නන්දා මාලනී ගේ මරණයෙන් දකුණු ආසියානු රජ්‍යයක් ශෝක වූ මොහොතක ලොව ප්‍රබලම සහ කෙටි ඉතිහාසයක් ඇති අමෙරිකාවත් ජාතික කොඩිය අඩකුඹූ කර කලා ලෝකයේ යෝධ කාන්තාවකගේ මරණයෙන් ශෝක විය. සම්ප්රදායක් නොමැති යයි කියූ රාජ්‍යක බ්‍රිතාන්‍ය ජන සංගීතය ඇසුරෙන් අමෙරිකාවේ ජන සංගීතය ලෙස උපන් Country Music සංගීත සම්ප්රදායේ දැවැන්තම සලකුණක් වූ ඩොලී පාර්ටන්ගේ (Dolly Parton) මරණයෙන් අමෙරිකානු සමාජයම තිගැස්සුණු බව පෙනේ. ජාතික කොඩිය අඩකුඹූ කිරීමට නියෝග කිරීමට සිදුවූයේ සිංදුවක් අසන්නේදැයි කිසිවෙක් දන්නේ නැති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටය. ඇය අමෙරිකානු සමාජයේ කොපමණ ප්‍රබලදැයි කීමට වෙනත් කිසිවක් අවශ්‍ය නොවේ.

කලාව තව තවත් සුන්දර කල ඩොලී.
බොහෝ දෙනෙක් දන්නේ අමෙරිකානු වෙළඳ ප්‍රජාව විසින් ජනප්‍රිය කරන ලද සංගීතයයි. එය මිනිස් හදවතට කතා කරන සංගීතයක්ම නොව ප්රාග්ධනවාදයේ බලයලත් සංස්කෘතිය නිරූපණය කරන සංගීතයයි. එය වෙළඳපොළේ ප්‍රමුඛයා බව අවිවාදාත්මකය. එහෙත් මේ සියල්ල මැද මානව හැඟුම් සංවේදනය කරන කලාව නොමියෙමින්ම පවතී. ඩොලී පාර්ටන්ගේ මරණයෙන් යළි ස්මරණය කරනු ලැබුවේ මිනිස් සමාජය පවතින තුරු නොමියෙමින් පවතින සුන්දරවූ කලාවමයි.
ප්‍රේමකීර්ති හිසේ ගිනි ඇවිලෙතේ ගීතයෙන් මේ මානව ස්වභාවය පිලිබදව ඉඟියක් ලබා දෙන්නේ මෙසේය.
“යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ”
ප්රාග්ධනය කොපමණ ප්‍රබල වුවත් අමෙරිකාවේ මැඩොනාට වඩා ගීත ඇල්බම විකිණී ඇත්තේ භාෂා ගණනාවකින් ගී ගයන ග්‍රීසියේ මිහිරිතම ඇතන්සයේ රෝසමලවූ නානා මස්කූරිගේ (Nana Mouskouri) බව සිහිපත් කරමි. ඩොලීගේ බොහෝ ගී අතිශයින්ම සංවේදනාත්මකය. සංවේදනයට ඇගේ හඬ අතිශයින්ම ප්රබලය. අපගේ ත්‍රී සිස්ටර්ස් මෙන් කලක් අමෙරිකාව නළවනු ලැබුයේ තවමත් ජීවතුන් අතර සිටින ලින්ඩා රොන්ස්ටාර්ඩ්, එම්මානුවෙල් හැරිස් යන මිහිරිම කටහඩවල් සහිත මිතුරියන් දෙදෙනා සහ ඩොලී පාර්ටන් (Dolly Parton) එක්ව සැදුණු සංගීත කණ්ඩායම වූ The Trio නොහොත් “ත්‍රිත්වය”යි.
අග්රහන්ය ගායිකාවක් ලෙස.
ඇමෙරිකානු සංගීත ඉතිහාසයේ සම්ප්‍රදායික ජන ගී අශ්‍රිතව බිහි වූ Country music සම්ප්රදායේ අග්‍රගන්‍ය ගායිකාව ඇයයි. ඇය වසර 50කට අධික කාලයකය වූ අයගේ කළා වෘත්තිය තුල ගීත 3000 කට වඩා ඉදිරිපත් කලාය. ඒ අතර ග්‍රැමී සම්මාන 11 කින් ඒවා පුදලබුවාය. ඇය ඇත්තවශයෙන්ම දුක දිනා ජයගත් කාන්තාවක් ලෙස අර්ථ ගන්වනවාට වඩා ඇයට මුහුණ දීමට සිදුවූ දරිද්‍රතාවයේ අභියෝගවලට ඇය මුහුණ දීමේදී ඇය ඒවා ජයගනිමින් සමාජයට එක්කල අපිරිමිත දායාදයන් සමුදාය ඉතා වැඳගත් වනුඇත. සාමාන්‍යයෙන් දුගීබවේ පත්ලේ සිටි කෙනෙකු දුක දිනා ධනවත් වීම ව්‍යාපාරික ලොවේ එතරම් අරුමයක් නොවූවද ඩොලී විසින් සිය අභියෝග අතික්රමනය කිරීමේදී සුවිසල් සමාජ මෙහෙවරක් හරහා එය සිදුකිරීම විශේෂත්වයකි. ඇය Country music සහ Classic Music ක්ෂේත්රය තුල ඇය මහා පෙරලියක් සිදුකලාය. ඇයගේ භූමිකාව ස්ථානගත වන්නේ ඇය හුදු සාර්ථක ධනවත් ව්‍යාපාරික කාන්තාවක් ලෙස නොව මේ ඉහත දැක්වූ සුවිශාල පෙරලිය හරහාය.
