ලාල් කාන්තගේ වත්කම්..!
ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් අළුත සාදා නිමකරන ලද කඩුවෙල පිහිටි ඔහුගේ නිවස පිළිබඳව සමාජ මාධ්‍යවල විශාල කථා බහක් ඇතිවී තිබේ. ඒ ගැන යම් අදහසක් සහ Lankapowernews සගයින් කල සමීක්ෂනයක අදාල කාරණූද ඇතුලත්කොට මෙසේ එළිදැක්වීමට අදහස් කරමි. බොහෝ දෙනාට අනුව ලාල් කාන්ත අමාත්‍ය වරයාට මේසේ සුවිසල් නිවසක් සෑදීමට අවශ්‍ය මුදල් ලබාගත්තේ කෙසේදැයි ගැටළුවක් වී ඇත. එය ඉතාම සාධාරණය. වසර 30 ක් පූර්ණකාලීනව ජවිපෙ දේශපාලණය කලායැයි කියන ලාල් කාන්ත ඇමතිවරයා, අනුන් දෙන දෙයකින් ජීවත්වූයේ යයි කියන ඇමතිවරයා, මෑතක් වනතුරුම කියාසිටියේ තම බිරිඳගේ ගුරු වැටුපෙන් දියණියගේ ටියුෂන් ගාස්තු ගෙවා ජීවත් වීමට පවා අපහසු බවය. ඒ අමාරු අවස්ථාවේ මේ කියන ඉඩම් විකුනා ඒවා මුදල් නොකලේ මන්ද? එසේනම් එසේ කියූ ලාල් කාන්ත අමාත්‍ය වරයා ඊට වසර එක හමාරකට පමණ පසු මෙසේ කෝටි ගණනක් වටිනා නිවසක් සහ ඉතා වටිනා බඩු භාන්ඩ මිළදී ගත්තේ කෙසේද? විශේෂයෙන් ලාල් කාන්තලා බලයට ආවේද කලින් රජයන් වල සිටි දේශපාලකයින්ගේ අයථා ඉපයීම්, හොරකම්, දූෂණ ගැන විශාල කථිකාවක් ගෙනැඒම තුලය.

ලාල් කාන්ත මහතාගේ පවුල් පසුබිම.
ලාල්කාන්ත අමාත්‍ය වරයාගේ පියා සහ අමාත්‍යවරයාගේ බාප්පලා වන ඇල්බට්, විල්බට් සහ රොබට් යන තිදෙන මීට දශක කීපයකට පෙර අනුරාධපුර නගරයේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන ලද චරිත තුනකි. අනුරාධපුර මාකට් පෙදෙසේ මේ තිදනාගේ “ජොබ්” එක එකල මාකට් පෙදෙසේ කවුරුත් පාහේ දැන සිටියහ. මාවෙත වාර්ථාවන අන්දමට ලාල් කාන්තලා කලැත්තෑවට පැමිණීමට ප්‍රථම පදිංචිවී සිටියේ ඉසුරුමුණිය පාරේ පාර අයිනේ ඉතා කුඩා පැල්පතකය. එහිදී ලාල් කාන්තගේ ලොකු අක්කා ගම්පහ පදිංචි ධනවත් පවුලකට හදාවඩා ගැනීමට දෙමව්පියන්ගේ කැමැත්ත මත ලබාදෙන ලදී. ඒ එදා ඔවුන් මුහුණදී සිටි අතිශය දරුණූ දරිද්‍රතාවය නිසාමය. ලාල් කාන්තගේ ලොකු අක්කා ගම්පහ යෑමෙන් පසුව ඉතාම හොඳින් අධ්‍යාපනය හදාරා පසුකලෙක විවාහ වූයේ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් වරයෙකු සමගය. ඇය ලාල් කාන්ත ඇතුළු ලාල්ගේ පවුලට බොහෝ උදව් පදව් කලාය. බූස්ස කඳවුරේ සිට නිදහස් වී පැමිණි ලාල් කාන්තව කඩවත නවත්වාගෙන ඔහුට යෝගට් ව්‍යාපාරයක් කරගෙන යාමට අවස්ථාව සලසා දුන්නේද මේ ලාල්ගේ ලොකු අක්කා විසිනි.
