දාන්තේ(Dante)..!
කව්සිළුමිණ, භේසජ්ජ මංජුසාව, සද්ධර්ම රත්නාවලිය, විශුද්ධිමාර්ග සන්නය වැනි සාහිත්‍යම ප්‍රබෝධයක් සිරිලංකා දුපත තුල ඇතිවු කාලයේම ලෝකයේ කෙලවරක තවත් මුල්ලක Renaissance නැමැති සාහිත්‍යම ප්‍රබෝධයක් ඇතිවීම පුදුම සහගතය. Renaissance සාහිත්‍යය ප්‍රබෝධය එතෙක් පැවති ලොව මුනින් අතට අනික් පැත්ත හැරවුවේය.

කුදාගේ කථාව.
නොට්‍රදාමෙහි කුදාගේ කතාව ඔබ දනී. ඔබ බොහෝ දෙනෙකු එය චිත්‍රපටයකින්ද නරඹා ඇත. ඔබ ඇතැමෙකු ප්‍රංශයේ Paris city එකේ තිබෙන Notre Dame පල්ලිය නැරඹීමට ගොස් ඇත. එලෙස යන බොහෝ දෙනෙකු නොට්‍රදාමෙහි කුදාගේ කතාව සිතේ මවාගෙන පල්ලියේ අල්තාරයට උඩින් ඇති උස්වු වහලය දෙස බලාගෙන සිටිති.
මම බෙල්ල පිටු පසට දෙකට නවා Notre Dame පල්ලියේ වහලය දෙස බලාගෙන සිටියෙමි. පල්ලියේ වහලය දෙස බලාගෙන නොට්‍රදාමෙහි කුදා ගැන මම කල්පනා නොකලෙමි. මා කල්පනා කලේ වෙනත් දෙයක් පිළිබදවය. අල්තාරයේ මත රන් පැහැ දම් වැලකින් එල්ලෙන සුවද දුම් මංජුසාවක් පදවමින් සිටි සුදු ලෝගුවක් දමාසිටි පුජකවරයා කරා ගොස් මෙම පල්ලිය තුල සිදුවු වෙනත් සිද්ධියක් පිළිබදව මම තතු විමසුවෙමි.
විවිධ සංගීත වාදන භාණ්ඩ වාදනය කල තුර්ය වාදකයන් 480 ක් මෙහි එකම මොහොතක සංගීතය වාදනය කල බව පුජකයා මා හට පැවසුවේය. පල්ලිය ඇතුලේ වාදන භාන්ඩ 480 ක symphony orchestra එකක් මම සිතේ මවා ගතිමි. පිරිස අතරින් සෙමින් සෙමින් ඉදරියට ඇදෙනා උස නැති කොට මිනිසෙකු පාප් වහන්සේ කරාගොස් මදක්වේලා දණහිසෙන් හිදගෙන සිට නැවත නැගිට අල්තාරයට කරා ගොස් මැණික් එබ්බවු රන් කිරුල ගෙන එය හිස පළදාගන්නා අන්දම මම සිතේ මවා ගතිමි. Napoleon Bonaparte රජ කිරුලු පැළදවීම !
සමාජය ලේයර්ස් වලට සකස් වුණූ හැටි පෙන්වූ පළමුවැන්නා.
මොරටුවේ වීර පුරන් අප්පුට කන්ද උඩරට රාජධානිය යටත් යැයි කිවහොත් ඒ කතාව ඔබ විශ්වාස කරයිද ? නැත. නමුත් Napoleon Bonaparte ගේ සත්‍යය ජීවිත කතාව එබදුය. ඔහු කලේ එවන් හපන්කමක්ය.
මෙවන් හපන්තමක් කල අපරිමිත බලයක් හිමි Napoleon ටත් රජ කිරුලක් හිසේ දමා ගැනීමට ඉතාලියේ වතිකානුවේ සිටි පාප් ලඟ බයාදු වීමට සිදුවිය.