කඳුකර දුගී ජීවිතයක සිට.
ඩොලී දරුවන් දොළහක් සිටි පවුලක සිව්වනියා ලෙස තනි කාමරයක් පමණක් වන කදුකර නිවසක උපන්නාය. ඩොලීගේ පියා කියවීමට ලිවීමට නොදත් අඳ ගොවියෙකි. ගොවිතැන් අතර ඇතැම් විට කුලී කම්කරුවෙකි. මව ගෘහණියක් වුවද බ්‍රිතාන්‍යයේ වේල්සයේ සිට සංක්‍රමණය වූ සිය මවගෙන් උගත් ජනකවි, ගීත සහ කතන්දර විශාල ප්‍රමාණයක් සිය දරුවන්ට කියාදීමට ය සමත් විය. ඇය නිතරම පසුකාලීනව ඇමෙරිකාවේ ටෙනසි කදුකර ගම්මාන අශ්‍රිතව ගොඩනැගුනු කදුකර ජන සංගීත ඛණ්ඩ දරුවන් දොළොස් දෙනා ඉදිරියේ තනි කාමර නිවස තුල ගැයුවාය. ඩොලී බිහිවීමට තීරණාත්මක සාධකය වුයේ මවගේ ගී ගැයීම සහ කතන්දරයි. ඇයට වයස 6 වනවිට ඇය විසින් සිය ප්‍රථම ගීතය රචනා කිරීමට සමත්වූවාය.
ඩොලී පාර්ටන්ගේ (Dolly Parton) ගීතයන්වල විශේෂත්වය සෑම ගීයකම සංවේදී අරුතක් නිරුපණය කිරීමයි. මහත් මහත් දරිද්‍රතාවයකින් යුතු පවුලක උපන් ඇගේ ඉතිහාසය සංවේදී ලෙසම ඇගේ ගීතවලින් ඇය ප්‍රකාශ කලා ය. එසේම දරිද්‍රතාවයෙන් පැමිණියද ඇය විසින් විඳි පීඩාවන්වල තුවාල සහ පැලුම් වලින් ඇයව කිසිවිටෙකත් මෙහෙයවීමට ඉඩ නොතැබුවාය. අද සමාජයේ බොහෝ දුගී පවුල් වලින් ඉහලට එන චරිතවල පවතින පසුගාමී අනන්‍යතා අර්බුධ අය කෙරෙන් ප්‍රදර්ශනය නොවීම ඇයගේ එක් විශේෂත්වයක් බව කිවයුතුය.
The Trio නොහොත් ත්‍රිත්වය විසින් ගැයූ එහි ලින්ඩා රොන්ස්ටාඩ් ලියූ ” මිහිරිතම ත්‍යාගය “නම් වූ ගීතය මෙසේ සරලව පරිවර්තනය කරමි.
මිහිරිතම ත්‍යාගය.
සුලු වරදකින් හිරබත් වු
තම අමිල සම්පත
එකම පුතු බැලීමට
මවක් සිර මැදිරියට ගියාය.
සිර මැදිරි මුරකරුට ඇය කීවේ
කුමක් සිදුවුවද
ඇය ඔහුට සෙනෙහස දක්වන බව පමණක්මය.
ඇය ඔහු නිදහස් කරන ආයාචනය රැගෙන නොගියාය,
වටිනා කියන කිසිවක් ඈ ඇත නොවිනි,
කිසිදු විච්චූරණයක්ද නොවිනි.
ඇය රැගෙන ගියේ මවකගෙන් දරුවෙකුට ලැබෙන මිහිරිතම ත්යාගයවු
දෙව්ලොවින් මිහිමත පතිත හිරු ආලෝකය මෙන් ප්‍රභාමත්
ඇගේ සිනහව පමණි.
ඇගේ සිනහව
ඔබට අමතක නොවේ
නිදහස් හදවතින්
ඈ ගියේ සුරලොවටමය.