මේ ඉසුරුමුණියේ කුඩා පැලක ජීවත්වූ ලාල් කාන්ත ඇතුලු පවුල ඉන්පසු පදිංචියට යන්නේ කලැත්තෑවේ හේනක් සහිත අක්කර ත පහත් දහයත් අතර ප්‍රමාණයේ ඉඩමකටය. ලාල් කාන්තගේ ඉඩමට අල්ලපු ඉඩමවූ රුබේරුලාගේ ඉඩමද අක්කර 10 ක ඉඩමක් බැවින් ලාල්ගේ ඉඩමද උපරිම උනොතින් අක්කර 10 ක් විය හැක. එකල අනුරාධපුරයේ නගරයෙන් තරමක් පිට මුඩු බිමක් අල්ලාගෙන එය හේනක් වගා කරන මුවාවෙන් ඊට දිසාපති කාර්යාලයෙන් බලපත්‍රයක් ලබාගැනීම ඉතාම පහසු කාර්යයක්ව තිබිණි. නමුත් ලාල් කාන්තලාගේ ඉඩමට බලපත්‍රයක් තිබුනාදැයි නිශ්චිත නැත. එසේම බලපත්‍රයක් තිබී එය පසුව ඔප්පුවක් බවට පත්කර ගත්තේදැයි යන්නද නිශ්චිත නැත. මේ හේනට අමතරව වසරකට වරක් වැහි වතුරෙන් වැඩකල හැකි කුඹුරු කෑල්ලක්ද තිබිණි. එහෙත් ඒ කාලයේ මේ ඉඩමේ වගාකල කෙනෙක් දකින්නට නොලැබුනු නමුදු 2005න් පසුව ලාල් කාන්ත මුළු ඉඩමම ආවරනය වනසේ අඹ වගාවක් සාර්ථක ලෙස කරතිබිණි.
කෙසේ වෙතත් අනුරාධපුරයේ 88-89 කාලය වනවිට අප විසින් පූර්ණකාලීනව ජවිපෙ දේශපාලණය කරන විටදීද ලාල් කාන්තලාගේ කුඩා නිවස කපරාරු කර තිබුනේද නැත. එසේම ඔවුන් කොපමණ දුෂ්කරතාවලින් ජීවිත ගෙනගියද නිවසට එන ඕනෑම ජවිපෙ සාමාජිකයෙකුට කෑම වේලක් ලබානොදී හිස් බඩවල් පිටින් යැව්වේද නැත. මේ ලාල් කාන්තගේ කලැත්තෑව නිවසේ එදා ජවිපෙ දේශපාලන මංඩල සභික සහ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනම භාරව සිටි ලලිත් විජේරත්න හෙවත් “අරවින්ද” අයියාද, අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්ස හෙවත් “දයාරත්න අයියාද”, ඇතුලු බොහෝ ජවිපෙ ඉහල පෙලේ සිට පහල පෙල දක්වා ක්‍රියාධරයින් ආවගිය සහ නැවතී සිටි නිවසකි.
ලාල් නැවත දේශපාලණයට පැමිණීම.
ඔහු බූස්සෙන් නිදහස් වෙලා ආවට පස්සේ කාලයක් නැවතිලා හිටියේ කඩවත ලොකු අක්කා ලඟය. ඒ අක්ක ගොඩක් ට්‍රයි කලා ලාල්ට මොකක් හරි ආදායමක් හදලා දෙන්න. යෝගට් වැඩේ ලාල්ටසෙට් වෙන්නේ ඒ අනුව. හැබැයි ලාල්ගේ යෝගට් වැඩේ දියුණු උනේ නෑ. එන එන සම්තින් එකෙන් හවසට ලාවට සප්පයම් වෙන නිසාත්, ලාල්ට මහා ලොකු බිස්නස් දැනුමක් නැතිනිසාත් වෙන්න ඇති ඒකට හේතුව. කොහොමහරි 94 දි ලාල් කාන්තව ආයෙම දේශපාලණයට ඈඳාගන්නේ නන්දන ගුණතිලක. නන්දනට ලාල්ව සෙට් කරන්නේ අරුණ දිසානායක කියන ජවිපෙ 89 කාලෙ මැදවච්චිය පැත්තේ කොට්ටාශ සංවිධායකයා. ඔහු දැන් ජවිපෙ නැහැ කියලයි මට වාර්ථා වෙන්නේ.