ලෝකය ළුණු ගෙඩියක් බදුය. එහි එකිනෙන පලු ගැලවිය හැක. ලෝකයේද layers ඇත. පෘථිවිය ගතහොත් Ocean crust, Continental crust, Asthenosphere වශයෙන් පොළොව යටට layers වශයෙන් සකස්වී ඇත.
මේ post එක ලියන මට අනුව ( මා නුගත් කිසිම හැදැරීමක් මා හට නැත ) මිනිස් සමාජය මෙලෙස layers වලට සකස්වී ඇති බව දුටු පළමු මිනිසා මහා කවි Dante වේ.
සිරිසගබෝ වංශයේ පළවන බුවෙනෙකබාහු රජු වාර්ෂික උපසම්පදා උළෙලට වැඩ කල සේවකයින්ට යාපහුවේදී මස්සක කාසියෙන් පඩි වැටුප් ගෙවු සමයක Dante මිනිස් සමාජය තට්ටු වලට අනුව සකස්වී ඇති බව දුටුවේය. Karl Marx පංතිමය සමාජය දැකීමටත් වසර 500 ට පෙර සමත්ත ලෝකයේම Poeta Suprema වු Dante මිනිස් සමාජය පංති වලට අනුව සකස්වී ඇති බව දුටුවේය. Antonio Gramsci පංතිමය සමාජය දුටු අකාරයට වඩා අලංකාරමය අයුරකින් මිනිස් සමාජයේ වු පංතින් විචිත්‍රණය කර අපට පෙන්වීමට Dante සමත් විය.
Divine Commedia.
Marx මෙම සමාජ පංතීන් ස්ථානගත කරන්නේ capita එකට එම සමාජ පංතීන් දක්වන සබධතාවයට අනුවය. Gramsci මෙම සමාජ පංතීන් ස්ථානගත කරන්නේ එම පංතීන් අතරම පවතින සබධතාවයකට අනුවය. Etienne Balibar වැනි තත්කාලීනයෙකු මෙම සමාජ පංතීන් ස්ථානගත කරන්නේ නිෂ්පාදන ච්‍රකය තුලය. මෙහිදි අප විසින් අවබෝධ කරගත යුතු යමක් පවතී. Dante මෙම සමාජ පංතීන් ස්ථානගත කර ඇත්තේ Marxian හෝ Gramscian locus එකකට වඩා Balibar ගේ production cycle එකක බව අප විසින් අවබෝධ කරගත යුතුව ඇත.
Dante ගේ Divina Commedia හි මිනිස් ආත්මය එනම් Hegelian spirit එක Purgatorio එක තුලට ඇතුල් වේ. Purgatorio එක කන්දක් ලෙස දිස්වේ. එහි තට්ටු 7 කට layers බෙදී ඇත. ඉර්ෂ්‍යාව, ලෝභය , කාලකන්නිකම සහ පාදඩකම වැනි ආත්මීය සංරචක වලට අනුරුප වන locus 7 ක් Purgatorio එකෙහි ඇත.
මිනිසා තුල මෙවැනි ආත්මීය ස්වභාවයන් පහල වන්නේ මිනිසුන් සමාජය තුල තමන් නිරුපණය කරන යම් පංති ස්වභාවයකට අනුරුපව බව basic literature සහිතව Divina Commedia කියවන යමෙකුට අවබෝධ කරගැනීම එතරම් අපහසු නැත. බොහෝ දෙනෙකු හට basic literature නොමැති බැවින් සරල ප්‍රායෝගින උදාහරණයකින් Dante ගේ අදහස අනුව පාපය/sin සමාජ පංතියකට අනුරුපව බෙදී යන ආකාරය මට ඔබට පෙන්විය හැක. උදා – දෙඩුම් ශිල්පින් නැමැති සමාජ පංතිය තුල පිරිමි පාදඩකම නිදන්ගතව පවතී.
මෙපරිදිම Dante ගේ Paradise හෙවත් දිව්‍යය ලෝකය layers 9 කට බෙදී ඇත. Dante ගේ Inferno හෙවත් අපාය layers 9 කින් සැකසී ඇත.
