Mona Lisa-මෝනලීසා..!
Mona Lisa, මෝන ලීසා ජීවත්වුයේ ඉතාලියේ Florence city එකේ via della Stufa නැමති මාවතහි වු නිවසකය. ඇය උපත ලැබුවේ වර්ෂ 1479 දී via Maggio මාවතෙහි වු නිවසකය. මේ post එක කියවන ඔබ Hannibal Lecter චිත්‍රපටය නරඹා ඇත. එම චිත්රපටයෙහි Anthony Hopkins විසින් පොලිස් නිළධාරියෙකුගේ බඩ කපා බබවැල් එළියට පනින සේ කඹයකින් එල්ලා දමන්නේ Florence city එකේ පිහිටි Piazza della Signoria චතුරශ්‍රයේදීය. මෙම චතුරශ්‍රයේ සිට Mona Lisa උපත ලැබු නිවසට පයින් ඇවිදගෙන යා හැක. මේ මාවතේ කොතැනක හෝ තැනක Leonardo da Vinci සිය tripod එක තබාගෙන Mona Lisa ගේ චිත්‍රය ඇදි බව Vasari සිය පොතේ සදහන් කර තිබේ.

මෝනලීසා චිත්‍රයට නැගූ තැන.
Mona Lisa ගේ පවුල සහ ඇයගේ ඥාතීන් Vasari ගේ හිතමිතුරන් බවට පිළිගතහැකි සාධත තිබේ. එනිසා මේ මාවතේ නිහිපවරක්ම මම ඇවිද ගොස් ඇත්තෙමි. මේ ලබන සෙනසුරාදාට නැවත වරක් Leonardo da Vinci සිය tripod එක බිම තබාගෙන Mona Lisa චිත්‍රය සිතුවමට නැගු ස්ථානය පරීක්ෂා කිරීමට මම යමි. මා Mona Lisa චිත්‍රයට කැමති නැත.
සෙසු චිත්‍ර අභිබවා මෙම චිත්‍රය සකල ලෝක වාසී කලා ලෝලීන්ට මාරම චිත්‍රයක් වීම පිළිබදව මා තුල නොසිදෙන කෝපයක් ඇත. පළමුවම කිවයුත්තේ චිත්‍රයට දී ඇති Mona Lisa නම වැරදි බවය. Mona යනු Florentino vernacular වලින් පු- දෙන ගැහැනිය වේ. Florence city එකේ නීති පොත්වල සටහන්වන්නේ Lisa Gherardini පැමැති අති සාමාන්‍යය ගොරකා ගැහැනියක් පොලේ බඩු විකුණන Giocanda නැමැති වෙළෙන්දෙකුව කසාද බැන්ද බවත් ඉන්පසු ඇයගේ නම Lisa Giocanda ලෙස වෙනස්වු බවය. මෙම විස්තරය සදහන් කරන Vasari Leonardo da Vinci ගේ මෙම මෙම චිත්‍රය නම් කරන්නේ Giocanda ලෙසය.
Giocanda ජොකෝන්දා ගේ මියයාම.
Giocanda දකුණු ඉතාලියේ Calabria city එක අසල අශ්ව හුවමාරු මධ්‍යස්ථානයකදි ( අද පිට කොටුවේ බස් ඩිපෝව වැනි තැනක් ) මිය ගියාය. එකල අශ්ව හුවමාරු මධ්‍යස්ථාන අසල ඉස්පිරිතාල ඉදිකර තිබුනි. ඉස්පිරිතාලයෙන් රෙද්දක ඔතා දුන් Giocanda ගේ ශරීරය ඇයගේ සැමියා විසින් අශ්ව කරත්තයක පටවාගෙන නැවත Florence city එකට රැගෙනවිත් භුමදානය කල බවට Florence city එකේ කච්චේරි වාර්තා වල ලියා තිබේ. කෙතරම් Mona Lisa උන්මාදය උග්‍රවී ඇතිද යත් වරක් මා Florence city එකේ Virgin Active gym brand එකේ marketing campaign එකක නිරතවී සිටියදි විදේශිය රටවල සහ ඉතාලි ජාතික anthropologist ලා පිරිසක් එකතුවී Giocanda ගේ ඇටසැකිල්ල සොයමින් Florence city එකේ පල්ලිවල පොළොවල් හාරන බව cocktail bar එකක් තුල මිනිසුන් කතා කරනවා මම අසාගෙන සිටියෙමි. Carbon 14 dating වලින් Giocanda මියගිය කාලයෙහිම වලදමා තිබු කාන්තා සිරුරු කිහිපයක් ඔවුන් සොයාගෙන තිබුනි.
