ආන්ඩුව නිලධාරි හොරුන්ගෙන් පරිස්සම් විය යුතුය..!

ආණ්ඩු මාරු වුණට නිලධාරීන් මාරු වන්නේ නැත. නිලධාරි මාරු නොවුනාටආණ්ඩු මාරු වන විට නිලධාරින්ගේ ටයි මාරු වෙනවා යයි කතාවක් තිබිණ. ඒ ඉස්සරය. දැන් නිලධාරින් ටයිමාරු කරන්නේත් නැත. ආණ්ඩු පෙරළෙන විටනොපෙරලී සිටින්නට ඔවුහු දනිති. රටටත් ජනතාවටත් සතුරුවන දේශපාලකයන් කතිරයේ බලයෙන් පලවා හැරියද, රජයේ ආයතනවලට අරක් ගත් දූෂිත නිලධාරීන් පලවා හරින්නට ජනතාව අසමත්ය. නිලධාරි මාෆියාව අණ පනත් චක්‍රලේඛ අස්සේ සැඟවී ආරක්ෂා වී සිත්සේ හරිහම්බ කරගෙන සුවසේ විශ්‍රාම යති.
image source_https://archives1.dailynews.lk/sites/default/files/news/2021/07/08/z_p17-Basil.jpg
ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවන මහා පරිමාණ හොරකම්වල කෙළවරක් නැත. රාජ්‍ය අංශයේ බොහෝ සොරකම් එසේ මෙසේ ඒවා නොවේ මිලියන බිලියන ගණනින් සිදුවන සොරකම්ය. මේ හොරු හඳපානේ ගෙවල් බිඳින්නන්ද නොවේ. ආණ්ඩුවේ කෝටි හතර පහේ සුපිරි වාහනවල ගමන් කරන ආණ්ඩුවේ ඉහළම තැන් අරා වැජඹෙන වයිට් කොලර් සොරුන්ය. ඔවුන්ට කවදාවත් කම්බි කූරු ගනින්නට සිදු වන්නේ නැත.
ඔක්කොම කුණු බේරුවල් බොක්කට එකතු වෙනවා සේ සියලු සොරකම් අවසානයේ එකතුවෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව හෙවත් කෝප් කමිටුවටය. කෝප් කමිටුව වනාහි දත් නැති කොටියෙකි. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මහජන නියෝජිතයින් එක්ව දූෂිත නිලධාරීන් බිත්තියට හේත්තු කර ප්‍රශ්න කරන්නේ කෝප් කමිටුවේදීය. කෝප් කමිටු විමර්ශන රූපවාහිනියේද පෙන්වන නිසාදූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාවට ද පොඩි ආතල් එකක් ගත හැකිය.
කෝප් කමිටුව හොරකම අල්ලා ගත්තා කියා නිලධාරීන්ට කිසිදු අකරතැබ්බයක් සිදු නොවේ. එය හුදු රංගනයක් පමණි.විජේදාස රාජපක්ෂ, විජිත හේරත්, ඩිව් ගුණසේකර , සුනිල් හඳුන්නෙත්ති , ආදී කෝප් කමිටු සභාපතිවරු, ස්වකීය ධූර කාලවලදී මහා පරිමාණ දූෂණ හෙළි කළ නමුත් සභාතොමෝ සතුටින් ගෙදර ගියේය. ඇතැම් වර්ෂවල කෝප් කමිටුව හෙළි කළ මුල්‍ය වංචාවන්හි එකතුව බිලියන 1000 ඉක්මවීය. එවැනි රටක් බංකොලොත් නොවී තිබුනොත් එය ලෝක පුදුමයකි.
රාජ්‍ය සේවය මුළුමනින්ම ඩිජිටල් කිරීමපිණිස වර්තමාන ආණ්ඩුව මුළු බර යොදා ක්‍රියා කරමින් සිටී. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට රාජ්‍ය ආයතනවල පවත්වාගෙන පැමිණි විශාල සී ආර් පොත් දැන් නඩත්තු කරන්නේ නැත. දැනටමත් බොහෝ ආයතන පරිගණකවල දත්ත ගබඩා කිරීම ආරම්භ කර ඇත. සියලු සත්වයෝ පවතින ස්වභාවයට අනුගත වන්නාහුය. රාජ්‍ය ආයතන වල මුල්‍ය වගකීම් දරන සොරුන්ද එසේය. දත්ත සියල්ල මකා දැමීමෙන් සොරකමේ අලගිය මුල ගිය තැන් එකවර නිශේධ කර දැමීම සාර්ථක උපක්‍රමයකි.ඉන්ධන අර්බුදය පැවැති 2022 වකවානුවේ ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ ගබඩාකල සහ නිකුත් කළසියලු ඉන්ධන තොග පිළිබඳ වාර්තා මකා දමා ඇති බව වෝහාරික විගණන පරීක්ෂණයකින් හෙළි වූයේ යැයිඑවකට ඛනිජ තෙල් ඇමති කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරය දැරූ වකවානුවේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමක් පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. ඒ වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ මහා පරිමාණ ඖෂධ වංචාවන්ට පසුබිම සැකසුවේ දත්ත මකා දැමීමෙන් බව අධිකරණයේදී හෙළි වුවත් දත්ත මැකූ සොරු යහතින් වෙසෙති. මුළු රැයක් පුරා නිදි වර්ජිතව සිටිමින් දත්ත මැකූ නිලධාරියෙකු පිළිබඳවද එකළ මාධ්‍ය වාර්තා කළේය.
දත්ත මකා දැමූ විට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, අනතුරුව අධිකරණයත් අසරණ වේ. මැකූ දත්ත මතු කර ගැනීම සඳහා වැය වන මුදල ඇතැම් විට අපරාධයටත් වඩා ඉහළ යා හැකිය. දත්ත මකා දැමූ විට අධිකරණයට ගියත් නිදොස් කොට නිදහස් වන බව සොරු දනිති. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩු සමයේ දූෂිත නිලධාරීන්ට සහ දේශපාලකයන්ට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩු 40 කට වැඩි සංඛ්‍යාවක් තාක්ෂණික හේතු මත විභාග නොකොට ඉවත දැමූ බව ප්‍රකට කරුණකි.
දවල් මිගෙල් රෑ දනියෙල් පන්නයේ නිලධාරි හොරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළ සිට පහළට අරක් ගෙන සිටිති. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අපි ආණ්ඩුවට අනතුරු අඟවමු. මූණිච්චාවට අති දක්ෂ මෙම පිරිස් රජයේ ඉහළම පුටුවලට අරක් ගැනීමට ඇති සම්භාවිතාව අමතක කළ යුතු නැත. ආණ්ඩුව ප්‍රථමයෙන් කළ යුත්තේ රාජ්‍ය සේවය නිලධාරි සොරුන්ගෙන් මුදවා ගැනීමය. රටට හෙන ගැහුවේ දේශපාලකයින් නිලධාරි හොරුන් සමග එකගෙයි කෑම නිසා බව අමතක නොකළ යුතුය.
(උදේනි සමන් කුමාරගේ මුහුණු පොතෙනි).
අනර්ගයි.