ඔබ වටා ඇති පවුරින්
ඇය වෙනස් නොවේ
ඔබ ඇගේ දරුවාමය,
සදාකල්හිම.
The sweetest gift
One day a mother went to a prison
To see an erring, but precious son
She told the warden how much she loved him
It did not matter what he had done
“She” did not bring to him a parole or pardon plea
brought no silver (Brought no gold), no pomp or style (None to see)
It was a halo bright, sent down from heaven’s light
The sweetest gift, a mother’s smile
left a smile you can remember
She’s gone to heaven from heartaches free
Those walls around you could never change her
You were her baby and e’er will be
“She” did not bring to him a parole or pardon plea
She brought no silver (Brought no gold), no pomp or style (None to see)
It was a halo bright, sent down from heaven’s light
The sweetest gift, a mother’s smile
තනි කාමර පවුලක දොළොස් දෙනෙකු සිටි පවුලේ ජීවිතය නිරුපනය කල “මගේ පාට පාට කබාය ” ගීතය එකල කුඩා ඇගේ සමාජ ජීවිතය දක්ෂ ලෙස ප්‍රති නිර්මාණය කරයි.
මගේ පාට පාට කබාය.
අතීතය සිහිපත් කරන විට
මට තාම මතකයි
කිසියම් කෙනෙක් අපට දුන් රෙදි කෑලි පෙට්ටිය,
එයින් අම්ම කළ දේ
එහි තිබුණේ පුංචිම පුංචි
ලස්සන රෙදි කෑලි
දුප්පත්ව සිටි පාසැල් ඇදීමට කබායක් නැති මට
ඒ රෙදිකෑලි එක්කර ඉම්හත් ආදරයෙන් මට මසා දුන් ඒ
පාට පාට කබාය
මට ඉමහත් ආඩම්බරයක් වූ
එය මසමින් බයිබලයේ කතා කියා දුන් අම්මා
ජෝශප් ඇඳි පාට පාට කබාය මෙන්ම සමහර ව්ට
මෙය ඔබට වාසනව ගෙන එතැයි සෙනෙහසින් සිපගෙන කියූ බැවින්
මට ඉවසුම් නොවූයේ
එය අදින තුරුය
මගේ පාට පාට කබාය
රෙදි කෑලි වලින් අම්මා සැදුවත්
මට මහත් ආඩම්බරයක්ම විය
අපට මුදල් නොමැති වුවත්
අම්මා සෙනෙහසින් මසා දුන් පාට පාට කබාය
මහත ධනයක් සේම
මට දැණිනි,
ඉරුණු කලිසමට
හිල් වූ සපත්තු සමග
අම්මා හදාදුන් පාට පාට කබාය හැඳ පාසලට දුවන තුරු
ඉවසුම් නොවීය මට
අන් අය එය දැක සිනාවී
මට සතුටක් ගෙන එතැයිම සිතා,
නොතේරුම් කම නිසා
පාට පාට කබාය ඇඳි මම
ධනවත් යැයි සිතුවෙමි
අම්මාගේ සෑම මැස්මකටම මම මහත් ආදරේ යැයි
පැවසුවෙමි
කබාය මසන විට ඇය කතන්දර කී නිසා
මාගේ පාට පාට කබාය
ඔවුන් සියල්ලගේම ඇදුම් වලට වඩා වටින්නේ යැයි
ආඩම්බරයෙන් කීවේ
මමය,
ඔවුන් එය පිලි නොගත්විට යළි යළිත් කීවෙමි
එය දුප්පතුන්ගේ ඇදුමක්
වනුයේ ඔවුන් එසේ සිතන බැවින් පමණකි
නමුත් දැන් මම දනිමි අපට මුදල් නොතිබුනු බව
එහෙත් මා
මට හැකි පමණින් ධනවත් වී තිබිණි
අම්මා මා වෙනුවෙන් මසා දුන්
පාට පාට කබායෙන්ම
Coat with Many Colors
Back through the years I go wanderin’ once again
Back to the seasons of my youth
I recall a box of rags that someone gave us
And how my mama put the rags to use
There were rags of many colors, and every piece was small
And I didn’t have a coat and it was way down in the fall
Mama sewed the rags together, sewing every piece with love
She made my coat of many colors that I was so proud of
As she sewed, she told a story from the Bible she had read
About a coat of many colors Joseph wore and then she said
“Perhaps this coat will bring you good luck and happiness”
And I just couldn’t wait to wear it and Mama blessed it with a kiss
My coat of many colors that my mama made for me
Made only from rags but I wore it so proudly
Although we had no money, I was rich as I could be
In my coat of many colors my mama made for me

1946 උපන් ඩොලී වසර 80 දී මියයන විට ඇමෙරිකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික කාන්තාවකි . ඇමෙරිකානු ආර්ථික වර්ධනයත් සමග දරිද්‍රතාවයෙන් මිදුණු ඇමෙරිකානු බහුතරය ඉක්මවා ඇය සුපිරි ධනවතුන්ගේ ගොඩට එකතු වුයේ ඇගේ ගීත රචනාවලින් සහ ගීතවලින් උපයාගත් මුදල් වල පදනමෙනි .ඒ ආ ගමනේ ඇයගේ ශක්තිය කදුකර දුප්පත් පවුලක ඉපදී ඇය ලැබූ පන්නරයයි .අගේ බොහෝ ගීතවල එවන් මානව සමාජයීය අත්දැකීම නොවලහා මුදු ලෙස නිරුපණය කරයි. ඩොලී පාර්ටන්ගේ (Dolly Parton) සංගීතය නිරන්තරයෙන්ම මානව හැගුම් නිරුපනය කරමින්ම මානව සමාජයීය ඉතිහාසය පිලිබදව යමක් සිහි කර දෙයි.එය මුදු සංගීත දහරාවකම අඛණ්ඩව ගලා යයි.ඕනෑම තරාතිරමක මිනිසුන් සංගීතමය මිහිරිභාවයකින් විශ්මයට පත් කරයි.
