සාහිත්‍ය නොමැතිවිට උතුර සහ දකුණ..!
රෝස මලේ නටුවෙ කටු…
වන බඹරෝ ඔහොම හිටු…
නටුව නොවෙයි මල සිඹිමි…
මම ළමයෝ පැණි උරමි…
එතිකල් වේව් එක.
හිමිදිරි උදයේ පාසැල සිසාරා මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ ගීතය වාදනය වේ. රාජකරුණාව මට සිහිවේ. පාසැල නිමවී Colombo lost city එකේ වලබහින්න යන විට මා ආන්නද රාජකරණා මාවත පසු කරමින් යන සෑම අවස්ථාවකම මට රෝස මලේ නටුවෙ කටු කවිය මගේ සිහියට නැගේ. කතු වරයා මේ සෑම කවියක් ලියා ඇත්තේ ඔහුගේ හද තුල කම්පනය වන කම්පන රැල්ලක් නිසාය. ටිකිරි ටිකිරි ටිකිරි ලියා කවිය කියමින් අපි කුඹුක් කැටේ නාන්න යන කෙල්ලන්ට විහිලු කරමු. ඒ කවිය තුලද යම් බරක්/heaviness එකක් ඇත. කවියාගේ හද තුල කම්නය වන ethical wave එක/ සධාචාරාත්මක කම්පනය ඒ සෑම කවියක් තුලම භාශාව හරහා නිදන්කොට ඇත. මේ ළමා කවි අපි හැමෝටම හුරු පුරුදුය. එබැවින් basic literature ටිකක් අප කා තුලටත් වැටී ඇත.

නමුත් කවියක පද වැල් තුල ඇති ethics ටික මිරිකා අපට පොවන්නේ ගැහැනියක් විසිනි. කවියක ඇති ethics ටික මොන්ටිසෝරි ගුරිවරියක විසින් හෝ මව විසින් හෝ පුංචි අම්මා විසින් අපට මිරිකා පෙරා දේ. මෙතනදි මම Jacques Lacan ගේ Name of the Father theory එක සමග එකග නොවෙමි. ඇතැම්විට කොළඹ කුරුදුවත්තේ posh ගැහැනියක් විසින් අපට තවත් poem එකක ඇති ethics ටික පෙරා පොවනු ඇත.
Colombo lost city.
රස්සාවක් නිසා Colombo lost city එක තුල ඉබාගාතේ කැරකෙන රදාවානේ සුමනෙලාගේ ගෞරවාදරයට සහ විශේෂයෙන්ම Colombo lost University එකේ දෙඩුම් ශිල්පී දේවසිරිගේ ගෞරවාදරයට පාත්‍ර වු නලිං ද සිල්වා දිග කලිසමේ zip එක අරින්නේ නැතුව love කල බව ඔහු විසින්ම පවසා තිබේ. නමුත් මින් වසර 4000 පෙර Uruk නගරයේ ගෞරවාදරයට ප්රාතවු ගුරුවරයෙකු ගණිකාවක් ළගට කැදවා වනාන්තරය අද්දරට ගොස් හරියට රමනයේ හැසිරෙන විදිය වනචාරී Enkidu හට උගන්වන ලෙස දන්වා සිටී –
That is he Shamhat ! Release your clenched arms
Expose your sex so he can take in your voluptuousness
Do not be restrained take his energy
When he sees you he will draw near to you
Spread your robes so he can lie upon you
And perform this primitive task of woman kind
Epic Of Gilgamesh පුරාවෘතයේ සදහන් මේ පද පේලි මා හට කිසි දාක අමතක නොවේ.

