බ්‍රටෝල් බ්‍රෙෂ්ට් සහ ජේ.ආර්.පී සූරියප්පෙරුම…

සූරයා සුරයාමයි, එදත් සූරයා අදත් සූරයා, තුෂාරා, සංගීතා, කවුද රජා, මේ දෑස කුමටද, චන්ඩි පුතා, අන්ජානා, නොම්මර 17, කස්තුරි සුවඳ ,……….
above image source-https://upload.wikimedia.org/wikipedia/commons/7/73/Bertolt-Brecht.jpg, https://www.onlanka.com/wp-content/uploads/2025/01/jrp-suriyapperuma.jpg
…යනාදී වශයෙන් එදා ජනප්‍රිය වූ චිත්‍රපටිය. වැල නොකැඩී මේවා බැලීමට නරඹන්නන් පෝලිමේ ගියෝය. එසේවීමට හේතුව මේවායේ කථාව හෝ කලාවට වඩා මේවායේ ඇති නළු නිලිවරණයි. ගාමිණී මාලණී, විජය මාලණී, රවීන්ද්‍ර නීටා, ජෝ, ඇන්තනී, දොන්, බී එස්, ප්‍රෙඩී, ඇලෙක්ස්, රොබින්, බන්දු…යානාදී වශයෙන් නළුවන් හා නිළියන් නිසාම චිත්‍රපටි ජනප්‍රිය වූහ. සිහින කුමරාත්, සිහින කුමරියත් ඔවුන් අතර වූහ. නරඹන්නන් ඔවුන් සොයා පෝලිමේ ගියෝය.
නළු නිළි වන්දනාව තිබුණේත් දැනට තිබෙන්නේත් ලංකවේ පමණක්ම නොවේමය. ලෝකයේ සෑම තැනකම මෙය තිබෙන්නේය. බොලිවුඩ්, හොලිවුඩ් කියාද වෙනසක් නැත්තේමය. මෙය උඩු යටිකුරු කළේ නම්, ජර්මන් ජාතික කවියෙක්, තිර රචකයෙක් මෙන්ම කවියෙකු වූද, 1898 ජර්මනියේ මියුනිච් පළාතේ ඉපිද 1933 දී හිට්ලර් බලයට ඒමත් සමගම ජර්මනියෙන් පලාගොස් අවසානයේ ඇමරිකාවේ කලිෆෝනියාවේ පදිංචිවූද බර්ටෝල් බ්‍රෙෂ්ට් විසිනි. ඔහුගේ නාට්‍ය ය කලාවේදී නළු නිළියන්ට නොව කථාවට හා එහි කලා රසයට ප්‍රමුඛ ස්ථානය ලබාදී ඇත්තේමය. නළු නිළියන් පහළටත්, කථාව හා කලාව ඉහළටත් ගෙන ආවේය. නළු නිළි වන්දනාවට තිත තැබුවේය. කලාව හා රසවින්දනය ලබන ආකාරය රසිකයාට කියා දුන්නේය. ඔහුගේ හුණුවටේ කතාවේ දී මෙය මොනවට පෙන්නුම්කලේය.( “සුදුස්සක් වේනම් එය සුදුස්සාටම අයිතිවියයුතු” යන්න එම නාට්‍යයේ ආදර්ශ පාඨය විය)
බ්‍රෙෂ්ට් නාට්‍යය කලාව තුළකළ දේම J.R.P.සුරියප්පෙරුම මහතා දේශපාලන ලෝකය තුල කළේය. කොළපාට දේශපාලනය, නිල් පාට දේශපාලනය, ජනතා සිත් සතන් තුල පමණක් නොවේ ඔවුන්ගේ ලේ වලද තිබුණු කාලයක දෙකම එකක්ම බව ඔහු විසින් භාවිතාවෙන්ම මැනවින් ඔප්පු කළේය. කොළ පාටින් නිල් පාටටත්, නිල් පාටින් කොළපාට ටත් මාරුවීම ජනතා සිත් සතන් තුළ සටහන්ව තිබුණේ මහා පාවා දීමක් ලෙසය. එබැවින් එක් පැත්තක් ජයගත්විට අනිත් පැත්තේ අයගේ ගෙවල් ගිනි තැබීම, ගල් ගැසීම, ස්ථාන මාරුකිරීම, පරිභව කිරීම බොහෝ කාලයක් මේ දෙපාර්ශ්වයේම පාක්ශිකයින් සිරිතක් ලෙස කරගෙන ආවෝය. මේ දෙකේ වෙනස ජනතාවට දැනගැනීමට වසර හැට හැත්තෑවක් ගියේය. එහෙත් සුරියාප්පෙරුම මහතා නම් ඒ කාලයේම මේ කොල-නිල් පාටේ වෙනසක් නොමැතිබව නොබියව ජනතාව ඉදිරියේ පෙන්නුම් කළේය. එහෙත් ජනතාව අතර තවමත් නොයෙකුත් මතයන් පැතිමාරුව ගැන ඇත්තේමය . එය තේරුම් ගත හැක්කේ සුරියප්පේරුම මහතා ගේම ක්‍රියවන්ගෙන්මය. කැතම කැත විදියට පෙනුනත්, තිත්තම තිත්ත විදියට දැනුනත්, ඇත්තම ඇත්ත එයමවේ.
