|

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට..!

image source-https://mawbima.lk/wp-content/uploads/2022/10/IMF-copy.jpg

පසුගිය 2024 වසරේදී ආජන්ටිනාවේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 212%ක් වූ අතර එය සිම්බාබ්වේ හැරුණු විට ලෝකයේ වැඩිම උද්ධමනයක් වාර්තා වූ රටයි. වසර තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුනද, දෙසැම්බර් මාසයේදීද උද්ධමනය වාර්තා වූයේ 118% ලෙසයි. මෙම (2025) වසර අවසන් වෙද්දී ආජන්ටිනාවේ උද්ධමනය 18%-23% සීමාව දක්වා අඩු කරගැනීම වැඩ සටහනේ ඉලක්කයයි. ආජන්ටිනාව වැනි රටවල් දෙස බලද්දී ආජන්ටිනාවට වඩා ඉතාම දරුණු ආර්ථික අර්බුදයකින් වේගයෙන් ගොඩ ආ ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය කැපී පෙනෙනවා.

ආජන්ටිනාවේ පොලී වියදම් දදේනියෙන් 2.5%ක් පමණක් වුවත්, ලංකාවේ එම අගය 6.0%ක් වූ බැවින් ලංකාවේ සමස්ත අයවැය හිඟය 11.7%ක් ලෙස වාර්තා වෙද්දී ආජන්ටිනාවේ සමස්ත අයවැය හිඟය දදේනියෙන් 5.4%කට සීමා වී තිබුණා.

මිලේ රජය බලයට පැමිණීමෙන් පසුව ආජන්ටිනාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 29.8% දක්වා අඩු කළා. මෙය 16%ක පමණ වියදම් කප්පාදුවක්. 2024 වන විට ලංකාවේ රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 11.5% දක්වා පහත හෙළා ඇති අතර මෙය 18%ක කප්පාදුවක්. දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක සිට 16%ක වියදම් කප්පාදුවක් කරන තරමට, 14.0 මට්ටමේ සිට 18%ක කප්පාදුවක් කරන එක පහසු නැහැ. ලංකාව කළේ එවැනි අසීරු කාර්යයක්. එහෙත්, ආජන්ටිනාවට ලැබෙන තරමේ අගය කිරීමක් ලංකාවට ලැබෙන්නේ නැහැ.

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයක් ආජන්ටිනාවටද තිබුණත්, එය කිසිසේත්ම ලංකාවේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගැසීම ආජන්ටිනාව උද්ධමන අර්බුදයකට තල්ලු කළා. සල්ලි අච්චු ගැසීම නිසා මුදල් සැපයුම ඉහළ යද්දී ඊට සමානව නිෂ්පාදනය වැඩි නොවුවහොත් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 2023 වන විට ආජන්ටිනාවේ දළ නිල සංචිත ඩොලර් මිලියන 18,654 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 2,005 දක්වාත් පහත වැටී තිබුණා. වැඩ සටහනේ ඉලක්කය වන්නේ 2030 වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 198,051 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 163,197 දක්වාත් වර්ධනය කර ගැනීමයි. මේ සඳහා ආජන්ටිනාවේ මහ බැංකුවට ඉදිරි වසර වලදී විණිමය වෙළඳපොළට විශාල මැදිහත් වීමක් කරන්නට සිදු වෙනවා.

ලංකාව මෙන්ම ආජන්ටිනාවද, සල්ලි අච්චු ගැසීම නිසා ඇති වූ උද්ධමනය හමුවේ, විනිමය අනුපාතය පාලනය කර ගත නොහැකි අදියරකට එළඹුනා. මෙම තත්ත්වය පාලනය කර ගැනීම පිණිස ලංකාව විසින් විණිමය අනුපාතයේ විචලනයන් සීමා කළත්, පසුව විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත් වුනා. එහෙත් ආජන්ටිනාව තවමත් විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත්ව නැහැ.

(Javier Milei) Prime Minister of Argentina.

image source-https://cdn.britannica.com/34/252734-050-0B73A6BD/Javier-Milei-Argentina-president-inauguration-December-10-2023-Buenos-Aires.jpg

මිලේ රජය බලයට පත් වීමෙන් පසුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ විණිමය අනුපාතය විචලනය වීම සැලසුම්සහගත ලෙස පාලනය කිරීමයි. ඒ අනුව, ආජන්ටිනා පෙසෝව මුලින්ම සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමෙන් පසුව, මසකට 2%ක නිශ්චිත වේගයකින් අවප්‍රමාණය කරනු ලැබුවා. මේ අයුරින් විනිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම උද්ධමනය අඩු කර ගැනීමට උදවු වුනත්, ඊට වඩා වැඩි උද්ධමනයක් පැවතීම නිසා විණිමය අනුපාතය තුළ එහි නියම අගය පිළිබිඹු වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවට විනිමය අනුපාතය රැක ගැනීම සඳහා විදේශ සංචිත විකිණීමට සිදු වුනා. මුලින්ම පෙසෝව අවප්‍රමාණය කිරීමෙන් පසු එකතු කරගත් සංචිත ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. හදිසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නැවත යන්නට සිදු වුනේ ඒ නිසයි.

ඉකොනොමැට්ටා.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *