අනුරගේ ජැකට් එක සහ රනිල්ගේ කලිසම..!

above image source_https://www.onlanka.com/wp-content/uploads/2025/01/anura-kumara-dissanayake-arrived-in-china.jpg

විශේෂයෙන් සඳහන් කරන්නේනම්, අනුර දිසානායක ප්‍රමුඛ ජවිපෙ නායකයින් අඳින ඇඳුම්, පළඳින ටයිපටි සහ බෙල්ට් පිළිබඳව විවිධ කථා මීට පෙරද සංවාදයට ලක්වුනු මුත්, අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර කල ඉන්දීය සංචාරයේදී පලඳින ලද ටයිපටිය පිලිබඳවද ගැටලුවක් පැනනගින ලද බවක් බොහෝදෙනා නොදනී. එහිදී ඔහු පැළඳි ටයි පටිය දැන් කාලයේ පලඳින ටයි පටියක් නොවන බවත් එය විශේෂයෙන් සේල්ස් රෙප්ලා (sales reps) පලඳින ටයිපටියක් බවටත් කථවක් ඇතිවුනු අතර ඕස්ට්‍රේලියාවේ ජාතික ජනබල වේගයේ හිතවතුන් විසින් ජ.වි.පෙ ඉහල සංවිධායකයිනට යැවූ පනිවිඩයක් නිසා අනුර දිසානායක පසුදා සිට එම ටයිපටිය ඉවත්කොටගෙන තිබිණි.

කෙසේ නමුත් ජාතික ජනබල වේගයේ රැළ්ලට මහින්ද රාජපක්ෂ පිළෙන් කඩාවැදුණු මෙලෝ දේශපාලණ අවබෝධයක් නැති පිරිසත්, බුකියේ අතිජාතික වාමාංශික ලෝලීන් සෙට් එකත් රනිල් වික්‍රමසිංහ මහතා කලිසම අඳින ආකාරය පිළිබඳ අතිවිශාල ගැරහීමක් සමාජ මාධ්‍ය පුරාම ගෙනයන විටත් අපිනම් කීවේත්, ලීවේත් දේශපාලණ පෞරුෂය යනු අඳින්නාවූ ඇඳුම මත නොව, ගන්නා සෘජු ක්‍රියාමාර්ග මතත්, සිදුවන චලණය (entelechy) තේරුම් ගැනීම මතත්, කෙරෙනා පරිකල්පණය මතත් පාදකවන පෞරුෂයන් මත තීරණය වන්නක් බවයි. එවිට මේ රැළ්ලේ පාවෙන සෙට් එක අපට කීවේ අපි රනිල්ට රෙදි නැතිව කඩේ යනබවයි. අපගේම මිතුරන් පවා කීවේ අපි පට්ට කුහක බවයි. නමුත් අනුර දිසානායක ජනාධිපති වරයාටත් ඒ හා සමානව ඇදුමට ගැරහුම් අවමන් සහ නින්දා එළ්ලවවනවිටත් අපට කීමට ඇත්තේ රනිල්ගේ කලිසමට ගැරහූ දේශපාළණ ළඳරුවන්ට අප එදා කී දේවල්මය.

image source_https://i1.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2017/11/Sagala.jpg?ssl=1

මේ ඇඳුම් පිළිබඳ ගැටලුව ජවිපෙ ඉතිහාසය තුල කීපවරක් මම දැකඇත. මුල්වරට කිහිප දෙනෙකු දෙදහස් ගණන්වල මුලදී ජවිපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විට, එකල ජවිපෙ ඉහල සංවිධානවල බොහොමයකගේම අදහස උනේ පාර්ලිමේන්තුවේ අඳිනු ලබන සම්ප්‍රදායික ඇඳුම, එනම් කොළර් නොමැති මන්ත්‍රී කමිස හෝ ටයි කෝට් ජවිපෙ මන්ත්‍රීවරු බැහැර කලයුතු බවයි. එහෙත් ජවිපෙ දෘශ්ඨීවදයට පිටතින් ලෝකය දුටු පිරිසකගෙන් ජවිපෙ ඉහල නායකත්වයට ආ උපදෙස උනේ, පවත්නා සම්ප්‍රදාය අනුව නොගියොත් එම සම්ප්‍රදායන් පිලිබඳ අවබෝධයක් නොමැති බවට තේරුම් යා හැකි බැවින්, මුලදී එම ඇඳුම ඇඳ පසුව අවශ්‍යනම් එය වෙනස් කලයුතුය යන්නයි. ඉන්පසු එම අදහස ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් පිලිපදිමින් සම්ප්‍රදායික ඇඳුම පාර්ලිමේන්තුවට ඇඳීමට පුරුදු වූ අතර ඒ ඇඳුමට ඔවුන් කොපමන පුරුදු උනාදැයි කියතොත් පාර්ලිමේන්තුවට සහභාගිවුනු ජවිපෙ මන්ත්‍රී වරු සභාවෙන් එළියට පැමින ජවිපෙ පක්ශ කාර්‍යාලයට ගියේද එම ඇඳුමිනි. එවිට ඒවායේ සිටි රැඩිකල් ජවිපෙ තරුණයින් පමණක් නොව සමහර නායකයින්ද ඔවුනට උසුලු විසුලු කරන්නට විය. එහෙත් කෙමෙන් කෙමෙන් ඔවුන් සියලු දෙනාම ඒ ඇඳුමට මනාසේ හුරුවිය. මුලින් මැතිවරණ වලදී මනාප බලුපොරයට දැඩි විරුද්ධත්වයක් පාමින් මැතිවරණ වලට ඉදිරිපත් වුනු ජවිපෙ අපේක්ශකයින් පසුව එහි අපහසුතාවය අවබෝධ කොටගෙන මනාප අංක ප්‍රසිද්ධ කරමින් ඔවුන්ම හැඳින්වූ ” මනාප බලුපොරයට” පසුව මනාසේ හුරුවුනාසේම මෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායික ඇඳුමටද ඔවුන් මනාසේ හුරුවිය. මෙය මා දකින්නේ ඔවුන් ” වෙස්ට් මිනිස්ටර්” ක්‍රමයට හුරුවූවක් ලෙසය. එය ඉතාම හොඳ දෙයකි.

