පුදුමයන් හැමවිටම අදෘශමානය…

යම් කෙනෙක් මොකක්හරි අළුත් සමාජයක් හදන්න සිහින දකිනවා (utopia) නම් ඒ සිහිනය හරි කියල අනුමත කරන්න අපිට ඉහලින් දෙවි කෙනෙක් නැහැ. වෙනත් නිලධාරී තන්ත්‍රයකුත් නැහැ. මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ගන්න ඕනි කියල එකකුත් නැහැ. අපිට ඉහළින් තියෙන්නේ හිස් අහස විතරයි.ඒ කියන්නේ කොටින්ම අපිට ඉහලින් කිසිම දෙයක් නැහැ. වෙනත් විදියකට කිව්වොත් මහා අනෙකෙක් නැහැ (There is no Communist Big Other). පණිවුඩ කරුවෙක්වත් (no messenger), හෙළිදරව් කරන්නෙක්වත් නැහැ (no revelation). ඒ වගේම අපි කරන දේ හරිද වැරදිද කියල අවසන් තීන්දුවක් දෙන්න කෙනෙකුත් නැහැ.
මොකක්ද මාර්ගය, මොනවද නැවතීමේ සලකුණු, කොතැනින්ද හැරෙන්නේ වගේ කිසිම දෙයක් මීට කලින් කවුරුත් කොහේවත් ලියල කරල නැහැ. ඒවා ඔක්කොම තීරණය කරන්න වෙන්නේ අපිටමයි.
ඒ වගේම මීට කලින් ලියවිච්ච පොත්වල ඒ සලකුණු තියනවා කියල හිතන්නත් බැහැ. කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව කියවල බලල අදහසක් ගන්නත් බැහැ.අර කලින් කියල තියනවා වගේ මොකක් හරි ඓතිහාසික අවශ්‍යතාවක් මතින් එවන් සමාජයක් බිහි වෙන්නෙත් නැහැ (There is no historical necessity).
දැනට කියන්න පුළුවන් එකම දේ තමයි මොකක් හරි අපි නොසිතන ”හදිසි දෙයක්” (contingency) විසින් යම් පුදුමයක් සිද්ද කරන්න පුළුවන් කියන එක.
වෝල් ස්ට්‍රීට්වල, අරාබි වසන්තයේ, ග්‍රීසියේ, ටියුනිසියාවේ ඇතිවෙච්ච හැම නැගිටීමක්ම අපිට පෙන්නන්නේ තව ටික කාලෙකින් සිද්ද වෙන්න නියමිත ”මොකක්දෝ දෙයක්” ගැන අනාගත සංඥා වගයක්.
අර ඩෙලූස් කියනවා වගේ අපි ඔක්කොටම කළින් අධ්‍යයනය කරන්න ඕනි ඒ සංඥා තේරුම් ගැනීමේ කලාව. මෙච්චර කල් අපි ඒ සංඥා තේරුම් ගැනීමේ නොහැකියවකින් පීඩාවින්ද. ඉස්සරහටත් ඒවා අපිට තේරුණේ නැත්නම් සියල්ල අපේ ඇඟිලි අස්සෙන් ආයෙත් රූටල යාවි.
ඇත්තම කියනවා නම් න්‍යායක් හෝ මතවාදයක් නැතුවත් පුදුමයන් සිද්ද වෙන්න පුළුවන් (miracles without doctrines).
පුදුමයන් හැමවිටම අදෘශමානයි. භක්තිමත්ව මඟබලාගෙන ඉන්න අයට ඉඳහිට වගේ පේන්න ගන්නවා. ගෝෂා කාරයන්ගේ ඇඟිලි අස්සෙන් රූටා බහිනවා.
ජනතාව මොකක්ද හිතන්නේ කියන එකනම් එච්චර වැඩක් නැහැ. මොකද ජනතාව ගොඩක් ම ග්‍රීකයෝ හින්ද….