ලාල් 94 දි චන්දෙට එනකොට ඔහුට අනුරාධපුරේ උසාවියේ ඔහු බන්ධනාගාරයෙන් පැනපු එකේ හරි ගෙදර තුවාල කරුවන් දෙන්නෙක් තබාගැනීම ගැනහරි නඩුව තිබුනා. ඒකේ වරද පිලිගෙන ඊට ඔහුට පනවපු දඩය වුනු රුපියල් 250 ගෙවලා ඔහුගේ නීතිය පැත්තේ භාදක ඉවත්කරගෙන තිබුණු බවයි වාර්ථා වන්නේ. හැබැයි බූස්ස කඳවුරේ කුඩලිගම වගේ නායකයො වගේ පෙනීහිටපු අය 94 මැතිවරණෙ කර අරිද්දි ලාල් කාන්තලා මැතිවරණෙට සහභාගිවීම වැඳගත් කියලත් කියන්න ඕන.
අතිදුෂ්කර කාලය.
1998 වගේ කාලෙ ලාල් කාන්ත සහ ඔහුගේ බිරිඳ දිල්රුක්ෂිටත් ඉතාම අමාරු කාලයක්. ඒකාලෙ ලාල්ට තිබුනේ ෆුට් සයිකලයක් විතරයි. ඒ ෆුට් සයිකලේ කලත්තෑවෙ ඉඳලා අනුරාධපුරේ ටවුන් එකට එන්න ලේසිත් නෑ. එතකොට තමයි ලාල් කාන්ත යාපනේ හන්දියේ ටික කලකට පදිංචියට එන්නේ. ඒ ලාල්කාන්තගේ පියාට තිබුණු අනුරාධපුරේ යාපනේ හන්දියේ ඉඩමකට නම් නෙවෙයි, යාපනේ හන්දියෙන් මිහින්තලේ පාරෙ ටික දුරක් ගියාම වම් අත පැත්තේ තිබුණු ෆොරස්ට් එකේ ක්වාටස් එකක. ඒක ලාල්ට දීල තිබුනෙ ෆොරස්ට් එකේ ඔෆිසර් කෙනෙක්. මාසෙකට ගානක් මේ ඔෆිසර්ට ලාල් සහ දිල්රුක්ෂි ගෙව්වා කියලයි වාර්ථා වෙන්නේ. දැන් මේ ඔෆිසර් ජීවතුන් අතර නැහැ.
2005 න් පස්සේ ලාල් කාන්ත ඔය කැලැත්තෑවේ නිවස අළුතින් සාදන ලදී. U හැඩයට හදපු නව නිවස පාර පැත්තට නෙවෙයි අනිත් පැත්තට එනම් වත්ත පැත්තට ඇතුල්වීම හදලා ඒ නිවස “ගෙස්ට් හවුස්” එකක් කරන ලදී. මේ ගෙස්ට් හවුස් එක නුවර වැවේ අනිත් කෙළවර පැත්තට කිට්ටුවෙන් තිබුනේ. ඊට මීටර් 100 ක් විතර ඈතින් තමයි හිටපු මහ ඇමති S.M. චන්ද්‍රසේනගේ හෝටලය පිහිටලා තිබුනේ. කොහොමත් දේශපාලකයෝ හෝටල් අයිතිකාරයෝ වෙනඑක රජරට සාමාන්‍ය දෙයක්. ඒක පොහොට්ටුවේද, යූඑන්පී එකේද ජේවීපී එකේද කියලා අමුත්තක් නැහැ. කොහොමත් මේ ලාල් කාන්තගේ කපරාරු නොකරපු කුඩා නිවස විශාල “ගෙස්ට් හවුස්” එකක් වන්නේත් ලාල් කාන්ත චන්ද්‍රිකා රජයේ ඇමති කෙනෙක් උනාට පසුව බවයි මගේ නිරීක්ෂණය. එබවින් මේ නිවාස හදීමේ මුදල් හොයාගත්තු හැටි ලාල් කාන්ත විස්තර කරන්න ඕන මේ ගෙස්ට් හවුස් එක හදපු විදියේ ඉඳන්. ඔය වත්තේ වවපු අඹ වලින් හරි කියල කිව්වත් කමක් නෑ ඉතිං.