දේශපාලන පෞරුශය ඇඳුමින් හෝ ශරීර ලක්ෂණ වලින් මනින සංකල්පය වඩාත්ම උත්කර්ශයට ආවේ මහින්ද රාජපක්ශ ජනාධිපති වරයාගේ සාටකේ සහ උඩු රැවුළ සමගින් ජාතික ඇදුම කරලියට ඒමත් සමගය. ඔහු එමගින් ජාතියේ ” අප්පච්චී” ලෙස ජාතියේ සංකේතීය අප්පච්චී බවට පත්විය. එහෙත් විශල පෞරුශවලින් ඉතිහාසගතවුනු නායකයින්ද සැලකූ විට, රුසියාවේ බෝල්ශෙවික් නායකයෙක්ව සිටි ස්ටාලින්ගේ උස අඩි 5 ක් පමණි. වියට්නාමයේ සදාදරණීය නායකයා වන හෝචිමිං ඉතාම කුඩා මිනිසෙකි. ප්‍රංශයේ විශාල පෞරුශයක් හෙබවූ නැපෝලියන් බොනපාට් උස අඩි 5 කුත් අඟල් දෙකක් පමණි. මේ ආකාරයෙන් ගත්විට ඒ ඒ දේශපාලණ පෞරුෂයන් ඒ ඒ පුද්ගලයන් අත්පත්කොටගෙන ඇත්තේ ඔවුන්ගේ උසින්වත්, තරබාරු කමින්වත්, අඳින ඇඳුමින්වත් නොව ගත් ක්‍රියාමාර්ග සහ ඒවා කලමණාකරනය සඳහා දක්වූ සාමාර්ථයන්තුලිනි.

එහෙත් යම් අයෙකු අඳින ඇඳුම් සැලකූ විට ඒ ඒ අවස්තාවට ගැළපෙන හෝ ඒ ඒ අවස්ථාවට උචිත ඇඳුම් ඇඳීමට ඒ ඒ පුද්ගලයා දැනගත යුතුය. ඒ පුද්ගලයා යම් රටක නායකයෙකුනම් ඔහු හෝ ඇය අඳින්නාවූ ඇඳුමින් රාජත්‍රාන්ත්‍රික අවස්ථා නියෝජනය කරනාවිටදී ඒ ඒ රටේ ගෞරවයද යම් තරමකට නියෝජනය වේ. අනුර දිසානායක මහතාට චීන සංචාරයේදී ඒ අවස්ථාවට ගල්පෙන ඇඳුමක් පිලියෙල කරදීම ඒ ජනාධිපති කාර්‍ය මංඩලය සතු වගකීමකි. ඔහු සංචාරය කරන රටේ කාලගුණය අනුව ඊට ගැපලපෙන ඇඳුම තීරණය කිරීම ඒ කාර්‍ය මංඩලටය සතු කාර්‍යයකි. ජනාධිපති කාර්‍ය මංඩලය සීමාකිරීමෙන් මුදල් ඉතුරු කිරීම ඒ කාර්‍යාවලියන් හරිහැටි ඉටුකිරීමට භාදාවක් නම් ඒවා වහා ඉවත් කොටගෙන අවශ්‍ය කටයුතු පිලියෙල කිරීම ජනාධිපති වරයා සතු කාර්‍යයකි. වියදම් සීමා කිරීම් වලද එක්තරා සීමාවන් පවතින බවත්, ඒවා හොබවන තනතුරුවල ගෞරවයන් පරදුවට තබා ඉටුකිරීමට යාම ජනතාවාදයේ ලක්ශනයක් උනද ඒවායින් එන අගෞරවය මුලු රටටම බව මුදල් ඉතුරු කිරීමට යැයි කියමින් රටේ වැඳගත් තනතුරු පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ප්‍රතිපාදන කපීමට උඩගෙඩි දෙන රජයේ නායකයින්ද, ඒවාට උඩගෙඩි දෙන සහ හුරේ දමන ජාතික ජනබල වේගයේ දේශපාලන ළදරු බළකායද දැනගත යුතුය.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *