මහා වෘක්ෂයක ඇදවැටීම…

සියලුම ගස් ශාකම වන්නේමය. නමුත් ශාක නම් ප්‍රධාන ලෙසටම කොටස් දෙකක් ඇත්තේමය. එයින් එකක් නම් මුදුන් මුලක් සහිත විශාල වූ කඳක් සහිත අතු බෙදී පවතින්නාවූ ඵල දරන්නා වූ මහා වෘක්ෂයන්ය. අනෙක නම් තන්තු මූල පද්ධතියක් තිබෙන්නාවූ කොවුලක් නොමැති අතු බෙදී නැත්තාවු තල්, පුවක්, උණ, වැනි ශාකයන්ය. මේවානම් මහා වෘක්ෂයන් නම් නොවන්නේමය. මේවා නිකම්ම නිකම් ගස්ය.
above image source_https://adaderanaenglish.s3.amazonaws.com/1737530702-singer-6.jpg
ගායකයෝද ප්‍රධාන ලෙසට කොටස් දෙකක් ඇත්තේමය. ඉන් එක් කොටසක් මහා ප්‍රතිරූප වන්නේමය. ඔවුන්නම් ඉතාම සුළුතරයක් වූ පිරිසක් මය. ඔවුන් අපට රන් මෙන්ම, මුතු මෙන්ම, දියමන්ති මෙන්ම, වටින්නේමය. බුදු තෙමගුලේ තේමා ගීතය වැනි වූ “බුද්ධං සරණං ගච්චා මී……..” ගීතය ගායනය කරන්නේ ගායක පරපුරේ මහා වුක්ෂයක්ම වූ මොහිදීන් බෙග් මහතාය. එසේම කිතුණු බැතිමතුන්ගේ මහා උත්සවය වූ ඒ අසිරිමත් නත්තලේ තේමා ගීතයම වැනි ගීතය වූ ගීතය ගායනය කරන්නේ අනිල් භාරතී නම් වූ මහා ගායකයා ය. නැතහොත් මහා ගායක වෘක්ෂය අනිල් භාරතීය.
“බෙත්ලෙහෙම් පුරේ…. දිළිදු ගව ලෙනේ…
ඔරුව තුළේ සිසිලේ නිදයි.. ජේසු බිළින්දා…
ලෙලෙන කැන් දිදි.. අමුතු තරුවකි…
අදුර මැදින් එළිය මවයි.. ජේසු බිළින්දා…
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා…
මග අහගෙන යති දැක්මට ජේසූ බිළින්දා…
සත වෙත කරුණ පිනිදිය ගලනා…
මුදු උල්පත පහදා දුන් ජේසූ බිළින් දා…
සාමෙ රජින්දා…”
කරුණාරත්න අබේසේකර විසින් රචිත මෙම ගීතයෙන් පසුව ශ්‍රී ලංකාවේ නත්තල් ගීත ගායකයා වූයේ අනිල් භාරතීමය. 1970 දශකය හා1980 දශකය තුල ඔහු අතිශයෙන් ජනාදරයට පත්වූ ගීත ගණනාවක් ගායනා කළේය. මුල් කාලයේදී ඉංග්‍රීසි ගීත ගායනය කළ ඔහු ක්ලැරන්ස් විජේවර්ධන සමග එක්වීමෙන් පසුව සිංහල ගීත ගායනය කිරීම මගින් තව තවත් ජනප්‍රියත් වයට පත්වීය. “මගේ ගායනා ජීවිතයේ හැරවුම් ලකෂ්‍යය වුණේ ක්ලැරන්ස්” ඔහු ප්‍රකාශ කළේය. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වී ජනප්‍රිය වූ ගීතය වූයේ “අද වෙයි හිරු දින” ගීතයයි.
“අද වෙයි හිරු, දින ඔබහමු වේවිද
ඔබ හා බැඳි හද, අද නො තැ වේවිද…
මගෙ හදවිල මැද, සැලෙන ඕලු කොඳ
අද සුපිපේ විද මගෙ සිත තුටු වේවිද…
සතියේ දින හත ගැන ගැන මගෙ සිත
ඉරිදා දිනමත මගෙ පැතුම් රැදී ඇත…”
ගායකයා කලාකාරයෙක් වන බවනම් සැබෑවකි. නමුත් ගායකයා සැබෑ කලා කරුවෙකු වන්නේ ඔහු ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන ඒ වෙනුවෙන් ගායනය කරණ විටදීය. ජනතාවට දෙයක් දිය යුතුමය. ජනතාවගේ සිත් සතන් වල නිම් වළලු පුළුල් කලයුතුය. ජනතාවගේ කලාකාමී ආස්වාදය, වින්දනය උපරිමයෙන් ලබාදිය යුතුමය. ඔහු එය කළේය. ඔහුටම ආවේ නිකවු හඩකින් ජනතා සිත් සතන් පිනවුයේය .
” ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදුමල් පිපුණා…
ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුනා…
නියර දිගේ ඇඹූළ රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා…
ඇබුල බෙදන කලට මදෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා…”
ඔහුගේ ගීත සරලය, මිහිරිය, ඉතාමත්ම රසවත්ය, ලේසියෙන්ම මතක තියාගත හැකිය.
“සීතල සඳ එළියේ
ඔබ හා සුරතලි යේ
සුදු වැලි පාර දිගේ
යන්නට ඇත්නම්…
ලස්සන ගීත ගයා
සුන්දර සිහින මවා
මා ඉන්නම්
ඔබවේ මගේ ප්‍රිය සොදුරි…
ගොතලා කීවා ගී මිහිරී
පරදයි වාගේ කෝකිල නාදේ
දෙසවන මගේ රස මැවූනේ”…
කිතුණු බැතිමතුන් වෙනුවෙන් ගීත රාශියක් ඔහු විසින් ගායනා කරණ ලද්දේය. එම ගීත ද මහත් හරසයකින් ජනතාව වැළඳ ගත්තේ මය.
“හිරු දින පමණක් නොව
දස දහස් දිනක්…
ඔබ හමුවන්නට ඇත්නම්
එය මහත් පිනක්…
අද ඔබ දැක පිය නැගූවත්
සිත යළිත් වරක්”…
දස දහස් දිනක් නොව ඊට වඩා ගොඩාක් දිනක් ඔබගේ ගීත අප අසන්නේමය. අප මෙන්ම ඉදිරි පරම්පරාව විසින්ද අසනු ලබන්නේමය. බස් රියේ, දුම්රියේ, ගොවිබිමේ, කම්හලේ, සරසවියේ, වැඩබිමේ, සාදයේදි, චාරිකාවේදී, ගයනු ලබන්නේමය. ඔබේ හඬ අප අතර සදා රැඳෙනු ඇත්තේමය. සදාදරණීය ගායකයානණී,
ඔබට සුබ ගමන්!
ගාමිණී ජයසූරිය.
(අධ්‍යයන කවය)