පියානෝවේ කතා වස්තුව.
කොහොම හරි ලාල් කාන්ත ජවිපෙ 2000 න් පස්සේ දේශපාලණය කරනකොට පක්ෂෙන් දීල තිබුනා මාදිවෙල මන්ත්‍රී නිවාසවල ගෙයක්. මෙහි ලාල් කාන්තට මන්ත්‍රීකම නොමැති කාලෙත් ඉන්න පුලුවන්කම තිබුනා. නමුත් පසුකාලෙ ලාල් කාන්තට කොට්ටාව 255 පාරෙ පටන්ගන්න හරියේ ලොකු ගෙයක් පක්ෂය හරහා ලැබිලා තිබුනා. ඒ ගෙට පක්ෂෙන් කුලියක් ගෙව්වා. ඒක පක්ෂයේ හිතවතෙකුගේ කියලත් කියනවා. මේ ගෙදර හිටියේ මෑත කාලෙ. හැබැයි මේ කොට්ටාව ගෙදර ඉන්න මෑත කාලෙ තමයි ලාල් කාන්ත සහ දිල්රුක්ෂි දැන් මේ කථා බහට ලක්වුනු කඩුවෙල සුවිසල් ගෙදර හදන්න අවසන් අදියරේ වැඩ පටන් ඇරං තියෙන්නේ. සමහර විට මේ ඉඩම මිලදී ගැනීම ඊට බොහෝ කලින් වෙන්නත් පුලුවනි.
කොහොම හරි පක්ෂෙ ඉන්න ගෙවල් හදන වැඩ දන්න අයත් හවුල් කරගෙන මේ ගෙදර වසර තුනකින් විතර හදාගන්න ලාල් කාන්ත සහ දිල් සමත් උනා. ගොඩක් ජවිපෙ නායකයො ගෙවල් හැදුවේ පක්ෂයේ හිටපු පහල සාමාජිකයින්ගේ ශ්‍රමය නිකම්ම ඇරගෙන. මේ කථාව මට කිව්වේ අනුර දිසානායකගේ කැළණීය පත්තේ හදපු ගෙදර අත්තිවාරම දාන්න නූල් ඇදපු පූර්ණකාලිකයා. නමුත් ලාල්ගේ ඔය ගෙදර තියෙන සමාජ මාධ්‍යවල තියෙන පියානෝ එක ලාල් කාන්තගේ දියණිය, “හිරුණි” ට ලැබිලා තිබුනේ මීට අවුරුදු ගණනාවකට පෙර. ඇය කුඩා සන්දියේ සිටම මේ පියානෝව වාදනය කරන්න පුරුදු උනා. ඒ නිසා මේ පියානෝව මේ නිවස සමග සම්බන්ධයක් නැතිබව කියන්න ඕන. මේ පියානෝව මිළඳී ගන්නකොට ඒ පියානෝවේ හිස්ට්‍රි එකත් ඒක එක්කම එයාලට දීලා තියෙනවා. ඒ හිස්ට්‍රි එකට අනුව මේ පියානෝවේ මුල් අයිතිකරුවන් එංගලන්තයේ රජ පවුලකටත් සම්බන්ධ බවයි දිල්රුක්ෂිලා කියන්නේ ඔය පියානෝව ගැන කථාවෙනකොට. ඒ කියන්නේ පියානෝව පවා ප්රභූන්ට සම්බන්ධයි.
මම මේ ලිපිය ලියන්න කලින් කැලැත්තෑවේ ලාල් කාන්තගේ ඉඩම කොච්ක්චර වටිනවාදැයි ඒ ඉඩම ගැන දන්න සහ ඉඩම් ගැන හොඳින් දන්න කෙනෙකුගෙන් ඇහුවාම ඔහු කිව්වේ අවම වශයෙන් රුපියල් කෝටි 2 ක් වත් වෙනවා කියලයි. ඉතිං ඒ කැලැත්තෑවෙ ඉඩම විකුණලා මේ කඩුවෙල ගෙදර හැදුවා වෙන්නත් පුලුවනි. ලාල් කියන්නේ එහෙමයි. නමුත් මේ නව නිවස සහ ගෘහභාන්ඩ වල මුලු වටිනාකම ලාල්ගේ කැලැත්තාවේ හේන් ඉඩම් වලින් කවර්කල හැකිදෙයක්නම් නොවන බව කිවයුතුය. හැබැයි මේ කලතෑවේ ඉඩමට ඔප්පුවක් තියේද නැත්නම් බලපත්‍රයක් තියේද කියලා හරියට කීමට නොහැකිය.
නමුත් ඉතිං චන්ද්‍රිකාගෙ කාලෙත් ඇමතිවරයෙක් උන ලාල් කාන්ත ඔය ඉඩමට බලපත්‍රයක් නොතිබ්බනම් ඒකක් හදාගන්නත්, බලපත්‍රයක් විතරක්ම තිබ්බනම් ඒක ඔප්පුවක් බවට පත් නොකරගෙන ඉන්න තරම් මෝඩයෙකුත් නෙවෙයි. හැබැයි ලාල් කාන්ත කියන අක්කර 20 ගණන් ලාල් කාන්තගේ පියාට තිබුනේ නැතිබවනම් කිවයුතුය. එසේ තිබුනානම් ඒ අක්කර 20 ගණන් තියාගෙන ලාල්ගේ පියා ඉසුරුමුණීයේ පාර අයිනේ පැල්පතකින් ජීවිත ගමන අරඹන්නේ නැත. තම දියණිය හදාවඩා ගැනීමට දෙන්නේද නැත. අක්කර 20 ක් තියාගෙන අනුරාධපුර ටවුන් එකේ මාකට් පෙදෙසේ රයිස්තියාදු වන්නේද නැත. එසේ තිබූ බව ලාල් කාන්ත කියනවා නම් ඒවායේ ඔප්පු වල විස්තර දැන් ලාල් කාන්තට ඉදිරිපත් කලහැකිය.
ලාල් කාන්ත පවුලේ උත්සාහවන්තකම.
කොහොමත් ඇල්බට්, විල්බට් සහ රොබට් ලගෙන් පසුව ඊලඟ පරම්පරාව වුනු ලාල් කාන්තගේ සහෝදරියන් වගේම පවුලත් ඉතාම උත්සාහ වන්තයි. ලාල්ගේ ලොකු අක්කා ඉහලට ඉගෙනුම ලැබූ ඉහල මධ්‍යම පවුලක කෙනෙක්. ඇය බැඳලා ඉන්නේ අමාත්‍යංශ ලේකම් වරයෙක්. පොඩි අක්කා කොළඹ ඇක්වයිනාස් එකේ හෙඩ් කෙනෙක්. ලොකු නංගී සරලා සීනියර් නර්ස් කෙනෙක්. පොඩි නංගී වෛද්‍යවරියක්. ලාල්ගේ බිරිඳ සහ ලාල් කාන්ත පාසැල් කාලයේ පටන්මත් පෙම්වතුන්. එයාලා මොන ප්‍රශ්න ආවත් එයාලගෙ ආදරේවත් බැඳීම්වත් වෙනස් වෙලා නෑ. දේශපාලනය පැත්තකින් තියලා කවුරු හරි ලාල් සහ දිල්රුක්ෂිගේ ප්‍රේම කථාව ගැන කථාවක් හරි ෆිල්ම් එකක් හරි කලානම් ඒක හරි අපූරු එකක් වේවි. වෛද්‍ය පීඨයට යන්න ලකුණු තිබුනත් ඇය එක විෂයක් අසමත් වෙලා තිබුනා. ඒ නිසයි විද්‍යා පීඨයට ඇතුලත් උනේ. ඇය උසස් පෙළ කරලා කැම්පස් ගිය වසරේ අනුරාධපුරේ වෛද්‍ය පීඨයට තෝරගත්තේ ලකුනු 203 න් උඩ වගේ මට වාර්ථා වුනු විදියට. ඇය ලකුනු 203 ඉක්මවලා තිබුනා.
