රනිල්ගේ විශ්මිත ආර්ථික පරිවර්ථනය..!
( දෙවන කොටස)

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ විශ්මිත ආර්ථික පරිවර්තනය පිලිබඳ ලිපි මාලාවේ දෙවන ලිපිය වන අතර එම පරිවර්තනය වෙනුවෙන් ජාත්‍යන්තර සහය ලබාගත් ආකාරය අප පළමු ලිපියේ සාකච්ඡා කලෙමු..
above image source_https://bmkltsly13vb.compat.objectstorage.ap-singapore-1.oraclecloud.com/cdn.sg.dailymirror.lk/assets/uploads/image_a3a46967cb.jpg
තෙල් නැවක් ගන්නටවත් ඩොලර් නොතිබූ රටක ඩොලර් සංචිත බිංදුවේ සිට ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි කිරීමේ විශ්මිත ආර්ථික උපාය මාර්ගික ක්‍රමවේදය පිලිබදව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නෙමූ..

උපාය අංක එක..
තෙල් බිංදුවක් හෝ ගෑස් සිලින්ඩරයක් සොයාගත නොහැකි රටක දින කීපයක් තුල විසදියයුතු බලශක්ති ගැටලුව විසදිය යුතු බවත්, එමගින් රටේ බොහෝ ගැටලු සදහා පිලිතුරු ලැබෙන බවත් පූර්ණ අවභෝධයක් ඇතිව ජනාධිපති බවට පත් වූ වික්‍රමසිංහ මැතිතුමා රටේ අවශ්‍යතාවයන් හදුනා ගැනීම හා ඒවා මූලිකත්වය අනුව පෙලගැස්වීම කඩිනම් කරන ලද අතර, විදෙස් ප්‍රේශණ හා සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම කෙටි කාලීනව ඩොලර් උපයාගතහැකි ප්‍රධාන ක්‍රමවේද බව අවභෝධ කරගන්නා ලදි..
above image source_https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_80071693a9.jpg
සම-හරක් පොතේ ගුරුන්ගේ න්‍යායන් අනුව ඔවුන් අපනයන හරහා ඩොලර් උපයාගැනීම පිලිබදව යෝජනා කරද්දී , නිෂ්පාදන ක්‍රියාවලියක් සදහා මෙන්ම නිෂ්පාදන ප්‍රවාහණය සදහාද ඉන්ධන හා බලශක්තියේ අවශ්‍යතාව හදුනා ගැනීමට මේ පරිණත නායකත්වයට හැකිවී තිබීම රටේ වාසනාව විය.
අලුතෙන් නිෂ්පාද ක්‍රියාවලියක් අරම්භ කිරීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය හරහා ආදායම වැඩිකර ගැනීම කටෙන් බතල හිටවනවාක් මෙන් පහසු නොවන බව දත් වික්‍රමසිංහයන් එය කෙටි කාලීන ගැටලුවට විසදුම නොවන බවද මනාව අවභෝධ කරගන්නා ලදි ..
විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ට ලංකාවට ඩොලර් එවීමෙන් වලකින ලෙස විපක්ෂයේ දේශප්‍රේමින් දිගින් දිගටන හඩ නගද්දී ඉතා උපක්‍රමශීලීව ඩොලරය රුපියල් 10 කින් පමණ අවප්‍රමාණ වීමට සැලැස්වූ අතර ඩොලරයේ අගය පහල යාමෙන් තමන්ට අත්වන මූල්‍ය අවාසිය පිලිබදව තේරුමගත් විදෙස් ශ්‍රමිකයන් මෙරටට ඩොලර් ඒවීමට ක්‍රියාකල අතර ඒ හරහා මූලිකව රටට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුවට හැකිවිය..
වහාම කේථ (QR ) ක්‍රමය හදුන්වා දෙමින් ලැබුන ඉන්ධන භාන්ඩ ප්‍රවාහනය හා සංචාරක කර්මාන්තය වෙත මූලිකත්වය දෙමින් බෙදා හැරීම ආරම්භ කල අතර, විදුලි බිල ඉහල නංවා විදුලි පරිභෝජනය අවම කිරීමටද ක්‍රියා කරන ලදි. එමගින් සංචාරක කර්මාන්තය සදහා අවශ්‍ය ප්‍රවාහණය හා විදුලිය අඛන්ඩව ලබාදීමට කටයුතුකල අතර දිනෙන් දින සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය විය. ඒ හරහා රටට ලැබෙන ඩොලර් ආදායම වැඩි වූ අතර ආනයන සීමාවන් නිසා එම ඩොලර් බලශක්තිය හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ සදහා පමණක් භාවිතා කිරීමට ඉතා බුද්ධිමත් තීරණ රැසක් ගන්නා ලදි..
එසේම ඉන්දියාවෙන් ලබාගත් භාන්ඩ ණය හරහා අත්‍යාවශ්‍ය ඖෂධ, පොහොර හා ඉන්ධන ආනයනය කිරීමටත් එමගින් අපට ලැබෙන ඩොලර් පාලනයකින් යුතුව වියදම් කිරිමටත් වගබලාගත් රජය ඉතා නිවැරදි ආර්ථික ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කරමින් ජාත්‍යර මූල්‍ය අරමුදල සමග විස්වාසය ගොඩනංවා ගැනීමට සමත්විය..

above image source_https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3e/IMF-Seal_ENG_RGB.svg/330px-IMF-Seal_ENG_RGB.svg.png
IMF අපවෙත තැබූ විශ්වාසය ඔස්සේ මෙරටට ඔවුන්ගේ පළමු ණය වාරිකය ලබාදීමත් සමගම ලංකාව නැවතත් නිවැරදි ආර්ථික මාවතට එළබ ඇතිබව තේරුම් ගනිමින් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවද අප වෙත ණය හා අධාර ලබාදීමට එකගවිය.
සරළ නොවූත් ජනප්‍රිය නොවූත් නමුත් ඉතා නිවැරදි ආර්ථික ගමන් මාර්ගයක යමින් මෙරට ඩොලර් අර්බුධයට කඩිනම් විසඳුම් සෙවීමට රනිල් වික්‍රමසිංහ නම් පරිණත නායකයාට හැකිවූ අතර, 2024 මෙරට බහුතරයක් ජනතාව විසින් ඔහු පරාජය කර ගොවි පුතෙකු රජ කරවනවිට මෙරට මහබැංකුව සතුව ඩොලර් බිලියන 5.6 ක් ඉතිරිකර යන්නට ඔහුට හැකිවිය.
උද්ධමනය අඩු කිරීමේ මැජික් ක්‍රමවේදය මීලග ලිපියෙන්…
