ලාල් කාන්තගේ දර්ශණය..!

සමහර කතුවරුන් “සමාජ ධනවාදය” යන යෙදුම භාවිතා කරන්නේ දළ වශයෙන් සමාජ වෙළඳපොල ආර්ථිකයට සමාන අර්ථයක් ඇතිවය. [8] [9] [10] එය ධනවාදයේ ඇන්ග්ලෝ සැක්සන් ආකෘතියට සාපේක්ෂව වෙනස් වන විට එය “රයින් ධනවාදය” ලෙසද හැඳින්වේ. [11] [12] [13] [14] සමහර කතුවරුන් රයින් ධනවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ඇන්ග්ලෝ-ඇමරිකානු ආකෘතියේ සාර්ථක සංශ්ලේෂණයක් ලෙස විස්තර කරති. ජර්මානු ආකෘතිය වෙනත් ආර්ථික ආකෘතීන් හා සසඳන විට ඒවායින් සමහරක් “තුන්වන ක්‍රම” හෝ ටෝනි බ්ලෙයාර්ගේ තුන්වන මාර්ගය, ප්‍රංශ ඩිරිගිස්මේ, ලන්දේසි පෝල්ඩර් ආකෘතිය, නෝර්ඩික් ආකෘතිය, ජපාන ආයතනික ඇතුළු ධනවාදයේ කලාපීය ආකාර ලෙස ද විස්තර කෙරේ. ධනවාදය සහ සමකාලීන චීන ආකෘතිය. [16] 2012 සංසන්දනාත්මක දේශපාලනික පෙළපොතක් “කොන්සර්වේටිව්-සංගතවාදී සුභසාධන රාජ්‍යය” (ජර්මානු සමාජ වෙළඳපොල ආර්ථිකයෙන් පැන නගින) සහ “කම්කරු නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධන රාජ්‍යය” අතර වෙනස හඳුනා ගනී. එතැන් සිට ආකෘතියේ සංකල්පය මානව සමාජයේ සමාජ වගකීම සැලකිල්ලට ගැනීම පමණක් නොව ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සහ ආරක්ෂා කිරීම ලෙස පාරිසරික සමාජ වෙළඳපොල ආර්ථිකයක් පිළිබඳ අදහස දක්වා පුළුල් කර ඇත.
above image source_https://lankacnews.com/wp-content/uploads/2024/09/lal-kantha.png
ඉහත ඇත්තෙ උපුටා ගැනිමකි. එහි ඇති නිර්වචනයන් ඔබ කැමති ව්දියකට තේරුම් ගන්න. ලියන්න අදහස් කලේ ලාල් සහෝදරය ලඟදී තම නිළධාරින් අමතා කල කතාව පිලිබදව මා තේරුම්ගත් විදිය ලියන්නය . ඒ ගැන ලාල්ගෙන්ද විමසා නිවරදි කර ගැනිමට ද බලා පොරොත්තු වෙමි
ලාල් ලිබරල්, නව ලිබරල් ආර්තිකය ගැන පැහැදිලි කිරිමක් කරයි. ඔහු කියන්නෙ 1977 න් පසුව ජේ ආර් නව යුගයක් ආර්තික පෙරලියක් ඇති කල බවය. එහි ප්‍රතිපල ලෙස විවෘත ආර්තිකය වසර 17 ක් කාලයක් හා ඉන් අන්තුරුව චන්ද්‍රිකාගෙ මානුෂීය මුනක් සහිත විවෘත වෙලදපොල ඉදිරියට පැමින ඇත. එහි මූලධර්ම වලට අනුව රජය ව්‍යපාර වලින් අයින් විම සිදුවිය. බෝහෝ රජයට අයත් ආයතන කුනු කොල්ලයට තම හිතවතුන්ට විකුනා ඇත්තේ එම ප්‍රතිපත්ත්තියට අනුවය. රනිල් ජේ ආර් ට සමාන ප්‍රතිපත්ත්තියක සිටමින් සියල්ල විකිනිමට තීරනය කලේය. මෙවනි ආර්තික ප්‍රතිපත්ත්තියක තීරනාත්මක ප්‍රතිපල වුවේ ඇති නැති පරතරය පුලුල් විමය. වංචනික ලාභයම මුල් කරගත් ව්‍යපාරික හා ප්‍රභු පැලන්තියක් සමාජයෙ වැජඹිමය. හැම විටම ආන්ඩු බලය ඔවුන් ව්සින් හසුරුවයි. සමාජ සුබ සාධන ක්‍රියාවලිය නාමිකව පැවතිමය. සියලුම ගණූදෙනු වලින් අනීතිකව මුදල් ඉපයිම සිදුවේ.
