නන්දා මාලනී ජවිපෙ නැවත ගොඩනැගීමේ ඉතිහාසයේ ප්රමුඛ සංකේතයයි. 60000 ක් මියගොස්, විප්ලවයෙන් පීලි පැන මහජන සහායද නිශ්චිත නොවන මොහොතක කමල් දේශප්‍රිය මන්නපෙරුම, නන්දන ගුණතිලක, කුමාර් ගුණරත්නම්, ඕපාත ඇතුළු නායකයින්ගේ සිතිවිල්ලක් ලෙස ලක්දිව පුවත්පත මගින් සුනිල් මාධව ප්‍රේමතිලක, විනී හෙට්ටිගොඩ, විමල් වීරවංශ වැනි අයගේ මුලිකත්වයෙන් දියත් කෙරුණු 1992 විහාරමහදේවී උද්‍යානයේ පැවති ජනතා සාහිත්‍ය උළෙල ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනැගීම පිලිබද පළමු විවෘත ප්‍රකශිත සංකේතාත්මක පියවරයි.

ජනතා සාහිත්‍ය උළෙල.
හෙන්රි වර්ණකුලසූරිය අයියා 1993 පේරාදෙණියේ ” මාගේ දේශය අවදි කරනු මැන ” සාහිත්‍ය උළෙල පිලිබදව නන්දා මාලනී එවූ ලිපිය මුහුණු පොතේ පළ කර තිබිණි. එම ලිපියෙන් කිසිවෙකුත් නොමැති මොහොතක ඇය සමාජ වෙනසක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි ඉතිහාසය යළි සිහිපත් වේ.
1992 ජනතා සාහිත්‍යය උළෙලේ ගාමිණී හත්තොට්ටුවේගම වීදී නාට්‍යයේ ” අමු අමුවේ ගොඩගැසුවා, වල නොදමා පිලිස්සුවා ” ගීතය ගැයෙන විට සේම සිර කඳවුරුවල සිටි සගයන් එවූ ලේන්සු මාලය සුනිල් මාධව ප්‍රේමතිලකගේ ගෙලේ පළඳවන විට සුදු ඔසරියකින් සැරසී අතිශය ශෝකභරිතව වේදිකාවේම කොනකට වී බලා සිටි යුගයේ ගායිකාව, නන්දා මාලනී ගේ “අත් නොහරින ” සටන්කාමිත්වය සහ යුක්තිය වෙනුවෙන් එඩිතරව පෙරට පැමිණෙන විලාශය ජවිපෙ නැවත ගොඩනැගීමේ ඉතිහාසයේ සංකේතයයි.
ජනතා සාහිත්‍යය උළෙලේ හොඳම ගීතරචනය ලෙස තෝරාගත් රාජිනී තිරණාගම වෙනුවෙන් ගැයුණු ” රාජිණී ” ගිතයද ගැයුවේ නන්දා මාලනී විසින්මය. සුදුවතින් සැරසී පුටුවක් උඩ නිශ්ශබ්දව වාඩිවී දහස් ගණනක් විසිරුණු සාමාජිකයින් විහාරමහා දේවියයට පැමිණ
” සාහිත්‍යමය කොක්කක් ” ගසා අළු යටින් නැගිටිණ අත්දකීම ඇය නිශ්ශබ්දව වින්දාය. ඒ වන විටත් ඇයගේ පියවරයන් ඕනෑම මොහොතක පත්තු වෙන වෙඩි උණ්ඩයක ඉලක්කයක් වීමට ඉඩ තිබුනද ඇය නොසැලී නිශ්චිත අධිෂ්ඨානයකම ඒ මොහොතේ සිටි බව ඇයගේ මුහුනින් ප්‍රකාශ වීම යළිත් පක්ෂය කෙසේ හෝ “ඇටවීමට ” වෙර දරන අපගේ ධෛර්යය සහ විශ්වාසය තව තවත් ශක්තිමත් කරන ලදී.
ප්‍රභල ප්‍රථිරූපයක් ලෙසින්.

එඩිතර කලා කරුවන් සාහිත්යයදරයින් ගැවසුණු ජනතා සාහිත්‍ය උළෙලේ ප්රමුඛ සංකේතය නන්දා මාලනී ම විය. ඇය අප සමග ගැවසී අපට ලබාදුන් ධෛර්යය එම වැඩ කොටස කෙසේ හෝ ඉටු කිරීමට අප ගත් තීරණය සහ ගොඩ නැගූ විශ්වාසය යළි යළිත් නිවැරදි බවට අපට ඒත්තු ගැන්වූ ප්‍රබලම ප්රතීරූපයයි.
සාහිත්‍යය භූමියේ බොහෝ වේලාවක් නිහඬව සිට ” යළි පටන්ගත් ” නන්දා ඇයගේ මෙහෙවර “අවසන්” කිරීමට අරගල භූමියට පැමිණ යළිත් මග කිවූ ” අවසන් පහන් තරුවද” ඇයම බව තහවුරු කරන ලදී.
මේ අචාරය කිසිවෙක් “විශ්වාසයකින්ම” නොපැනෙන මොහොතක නිශ්චිත විශ්වාසයකින්ම පමණක්ම ජනතා සාහිත්‍යය උළෙලේ අප වැනි කුඩාවුන්ට ” යෝධම” පියවර තබා දුන් “සුදු ඇදගත් ” නන්දා මාලනියන්ටමය.