Mona Lisa සායම්කොට ඇති අයුරු.
වරක් ප්‍රංශයේ Paris city එකේ Louvre කෟතුකාගෙරයේදී මා හට දැනගැනීමට හැකිවුයේ මෙම චිත්‍රය stratum 4 කට සායම් කර ඇති බවය. එනම් Leonardo මෙම චිත්‍රය 4 වරක් මකා උඩින් සායම් කර ඇත. Leonardo යනු සල්ලි තිබෙන නිවෙස්වල විසු සුරතල් සතෙකු විය. සල්ලි තිබෙන ගුබ්බැයම් වල ලගිමින් සල්ලි කාරයින්ගේ උවමනා එපාකම් අනුව චිත්‍ර ඇදීමේ සුරතලෙකු විය Leonardo. 4 වරක් එකක් උඩ තව එකක් ඇදපු චිත්‍රයක්නම් Mona Lisa එය Leonardo ලැග්ග නිවසක සිටි ගැහැනුන් 4 දෙනෙකු එකම කැන්වසයක් මත ඔහු ඇන්දා වියහැක. වවුලගේ මගුල් ගෙදර ගියානම් ඒ විධිහට එල්ලිලා ඉන්න සිද්ධ වෙනවා.

Leonardo Giocanda නැමැති ගැහැනියගේ චිත්‍රයක් අදිමින් සිටි බවට Leonardo ගේ මිතුරෙකු වු අමෙරිකාව සොයාගත් Amerigo Vespucci සාක්ෂි දරයි. කලාව හෝ කලා ඉතිහාසය පිළිබදව කිසිම හැදැරීමක් නොකල නුගත් මා හට මෙය බැහැර කල නොහැකි සාක්ෂියක් වේ. එනිසා Leonardo සිය Tripod එක තබාගෙන Giocanda ගැහැනිය චිත්‍රයට නැගු මාවතෙහි එතැන සොයමින් මම තෙවරක් ගමන කලෙමි. එම මාවතේ ඇත්තේ මහල් 3 ක් පමණ උස කලුගලින් නිමකල ගොඩනැගිලිය. සිරිලංකාවේ ගංකබරයෙකුට පාරතොට සොයාගත නොහැකිව උඩබලමින් යනවායැයි සිතු වයසක ඉතාලි මිනිසෙකු කාව කොතැනද සොයන්නේ කියා මාගෙන් විමසීය.
Giocanda ව චිත්‍රයට නගපු තැන – මම පිලිතුරු දුනිමි.
che cazzo non e’ qua era Urbino ( මොන ***, මෙහෙ නෙමෙයි Urbino වල ) – වයසක මිනිසා පැවසුවේය.
බැලු බැල්මට ඔහු මෝඩයෙකු විය. Amerigo Vespucci ගැන මෙලෝ මළසාංසාරයක් ඔහු නොදනී. පාරිභාෂිත ඉතාලි බස නොව Italian dialect භාෂාවක් ඔහු කතා කලේය. ඔහු ද්විතීයික පාසැල් අධ්‍යාපනයක් නොලබා ඇති බවට මම සැක කලෙමි. ඔහු අති සාමාන්‍යය ගොරක ගැමියෙකු විය. Hara රෙද්දෙන් මැසු කලිසමක් ඔහු ඇදගෙන සිටියේය. වයස නිසා තරමක් බකල ගසමින් ඔහු ගමන් කලේය. ඔහු එළු පට්ටියක් එහෙමෙහෙ දක්කාගෙන යන olive වගා කරන ගොවියෙකු බවට මම සැක කලෙමි.
Urbino ප්‍රදේශයේ සංචාරය.
