දසනායක (අහංගම)…

දසනායක යනු 1987-89 කාලයේ ජවිපෙ අරගලය තුලදී ලාංකීය ශිශ්‍ය ව්‍යාපාරය තුල ඉතා දඩි කැපවීමකින් ක්‍රියාකල අතිදක්ශ සංවිධායක වරයෙකි. මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල මහා විදුහලින් උසස් පෙළ හදාරා පේරාදෙනිය සරසවියේ කලා පීඨය වෙත ඇතුලත් වූ ඔහු 84/85 දුම්බර පීඨයට ඇතුලත් විය. සරසවියට ඇතුලත්වූ පළමු වසරේදීම “දුම්බර සටනට” නායකත්වය දෙමින් ශිශ්‍ය ව්‍යාපාරයට සම්බන්ධවූ ඔහු, දුම්බර පීඨය පේරාදෙනියට ගෙනැඒමේ සටන ජයග්‍රහණය කර 1986 දී පේරාදෙනියට පැමිනෙන ලදී. මුලදී දසනායක හිඳගල ශාලාවේද, පසුව හිල්ඩා ශාලාවේද නවාතැන් ගන්නා ලදී. ඉන් අනතුරුව දිගටම ශිශ්‍ය ව්‍යාපාරයේ සටන් වලදීද, උද්ඝෝශන වලදීද හැම වෙලාවකදීම සිය දායකත්වය සැපයූ ඔහු, පේරාදෙනිය වූස් කැන්ටිම යාබදව තිබූ ශිශ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නිල කාමරයේ විවිධ සාකච්චාවල නිරත වෙමින් නිතර නිශ්මි සමඟත් අනෙකුත් ශිශ්‍ය නායකයින් සමගත් උණුසුම් වාද විවාද අතිකරනු මේ ලිපියේ කතෘ වරයාට නිතර ඇසට ගැටුනු දෙයක් විය. බොහෝ විට ඔහු අනුමත නොකරන දෙයකදී ඒ ගැන තරාතිරම නොබලා තර්ක කිරීම ඔහුට තිබූ විශේශ ලක්ශණයකි. සරසවි බලධාරීන් සමග සාකච්චා වලට විටකදීද, එවක උසස් අද්‍යාපන ඇමති හමීඩ් මහතා සමග සාකච්චා වලට ගියවිටෙකදීද ඔහුගේ ප්‍රශ්ණ කිරීම එකසේම උණුසුම් ස්වභාවයක් ගන්නා ලදී. නිතර තම උරය මත කලු පැහැති ගමන් මල්ලක් එල්ලාගෙන, දුඹූරු පැහැති කලිසමෙන් සැරසී සිටි ඔහු එකල සිසුන් අතර ඉතා කැපී පෙනෙන චරිතයක් විය.
87-89 අරගලය කෙමෙන් කෙමෙන් උග්‍ර අතට හැරෙද්දී, දසනායක සොයුරා වඩ වඩාත් අරගලය වෙත යොමුවිය. ඉන්පසු සරසවියෙන් පිටත පූර්ණකාලීනව දේශපාලණය සඳහා දිස්ත්‍රික්ක සඳහා පිටත්වුනු සහෝදරවරු සමග දසනායක සොයුරාද එක්වීය. 1988 අග භාගයේදී සමාජවාදී ශිශ්‍ය සංගමය හරහා පූර්ණකාලීනව දේශපාලණය කල සිසුන් සඳහා පැවැත්වුනු රහස් අද්‍යාපන කඳවුරේදී දසනායක සොයුරා මෙම මට හමුවූ අවසාන අවස්තාව විය. ඔහු පමණක් නොව එම අද්‍යාපන කඳවුරේදී හමුවූ බොහෝ සහෝදරවරුනට එදා අරගලය තුල සිය ජීවිත කපකිරීමට සිදුවිය. ඒ අද්‍යාපන කඳවුරේ සිටි අය අතර දසනායකට අමතරව, නිශ්මි, ත්‍රීමා විතාන, බන්දුල දිසානායක, පේරාදෙනි සරසවියේ ජයසේකර, මැතිව් ප්‍රනාන්දු, කොළඹ සරසවියේ කොල්ලුරේ සහ තවත් බොහෝ දෙනෙක්ද අද අප අතර නැත.
1989 වනවිට දසනායක සොයුරා නුවර දිස්තික්කයෙ ශිශ්‍ය අංශයට ” අහංගම” නමින් අනුයුක්ත විය. ඔහු සමග නුවර දිස්ත්‍රික්කයේ පූර්නකාලීනව දේශපාලණය කිරීමට වෙට් සිරා ( සුමිත්), ආට් කරූ, ඇක්ශන් කරූ, සරණ සාදු, ඒකනායක (හේමන්ත), විමල් කුලතුංග (තිලක්) වැනි ශිශ්‍ය නායකයින්ද සහභාගි විය. 1989 අවසාන කාලයේදී එනම් 89 දෙසැම්බර් 30 වැනිදා, අහංගම හෙවත් දසනායක සහෝදරයා නුවර දිස්ත්‍රික් භික්ශු බලමංඩලයේ ප්‍රධානියා ලෙස සිටි සරණ හාමුදුරුවන් හට මුණගැසී ඇති අතර, ඔහු ඒවනවිටත් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත මාරුකොට තිබූ බව සරණ වෙත කියා තිබිනි.
ඉන් අනතුරුව ඔහු අතුරුදහන් වූ පුවත පවා ඒ පැවති භීෂණ තත්වය නිසා ආරංචි නොවූවද, පසුකාලයේදී දසනායක සොයුරාගේ රඹුක්කන ප්‍රදෙශයේ පදිංචිව සිටි බැච් මේට් කෙනෙකුට ලැබුනු ආරංචියක් අනුව, දසනායක සොයුරා පේරාදෙනියට නුදුරු හමුදා කඳවුරකට ගෙන ගොස් ඇති අතර, එහිදී ඔහුව දැන අඳුනා ගත් හමුදා සෙබලෙක් විසින් දසනායක එම කඳවුරේ රඳවා සිටි බවත්, දින කීපයක් තිස්සේ රඳවා තබාගෙන සිටි බවත් එක් දිනක හදිසියේම පිරිසක් ඔහුව පිටතට රැගෙන ගොස් ඇති බවත් එකී රඹූක්කන මිතුරාට මෙම හමුදා සෙබලා පවසා තිබේ. ඒ අනුව මෙම හමුදා කඳවුරින් රැගෙන ගොස් දින කීපයකින් දසනායක සොයුරා ඝාතනය කොටඇතිබව පෙනෙන්නට තිබේ.
( “අපේ කාලයේ සගයෙක්” තීරුවෙන් ලියා තබන අපේ කාලයේ සගයන් ගැන ඔබ දන්නා යම් විස්තරයක් වේනම් [email protected] වෙත ලියා එවන්නේ නම් ඒ විස්තර මේ ලිපි පෙළට අමුනා තබීමට අපට හැකිවනු ඇත.)
Ranjana Senanayake.
👍🏻