ඇත්තටම මොකක්ද මේ උගත් විකාරේ..
උගත්කම අධිනිශ්චය වෙන්නෙ නූගත් සමාජ අවකාශයක් ඇතුලේ. ජනතා විමුක්ති පෙරමුන ඇත්තටම ඇකඩමික මාක්ස්වදී පක්ෂයක් වෙලා තිබ්බා නම් බුර්ෂුවා උගත්කම ඔච්චර ලොකුවට ගන්නෙ නෑ. මොකද එහෙම උනානම් මාක්ස්වාදී පක්ෂයක උගත්තු සහ චින්තකයො තමයි වැඩිපුරම ඉන්න ඕන. ලෝකයේ බොහෝ රටවල මාක්ස්වාදී පක්ෂවල උගත්කම මහා ලොකු දෙයක් උනේ නැත්තේ ඒකයි.

https://www.todaynewslk.com/wp-content/uploads/2022/11/65235930fdb73155039dd2a2ea2c368f_XL_copy_800x450.jpg
පැරණී වම කියලා ලේබල් ගහපු කොමියුනිස්ට්, සමසමාජ සහ විකොස වගේ පක්ෂ වල ඒකාලෙ නායක මට්ටමේ ඉඳලාම හිටියේ ආචාර්යවරු, මහාචාර්යවරු, දොස්තරවරු වගේ ඉතාම ඉහල අධ්‍යාපනයක් ලබපු අය පස්සේ ජනතා විමුක්ති පෙරමුන තුල ක්‍රියාකාරිත්වය පටන්ගන්න කොට අධ්‍යාපනය ලබමින් හිටපු සිසුන් පූර්ණකාලිකයින් කරලා අධ්‍යාපනයෙන් ඉවත් කරගෙන පක්ෂය තුල තියාගත්තා. ඒක නිසාම කල් යන්න යන්න ජවිපෙ කියන්නෙ උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් විතැන් වුන පක්ෂයක් බවට පත් උනා.
බුර්ෂුවා උගත්කම ලොකුවට ගත්ත ගැමි නූගත්කම මුල ඉඳලම ජ.වි.පෙ. ඇතුලෙ තිබ්බා. ඒ අය සිස්ටම් එකෙන් එළියෙ ඉන්නෙ කියලා වචනෙට කිව්වට ඇත්තටම ඒ අය මේ උගත්කම කියන කාරනයේදි හිටියේ සිස්ටම් එකේ කරවටක් එරිලා. යාන්තම් කැම්පස් එකක ආට් පැකල්ටියට එන කෙනෙක්ට අන්තරේ හරහා කෙලින්ම පක්ෂෙ මධ්‍යම කාරක සභාවටම ගොඩවෙන්ට පුලුවන් පාරක් ජනතා විමුක්ති පෙරමුන ඇතුලෙ තිබ්බා..
ඒකටත් හේතුව කලින් කිව්ව බුර්ෂුවා උගත්කම ඉස්මුදුනේ තියන් හිටපු ජ.වි.පෙ. ගැමි ගතිකය. පසුගාමිත්වයත් මේ එක්කම ජවිපෙ තුල පැටව් ගහපු නිශේදනයක්.

https://news.slvlog.net/wp-content/uploads/2024/10/Dr._Harini_Amarasuriya.jpg
හරිණි මහත්මියට අගමැතිකම හම්බවෙන්නෙත් ඒකේ ඇතුලෙ තිබ්බ ආචාර්ය හිඟය සහ බුර්ෂුවා උගත්කම සම්බන්ධව ඒ අය ලඟ තිබ්බ මුග්ද අධිතක්සේරුව නිසා.
ඒ මිස හරිනි කියන්නෙ දීර්ඝකාලීන සහ ගැඹුරු දේශපාලන අවබෝධයක් තිබුන කෙනෙක් නෙමේ. ඒක දැන් අපිට පේනව. ඉස්සරහට තව තව පෙනෙයි.
දැන් ඇතිවෙලා තියෙන කලබැගෑනියට හේතුවත් ජනතා විමුක්ති පෙරමුන උගත් විකාරේ දඩමීමාකරගෙන උගත් ලෝගුව පොරවගෙන සහතික නැති බුර්ෂුවා වංචනිකයො වගයක් ඒගොලොන්ගේ බලවේග උඩට නැගගෙන තිබීම.
මෙතනදි තව එකක් කියන්න ඕන. සාමාන්‍යයෙන් ලංකාවේ ආචාර්ය වරුන්ගේ ටොප් ක්ලාස්ම අය උගන්නන්නෙ රජ්‍ය සරසවි පද්දතිය තුල. ඊට පල්ලෙහා අයට තමා ඉතිං ඔය විවෘත විශ්වවිද්‍යාල වල හා වෙන වෙන ආයතන වල උගන්වන්න හම්බවෙන්නෙ.
හරිනි මහත්මියත් ඉගැනුවේ විවෘත විශ්වවිද්‍යාලයක. ඒ කියන්නෙ ඒකෙත් උඩින්ම තියාගන්නවත් හොඳම එක ජ.වි.පෙ.ට හම්බවෙලාත් නෑ..
ප්‍රියශාන්ත රාජපක්ෂ.
(අධ්‍යයන කවය)
“89-සහෝදරත්වය”