ඔබ basic literature සහිතව Dante ගේ Inferno කියවන්නේ නම් මෙකී අපායෙහි පාපයන් අනුව ස්ථර බෙදී ඇති ආකාරයත් අපායෙහි ඇති එම ස්ථර මිනිස් සමාජයෙහි ඇති යම් පංතීන් නිරුපණය කරන බවත් ඔබට වැටහෙනවා ඇත. උදා – සමාජය තුල ජාතිවාදී චින්තන පතුරන නලිං ද සිල්වා වැනි නාකි පාදඩයින් අපායේ ස්ථානගත වන layer එක Dante පැහැදිලිව අපට පෙන්වා ඇත.
Dante එදිනෙදා ජීවිතයේදී ඔබට ප්‍රයෝජනවත් වන බව මා පවසන්නේ ඇයි කියා දැන් විමසා බලමු.
දෙවියන්ට පසුව දේවත්යේ නියෝජිතයා වන්නේ යේසුස් ක්‍රිස්තුන්ය. යේසුස්ට පසුව දේවත්වයේ නියෝජිත බලය හිමි එකම බලධරයා ඉතාලියේ රෝමයේ පාප් වහන්සෙ වේ. රෝමයේ ඇතැම් පාප් වහන්සේලාද බොහෝ පාපකර්ම වලට සම්බන්ධවී තිබිණි. නමුත් එය පාපයකට යටත් නොවේ මක්නිසාද පාප් වහන්සේ සර්ව බලධාරි දෙවියන්ගේ නියෝජිතයා වන බැවින් දෙවියන් කෙරෙහි පාපයක් බල නොපවත්නාක් මෙන් පාප් වහන්සේ කෙරෙහිද පාපයක් එල්ල නොවන බව සම්මතය විය.

නැපෝලියන්ගේ බලපරාක්‍රමය.
Napoleon Bonaparte ගේ නම ඇසු පමණින් යුරෝපයේ රජවරුන්ට චු බර පහල විය. ඔව්හු එතරම්ම Napoleon හඩ බිය පක්ෂපාතී වුහ. අනික් අතට Napoleon යනු හුදු සටන්කාමියෙකු පමණක් නොවීය. Napoleon යනු තඩි ගංකබරයෙකු නොවන බවත් rational මිනිසෙකු වන බවත් Napoleon ගේ anthologies කියනව විට අපට පෙනී යයි. උදා – ඉගැන්වීමට Egyptology නැමැති විෂයක් ලොව තුල පහල වන්නේම Napoleon නිසාය.
එවන් සබුද්ධික එමෙන්ම බලයක් හිමි අධිරාජ්‍යයෙකුට ප්‍රංශයේ රජ කිරුල පැළද ගැනීමට ඉතාලියේ සිටින පාප් වහන්සේට පිංසෙන්ඩු වීමට සිදුවිය. නමුත් Dante පාප් වහන්සේව උස්සා පොලොවේ ගැසීය. Dante පාප් වහන්සේලාගේ නම් කියමින් ඔවුන්ව අපාය තුල විකාරරූපී ශරීර සහිතව ස්ථාන ගත කරයි.
සිරිලංකා දුපතේ ඉපදුන තඩි ගංකබරයෙනු වු මා හට ඉතාලියේ ඉපදුන Dante ව අති උත්කෘෂ්ඨ සුවිශේෂි පුද්ගලයෙකු වීමේ රහස මම දැන් හෙලි කරමි. Dante දෙවියන්වද පැත්තකින් තබා එතනට Beatrice නම් අවුරුදු 9 ක කෙල්ලෙකුව replace කරයි. සමාජයේ පංතිමය layers structure එක පර්යාන්තර විනිවිදව ගමන් කරන Dante දේවත්වයේ locus එක මතින් දෙවියන්ව අයින් කර එතන සිය romantic පෙම්වතිය වු හුරුබුහුටි අවුරුදු නවයේ Beatrice ව තබයි. Dante ඥාණනය ලබන්නේ ඇය හරහාය.
