෝ‌ණයයි. එය කණ්ඩලම වැව් ඉස්මත්තේ දිග කලිසම් ඇ‌දගෙන සිටි කුහක සිරිලංකා පිරිමි කෝ‌ණයට වඩා වෙනස්වු පිරිමි කෝ‌ණයක් විය. මහගම සේකර ඉදිමුන තො‌ල් ඇ‌ති තඩිස්සිවු ඇ‌ස් ඇ‌ති කුරැදුවත්තේ ගැහැනිය දෙස බලනා කෝ‌ණයට වඩා වෙනස් පිරිමි කෝ‌ණයක් විය. එදා කෟටිල්‍යය ගැහැනිය දෙස බැලු පිරිමි කෝ‌ණය. එය Marilyn Monroe දෙස Ford company එකේ ලිපිකරැවෙකු බැලු කෝ‌ණයට වඩා වෙනස් පිරිමි කෝ‌ණයක් විය.

පිරිමියා ගැහැනිය දෙස බලන කෝ‌ණය scale of economy එකට යම් ආ‌කාරයකට සමානුපාති වනබව අප විසින් අවබෝ‌ධ කරගත යුතුය. ගැහැනිය දෙස පිරිමියා බලන කෝ‌ණය යම් භුදේශපාලනික ප්‍රදේශයක සිදුවන නිෂ්පාදනය ක්‍රියාවලිය සමග සැසැදි ඇ‌ති බව අප විසින් අවබෝ‌ධ කරගත යුතුය. Genghis Khan ගේ රාජ්‍යය නිළධාරියෙකු ගැහැනිය දෙස බැලු කෝ‌ණයට වඩා Alexander රජුගේ නිළධාරියෙකු ගැහැනිය දෙස බලනා කෝ‌ණය වෙනස්ය. සත්‍යවශයෙන්ම Aristotle සිටි ග්‍රිසියට වඩා සමාජපිලිගැනිමක් වනලැහැබේ කුඩාරම්වල නිදාගත් Genghis Khan ගේ සමාජයේ සිටි ගැහැනුන් හට හිමිවිය. මාගේ මෙම පුද්ගලික නිරික්ෂණය පිලිබදව ඔබ වික්ෂිප්ත වියහැක. එයට මට කරන්නට දෙයක් නැත. එය ඔබගේ basic literature ගැන ගැටලුවක්ය. Genghis ගේ ගැහැනුන් එම සමාජය තුල තිබුනාවූ නිෂ්පාදන ක්‍රියාවලියට Aristotle ගේ ග්‍රික ගැහැනුන්ට වඩා අවතිර්ණවි සිටිබව මම දනිමි.

by the default masochist structure හිමි සිරිලංකා පිරිමියා අභියස සිරිලංකා දුපත තුල දැතිකැරකවුනු post colonial ආ‌ර්ථික මො‌ඩලය නිසා victim කෙනෙකු බවට පත්වුයේ ගැහැනිය නො‌ව ග්‍රාමිය පිරිමියා බව අප විසින් අවබෝ‌ධ කරගත යුතුය. එකි ආ‌ර්ථක මො‌ඩලය නිසා victimized වු ග්‍රාමිය පිරිමියාව photo ගසා පෙන්විම නිසා මහගම සේකර සාහිතත්‍යය කරැවෙකුගේ නිම්වලලු ඉක්මවා අකණිඨා බ්‍රහ්මලෝ‌කයද පසුකර ගො‌ස් සිරිලංකාවේ දුපත් පිරිමින් තුල පරිසමාප්ත මානවවාදියෙකු බවට පත්විය.

සේකර ගැහැනිය categorize කිරිමක් සිදුකරයි. එම gradient එකේ අම්මා ඉහලින්ම ඇ‌ත. වේසිය මැද තැනක ඇ‌ත. කුරැදුවත්තේ ලස්සන ගැහැනිය සිටින්නේ පතුලේමය. මෙහි authentic ගැහැනිය වන්නේ ග්‍රාමිය ගො‌ඩේ වහුටු ගැහැනියයි. එනම් සේකරට අනුව අප කසාද බැදිය යුත්තේ එම ගැහැනියවයි. සිරිලංකාවේ කලිසම් අදින liberal sunglasses මැට්ටන්ට ස්ත්‍රිවාදය පහලවන්නේ ග්‍රාමිය ගො‌ඩේ වහුටු ගැහැනිය දර්ශනයවිම තුල පමණි. ( liberal sunglass මැට්ටන් යන political terminology එක මවිසින් 2015 වසරේ සිට භාවිතාකර ඇ‌ති බව Facebook පිස්සන් කො‌ටුවේ පහලට ගමන්කලවිට ඔබට සො‌යාගතහැක ) .

මෙයට හේතුවක් ඇ‌ත. සිරිලංකාවේ දිග කලිසම් අදින ග්‍රාමිය පිරිමියාට පො‌ලු පහර එල්ල කලයුත්තේ කුරැදුවත්තේ posh ගැහැනියක් විසින් නො‌ව ග්‍රාමිය වහුටු ගැහැනියක් විසින් බව ස්වර්ණා අපට කියාදේ. සරලවම කො‌ළඹ කුරැදුවත්තේ ගැහැනියව අපට touch කල නො‌හැක. අප masochist නිසා ග්‍රාමිය වහුටු ගැහැනියකගෙන් බැනුම් අසා අපජීවිතය තුල සතුටු වියයුතුය. අපගේ විශ්වයේ කේන්ද්‍රය වන්නේ ග්‍රාමීය වහුටු ගැහැනියයි. මෙය සරලව ඔබට අවබෝ‌ධ කරගැනිම පිනිස යලිත් වරක් Naipul ගේ A half a life නවකතාව කියවිමට මම ඔබට ආ‌රාධනා කරමි.

post colonial structure එක තුල පිරිමියා ගැහැනිය දෙස බලන කෝ‌ණය ඔබට සරලව මෙම නවකතාව තුලින් ග්‍රහණය කරගතහැක.

