
අයි.එම්.එෆ්. නිර්දේශ අමුවෙන්ම ක්‍රියාවට නැංවෙනු පෙනේ. ජාතික ජනබල වේගය ආන්ඩුව බොහෝ රාජ්‍ය ආයතන පුත්ගලික අංශයට දීමට සැරසෙන අතර බාරගැනීමට මොනම ආයෝජකයෙක්වත් නොපැමිනෙන කජු සංස්ථාව වැනි ආයතන ගෙඩිය පිටින්ම වසාදැමීමටම සැරසෙන බවක්ද පෙනේ. මේ ජාතික ජනබල ආන්ඩුව බලයට පැමිණ ක්‍රියාවට නැගීමට අර අඳින දේවල් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.
above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQKWzQGEl1AyQON1Kky21jgG44V31PkpPuyNbfbLB5m22tknQfb5rUHZYUk1tuREtL9RdA&usqp=CAU
රජයේ උපාධි ලාහීන් ගේ සහ දේශපාලකයින්ගේ හිතවතුන්ගේ රැකියා සුබසාධනය වෙනුවෙන් රාජ්‍ය භාන්ඩාගාරයේ සල්ලි පොම්පකරමින් නඩත්තු කරගෙන ගිය රාජ්‍ය ආයතන සුදු අලි රට බංකොලොත් වීමට ඉඳුරාම බලපෑ බව දන්නෝ දනිති. එසේම වෘතිය සමිති මස් රාත්තල ඉල්ලමින් මේ රාජ්‍ය ආයතන ඇතුලේම සිට ඒවායේ ඉහ මොල උරා බිවු වෘත්තිය සමිති මාෆියාවේ නිර්මාතෘවරුන් කවුරුන්ද යන්න සහ මේ වෘතිය සමිති මාෆියාවන් තමන්ගේ බලදේශපාලන උවමනාවන් වෙනුවෙන් යූස් කරේ කවුරුන්ද යන්නත් දන්නෝ දනිති. ඒ ගැන ජාතික ජනබලවේග ආන්ඩුව ඉතාම හොඳින් දනී.

image source-https://i1.wp.com/www.unions.lk/wp-content/uploads/2018/06/postal20180632.jpg?fit=864%2C575&ssl=1
එසේම සියලු දෑ රජය විසින් කරදෙන රාජ්‍ය ඒකාධිකාරී පාලනයක ගුණ ගයමින් පුත්ගලික ආයෝජනවලට එරෙහි මාරාන්තික සටනක නියැලෙමින් රට බංකොලොත් කිරීමට උඩගෙඩි දුන්නේ කවුරුන්ද යන්නත් දන්නෝ දනිති.
දැන් වත්මන් ජාතික ජනබල වේගය ආන්ඩුව ඔවුන් පෙර සිටි රාජ්‍ය ඒකාධිකාරී සුබසාධන වාදයේ සිට (ඔවුන්ට අනුව සමාජවාදය) අංශක එකසීය අසූවක් ආපිට කැරකී ඊට ප්‍රතිවිරුද්ධ තනි අයි.එම්.එෆ්. අස්තානයක ස්තානගතවීමට යයි. මේ පාවාදෙන සුළු රූපාන්තරනය බලය හා නග්න පැවැත්ම උදෙසා නොවේ නම් වෙන අන්කවරක් නිසා විය හැකිද.

රාජ්‍ය අංශය හැකිලිය යුතුය. දැන් ඊට ප්රමාදවූවාද වැඩිය. නමුත් එය කල යුත්තේ හැත්තෑ හතේ ජේ.ආර්. ජයවර්ධන කලාක් මෙන් මහාපරිමාන විදේශ ආයෝජන රට තුලට කැඳවා ගනිමින් රට තුල පුත්ගලික අංශයේ රැකියා නිර්මාණය කරදෙමින් සහ විදේශ ශ්‍රම වෙළෙඳපොළ රටේ ශ්‍රමිකයන්ට දැවැන්ත ලෙස විවෘතකර දෙන අතරවාරයේදීය. එසේ නොමැතිව පෞද්ගලික අංශ ආයෝජන සහ නිෂ්පාදන ඉහලට වර්ධනය නොකර රාජ්‍ය අංශය පමණක් හැකිලීමෙන් අත්පත්කරගතහැකි වාසියක් නොමැති අතර එමගින් වන්නේ තවත් අර්බුධයක් නිර්මාණයවීම පමණි.
විදේශ සබඳතා නැති සහ අත්දැකීම් හිඟ කෝඩුකාර මේ ජාතික ජනබල වේගය ආන්ඩුවට එවැන්නක් කිරීමට ඇති ශඛ්‍යතාව ඉතාම අල්පය. ඒ සඳහා අත්දැකීම් ලබාගත යුතුය. හැදෑරිය යුතුය. ඒවාට දක්ෂතා ඇති අය මගින් ඒවා හසුරුවාගැනීමට සමත් පෞරුෂයක් අත්පත් කරගත යුතුය. තමන් දන්නා ප්‍රමාණයෙන් පමණක් මේ දේවල් ඉෂ්ඨ සිද්ධ කරගත හැකියැයි යන මායාවෙන් මුලින්ම මිදිය යුතුය.
ඒ කිසිවක් නොකොට හුදු රාජ්‍ය සේවය හකුලා දැමීම තුල රටේ අමතර විරැකියා අර්බූධයක් බිහිවේ. ජනජීවිතය දරිද්‍රතාවයේ තව තව ගිලීයයි. ජනතාව කබලෙන් ලිපට වැටේ. ඒවායේ ප්‍රථිපල ඉතාම භයානක විය හැකිය. ඒ අනතුර ගැන මූලික සෙන්ස් එකක් මේ ජාතික ජනබල වේගය ආන්ඩුවට තිබිය යුතුය.

1 thought on “දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග..!”