විපක්ෂයට තියෙන්නේ පාර්ලිමේන්තු සීට් හතලිහයි. පාර්ලිමේන්තුවට ඇවිත් ඉඳන් ඉන්නව ඇරෙන්න ඒ අයට වෙන කරන්න පුළුවන් කුමන්ත්‍රණයක් නෑ. රාජපක්ෂලා සීයට තුනටත් වඩා පහලට වැටිලා, මහින්දත් අබලන් වෙලා. තුනෙන් දෙකටත් වඩා බහුතරයක් තියෙන මේ ආන්ඩුව පෙරලන්න මේ වෙලාවේ කුමන්ත්‍රණ කරන්න එන එකෙක් නෑ. හැබැයි එහෙම කුමන්ත්‍රණයක් ගැන ආන්ඩුව බයෙන් සැකෙන් ඉන්න බවක් නම් පේනවා.
මේ මාලිමාව ආන්ඩුව මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුන කියන්නේ ඒක ආරම්භයේදීම ඉඳන් රට අල්ලගන්න බාහිරින් කුමන්ත්‍රණ එනවා කියකිය විදේශ කුමන්ත්‍රණ ගැනයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැනයි කියකියා ජනතාව මව්බිම බේරගන්න පෙලගස්වපු පක්ෂයක්. දැන් තුනෙන් දෙකේ බලය ලබාගෙනත් එයාලට “කුමන්ත්‍රණ” පේන්න ඇරං හරියට කොරහෙ කිඹූල්ලු පේන්න ඇරං වගේ.

https://divaina.lk/wp-content/uploads/2022/04/anurakumara.jpg
හේතුව මාලිමාව ආන්ඩුවට දැනිලා තියෙනවා තමන් යන ආතක් පාතක් නැති අතපත ගගා යන ගමන කොතනක හරි දෙරි ගැහෙන්ට පුලුවන් කියන එක. ඒකේ තියෙන සැක සාංකාවට මේ වගේ කුමන්ත්‍රණ කථාවක් ගෙනැවිත් අතාරිනවා ඇරෙන්න වඩාත් දියුණු ක්‍රමවේදයන් පාවිච්චි කරලා රට ඉදිරියට තල්ලු කරන්න හැකියාවක් නැහැ කියන එක තමයි මේකෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ. නැත්තම් තුනෙන් දෙකේ බලය තියාගෙන ඔය එක එක කුමන්ත්‍රණ වලට බයේ කෑගහන්නෙ මොන අහවල් කෙංගෙඩියකටද?
ඉස්සෙල්ලා සැරේ රාජපක්ෂලාගේ අතේ ආන්ඩුව තිබ්බ වෙලාවේ රට කඩාවැටුන මොහොතේ අවම වශයෙන් රාජපක්ෂලා දැනගෙන හිටියා වැඩේ ගොඩදාන්ට පුළුවන් චරිතෙ මොකක්ද කියලා. ඒ අනුව එයාලා එයාලගේ පක්ෂයෙන් ඉදිරිපත්වුනු කෙනාටවත් චන්දෙ දෙන්න එපා කියලා සුදුසුම කෙනා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජනාධිපති වෙන්න ඉඩකඩ හදාගත්තා. මොකද ඒ වෙලාවෙ රට වැටිලා තිබ්බ තත්වය අනුව ඊට සුදුසු කෙනා තමන්ගේ කඳවුරේ නැහැ කියලා අවබෝධ කරගන්න තරම් රාජපක්ෂලාට දේශපාලන පරිනත බවක් තිබුනා. ඒ අනුව එයාලා ඉතාම හොඳ තීරණයක් ඇරගෙන අවශ්‍ය වෙලාවෙ අවශ්‍ය කෙනා ජනාධිපති කරගෙන රටේ පත්වෙලා තිබුනු අවුල බොහෝ දුරකට සමනය කරගන්න හැකි පාරට අවතීර්ණ උනා.
රාජපක්ෂලා රටට කෙළෙව්වට අඩුමගානේ කෙළ උනාම ගොඩදාන පාර දන්නෙ රනිල් කියලා දැනගෙන හිටියා සහ වැඩේ ඒවෙලාවේ රනිල්ට බාර දුන්නා. මොකද ඒ වෙලාවෙ බොහෝ කුමන්ත්‍රණ දියත් උන වෙලාවක්. එහෙම වෙලාවෙවත් එයාලා “කුමන්ත්‍රණ”, ” කුමන්ත්‍රණ” කියකියා කෑගගහා හිටියේ නෑ. අවශ්‍ය පියවර ගන්න තරම් පරිනත බවක් පෙන්නුවා. දැන් මේ මාලිමාව ආන්ඩුවට එහෙම දේශපාලන පරිනත බවක් පෙනෙන තෙක් මානෙකවත් නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. ආයෙත් රට බංකොලොත් උනොත් ඒක කුමන්ත්‍රණයක් කියකියා කෑගගහ ඉදීවි රට නැත්තටම නැතිවෙලා අර කොහෙදෝ රටක වගේ මිනිස්සු මැටි අනාගෙන කනකම්ම.

https://lankapowernews.com/wp-content/uploads/2024/11/image-8.png
මේ පාර රට කඩාවැටුනොත් පට්ටම පට්ට අවුලක් වෙනවා..මොකද ආන්ඩුවට අර්බූදය ගැනවත් අර්බූදය තුලින් මතුවෙන අවුල ලිහන්න දන්න අය ගැනවත් අවබෝධයක් නෑ..රට ආර්ථික අර්බූධය ඇතුලේ ගිලිලා විනාශම වෙලා යනකම්ම කුමන්ත්‍රණයක්, කුමන්ත්‍රණයක්…කිය කිය එළියේ අයට බැන බැන මේ මාලිමාව ඔහේ ඉඳියි..
මොකද මේ මාලිමාව හිතන විදියට සහ එයාලගෙ ලපටි මොළවලට අනුව රනිල් කියන්නෙ කපටි හිඟන්නෙක්.
ප්‍රියශාන්ත රාජපක්ෂ.
(අධ්‍යයන කවය)
“89-සහෝදරත්වය”

2 thoughts on “කුමන්ත්‍රණ භීතිකාවේ යථාර්ථය …!”