වසර කිහිපයකට පසු මට Urbino පෙදෙසට යාමට සිදුවිය. හෝටලයේ receptionist ගෙන් Giocanda චිත්‍රය ගැන විමසුවෙමි. hotel printed map එකත් අතට ගත් ඇය Giocanda ගැන කිසිවක් තමා නොදන්නා බව පවසා map එක මත සිටු මැදුරක් වු Palazzo Ducale තිබෙන ස්ථානය සලකුණු කර ඒක ඇතුලේ චිත්‍ර වගයක් එල්ලා ඇති බව මා හට පැවසුවාය. රැකියාවේ lunch break එකට වයින් බොන ඉතාලි ජාතිකයෝ දහවල් 3 වන තුරු හෝටල් කාමර තුල නිදාගනිති. කරන්නට දෙයක් නැති නිසා මම Palazzo Ducale ගොඩනැගිල්ල ඇති තැනට ඇවිදගෙන යමි. සිටු මැදුර ඇතුලට යමි.
මම වික්ෂිප්ත වීමි. සාලයේ බිත්ති වල සිටින Giocanda ලා මා වටා කැරකෙනවාමෙන් මට දැනුනි. ලීය මත සිතුවම් කල Giocanda ලා කිහිප දෙනෙකුගේ චිත්‍ර බිත්තිවල එල්ලා ඇත. මුලු ලොවම කතාකරන Giocanda ගේ තොල් මත ඇති ආච්චිගේ රෙද්දේ අභිරහස් සිනහව ක්‍රම ක්‍රමයෙන් මෙම ලී චිත්‍ර මත develop වන ආකාරය මා හට දැකගත හැකිවිය. Leonardo ට නියම සිනහව එනතුරු සැහෙන testing වගයක් ඔහු විවිධ ගැහැනු මුහුනු සිදුකර ඇතිබව මට දැකගත හැකිවිය. මම ප්‍රිතියෙන් සිටියෙමි. Mona Lisa චිත්‍රය ගැන දැන් මිනිසුන්ට මා ඉදිරියේ බොරු show පෙන්විය නොහැක.
Palazzo Ducale museum එකේ curator වු වයසක ගැහැනියක් චිත්‍ර ගැන විස්තරයක් ඉදිරිපත් කරයි. Mona Lisa චිත්‍රයෙහි ඇති පසුබිම Urbino ගග දෙපස ඇති බව ඇය පවසයි. මෙතැන සිට කවුලුවෙන් පිටත බැලුකල දිස්වන්නේද Mona Lisa චිත්‍රයෙහි වු පසුබිමයි. සිරිලංකාවේ තඩි ගංකබරයෙකු වු මාහට මෙම දැනුම වාවාගත නොහැක. මෙම අවබෝධය මා වෙනම ලෝකයකට තල්ලු කරයි. පළමු වතාවට Mona Lisa චිත්‍රයෙහි පසුබිම පරිකල්පනයක් නොව සැබෑ පසුබිමක් බව මම අවබෝධ කරගනිමින් සිටිමි. Mona Lisa චිත්‍රයෙහි ඇති කදු හෙල් සහ ගංගා දර්ශනය දැකගත හැකි ස්ථානය ගැන curator අපව දැනුවත් කරයි. සුස්තියක් ගැසුවාට වඩා අමා සැපයක් මම විදිමි.
Mona Lisa චිත්‍රය ඇදි බවට Vasari සහ Vespucci පවසන Florence city එක තුල හෙල් කදු ගංගා පසුබිම නැත. නමුත් එය මෙහි ඇත. Leonardo මෙම Urbino සිටු නිවස තුල සුරතලෙකු ලෙස තුල වාසය කර ඇත. මෙම සිටු මැදුරේ හිමිකරු Florence city එකේ පුරපති වු Lorenzo Medici ගේ පුතු වන Juliana Medici වේ. Leonardo කලක් Florence city එකේ Lorenzo Medici ගේ නිවසෙහි සුරතලෙකු ලෙස ඇතිදැඩි විය. Juliana Medici ගෑණු පිස්සෙකු බව museum curator පවසයි. ඇයට අනුව Mona Lisa යනු Juliano Medici මෙම නිවස තුල රමනය සඳහාම තබාගත් ගැහැනියක් වේ.