ලාල්ගෙ කතාවෙ ඇත්තෙ සමාජ සුභසාධන සහිත වෙලදපොලක් මෙයට විකල්පයක් ලෙස නිර්මානය කිරිමය.
ඔහු නැවතත් වී අලව් මන්ඩලය වැනි ආයතන ශක්තිමත් කිරිමට යෝජනා කරයි. රජයෙ සේවා සපයන ආයතන ශක්තිමත් කරමින් පුද්ගලික අංශය සමග තරග කිරිමට ඔහු යෝජනා කරයි. මෙහි ඇති සුභසාධන රාජ්‍ය නිර්මානය කිරිමට සුව සේවා , නිදහස් අධ්‍යපනය, ප්‍රවාහන සේවා, නිවාස ඉදිකිරිම් වැනි පුලුල් පරාසයක පවතින නීති වෙනස් කර රජයේ මැදිහත් වීමට අවශ්‍ය පරිසරය ඉක්මනින්ම සැකසිය යුතුය. ඒ සදහා රජය මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනිම අභියෝගයකි . ජාත්‍යන්තර් මුල්‍ය අරමුදලද එකඟ රනිල්ගෙ ප්‍රතිපත්ත්තියටය. ඔවුන් සමාජ සුභසාධනයට එකඟ නැත. නමුත් ලාල්ගෙ යෝජනාව ක්‍රියාත්මක නොකලහෝත් මෙයත් රනිල්ගේ ප්‍රතිපත්ත්තියෙ යන අනුරගෙ ආන්ඩුව බව ජනතාව තුල තහවරු වනු ඇත.

image source_https://www.ceylonexpeditions.com/medias/media/big/627/unnamed.jpg
නාමල් කරුනාරත්න අපිට සතුටු විය හැකි ප්‍රකාශයක් කර තිබුනි, ඔහු කියන්නෙ ලේනුන්, වන සතුන්ටද ජීවත් විය හැකි වනාන්තර භුමිය පුලුල් කල යුතු බවය. මෙය මෙම නව ලිබරල් ආර්තිකය තුල සිදුකිරිම අතිශය දුෂ්කරය. නමුත් ඒක බෝග කෘෂි ප්රතිපත්ත්තියෙන් වෙනස්ව පුනර්ජනනිය හා පරිසර හිතකාමි කෘෂි ප්රතිපත්ත්තියක් ගොවීනට හදුන්වා දිමෙන් මෙය කල හැකිය . කෘෂි අරගල ව්‍යපාරය ගොවින් හා නිළධාරින් සමග ගැටන්නෙ මෙම ප්‍රතිපත්ත්තිය යතාර්තයක් කර ගැනිමටය . ජව්පෙ ගොවීන් මේ පිලිබදව සංවාදයක් කිරිම හොඳය. පෙරටු ගාමින්ද වෙනස් වෙමින් පරිසරය පිලිබදව සාකච්චා කරයි. මෙම වෙනස්කම් කිරිමට ගොවි, කම්කරු බලවේග දැනුමෙන් ශක්තිමත් කලයුතුය . මේ මොහතේද ගොවි නායකයන් ආන්ඩුව සමග විරෝධයක් ඇත. එය සමනය කිරිමට හා ඔවුන්ට දැනුම ගෙනයෑමට යාන්ත්‍රනය ක් සැකසිම නාමල්ගෙ වගකිම වෙනු ඇත. ලාල්ගෙ දැක්ම කෙසේ හෝ යතාර්තයක් කරගැනිමට වමේ කන්ඩායම වල වගකීමකි.