ඩොලීගේ ගීත අසන ලෙස පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමි.
සැදුණු තැන නොතකයි
කැලෑ මල්
මේ කඳුකරය වන මලින් පිරී ඇත
මම ද එකල කැලෑ මලක් විය
ඒ සියලු මල්වලටත් වඩා
එහෙත් මට දුවන්නට පුලුවන
හිරු එළියෙන් වියළී නිකරුණේ මිය යෑමට
මම කැමති වූයේ නැත,
වනයේ රෝස මලක් වූයේ නම්
නිදහසක් ඕනෑමයි
මම නිදහසේ දිව්වෙමි
කොහේ යා දැයි
බිය නොවී,
කැලයේ සැදුණු මලක් නම්
සුරැකෙන්නට දනී
සැදුණු තැන නොතකයි
කැලෑ මල්
මා සැදුණු බිමේ
මා දන්නා අනෙක් මල්
අන් අය අතරම සැගවී
මා වටකර
මට වැඩීමට ඉඩක් නොදුන්නාය
මට ඔවුන්ගෙන් වෙන් වීමට අවැසි විය
මා විසින්ම මාගෙ බිමෙන් මිදී
මගේ සිහින සමගම
මාවතට පිවිසියෙමි
කැලයේ සැදුණු මලක් නම්
සුරැකෙන්නට දනී
සැදුණු තැන නොතකයි
කැලෑ මල්
කැලයේ වේගයෙන් සැදුණු මට
ඒ බිම රිසි වුයේ නැත
මා එයට අයත් නොවීය
මගේ ජවය විසින් මා එයින් පිට කෙරිණි
මා හැදුණු බිම මා නිදහස්
කරන ලදී
මා සුළඟ සමග එක් වුනෙමි
සුළඟ මගේ මිතුරා විය
කැමති තැනකට මා රැගෙන යාමට සුළඟට බය නැතිව ඉඩ දුන්නෙමි
වනයේ සැදුණු මලක් නම්
සුරැකෙන්නට දනී
සැදුණු තැන නොතකයි
කැලෑ මල්
කැලයේ සැදී ඔහේ ගිය රොස මලක් වූ මා
පැහැදිලි නැති නිමක් වෙනුවෙන් ඔහේ ගියෙමි
චකිතයක් නොවිණි මට
“කැලයේ” සැදුණු මලක් නම්
සුරැකෙන්නට දනී
සැදුණු තැන නොතකයි
කැලෑ මල්…
Wildflowers…
The hills were alive with wildflowers and I
Was as wild, even wilder than they
For at least I could run
They just died in the sun
And I refused to just wither in place
Just a wild mountain rose
Needing freedom to grow
So I ran fearing not where I’d go
When a flower grows wild
It can always survive
Wildflowers don’t care where they grow
And the flowers I knew
In the fields where I grew
Were content to be lost in the crowd
They were common and close
I had no room for growth
And I wanted so much to branch out
So I uprooted myself from my home ground and left
Took my dreams and I took to the road
When a flower grows wild
It can always survive
Wildflowers don’t care where they grow
I grew up fast and wild
And I never felt right
In a garden so different from me
I just never belonged
I just longed to be gone
So the garden one day set me free
I hitched a ride with the wind
And since he was my friend
I just let him decide where we’d go
When a flower grows wild
It can always survive
Wildflowers don’t care where they grow
Just a wild rambling rose seeking mysteries untold
No regret for the path that I chose
When a flower grows wild
It can always survive
Wildflowers don’t care where they grow
Wildflowers don’t care where they grow