Paris city එකේ Louvre museum තුලදී සිදුකල දේශනයකදී Mona Lisa චිත්‍රය මුලින්ම ලීයක් මත ඇදි චිත්‍රයක් බව පැවසු බව මා හට සිහිවිය. මෙම සාලයෙහි තිබෙන Giocanda ලා ලීය මත සිතුවම් කර ඇත.
මේ සෙනසුරාදා මම යලිත් අවසාන වතාවට Florence city එක තුල Mona Lisa චිත්‍රය ඇදි බවට Vasari සහ Vespucci සාක්ෂි දැරු ස්ථානය පිරික්සීමට මම යමි. කොහොමත් මේ සටනින් මා ජයගෙන ඇත. දැනටමත් දෙකින් එකක් මම බේරාගෙන සිටිමි. කොන්ද කෙලින් තබාගෙන මම යමි. Mona Lisa චිත්‍රය මෙතරම් ප්‍රකටවීම පිළිබදව මා තුල වෛරයක් ඇත. ඇය මොන කෙනෙක්ද යන්නත් ඇයගේ සිනහවේ අභිරහසවත් මා හට අදාලම නැත. මා සෙව්වේ මේ මගුලේ චිත්‍රය මෙතරම් high class විධිහට ප්‍රසිද්ධ වුයේ ඇයිද යන කාරණාවයි.
Napoleon Bonaparte තමන්ගේ කාමරය තුල Mona Lisa චිත්‍රය තබාගත්තේය. නැවත එය Louvre museum එක තුල තැම්පත් කෙරුනි. ඊට පසු ඉතාලි ජාතිකයෙකු Mona Lisa චිත්‍රය Louvre museum එකෙන් සොරාගෙන එය ඔහුගේ ඇඳ යට තබාගත්තේය.
කෝපි කෝපප්යක් ක්‍රම 30 කින් විතර යුරෝපය තුල සාදාගත හැකිය. ක්‍රිම් වර්ග සහ liquor වර්ග මිශ්‍ර කිරීමෙන් ඒ ඒ අවස්ථාවන්ට උචිත වන කෝපි සාදාගැනීම යුරෝපීය ජාතිකයෝ සිදුකරති. මේ අයුරින්ම 19 වන ශතවර්ෂය අගභාගයේදි ප්‍රංශයේ Paris city එකේ සිටි වනචරයෝ අනියම් සබධතා වලින් රමණය පිණිස Femme Fatale යනුවෙන් theory එකක් සාදාගත්තෝය. එය සිරිලංකාවේ දිග කලිසම් අදින දෙඩුම් ශිල්පි පාදඩයින් ගැහැනුන්ට ඇසීමට Derrida Karl Marx Foucault වැනි නම් කියමින් යනවා වැනිම ක්‍රියාවක්වේ. පළමු ලෝක යුද්ධයේදි Mata Hari නිසා Paris city එකේ සිටි පිරිමින්ට සිදුවු වස ලැජ්ජාව වසා ගැනීමටත් මෙම theory එක භාවිතා කරනු ලැබිනි. සිරිලංකා දුපතෙහි femme fatale වන්නේ අනුරාධපුරේ සුදු සාරි අදින ඥාණක්කා වැනි model වේ. රටක scale of economy එක අනුව එරට පිරිමියෙකුගේ පාදඩකම තීරණය වේ.

Irresistible woman යනු femme fatale හි අර්ථයයි. වෙන මගුලේ අර්ථයක් මෙහි නැත. Paris city එක තුල pre Raphaelites චිත්‍ර තුල සිටින්නේ කින්ඩියට මෙන් අප දෙස බලා සිටින ගැහැනුන් වේ. ඇතැමෙකුට මෙම චිත්‍ර තුල සිටින ගාහැනුන් අභිරහස් සිනහවකින් අප දෙස බලා සිටිනවා යැයි සිතුවිලිද පහල විය හැක. කෙසේ නමුත් femme fatale යනු රමනය excuse එකක් පිණිස ඉංග්‍රිසි සහ ප්‍රංශ කාරයින් කිහිප දෙනෙකු සාදාගත් theory එකක් බව මම අවබෝධ කරගෙන සිටිමි. මෙම වනචරයින් විසින් රමනයේ යෙදීම legalize කරනු පිණිස බිත්තියක එල්ලා තිබුන Mona Lisa චිත්‍රය femme fatale චිත්‍රයක් බවට අභිශේෂ කරනු ලැබීය. කලාව තුල රමනය ගැහැනුන් විසින්ද කරබාගෙන අනුමත කරනු ලැබේ.
දැන් ඔබ මෙම post එකේ චායාරුපයෙහි පහලින් ඇති චිත්‍රය දෙස බලන්න. Basic Instinct චිත්‍රපටය ඔබට මතකය. නිරුවත් වු Sharon Stone තම යෝනි පෙදෙස අතින් වසා ගැනීමට උත්සාහ නොකලත් චිත්‍රපට අධ්‍යක්ෂක Paul Verhoeven එම රූප රාමුව යම් ආකෘතියක් තුල පෙන්වීමට උත්සාහ කරයි. Paul Verhoeven පමණක් නොව ඉතිහාසය තුල සිටි බොහෝ අධ්‍යක්ෂකවරු නිරුවත් ගැහැනියත් රූප රාමුවට ඉදිරිපත් කිරිමේදි යම් ආකෘතියක් අනුගමනය කරනවා අපට දැකගත හැක. ( James Bond චිත්‍රපට තුල beach එකේ සිටින ගැහැනියද මේ ආකෘතියෙන් තම නිරුවත් සිරුර පෙන්වන අතර එය සැගවීමට උත්සාහ කරයි )

https://i.insider.com/5fd10682cee0cf00114fa6df?width=800&format=jpeg&auto=webp
කොහෙන්ද මේ Mona Lisa ආකෘතිය ආවේ ?

මෙම අකෘතිය post එකේ දකුණු පස චිත්‍රයේ සිටින ගැහැනියගේ ආකෘතියයි. දිගු හිසකෙස් වලින් නිරුවත් සිරුරේ යෝනි පෙදෙස වසා ගැනීමට උත්සාහ කරන Venus ගේ ආකෘතියයි එය. Botticelli ගේ The Birth of the Venus චිත්‍රයෙහි අකෘතියයි එය. බලන්න ඇයගේ මුහුන දෙස. expose වීමේ අරුමය ඇයගේ මුහුන මත ඇත. ජනිත වීම expose වීමක්ය. උපත ලැබීම expose වීමක්ය. නිරුවත යනු expose වීමකි. ගොං Mona Lisa ට වඩා මට Venus ව දහස් වටිනවා.
Mona Lisa ට වඩා Venus මට වටින්නේ ඇයි ?
Venus යනු මානව ඉතිහාසය නම් මාවතේ එක් තැනකදි ගත් චායාරුපයක්. ග්‍රීක Aphrodite දිව්‍යාංගනාව තමයි රෝම ශිෂ්ඨාචාරය තුල Venus බවට පත්වෙන්නේ. සෑහෙන basic literature ප්‍රමාණයක් නිරුවත් Venus වටා තිබෙනවා.
basic literature ලබාගන්නේ කොහෙන්දැයි කිහිප දෙනෙකුම මාගෙන් විමසා ත්බේ. පිළිතුර ලෙස මා සැමදාම දුන්නේ ස්ථාන දෙකක්ය. එකක් ගැහැනියක්. අනික මහපාර. මේ post එක ලියන මා කිසිමදාක දෙඩුම් ශිල්පි ගස් බල්ලෙකුගේ කතාවකට සවන්දී නැත. විශ්වවිද්‍යාලයක හෝ වෙනත් හැදැරුම් පංතියකට බඩගා නොමැත. basic literature ඔබට ලැබෙන්නේ ඔබ ගත කරන ඔබගේ සමාජ ජීවිතය තුලයි. එය දේශන කාමර හෝ පංති කාමර තුල නැත. තව ගස් බල්ලෙක් උගෙ තියෙන ***කමට මේක මාර පොතක් කියා පවසන පොතක් තුල basic literature නැත. basic literature පවතින්නේ folklore එක තුලයි. එය තිබෙන්නේ මහපාර මතයි.
මෙතන නොවේ Mona Lisa ඇන්දේ Urbino වල කියු දුප්පත් එඩේරා මට හමුවුයේ මහපාරක් මතයි.

Jana Chamin.
