කොළඹගම…

බිම්බරක් සෙනග
නොනැවතී නවතින..
අටෝරාසියක් උවමනාකම් හදාගෙන
හිස් උඩින් පැන ලාභ බඩු තෝරන
සරම් හැමවිට තෙමන..
සමහරක් හිඳී වැහි පොදක්වත් නොවදින ..
කපුටු බෝ බොහෝ තැන්වල පැලවෙන
සාධු යැයි කීමට සැදැහැවත් නැති තැන
බුදු ගුණ හදවත දරාගෙන
දුවති පැටළෙති බෙනෙති
සාද තෙපුළින් තොරව වෙන්වෙති
ගලන විට සැමවිටම කැප දුක් ගඟ
ගං වතුර යැයි සිතා අනෙකා පරසක්වල ගසන
ගලන විට රුදු අව් සැර දහදිය විලස
හෙට නම් යෙහෙකි යැයි කියා
හැකිය අද සැනසෙන්නට …
බොහෝ දන හද පොර බදන
සිහින විමනක්ය නියොන් එළි දැල්වෙන
ටින් කබල් දිරූ වහලවල් නොපෙනෙන
තාවකාළික නිවනකි මධු ඔඩම් උතුරන
තිගැස්සී සිහිනයෙන් ඇහැරෙන
කුණු කාණු උදෑසන සරසන
වල්මත් කමට නූතන නමක් දෙන
සුරපුරක් මැයි කොළඹ ගම අතරමං දනන් හට …