කැම්පස් ගිය ගමන් ගමේ කොල්ලා අතහැරලා කැම්පස් එකේ කොල්ලෙක් එක්කෙ සෙට් වෙන එක කැම්පස් යන බොහෝ කෙල්ලෙන්ගේ විදියක් උනාට ලාල්-දිල්රුක්ෂි දෙන්නගේ ආදරය එහෙම උනේ නෑ. ලාල්ගේ “පොඩි පොඩි අනම් මනම් වැඩ” ටිකකුත් ඉවසගෙන ඇය තම පාසැල් ප්‍රේමවන්තයා සහ පසුව ආදරණීය සැමියා අතහරියෙම නැහැ. ඒ මදිවාට වසර 30 ක් ජොබ් එකක් නොකර ෆුල් ටයිම් කරපු ලාල් කාන්තවත් එකම දියණීයත් නඩත්තු කරගෙන රැකබලාගෙන කාපු කට්ට කවුරුත් කථා කරන්නෙ නෑ. ජවිපෙ බොහෝ සාමාජිකයින්ගේ බිරින්දෑවරු තම ස්වාමියා මෙලෝ රැකියාවක් නොකර සිටිද්දී සිය පවුල රැකබලාගමනීමේ වගකීම ඒ බිරින්දෑවරුම දැරුවා. ඒ අතින් ඒ කාන්තාවන් ගේ කැපවීම අතිවිශිෂ්ඨයි. නමුත් ජවිපෙ තුලදීම උනත් ඒ අයගැන ප්‍රශංසාවක්වත් ඒ අයට හිමිඋනේ නෑ.
ලාල් සුපිරි නිවසක හිමිකාරයෙක් ලෙස.

ලාල් කාන්තගේ මේ කථාව ලියද්දි මට හිතුනේ ලාල් කාන්ත මොනතරම් වාසනාවන්ත ෆුල් ටයිම් කාරයෙක්ද කියලා. මොකද ඒ කාලෙ ෆුල් ටයිම් කරපු බොහෝදෙනාට අදවෙනකොට ඉන්න හිටින්න තැනැක්වත් නෑ. ලෙඩකට බේත් ටිකක් ගන්න විදියක් නෑ. මොකද තරුණ කාලෙ පක්ෂය වෙනුවෙන් හැකි සෑම කැපකිරීමක්ම කරලා එයාලට හති වැටුනාම අද බලන්නවත් කෙනෙක් නෑ. සමහර එදා ෆුල් ටයිමස්ලගේ පවුල් වල දරුවොවත් එයාලව ගණන් ගන්නෙ නෑ. මොකද දරුවො අහනවලු අපිට මොනවද කළේ කියලා. තවත් බොහෝ ෆුල් ටයිමස්ලාට ජීවත් වෙන්න වාසනාව තිනුනෙත් නෑ 89 න් පස්සේ. ඒ අතින් බැලුවත් ලාල් කාන්ත පට්ට ලකී.