Jacques Lacan ගේ අදහසට සම්පුර්ණයෙන්ම එරෙහිව මා පිළිගන්නේ ග්‍රාමීය පාදඩ පිරිමියා ශික්ෂණය කරනු ලබන්නේ නාගරික posh ගැහැනිය විසින් බවයි ( මෙය 80% කට වඩා සාවද්‍යය මතයක් වනු ඇත නමුත් එය සාවධ්‍යය බව මා හට තර්කානුකුලව වැටහෙන තුරු මාගේ ජීවන අත්දැකීම් මම විශ්වාස කරමි ) .
පිල්ලෙයාන් ළමා සොල්දාදුවෙකු බව පවසමින් ගම්මන්පිල නැමැති basic literature ටිකක් ඇඟට වැටුනේ නැති ගොබ්බ දේශපාලකයා විසික් දේශපාලනික තර්කයක් ඉදිරිපත් කර තිබෙන බව මා හට සැල විය. මෙයනම් සැබෑ තර්කයක් බවට Fakebook පිස්සන් කොටුවේ ලගින basics literature නැති ගස් බල්ලෝද විශ්වාස කරති. CID එකේ ශානි අබේසුන්දර Shakespeare වගේ ප්‍රබන්ධ ගොතන බවද ගම්මන්පිල ගොබ්බ දේශපාලකයා අදහසක් ප්‍රකාශ කර ඇත. ඒ වගේ දේශපාලන කොහොමද Shakespeare ගැන කතා කරන්නේ ? එහෙම ගොබ්බයෙක්ට Shakespeare ගැන කතා කිරීමට තිබෙන ethical අයිතිය කුමක්ද?
පිල්ලෙයාන් ළමා සොල්දාදුවෙක් යන ප්රස්තුතය දේශපාලනික කර්කයක් බව Fakebook පිස්සන් කොටුවේ ලගින ජාතිවාදි පාදඩයන් විශ්වාස කරන්නේ කුකුල් දිග ලස්සන posh ගැහැනියක් විසින් හරිටය රමනය කරන ආකාරය මේ ග්‍රාමීය ගොබ්බයින්ට උගන්වා නැති නිසාය. ( මාගේ අදහසක්ම නෙමෙයි එය අවුරුදු 4000 ක් පැරණි Gilgamesh පුරාවෘතයෙහි එන සංකල්පයක් ).
පිල්ලෙයාන්ගේ නඩු සිද්ධිය සම්පන්ධව තිබෙන එකම දේශපාලනික තර්කය මෙයයි.
උතුරේ මරා දැමු ඉසයිප්රියාට මෙන්ම පිල්ලෙයාන්ගේ සෙවණපුර ඝාතන වධකාගාර සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් නොකරන්නේ ඇයි ?
දකුණේ බටලන්දේ වධකයා වු රනිල් වෙනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කෙරුනත් උතුරේ වධකයා වු පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කෙරෙන්නේ නැත.
ජනමාධ්‍යය කාරිනියක වු උතුරේ ඉසයිප්රියාව බලු බෙට්ටකට නොතැකුවත් දකුණේ ජනමාධ්‍යය කරුවෙකු වු රිචඩ් ද සොයිසා වෙනුවෙන් චිත්‍රපට පවා බිහිවුනි. මේවා තත්කාලීන සැබැ දේශපාපනික ප්‍රශ්ණ වේ.
මේවා ප්‍රශ්ණ කිරිමට යම් දේශපාලනික අවබෝධයක් දිග කලිසම අදින පිරිමියා සතුව තිබිය යුතුමය නැතිනම් සිදු වන්නේ ගම්මන්පිල වැනි දේශපාලන ගොබ්බයෙකු කියු දෙයක් කර තබාගෙන යන පකිස් බුරුවන් ටිකක් සමාජය තුල බිහි වීමයි. යම් දේශපාලනික අවබෝධයක් ශරීරයට පත්තියන් වීමට නම් එම පිරිමි ශරීරය තුල යම් basic literature ප්‍රමාණයක් තිබිය යුතුමය. සමහර පෝෂ්‍යය පදාර්ථ ශරීරයට අවශෝෂණය වීමට ශරීරය තුල විටමින් තිබිය යුතුය.
Karl Marx හෝ Antonio Gramsci හෝ Micheal Foucault සිරිලංකා දුපතේ ඉපදුන අපට දුරස්ථ විය හැක. සිරිලංකා දුපත් සමාජය post colonial වන නිසා අපට post enlighten ඒ පිරිමින්ගේ අදහස් තේරුම් ගැනීම අමාරු වනු ඇත. නමුත් …
නමුත්….
literature නැතිනම් සාහිත්‍යය තුලින් අපට බොහෝ දේවල් සුමට සරලව සුමුදුව ලබා ගත හැක. කර්කෂක ගොරහැඩි සංකේත ලෝකය සුමටව සුමුදුව අවබෝධ කර ගැනීමට literature අපට ඉවහල් වන බැවින් දිග කලිසම ඇද පාරට බසින පිරිමියෙකු හට සාක්කුවේ ඇති රු.100 වඩා ඔලුවේ තිබෙන basic literature ටික මහත් ප්රයෝජවනත් වේ.

පිල්ලෙයාන්ට හෝ ඉසයිප්රියාට කොමිසම් පත් නොකිරීමත් දකුණේ අයට කොමිසම් පත් කිරීමත් දේශපාලනික බව තේරුම් ගැනීම ඔබට Hilary Mantel ගේ Wolf Hall රසවත් නව කතාව තුලින් වුවද අවබෝධ කර ගත හැක. හැමදාස සයිමන් නවගත්තේගමයි, මහගම සේකරයි නලිං ද සිල්වායි මාරයි මාරයි කියමින් ඉන්නෙ නැතුව Wolf Hall වගේ නව කතාවක් කියවන්න අනෙක මොනව වුනත් Booker Prize දින්න නව කතාවක්නේ.
කෙහෙල්වත්තේ R ප්‍රේමදාස කොළඹ කුරුදුවත්ත යටත් කල ආකාරයට ඓතිහාසික චරිතයක් වු Thomas Cromwell එංගලන්තයේ කෙහෙල්වත්තේ ඉපදී London city එක යටත් කිරිම ගැන නිවැරිදි ඓතිහාසික සාධක සහිතව ලියවුනු The Blood Meridian පන්නයේ කියවීමට ආසා හිතෙන නවකතාවක් එය. සිත් ලොමුදැහැගැන්වෙන මෙවන් නවකකා තුලින්ද අපට ටිකක් තේරුම් ගැනීමට අපහසු දේශපාලනය ඉබේම සුමටව අපට අවශෝෂ්ණ කරගත හැක.
මේ post බයෙන් ලැජ්ජාවෙන් ගෑණූන්ට නොපෙනෙන්න හොරෙන් කියවන ඔයාලගෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම් අවංකව උත්තරයක් දෙන්න මට –
ගිය සතියේ ඔබ කියවු පොත කුමක්ද ?
