
මෙහි දැක්වෙන්නේ 2015 ටිබෙට් හිදී සිදුවූ භූමිකම්පාවේ චායාරූපයකි.
above image source_https://resize.indiatvnews.com/en/centered/oldbucket/1200_675/maininternational/IndiaTv2d1e12_earthquake-tibet.jpg
අගහරුවාදා උදෑසන ටිබෙට් හිදී සිදුවූ ඉතා ප්‍රභල භුමි කම්පා පෙළක් නිසා එහි වැසියන් විශාල බියකට පත්ව ඇතැයි වාර්ථා වේ. රෙක්ට මාපකයේ 7.1 ක් ලෙස සටහන් වී ඇති ප්‍රධාන භූමි කම්පාවෙන් පසු තවත් භූමිකම්පා කීපයක් හටගෙන ඇත. දකුණුදිහ ප්‍රදේශයේ, නේපාල සීමාවේ සිදුවී ඇතිමේ ප්‍රභල භූමි කම්පා පෙළ උතුරු ඉන්දියාවේ සමහර ප්රදේශවලටද දැනී ඇතිබව ඉන්දියන් පුවත්පත් සනාත කරයි. ඉන්දියන් පුවත්පත් වාර්ථා කරන අන්දමට මේදක්වා මෙම භූමිකම්පාවෙන් මියගිය ගණන 30 පමණ වන බවත්, ගොඩනැගිලි සැලකිය යුතු ප්රමාණයකටද අලාභ හානි සිදුවී ඇති බවත් වාර්ථාවේ.
ටිබෙට් යනු ඊසානදිග හිමාලය ආශ්‍රිතව පිහිටා ඇති පුරානයේ තිබ්බතය ලෙස හැඳින්වූ වසර 21000 කට පමණ පෙරසිට ශිෂ්ඨාචාරය ඇරඹූ කළාපයක් ලෙස සලකන අතර වර්ග කිලෝමීටර් 2,500,000 ක විශාලත්වයෙන් යුත් ප්රදේශයකි. ටිබෙටය ආසන්න රටවල් ලෙස චීනය, ඉන්දියාව, නේපාලය සහ භූතානය දක්විය හකිය. ජනගහනය 2024 ලේඛන වලට අනුව මිලියන 3.5 කි. මෙම ටිබෙට් රට අතීතයේදී දලයි ලාමාවරු පාලනය කල බෞද්ධ රාජ්‍යයක් වන අතර 1949 දී චීනය මාඕ සේතුං ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂය පාලනය කිරීම ඇරඹූවේ ටිබෙට් රාජ්‍යයද චිනයට ඈඳාගනිමිණි. එහිදී ටිබෙටය පාලනය කල ලාමාවරු ඉන්දියාවට පලාගිය අතර ක්‍රමයෙන් ටිබෙටය චීනයේ කොමියුනිස්ට් පාලනයට නතුවිය.
චීන ප්රවෘත්ති සේවා දක්වන අන්දමට මෙම භූමි කම්පා පෙළ ප්‍රභල ලෙස බලපෑ ප්‍රදේශවල වාසයකල පිරිස් හටද මෙය දරුනු ලෙස බලපා ඇති අතර කොතරම් ජීවිත හානි හෝ දේපල හානි සිදුවී ඇත්දැයි වාර්ථා කොට නැත. කෙසේ වෙතත් ඇමරිකානු භූගර්භ මැනිම් වලට අනුව රෙක්ට මාපක 7.1 ක් ලෙස සිදුවී ඇති මෙම ප්‍රභල භූමිකම්පාව උදෑසන 6:35 ට පමණ සිදුවී ඇති අතර පොළව මට්ටමෙන් කිලෝ මීටර් 10 පමණ ගැඹූරින් මෙය සිදුවී ඇත. අනතුරුව පැමිනි භූමි කම්පා පෙළෙන් භූමි කම්පා 7 ක්ම රෙක්ටා මාපකයේ 5 කට වැඩි ඒවා බවද වාර්ථා වේ. (භූවිද්‍යා දත්ත වලට අනුව රෙක්ට මාපකයේ 7 ක් ලෙස වාර්ථාවෙන භූමිකම්පාවක් රෙක්ටමාපකයේ 5 ක් ලෙස වාර්ථාවෙන භූමිකම්පාවක් මෙන් 1000 වාරයක් පමණ ප්‍රභල වේ).
2015 දී අප්‍රේල් වලදී, මෙම ටිබෙට් ප්‍රදේශ ආශ්රිත නේපාලයේ සිදුවූ 7.1 ක මෙවැනිම භූමිකම්පාවකින් පුද්ගලයන් 10,000 ක් පමණ මියගොස් ඇත. එයද සිදුවී ඇත්තේද පොළොව මට්ටමින් කිලෝ මීටර් 10 ක් පමණ ගැඹුරිණි.
Lanka Power News.