1970 මහ මැතවරණයේදී අත්තනගල්ල ආසනයේ එක්සත් ජාතික පක්ශයේ ප්‍රධාන සංවිධායක වූයේ J.R.P.සුරියප් පෙරුම මහතා ය. ඔහු තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට විරුද්ධවය. එහෙත් 1977 දී ඔහු මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වීය. මෙයින් ගම්‍යවන සත්‍යයක් ඇත්තේය. කොළපාට පක්ෂයත් නිල්පාට පක්ත් දෙකම එකමය. දෙකේම අරමුණු ද එකමය. එබැවින් ඔය දෙකින් ඕනෑම එකක සිටීමට ඕනෑ ම අයෙකුට කිසිම හිතේ හිරිකිතයක් තබා ගැනීමක් අවශ්‍යය නැතිබවයි. ඔහු ඒ ගැන මිනුන්ගොඩ ඡන්ද සටනේ දී ඉතාම ලස්සන ප්‍රකාශයක් කලේය. හැටන් පාරෙන් ගියත්, රත්නපුර පාරෙන් ගියත්, යන්නේ ශ්‍රී පාදයට බවයි.
ඔහු කථිකයෙකි, දේශකයෙකි, ලේඛකයෙකි, සමාජයේ විවිධ වූ පැතිකඩයන් පිළිබඳව අදහස් දැක්වූ බුද්ධිමතෙකි. ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේදී ඔහු පළකල අදහස් ජනතාව අතර මහත් ප්‍රසංශවට පත්වීය.
“හසන්ත හෙට්ටිආරච්චි මහත්තයෝ, ඉන්දියානු සාගරයේ හබ් එක නොහොත් සෙන්ටර් එක බවට හම්බන්තොට වරායයත් එක්ක ලංකාව පත්වෙයි කියලා මුළු යුරෝපය යම ඇස් දාගෙන ඉන්නවා සූවස් ඇලේ නැව් දෙසීයක් යනවා දවසකට එහාට මෙහාට , මලක්කා සමුද්‍ර සන්ධියේ නැව් දෙසීයක් යනවා එහාට මෙහාට, හම්බන්තොට වරායට පේනවා හැතැප්‍ම දොළහක් ඈතින් නැව් දෙසීයක් යනවා. මේවා තමයි ලෝකයේ නිෂ්පදනය කරන භාණ්ඩ වලින් සියයට අසූවක්, නැව් මගින් එහා මෙහා කරනු ලැබන්නේ…, සාගරයේ පාවෙන නැව් එක් ලක්ෂ පන් දාහක් මේක ලක්ශ විසිපන්දාහට නගියි කියලා කියනවා. ඒ මක්නිසාද ලෝක නිෂ්පදනය අට වාරයකින් වැඩි වෙලාලු , දැන් තියනවා ට වඩා , .. හම්බෙන්තොට වරාය තමුන්නාන්සේලා ඇගිලි ගැනලා තියන්න පුලුවන්නම් දැන්වූනත් කමක් නෑ, හොම්බන්තොට කිට්ටුව අක්කරයක් දෙකක් සල්ලිවලට අරන් දාල තියාගන්න ඔය අක්කරේ අද ලකෂය නම් තව අවුරුදු පහකදි විසිපන් ලක්ෂයක් වෙනවා.කිසිම සැකයක් නෑ.” විව්ධ වූ අය හම්බන්තොට වරාය ඉදිකිරීම ගැන අභාවාචක මත පලකරද්දි , ඔහු ඒ ගැන සුබදායක අනාවැකි පළකළේ එසේය.
ඕනෑම අයෙකුට තේරෙන ඉතාම සරල භාෂා විලාෂයකින් අදහස් ඉදිරිපත් කළේය. ඉතාම රසවත් උදාහරණ ගෙනහැර පැවේ සිත් කාවදින ලෙසය.
“දැනටම අහස් යාත්‍රා තොටුපොළට කටුනායක පාරක් හැදුවා. පාර හදලා විවෘත කලේ එදා දවල් දොළහට පර්චස් එක ලක්ෂ එක ලක්ෂ පහකට නැග්ගනේ, ……. සේද මාවත මුහුදු සේද මාවත සයිබීරියන් දුම්රිය මාවත දවස් අටක් යනවා එකේ යන්න. මුළු රුසියාවම බැදලා තියන නගර පද්ධතිය ඕකනේ. පැසිපික් රේල්වේ ඕවනේ හෙට්ටිආරච්චි මහත්තයෝ. සූවස් ඇළ අවුරුද්දකට නැව් දහනම දාහක් යනවා කියලා එකොනොමික් සගරාව කියනවා. පැනමා ඇළ දාහතර දාහක් එහාට මෙහාට යනවා.”