ක්‍රි.ව 1300 වැනි කාලයක රෝමයේ පාප් වහන්සේට විරුද්ධව එක වචනයක් යම් මිනිසෙකුගේ මුවෙන් පිටවුවහොත් එම මිනිසාව මරා දැමීමට ප්‍රථම ඔහුගේ වෘශණ කෝෂ කපා බල්ලන්ට කෑමට දේ. නමුත් Dante පාප් වහන්සේව උස්සා පොලොවේ ගසා අපාය තුල තබයි.

Napoleon අධිරාජ්‍යයා කිරුලු පැළදා ගැනීමට Nostradamus පල්ලියේ පිරිස මැද්දෙන් ගමන් කල ආකාරයත් තබන තබන අඩියක් පාසා ඩ්‍රම්ස් ත්‍රොම්බෝන් වයලීන් ක්ලැරිනට් වැනි සංගීත භාණ්ඩ 480 ක් වාදනය වාදනය කල Symphony Orchestra එක නිසා වාතලය කම්පනය වු හැටිත් පාප් වහන්සේ කරා ගමන් කල Napoleon පාප් වහන්සේ ලග දණ නමා රජ කිරුල ලබාගත් හැටිත් Nostradamus පල්ලියේ පුජකයා මා මට විස්තර කරයි. මම දෑස වසාගෙන මිහිරි ගීතයක් සේ එය අසාගෙන සිටිමි. දෑස විවෘත කල මා Dante සිය ලිවීම් තුලින් බිය නැතිව පාප් වහන්සේව උස්සා පොළොවේ ගැසු සැටි මම පුජකයාට කීවෙමි. ලොවි ගෙඩි දෑස කුඩා කල පුජකයා මා දෙස විනිවිද බැලීය.
Guts ලැබුණූ හැටි.
ජනා උඹට කොහෙන්ද බං ඔච්චර guts කියා ඇතම්මු මගෙන් විමසති. සාහිත්‍යයෙන්ය මට guts ලැබුනේ. basic literature වලින්ය මට guts ලැබුනේ. Dante ගෙන්ය මට guts ලැබුනේ. සිරිලංකා දුපතේ දිග කලිසම් අදින ගොබ්බ දෙඩුම් ශිල්පි පාදඩ බල්ලෝ මට nothing යුරෝපයෙහි වුවත් dinner table එකක කොන්ද කෙලින් තබාගෙන කෑම පිගානේ තිබෙන දේවල් කා අත්ලේ මැදගිල්ලයි සුලැගිල්ලයි අතරින් වයින් වීදුරුවේ පාදය යවා අත උස්දා වයින් බීමට මට guts ලැබුනේ literature වලින්ය.
සමාජය කෙතරම් සමාජයමය පංති තල වලට විවිධ නිළධාරි කල වලට බෙදී තිබුනත් ඒ සැම බල්ලෙකුට ගණන් නොගෙන අනවශ්‍යය මානසික පීඩනයක් ඇතිකර ගන්නේ නැතිව ඒ සියලු සමාජ පංතීන් අතරින් පාවෙන පුලුන් කෑල්ලක් මෙන් ගමන් කරමින් ජීවත් වීමට ඔබට Dante ව ආදර්ශයක් කර ගත හැකිය.
ඔබ Dante ව සිහිපත් කල සැනින් වැසී ඇති දොරටු ඔබට විවෘත වේ. මම බොරුවක් නොකියමි. ඔබට මෙය අත්හදා බැලිය හැක. යමෙකුට දෙවියන්ට මෙන්ම යක්ෂයාටද අභියෝග කල හැකිනම් ඔබගේ office එකේ සිටිනා boss මොන ගොං රිලවෙක්ද ? ඇත්තටම bossලාට මෙන්ම දෙවියන්ටද යක්ෂයින්ටද අභියෝග කල හැක මක්නිසාද දෙවියෝද යක්ෂයෝද මනුෂ්‍යයෝද එකම ආකාරයෙන් හැසරෙන නිසාය.
දෙවියෝද යක්ෂයෝද මනුෂ්‍යයෝද එකම ආකාරයකින් හැසිරෙති එනිසා සිදුවිමට යන දෙය කලින් ප්‍රකාශ කල හැක – ශ්‍රද්ධොද්පාදි සුත්‍රය.