අද අගමැති හරිණී අමරසූරිය දෙස බලනා දුපත් කුහක පිරිමියාගේ කෝ‌ණයේ kernel එක ඇ‌ත්තේද මා ඉහත පැහැදිලිකල ග්‍රාමිය post colonial මඤ්ඤො‌ක්කා අලය තුලමය. සිරිලංකාවේ දිග කලිසම් අදින ග්‍රාමිය පිරිමියෙකු හට කිසිදා පිරිපුන් ඇ‌ග පසග සහිත කුරැදුවත්ත් posh ගැහැනිය කෙරෙහි ස්ත්‍රිවාදි ආ‌කල්ප පහලවන්නේ නැත. එකී පිරිමියාට ස්ත්‍රිවාදි ආ‌කල්ප පහලවන්නේ වහුටු ග්‍රාමිය ගැහැනියක් කෙරේ පමණය. මෙනිසා සිරිලංකාවේ කුරැදුවත්තේ ගැහැනියකට කිසිදා සිරිලංකාව තුල ” අම්මා ” විය නො‌හැක. සේකර සමග දුපත් පිරිමින් 99.9999 % ක්ම ඒ‌කග්‍රාහි වන්නේ මෙම context එක තුලය. ඔනැම කෙනෙකුට මාගේ මේ විචාරය ගැන විවෘතව මාහට අභියෝ‌ග කලහැක. ඒ‌වාට මුහුනදිම මාගේ යුතුකමක්වේ. මට සේකර සමග කිසිදු ආ‌රාවුලක් නැත. මා මේ කරමින් සිටින්නේ දේශපාලන වැඩක් පමණි.

image source-https://dnm.nflximg.net/api/v6/BvVbc2Wxr2w6QuoANoSpJKEIWjQ/AAAAQagRd6wXEGG4uQG7PHeZHFXUhNLgJpa0isS5M0-uGUxVPtwo_7nwV2U3yTFOzu4-MezYwaLl4ElXHTVOQrwRsHzuxuo3sLwzbuc8q61bBE1YuSO8OV_AlnqLf5pScmNCgxiloyrEluVJboJ0M4y8FBGl9Y8.jpg?r=c02

Marilyn Monroe ගැන ලියවුන පො‌ත් දෙක තුනක්ම ඇ‌ත. කිසිවෙකු වැඩිපුර සදහන් නො‌කරන කාරණාවක් මම ඔබට දැන් අනාවරණය කරමි. factory කෙල්ලෙකු වු Marilyn ගේ පො‌ත්රාක්කයේ James Joyce ගේ Ulysses තිබුබව සදහන්වේ. Marilyn පිරිමි වෙළද සමාජය තුල human කෙනෙකු ලෙස ජිවත්විමට ගත්තාවු උත්සාහය මට අවබෝ‌ධවුයේ ඇ‌ය Joyce ගේ නවකතාව අතේ තියාගෙන කියවන photo එකක් පො‌තක තිබි මා දුටු විටදිය. Joyce ගේ පො‌‍තක් මා මුල්වරට දුටුවේ 90 දශකයේදි කුරැදු වත්තේ ගැහැනියකගේ නිවසක් තුලදිය. සිරිලංකාවේ දිග කලිසම් අදින ග්‍රාමිය පාදඩයාට Joyce දුරස්ථය. තුරැදුවත්තේ ගැහැනියට Joyce සමිපය. ඒ‌ බව මම සියැසීන් දුටිමි. සිරිලංකාවේ ග්‍රාමිය පාදඩයාට ලස්සන posh ගැහැනිය දුරස්ථය. එකී පිරිමියාට ග්‍රාමිය වහුටු ගැහැනිය සමිපය. ” ග්‍රාමිය වහුටු භාවය ” තුල එකි පිරිමියා හට ස්ත්‍රිවාදි සිතුවිලි පවා පහලවේ.

ඉඟිබිඟි කිරිමට සියලු ගැහැනුන්ට ඇ‌ති අයිතියක්‌ බව සිරිලංකාවේ ගො‌බ්බ පිරිමියා හට අවබෝ‌ධ කරගැනිමට අවමවශයෙන් තව අවුරැදු 20 ක් වත් ගතවනු ඇ‌ත.

ඉඟිබිඟි කරනා තරැනෙතු වලට හො‌රා

සැගව සිනාසෙමු අප ලො‌ව හිදින තුරා

ග්‍රාමිය පාදඩයින් සමග jogging track වල ඇ‌විදිමින් තමන්ගේ ජිවිත තමන්ටම විහිලුවක් බවට පත්කරගැනිම නොව රදාවානේ සුමෙනෙලා අභියස සැගවී නො‌ව එලිපිට ඉගිබිගි කිරිමට සිරිලංකාවේ ගැහැනුන් අද සිටම practice කල යුතුය.

ජනා චාමින්.


.

All reactions:

6262

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *