දේශපාලණ දුගීභාවය..!
ශ්‍රී ලාංකීය ජනතාවගේ දේශපාලන දැනුමේ සාක්ෂරතාවය දශක ගණනාවක් පුරාවට ඉතාමත්ම දිළිඳු තත්වයක පවතී. මේ හේතුවෙන් එළබෙන මැතිවරණ වලදී චන්ද දායකයා දේශපාලකයින්ගේ බොරු චාටු බස් වලට සහ කිසිදා ඉටුකල නොහැකි සහ කිසිදා ඉටු නොකරන පොරොන්දු දුසිම් ගණනාවක් විශ්වාස කරමින් ඒ ඒ දේශපාලකයින්හට කතිරය ගසමින් ඔවුන් බලයට ගෙන එමින් රටත් ජනතාවත් ඉදිරි පරපුරත් විශාල ආගාධයකට ඇදදමයි. මේ ක්‍රියාවලිය ලංකාව නිදහසින් පසුව මේ දක්වා එළැබි සියළු මැතිවරණ වලදී අඩු වැඩි වශයෙන් චන්ද දායකයා ප්‍රදර්ශණය කල අතිශය භයානක දුර්වලතාවයකි. මේ වෙනත් කිසිවක් නොව දේශපාලණ දැනුමේ දුගීභාවයයි.
මෙයින් මනාසේ ප්‍රයෝජන ලබාගන්නේ දේශපාලකයින් බවින්, ජනතාව එන සෑම මැතිවරනයකදීම අතිවිශාල රැල්ලක් මවා ගනිමින් ඒ රැළිතුල කිසිදු තර්කයකින් තොරව රොද බඳිමින් තම තමන්ගේ දේශපාලකයා බලයට ගෙනැඒමට විශාල වෙහෙසක් දෑමින් කටයුතු කරයි. මේ තත්වය අවසන් කොට සබුද්ධික ජනතාවක් රටේ ගොඩනගා නොගතහොත් ඉදිරි පරම්පරාවටද ඉතා අඳුරු කාලයක් එළබීමට ඉඩ ඇතිබව සියළු දෙනා දැන්වත් කල්පනාවට ගතයුතුය.