නමුත් අවුරුදු 30 ක් ෆුල් ටයිම් කලා කියන ලාල් කාන්ත අද කොළඹින් සුපිරි නිවසක් හිමි ප්‍රභූ පන්නයේ දේශපාලකයෙකි. දැන් ඔහු පෙනීසිටි පීඩිත පංතියට ඔහුට වහගකීමට අවශ්‍ය නැත. මමද ඔය කියන “නිර්ප්‍රභූ” දේශපාලණයට බොහෝ විවේචනයක් ගෙන ආ කෙනෙකි. NPP එක බලයට එන්න කලින්මත් මම බොහෝ විට ලිව්වේ මේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය හදල තියෙන්නෙම ප්‍රභූන් උදෙසා කියලා. එතකොට එක්කෝ ප්‍රභූන් බලයට පැමිණිය යුතුය, නැත්නම් බලයට පත්වන අය ප්‍රභූන් වියයුතුයි. දැන් වෙමින් තියෙන්නේ මම පෙන්නලා දීපු දෙවෙනි එක. ඒ කියන්නේ නිර්ප්‍රභූන්, ප්‍රභූන් බවට පරිවර්ථනය වීම. නමුත් NPP එකට චන්දය දීපු බොහෝ අහිංසක චන්ද දායකයින්ගේ ආශාව උනේ ප්‍රභූන් පන්නලා නිර්ප්‍රභූන් බලයට ගෙනත් එයාල නිර්ප්‍රභූ විදියටම තියාගන්න.
නමුත් බලයට ආවාම මේ චන්ද දායකයා සහ බලය හොබවන NPP දේශපාලකයා අතර පරතරය දිනෙන් දින විශාල වෙනඑක දැන් NPP එකට චන්දෙ දීපු අයට බලාඉන්න බැරි තත්වයක් ඇවිත් වගේ. නමුත් ඔය තත්වය අපි පෙන්වල දුන්නේ මැතිවරණයටත් බොහෝ කලින් ඉඳලා. ජවිපෙ තවමත් ගම්වල ෆුල් ටයිම් කරන හරි පඩි නොගෙන නොකා නොබී වැඩකරන කවුරු හරි මෝඩ තකතීරු මල්ලිලා තවත් ඉතුරු වෙලා ඉන්නවානම් මේවාගැන ටිකක් හිතන්න කාලය ඇවිල්ලා කියලා තමයි කියන්න වෙන්නේ. මොකද ඒ මල්ලිලාගේ වටිනාකම “බිංදුව” වීම කාලය පිළීබඳ ප්‍රශ්නයක් පමණී.
කොහොමත් ලංකාවේ ජාතික ජනබලවේගයට චන්දය දීපු සහ එයට කඩේ ගිය බොහෝ දෙනාට ඉදිරි කාලයේ අහන්න දකින්න වෙන්නේ එයාලා බලාපොරොත්තු වුනු දේවල්නම් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දේවල්. මේ චන්ද දායකයින්ගේ දැඩි අමනාපය දැන් දැන් ප්‍රාදේශීය ජාතික ජනබලවේග දේශපාලකයින්ගේ පිටින් යවන තත්වයක් මතුවී තියෙන්නේ. මේ දිනවල නොයෙක් තැන්වල සමුපකාර චන්දය පරාදවීම්, ප්‍රාදේශීය දේශපාලකයින්ට හූ කියා පලවාහැරීම් දැන් ආරම්භවී තියෙන්නේ. මේ තත්වය ජවිපෙ ප්රමුඛ NPP නායකත්වය “රතු එළීයක්” ලෙස තේරුම් ගත්තේ නැත්නම් ඊලඟ අදියරවල් මීට වඩා භයානක වියහැකිබව එයාලට මේ වෙනකොට තේරුම් යන්න ඕන. නමුත් එහෙම තේරෙන සෙට් එකක් ඔවුන් අතර ඉන්නවාද කියලා නම් සැකසහිතයි.

නිර්මාල් දේවසිරි ඇදුරුතුමාගේ විග්‍රහය.