වරායන් පිළිබඳවත්, මුහුදු මාර්ග පිළිබඳවත්, ඒවා දියුණුකලයුත්තේ කුමන දිශානතිය න් ඔස්සේද යන්න පිළිබඳව පැහැදිලි කළේය.
මව් සෙනහස,මවගේ ආදර ය පිළිබඳව සමාජ විද්‍යාත්මකව කරුණු විග්‍රහ කළේය.
“හසන්ත මහත්තයෝ, මුළු ලෝකයම පැවතුනේ අම්මා දරුවාට තියෙන ආදරය , සතෙක් අරගත්තොත් , එළදෙන පැටියට තියෙන ආදරය , කොටියෙක් ගත්තොත් කොටියා දරුවාට තියෙන ආදරය , ඒ ආදරයම කිරි එරිලා පොවලා කිසිකෙනෙකුට ලං වෙන්ඩ දෙන්නේ නෑ පැටියට ,එළදෙනගේ පැටියා ගිහින් එළදෙනුන් දාහක් ඉන්න තැනක දැම්මොත් අම්මා සොයාගෙන ගිහින් කිරි උරන්න එයා දන්නවා. එයාට ස්වභාදහමෙන් දීලා තියෙනවා අයිඩෙන්ටිකාඩ් එක.”
සමාජ සංවර්ධනයේ ඉතිහාසය, එහිදී ආගම බිහිවීම පිළිබඳවද අදහස් පළකළේ ඇසුවන්ගේ කන් වලට මී පැණි වක්කරන්නා සේය.
“මේ දේව ධර්මය පහලවූවාට, පස්සේ තමයි මිනිසා සමාජයට ඇවිල්ලා ශීලාචාර වෙලා හොඳ නරක තෝරාගන්නේ, හොඳ නරක දෙක තේරුණා ට පස්සේ තමයි තව් තිසා ලෝකේ ඉන්න බෝධි සතානෝ ඔළුව දාලා පල්ලෙහාට දැන් මං ගිහින් පහලවෙන්ඩ හොඳද , මිනිස්සු හොඳද, මිනිස්සු තිරිසන්නුද , කියලා බලලා මහ බැලුම් බලලා ඇවිල්ලා පහලවෙන්නේ.”
ගෝත්‍ර සමාජයේදී මිනිසාගේ හැසිරීම සාමූහිකත්වය නීතිය හා දඬුවම පිළිබඳව ඉතා පැහැදිළිවම පහදා දුන්නේය.
“ලෝකෙ තිබිච්ච ලොකුම මහ භයානක දඬුවම තමා ගෝත්‍ර සමාජයෙන් පිටුවහල් කිරීම. අප්රියවුනොත් මුළු ගෝත්‍ර සමාජයේ තිබෙනවා සම්මතයක්, ඒ සම්මතය කැඩුවොත් කෙලින්ම පිටුවහල් කරනවා. ගෝත්ත්රයෙන් පිට දැම්මා, ජාතියෙන් පිට දැම්මා, ජාතියෙන් පිට දැම්ම කෙනෙක් ගෝත්‍රයකට ඇතුල් කරගන්නේ නැහැ. ගොත්ත්රයෙන් පිට දැම්මා කියන්නේ සාගතයටයි මරණයටයි, බිලිදීමක්. ආන්න ඒනිසා හෙට්ටිආරච්චි මහත්මයා ගෝත්‍ර සමාජයේ සාමුහිකත්වය පුදුමාකාර යි.”

image source_https://lankaleader.lk/images/jrp.jpg
ඔහු අපේ සමාජයට වටිනාකම් එක්කළ මහා ප්‍රතිරූපයක් වන්නේමය. ඒ නම් සූරියප් පෙරුම මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමුඋපාධිධාරින් සමූහයට අයත් වීමනිසා නම් නොවේ මය. කොළඹ ආනන්දයේ ගුරුවරයෙකුවීම නිසා ද නොවේමය. කථිකාචාර්යවරයෙකු වීම නිසාද නොවේමය. මහත් ආන්දෝ ලනයකට පත්වූ දේශපාලනය පිළිබඳ කෘතියක් ලිවීම නිසාද නොවේමය. රූපවාහිනියේ විවිධ වූ වැඩසටහන් වලට ඉදිරිපත් වීම නිසා ද නොවේමය. පාර්ලි මේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටීම නිසා ද නොවේමය.
ඒ නම් වෙන කිසිම දෙයක් නිසා නම් නොව, ජනතාවට ඉතාම පැහැදිලිව, ඉතාම රසවත්ව, තේරෙන භාෂා වෙන් කරුණු කාරනා කීමට ඇති හැකියාව නිසාමය. එම නිසාම අනාගත පරම්පරාව විසින් කියවිය යුතු චරිතයක් ලෙස J.R.P. සූරියප්පෙරුම චරිතය වැදගත් වනු ඇත්තේමය.