දැන් අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන කාරණයක් තමයි බලයට එන්න පෙර බටපතුරු වගේ කැහැටු ඇඟවල් තිබුණු ජාතික ජනබලවේගයේ හිටපු බොහෝ ජවිපෙ නායකයින් මස් දාල පපඩම් වගේ පිම්බිලා එන හැටි. හිල් ජොක්කු ඇඳල යන යන තැන්වල ජවිපෙ හිතවතුන්ගේ ආධාර කරුවන්ගෙන් පිනට යැපුනු ජවිපෙ නායකයෝ ෆුල් ටයිම් කරන ගමන්ම රුපියල් කෝටි ගණනින් එකවුන්ට් වල ගොඩකරගත්තු හැටි. මේව ගැන ඉතිං ඉතාම ශාස්ත්‍රීය විග්‍රහයක් මහාචාර්ය නිර්මාල් දේවසිරිගෙන් ඉදිරිපත් වෙලා තියෙනවා සුපුරුදු විදියට. එතුමාට අනුව චන්දයට පෙරසිටම ඔහු කීවේ මේ නිර්ප්‍රභූ දේශපාලකය තමා සිටිය යුත්තේ බවය. නිර්මාල් මැතිවරනයට පෙර සිටම මේ නිර්ප්‍රභූ අය බලයට ගෙනැඒමට ශාස්ත්‍රීය දේශපාලනික කථිකාවක් ගොඩනගපු කෙනෙක්.
ඇත්තෙන්ම ඔහුට මේ ජාතික බලවේග ආන්ඩුව බලය ගැනීමට ඔහු සාධාරණීය කල එක් ප්‍රධාන කරුනක් වන්නේද මොවුන් නිර්ප්‍රභූ වරුන් වන නිසාමය. නමුත් මා ඇතුලු ඉතා සුලුතරයකගේ අදහස උනේ වෙස්ට්මිනිස්ටර් ක්රමයම සකස් වී ඇත්තේ ප්‍රභූ පාලකයින් උදෙසා බවය. එබැවින් එක්කෝ ප්රබූන් පාලනය හෙබවිය යුතුය, නැතහොත් පාලනයට එන නිර්ප්‍රභූන් ප්‍රභූන් බවට පත්විය යුතුය යන්න අපගේ විග්‍රහය විය. නමුත් ලාල් කාන්තගේ සුපිරි නිවාසය සම්බන්ධයෙන් පැනනැගුනු අර්බුධයේදී මහාචාර්ය නිර්මාල් ඔහු 2010 ලිවූ ලියවිල්ලක සරණ යමින් කියා සිටින්නේ තමාද මේ ජවිපෙ වැනි බලවේග ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඒමේදී ඒවායේ නායකත්වය ප්රභූකරණයට පත්වන බව ඔහුටනම් Surprise එකක් නොවන බවය. නමුත් ජාතික බලවේගයට චන්දය දුන් පහල මාලයේ ජනතාවනම් එයින් Surprise වී ඇතිබව පෙනේ.
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්..! ජාතික ජනබලවේගයේ ඉහල නායකයින්ට හරි බලයට ඇවිත් අවුරුදු එකහමාරක් තුල අත්වී තිබීම කුහක නොවී සතුටු වියයුතු කරුණක් නොවේද?
එසේම මේ NPP ආන්ඩුව බලයට ඒමට පෙර මැතිවරණ වේදිකාවලදී මොවුන් මීට කලින් බලයේ සිටි අයගෙන් ඇසූ වැඳගත් ප්‍රශ්නයක් ඇත. එනම් මෙතරම් රටවැසියන් මෙතරම් දුප්පත්වී තිබියදී පාලකයින් මෙතරම් පොහොසත් වුනේ ඇයිද යන්නයි. මේව්නවිට එම ප්‍රශ්නයට අවශ්‍ය තරම් ශාස්ත්‍රීය සහ දාර්ශණීක පිළීතුරු ලැබී ඇතැයි මම සිතමි.
ඒ නිසා මට කියන්නට ඇත්තේ හැම රැස්වීමක්ම අවසානයේ ටිල්වින් සිල්වා සහෝදරයා ගිරිය කඩාගෙන කියන,
නැඟිටපල්ලා, නැඟිටපල්ලා..
උඹලගේ වාරය ඇවිල්ලා…
කියා පමණී.
